Watch Trailer

Monarch : Legacy of Monsters [S02 : E02] Sinhala Subtitles | මහා සයුරේ ටයිටන් මෙහෙයුම [සිංහල උපසිරසි]

Monarch: Legacy of Monsters [S02 : E02] Sinhala Subtitles හලෝ යාළුවනේ! MonsterVerse විශ්වයේ අලුත්ම පෙරළියක් සමඟින් Apple TV+ හරහා විකාශනය වන Monarch: Legacy of Monsters Season 2 එකේ දෙවන කථාංගය සඳහා සිංහල උපසිරසිය අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ​ඇක්සිස් මුන්ඩි වලින් ලී ෂෝ හැර කේට්, කෙයිකෝ සහ…

Monarch: Legacy of Monsters Sinhala Subtitles හලෝ යාළුවනේ! MonsterVerse විශ්වයේ අලුත්ම පෙරළියක් සමඟින් Apple TV+ හරහා විකාශනය වන Monarch: Legacy of Monsters Season 2 එකේ දෙවන කථාංගය සඳහා සිංහල උපසිරසිය අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ​ඇක්සිස් මුන්ඩි වලින් ලී ෂෝ හැර කේට්, කෙයිකෝ සහ කෝරා ට නැවතත් මතුපිට ලෝකයට එන්න වාසනාව ලැබෙනවා. ඒ අයව නැවත ගෙන්වා ගැනීමට මතුපිට ලෝකේ ඉදන් හිරෝෂි සහ කෙන්ටාරෝ දෙන්නා ලොකු වෙහෙසක් දරනවා. මේ වැඩේට මොනාක් සහ ඒපෙක්ස් සයිබර්නෙටික්ස් සමාගමත් මැදිහත් වෙනවා. මේ අය ඇක්සිස් මුන්ඩි වල හිර වුණේ (කෙයිකෝ හැර- ඇය එහේ හිර වුනේ සෑහෙන්න කාලෙකට කලින්) 2015 වසරේ දි. ඒත් ඒ අය නැවත මතුපිට ලෝකයට එනකොට වසර දෙකක් ගෙවිලා අවසන්. එතකොට 2017 වසරේ දි තමයි ඒ අයව ස්කල් අයිලන්ඩ් එකේ තියෙන ඒපෙක්ස් සයිබර්නෙටික්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ දි නැවත පැමිණිම සිද්ධ වෙන්නේ. මේ අයගේ නැවත පැමිණිමත් එක්ක දූපතේ ඉන්න කොං කලබල වෙනවා. කොං ගේ වගකීම තමයි එයාගේ දූපත ආරක්ෂා කර ගන්න එක. ඒත් ඒ ආරක්ශාවට තර්ජනයක් ඇති වෙලා කියලා දැන ගැනිමත් එක්ක තමයි මෙයා කලබල වෙන්නේ. කේට් ලගේ පැමිණිමේ දී වීවරය (Rift) විවෘත වීමත් එක්ක යම් දෙයක් කොං ගේ දූපතට ඇතුලු වෙලා කියලා එයාට දැනෙනවා. ඉතින් මේකට වියරු වැටෙන කොං පර්යේෂණ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් ම විනාශ කරනවා. එතන හිටපු අයගෙන් පණ බේර ගන්න පුළුවන් වුණ අය මොනාක් ආයතනයට අයත් වන Outpost 18 කියන විශාල නෞකාවට පැනලා එනවා.  කේට් ට සහ කෙයිකෝ ට ලොකු උවමනාවක් තියෙනවා ඒ අයට මතුපිට ලෝකයට එන්න ජීවිතය කැප කල ෂෝ ව ආපහු ගිහින් බේර ගෙන එන්න. ඒත් මොනාක් ආයතනයේ වර්ථමාන නියෝජ්‍ය අධ්‍යක්ෂයක තුමිය වන වර්ඩුගෝ ඒකට ඉඩ දෙන්නේ නෑ. ඒකට හේතුව දැනටමත් ඒ අයව බේර ගන්න ගිහින් ඇති වුණ දෙයක් නිසා කොං ගෙන් ලොකු විනාශයක් වුණ නිසයි. හැබැයි කේට්, කෝරා, හිරෝෂි සහ කෙන්ටාරෝ හොර රහසේම අර නැවෙන් පැනලා යනවා. ඒ යන්නේ ෂෝ ව නැවත බේර ගෙන එන්න කොං ගේ දූපතට. මෙයාලා කොහොම හරි ෂෝ ව ගේන වැඩේට ඕන කරන දේවල් ටික ලැස්ති කරගන්නවා. හැබැයි එතකොට ම මොනාක් එකෙන් එතනට එනවා ඒ අයව ආපහු අරගෙන යන්න. ෂෝ ව නැවත ගෙන්න ඕන උනත් හිරෝෂි වගේම කෙයිකොත් කේට් ට පැහැදිලිව කියනවා ආයේ වතාවක් ඒ විවරය විවෘත කලොත් මොන වගේ දෙයක් මේ මතුපිට ලෝකයට ඒවිද කියලා කියන්න බැහැ කියලා. ඒත් ඒ කිසිම දෙයක් අහන්නේ නැතුව කේට් ද්වාරය විවෘත කරනවා. කිව්වා වගේම මේ ක්‍රියාවලියේ දි ඇති වන ශක්ති ප්‍රවාහය නිසා ඇක්සිස් මුන්ඩි වල නිද්‍රාශීලීව හිටිය දිග අඬු තියෙන දැවැන්ත ටයිටන් සත්වයෙකු සහ ස්කැරබ්ස් (Scarabs) ලෙස හැඳින්වෙන කුඩා සත්ව රංචුවකුත් අවදි වෙනවා. හැබැයි ඒ අතරේම ෂෝ ට පුලුවන් වෙනවා අර පලා යෑමේ යානෙන් මතුපිට ලෝකයට එන්න. ඒත් ඒ වෙන කොට අර විශාල ටයිටන් සත්වයා මතුපිට ලෝකයට ඇවිත් ඉවරයි. මෙතන දි අවාසනාවන්ත විදියට වර්ඩුගෝ ඒ සත්වයාට ගොදුරු වෙනවා. නැවත වතාවක් තමන්ගේ දූපතට තර්ජනයක් ඇති වෙන්න යන බව දැනෙන කොං මේ දේවල් සිද්ධ වෙන වෙලාවේම එතනට එනවා. ඒත් එයා එනකොට අර සත්වයා සාගරය පැත්තට ගිහින් අතුරුදන් වෙනවා. ෂෝ ඇතුලු පිරිස දූපතෙන් පිට වෙලා එනවා. ​අද කථාංගය ගැන දේවල් ටිකක්… ​ස්කල් අයිලන්ඩ් එකෙන් පණ බේර ගෙන ෂෝ ඇතුළු පිරිස Outpost 18 නෞකාවට එනවා. මේ වෙද්දි අර මතුපිට ලෝකයට ආපු දැවැන්ත ටයිටන් සාගරය හරහා වේගයෙන් ගමන් කරමින් ඉන්නේ. මේ විදියට ගිහින් ඒ ටයිටන් මොන වගේ විනාශයක් කරාවිද දන්නේ නැති නිසා ෂෝ තීරණය කරනවා පුලුවන් උපරිම දේ කරලා ටයිටන් ව නවත්වන්න. හැබැයි ඒක කරන්න ඒ අය ළඟ තියෙන එකම දේ කිසිම යුධ ශක්තියක් නැති පර්යේෂණ සහ නිරීක්ෂණ කටයුතුවල වලට පමණක්ම භාවිත කරන Outpost 18 නෞකාව විතරයි. ඉතිං මෙයාලට ටයිටන් ව නවත්වන්න පුලුවන් වෙයිද? බලලම දැන ගන්නකෝ.  • ​කථාංගයේ නම: Resonance • ​ධාවන කාලය: මිනිත්තු 45 • අධ්‍යක්ෂණය: Lawrence Trilling • තිර රචනය: Dan Dworkin & Mariko Tamaki • ​IMDb අගය: 8.0/10 (2026.03.07) • ​මුලින් විකාශය වූ දිනය: 2026 මාර්තු 6 එහෙනම් තෙවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,056 downloadsDownload Monarch-Legacy-of-Monsters-S02E02.zip22 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

 

Monarch: Legacy of Monsters Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

3,056 downloadsDownload Subtitles22 KB

4 comments

  1. Viraj

    Thanks

  2. sarath Geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Buddhika laKMal

    ස්තූතියි නිශාන් සමීර සහෝ සබ්එකට

  4. Sahan Gayantha

    thanks a lot Sameera saho sub ekata