Watch Trailer

Moon Knight [S01 : E01] Sinhala Subtitles | මූන් නයිට් [සිංහල උපසිරසි]

2022 අවුරුද්ද Marvel, DC දෙපාර්ශවයටම හොඳ අවුරුද්දක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යය නැනේ. DC නම් Peacemaker සීරීස් එක සහ The Batman චිත්‍රපටය එක්ක ඉතාම සාර්ථකව 2022 පටන් ගත්තා. ඒත් Marvel Studios නම් මේ වසරේ වැඩ පෙන්වන්න පටන් ගන්නේ මාර්තු 30 වෙනිදා. ඒ Moon Knight සීරීස් එකෙන්. Disney+ සහ Marvel එකමු…

2022 අවුරුද්ද Marvel, DC දෙපාර්ශවයටම හොඳ අවුරුද්දක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍යය නැනේ. DC නම් Peacemaker සීරීස් එක සහ The Batman චිත්‍රපටය එක්ක ඉතාම සාර්ථකව 2022 පටන් ගත්තා. ඒත් Marvel Studios නම් මේ වසරේ වැඩ පෙන්වන්න පටන් ගන්නේ මාර්තු 30 වෙනිදා. ඒ Moon Knight සීරීස් එකෙන්.

Disney+ සහ Marvel එකමුතුවෙන් සීරීස් පහක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ආපු පිලිවෙලට ගත්තම ඒ සීරීස් තමා,

ඉතිං Disney+ ස්ට්‍රීමින් සර්විස් එකෙන් එන හයවෙනි වෙබ් සීරීස් එක තමා අද මේ අරන් එන Moon Knight. මාවල් සීරීස් එකක් නෑර අරගෙන ආපු අපි මේ විදිහට උණු උණුවේ Moon Knight සිංහල උපසිරැසිත් ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නයි සූදානම් වෙන්නේ.

ඉතිං අපි පොඩ්ඩක් කවුද මේ මූන් නයිට් කියන්නෙ කියල දැනගෙන ඉමු.

Moon Knight aka. Marc Spector කියන්නේ මාවල් කොමික් පිටු අතර ඉන්න තවත් හොඳම සුපිරිවීර චරිතයක්. මාවල් කොමික්ස් වෙනුවෙන් මේ සුවිශේෂි චරිතය නිර්මාණය කරන්නේ Dough Moench සහ Don Perlin විසින්. 1975 අවුරුද්දේ Werewolf by Night #32 කලාපයෙන් මුල් වතාවට හඳුන්වා දෙන මූන් නයිට් Avengers, Midnight Sons, Defenders, Marvel Knights වගේ ටීම්ස් ගණනාවක ප්‍රධාන සාමාජිකයෙක් වෙලා තියෙනවා.

මූන් නයිට් කියන්නේ සාමාන්‍යය සුපිරි වීරයින් වගේ නෙවෙයි. මාර්ක් කියන්නේ මානසිකව අස්ථාවර පුද්ගලයෙක්. මාර්ක්ට Dissociative Identity Disorder (DID) කියන රෝගය තියෙනවා. මේ රෝගය නිසා මූන් නයිට්ට සාමාන්‍යය පුද්ගලයෙක්ට වගේ එක පෞර්ශවයක් නෙවෙයි, පෞර්ශවයන් ගණනාවක්ම තියෙනවා.

මාර්ක් ස්පෙක්ටර් කියන්නේ ඒ අතරින් සාමාන්‍යයෙන් ප්‍රධාන පෞර්ශවය. මාර්ක්ට අමතරව සීරීස් එකේ බලාගන්න ලැබෙන ස්ටීවන් ග්‍රාන්ට්, ජේක් ලොක්ලී වගේ තවත් පර්සනැලිටිස් කිහිපයක්ම තියෙනවා.

කොමික්වලදි නම් මූන් නයිට් තමන්ගේ වැඩවලට මේ පෞර්ශවයන් එක එක විදිවලට ප්‍රයෝජනයට ගන්නවා.

මාර්ක්ට බළය ලැබෙන විදිහ කතා කරොත්, පොඩි කාලෙ ඉඳන් විවිද හැල හැප්පිම්වලට ලක් වෙන මාර්ක් හුඟක් දේවල් අහිමි වෙලා අවසානයේදි කුලී සෙබලෙක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. මේ කාලෙදි තමා මාර්ක්ට ජීවිත දෙකක් බේරගන්න ඊජිප්තුවේ මෙහෙයුමකට යන්න සිද්ද වෙන්නේ. මේ මෙහෙයුම අතරතුර මාර්ක් මිය යනවා. මේ වෙලාවෙදි තමයි කොන්ශු මාර්ක්ගේ ජීවිත කතාවට අවතිර්ණ වෙන්නේ.

කොන්ශු කියන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ දෙවිවරුන් අතරින් සඳට අධිපති දෙවියන්. කොන්ශු මාර්ක් මියගියාට පස්සේ මාර්ක්ට එක යෝජනාවක් කරනවා. ඒ තමන්ට මාර්ක්ගේ ජීවිතය බේරගන්න හැකියාව තියෙන බවත් ඒ වෙනුවෙන් ඉතුරු ජීවිත කාලෙම ඊට හිලව් වෙන්න තමන්ට සේවය කරන ලෙසත් කොන්ශු යෝජනා කරනවා. ඉතිං මාර්ක් මේ යෝජනාවට කැමති වීමේ ප්‍රතිපලයක් විදිහටයි මූන් නයිට් කියන අනුකම්පා විරහිත වීරයා බිහි වෙන්නේ.

මූන් නයිට් කියන්නේ හැකියාවන් ගණනාවක් තියෙන චරිතයක්. විශේෂයෙන්ම සටන් හැකියා, ආයුධ හැසිරවීම, ශරීර ශක්තිය, ඉක්මණින් සුවවීම ඒ අතරින් ප්‍රධාන වෙනවා. කොන්ශු නිතරම මාර්ක්ගේ පසු පසින් ඉන්න නිසාම මියගිය අවස්තා ගණනාවකම කොන්ශු නිසා මූන් නයිට්ට නැවත ජීවිතය ලැබෙනවා. ඉතිං මුන් නයිට් ලේසියෙන් මරන්න බැරි අමරණීය චරිතයක් කිව්වට වැරදි නැහැ.

ඉතිං මේ වගේ හොඳම චරිතයක් තමා මාවල්ලා මේ විදිහට ලයිව් ඇක්ශන් තිරයට රැගෙන එන්නේ.

Marvel Cinematic Universe එකේදි මාර්ක් ස්පෙක්ටර් විදිහට පන පොවන්නේ ලේසි පහසු කෙනෙක් නම් නෙවෙයි. සම්මාණනීය රංගන ශිල්පියෙක් වෙන Oscar Isaac විසිනුයි මූන් නයිට්ව ජීවමාන වෙන්නේ. මීට අමතරව May Calamawy, Karim El Hakim, Murray Abraham, Ethan Hawke කතා මාලාවට රංගනයෙන් දායක වෙනවා. මේ වෙනකොට කතා මාලාව IMDb දර්ශකයේ 8.9 ක අගයක් ලබාගෙන තියෙනවා.

එහෙනම් ඉතුරු හරිය ඔයාලට භාර කරමින් නැවත සතියකින් හමුවෙන බලාපොරොත්තුව ඇතුව මම සමුගන්නවා. දෙවෙනි කොටසින් නැවත හමුවෙමු.

“There is chaos on you”

Season 01 Episode 01: The Goldfish Problem

Director: Mohamed Diab
Run time: 47 minutes
Air Date: March 30, 2022
IMDB rating: 8.7
Age rating: TV-14

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

37,961 downloadsDownload Moon-Knight-S01-E01.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

37,961 downloadsDownload Subtitles21 KB

53 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

    1. Anonymous

      Thanks jayawewa....!

  3. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  4. Anonymous

    demigod and semi devilS chinese tv series eka denna puluwan da

  5. Anonymous

    demigod and semi devilS chinese tv series eka denna puluwan da

  6. Gihan

    සබට තුති සහෝ
    ජය වේවා.

  7. Anonymous

    brother walking dead eke ithuru tikath denna try karanna.. me sub ekata thanks

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  10. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  11. Anonymous

    mchn death of nile sub dynko
    gal gadot akkage aluth eka

  12. Lakindu R

    අනේ ප්‍රභාස්ගේ එක ඕනේ..... මලයාලම් තෙලිඟු ගත්තොත් ගන්නේ ඔයාලගෙන් විතරයි
    Bheeshma Parvam එකත් ඕනේ.. අඩේ තෙලිඟු මලයාලම් දන්න අය ඒක නවත්තන්න නම් එපා.. ආදරෙයි කොල්ලෝ සෙට් එකට ❤

  13. Sadeepa amod

    Moonfall ekt sub denndda

  14. Anonymous

    කියන්න වචන නැහැ සුපිරිම ලස්සන වැඩක් .

  15. Lehan

    machn Halo Series ekata sub diynko ❤❤

  16. Anonymous

    thanks kollo eelaga episode ekath gemu ikmnt

  17. Anonymous

    Moonfall 2022 movie ekata sinhala sub oone ayiye

  18. Thilinda Randeera

    ස්තූතියි මචෝ දිගටම දෙන්න ❤

  19. janith shamal

    thank you..........

  20. Tharaka

    Supiri Thank Saho..

  21. Thisal Adithya

    සුපිරී සගෝ.මෙච්චර ඉක්මනට ගෙනෙයි කියල හිතුවෙ නෑ.තිබ්බ detail ටිකෙන් moon knight ගැන දැනගහ්තා. Thank you brother.උපසිරැසියත් හොදයි.තේරෙන්න තියෙනවා.

    1. Lithika Perera

      MoonFall 2022 Sub one sago

  22. Sahan sasmika

    Moonfall shinhala subtitles ikmanata dennako

  23. Anonymous

    Moonfall subtitles ikamanata dannako

  24. Mshafrin

    දිගටම දෙන්න. කතාව නම් සුපිරි.....

  25. chinthaka.max4

    thankx machan

  26. dasun

    thanks

  27. nimesh

    moonfall sub eka dennako

  28. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  29. Sanjana

    Sinhala sub ekt godak sthiyhiyi mchn

  30. Nimesh

    Episode 2th subtitle eka dannako

  31. Anonymous

    epi 2taa dendooooo

  32. Anonymous

    2 denna.....

  33. R

    Ep2 sub onaaa

  34. Thisal Adithya

    Episode 2 එක දෙන්ඩො.

  35. සචින්ත බෙනට්

    දෙවෙනි කොටසේ සිංහල උපසිරැසි ඉක්මණින්ම බලාපොරොත්තු වන්න

  36. Chinthana nimesh

    Ep 03 Thama Awe na neda

    1. සචින්ත බෙනට්

      නැහැ. 13 එන්නෙ

  37. ravidu ishan

    සබ්එකට Tnx Mchn ✌️✌️ ජය!!

  38. Kavishka

    ජය❤️

  39. Udara Damith

    koraaaaaaaa

  40. Anonymous

    thank sahodaraya

  41. lakshan

    thanks .......................

  42. Anonymous

    Thanks Brother

  43. sahangayantha

    thanks a lot saho sub ekata

  44. Anonymous

    movie eka dowload karaganne kohomada

  45. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  46. Anonymous

    GG bro ❤

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. Anonymous

    Thanks broo

  49. ravindra

    thanks

  50. Dill

    great work thanks....!