Watch Trailer

Monster : The Ed Gein Story [S03 : E08] Sinhala Subtitles | ඉරණම අබියස.. [සිංහල උපසිරසි] (18+)

මේ තමයි Monster: The Ed Gein Story කතා මාලාවේ අටවැනි, නැත්නම් අවසන් කතාංගය. උන්මත්තකාගාරයක ජීවත්වෙන එඩ් ගීන් තමන් භින්නොන්මාදී රෝගයෙන් පෙළෙන බව දැනගැනීමෙන් කම්පනයට පත් වුණු අන්දම ඔබ පසුගිය කොටසින් දකින්න ඇති. එඩ් ගීන් නඩු විභාගයකට මුහුණ දෙයිද? ඔහු මරණ දඬුවමට ලක් වෙයිද? අද කතාව එතැන් සිට ඉදිරියට… අද…

මේ තමයි Monster: The Ed Gein Story කතා මාලාවේ අටවැනි, නැත්නම් අවසන් කතාංගය. උන්මත්තකාගාරයක ජීවත්වෙන එඩ් ගීන් තමන් භින්නොන්මාදී රෝගයෙන් පෙළෙන බව දැනගැනීමෙන් කම්පනයට පත් වුණු අන්දම ඔබ පසුගිය කොටසින් දකින්න ඇති. එඩ් ගීන් නඩු විභාගයකට මුහුණ දෙයිද? ඔහු මරණ දඬුවමට ලක් වෙයිද? අද කතාව එතැන් සිට ඉදිරියට…

 අද පළ වන කතාංගය ගැන:

  • අටවැනි කොටස –  “The Godfather”
  • අධ්‍යක්ෂක – Max Winkler
  • තිරරචනය –  Ian Brennan
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2025 ඔක්තෝබර් 03
  • IMDb Ratings –  6.5/10

අද කොටසින් වෙන දේ මොකක්ද කියලා බලමු. අද කතාව පටන් ගන්නේ සුප්‍රකට දාම ඝාතක ටෙඩ් බන්ඩිගේ අපරාධයන් කේන්ද්‍ර කරගනිමින්. පොලිසිය අනෙක් දාම ඝාතකයන්ට එඩ් ගීන්ගෙන් ආභාසයක් ඇතිවී තිබුණා යැයි සැක කළ හැකි නිසා මේ අපරාධකරු අල්ලගන්න එඩ් ගීන්ගේ උපකාරයය පතනවා. එඩ් ගීන් ඔවුන්ට යම් ආකාරයක ඔත්තුවක් දෙනවා. මේ අතර මේ වන විට බන්ධනාගාර ගතව සිටින දාම ඝාතක රිචඩ් ස්පෙක් විසින් එඩ් ගීන්ට ලිපියක් යවනවා. මෙහි යම් ඉඟියක් තියෙනවා දැනට නිදැල්ලේ ඉන්න එක්තරා දාම ඝාතකයෙක් ගැන. එඩ් ගීන් මේ ගැන වහාම පොලිසියට දන්වනවා. පොලිසියට මේ ඔස්සේ ටෙඩ් බන්ඩිව අල්ලගන්න හැකි වෙයිද? එඩ් ගීන්ගේ පරණ පෙම්වතිය ඇඩලයින් මේ වෙද්දී කොහෙද ඉන්නේ? භින්නෝන්මාදය නිසා එඩ් ගීන් සිහිනයෙන් දකින පරලොව ඔහුගේ අම්මාත්, තවත් දාම ඝාතකයනුත් සිටිනවා. එඩ් ගීන්ගේ ඉරණම විසඳෙන්නේ කොහොමද?  අද මේ ටික කොටසින් බලාගන්න පුළුවන්.

කතාංග අටක් ඔස්සේ ඔබ වෙත ආ ‘ප්ලේන්ෆීල්ඩ්හි බිහිසුණු දාම ඝාතකයා’ ගැන කතාව අදින් අවසන් වෙනවා. 

ඒ වගේම මේ වෙද්දී Monster S04 නිර්මාණය වෙමින් තියෙන බව අපට දැනගන්න ලැබෙනවා. ඒ තමන්ගේ පියා සහ කුඩම්මාව පොරවකින් කපා දමා සාහසික ලෙස ඝාතනය කළ, Lizzie Bordan නම් තරුණියගේ සත්‍ය කථාව පාදක කරගනිමින්. එහි නම බවට වාර්තා වෙන්නේ Monster: The Lizze Borden Story පහත දැක්වෙන්නේ අන්තර්ජාලයෙන් ලබාගත් එහි නිල නොවන පෝස්ටර් කිහිපයක්. ඒක නිකුත් වෙන්න නියමිත වෙන්නේ 2026දියි….

අපි බලමු ඒක මොනවගේ වෙයිද කියලා….

කම්පන සහගත දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්. 

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

645 downloadsDownload Monster-The-Ed-Gein-Story-S01E08-1.zip26 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

645 downloadsDownload Subtitles26 KB

4 comments

  1. Kavindu

    Thank you so much! kesara saho

  2. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක්ම ස්තුතියි
    තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
    ජය

    හැකිනම් SANDMAN සිසන් 02 ලබා දෙන්න සහෝ

  3. Buddhika laKMal

    එකටයි දෙකටයි වගේම තුන්වෙනි සීරිස්එකටත් සිංහල සබ් දුන්න බොහෝම ස්තූතියි මචං.........
    ❤️❤️❤️

  4. Sandaru Nimsara

    Thanks Season 3 Sub walata❤️