Marvel Studios ලගේ 2022 පළමු නිර්මාණය වෙන කොටස් හයකින් සමන්විත Moon Knight කතා මාලාවේ දෙවෙනි කොටසයි මේ අරන් එන්නේ. රටේ පවතින විදුලි අර්භුදයත් එක්ක පුලුවන් ඉක්මණින්ම තමා මේ විදිහට උපසිරැසිය අරගෙන එන්නේ. ඉතිං පොඩ්ඩක් හරි ප්‍රමාද වෙලා අපහසුතාවයට පත් වුනා නම් සමාව ඉල්ලනව. එහෙනම් ඉක්මණින්ම අද කොටසට යමු.…

Marvel Studios ලගේ 2022 පළමු නිර්මාණය වෙන කොටස් හයකින් සමන්විත Moon Knight කතා මාලාවේ දෙවෙනි කොටසයි මේ අරන් එන්නේ. රටේ පවතින විදුලි අර්භුදයත් එක්ක පුලුවන් ඉක්මණින්ම තමා මේ විදිහට උපසිරැසිය අරගෙන එන්නේ. ඉතිං පොඩ්ඩක් හරි ප්‍රමාද වෙලා අපහසුතාවයට පත් වුනා නම් සමාව ඉල්ලනව. එහෙනම් ඉක්මණින්ම අද කොටසට යමු.
පසුගිය කොටසින්
කතා මාලාව පටන් ගන්නෙම දැනට විලන් කියලා සලකන්න පුලුවන් හැරෝව හඳුන්වලා දීලා. මේ සිදුවීම වෙනකොට හැරෝ හරි අමුතු දෙයක් කරනවා. ඒ වීදුරු කටු තමන්ගේ සපත්තුව තුළට දාගන්න එක. මේ ගැන හරිම හේතුවක් කියන්න බැරි වුනත් හැරෝ මෙතනදි කරන්නේ තමන්ගෙ පවු කමා කරගන්න එක කියල හිතන්න පුලුවන්.
මේ කාළය වෙද්දී කතාවේ ප්‍රධාන චරිතය වෙන මාර්ක් ස්පෙක්ටර් හිතුවෙවත් නැති සිදුවීම්වලට මුහුණ දෙමින් ඉන්නේ. කොමික්වල වගේ නෙවෙයි, මේ කාලෙදි මාර්ක්ගෙ ශරීරයේ පාලනය පොරගෙ අනිත් පර්සනැලිටි එක වෙන ස්ටීවන් ග්‍රාන්‍ට් අතෙයි තියෙන්නේ. (මේ පර්සනැලිටි ගැන විස්තරයක් මම කලින් කොටසේ ලිපියේ කළා) මාර්ක් වගේ නෙවෙයි, ස්ටීවන් කියන්නේ ඉක්මණින්ම බයට පත් වෙන දුර්වල කෙනෙක්. මාර්ක් කුලී හේවායෙක් වෙද්දී ස්ටීවන් කෞතුකාගාරයක තෑගි බඩු වෙළෙඳසැලක රැකියාව කරනගෙන ඉන්නවා.
කොහොම හරි ස්ටීවන්ට නින්ද ගියාම හරි අමුතු දේවල් සිද්ද වෙනවා. මෙතනදි වෙන්නේ ස්ටීවන්ගෙ පාලනය මාර්ක් අතට ගිහිල්ලා මූන් නයිට් වැඩ තමන්ගෙ වැඩ කරන එක. ඒත් ස්ටීවන් මේ ගැන හාන්කවිස්සියක්වත් නොදන්න නිසා මිනිහ හිතාගෙන ඉන්නෙ තමන්ට නින්දෙන් ඇවිදින ලෙඩක් තියෙනව කියලා. ඉතිං ස්ටීවන් නිදාගන්න බයයි.
ඒත් හැමදේම වෙනස් වෙන්නේ ස්ටීවන් නුපුරුදු තැනක තුවාල එක්ක අවදි වුනාම. ස්ටීවන්ගේ සාක්කුවේ මිට කලින් නොදැකපු දෙයක් තිබුණා. මේක නිසා තමා ස්පැරෝ ස්ටීවන්ගෙ පස්සෙන් පන්වන්නේ. මේ දේ ඇත්තටම වුනත් මිනිහ හිතන්නේ මේ තමන්ට පෙනුන හීනයක් කියලා. ඒත් තමන්ගෙ සුරතල් මාලුවා, වෙලාව ඇතුලු හැමදෙයක්ම පිස්සු විදිහට වෙනස් වෙලා. ඒ අතරතුර තමන්ගෙම ගෙදර තිබිලා ෆෝන් එකකුත් හම්බෙනවා වගේම නුපුරුදු කෙනෙක්ගෙන් කෝල් එකකුත් එනවා.
ඔයාලට මතක ඇතිනේ ස්පැරෝ ස්ටීවන් වැඩ කරන කෞතුකාගාරයටත් එනවා. ස්ටීවන්ට තමන්ගෙන් ගත්ත ස්කැරබ් එක දෙන්න කියලා මිනිහා තර්ජනය කරනවා වගේම රෑ අමුතුම කෙනෙක් ස්ටීවන්ගෙ පස්සෙන් එනවා. මේ සිදුවීම් අවසානයේදී තමා කට්ටිය පුන පුනා බලාගෙන ඉඳපු කෙනා කතාමාලාවට අවතීර්ණ වෙන්නේ. ඔව්, ඒ තමා මූන් නයිට්…

ඊජිප්තු දෙවියන් සහ ඔවුන්ගේ ඇවටාර්
ග්‍රීක මිත්‍යා කතා වගේම තමා, ඊජිප්තු ශිෂ්ටාචාරය තුළත් හරි ලස්සන විදිහට මේ දේව කතා දිග හැරිලා තියෙනවා. ඉතිං මූන් නයිට් ගැන කතා කරද්දී මේ ඊජිප්තු දෙවිවරුත් අමතක කරල බැහැ.

- Osiris
- Isis
- Horus
- Seth
- Ptah
- Re
- Hathor
- Anubis
- Thoth ඇතුලු දෙවිවරු ගණනාවක් මේ ශිෂ්ටාචාරය තුළ ඉඳලා තියෙනවා.
මේ අතරින් ටීවි සීරීස් එකේදි අපිට වැදගත්ම දෙන්නා වෙන්නේ Khonshu සහ Amitt.
ඉතිං මේ දෙවිවරුන්ට මනුශ්‍යයින්ගේ ලෝකයේ ඔවුන්ටම කියලා ඇවටා තියෙනවා. ඇවටා එකක් කියන්නේ මේ දෙවිවරුන් අභිප්‍රායන්ට අනුව මනුශ්‍යය ලෝකයේ අණ පිළිපදින්න යොදවපු පුද්ගලයෙක්ට. උදාහරණයකට ගත්තම මාර්ක් ස්පෙක්ටර් කියන්නේ සඳට අධිපති කොන්ශුගේ අණට අදාලව ක්‍රියා කරන කොන්ශුගේ ඇවටා එක. මිනිස්සු අතර කොන්ශු යුක්තියට අදාල කටයුතු සිදුකරන්න යොදාගන්නේ මාර්ක්ව. මේ වැඩවලට උදවු වෙන්න තමයි කොන්ශු මාර්ක්ට මූන් නයිට්ට තියෙන එක එක පවර්ස් දීලා තියෙන්නේ.
ඉතිං අද කතාව තේරුම් ගන්න නම් මේ කරුණ චුට්ටක් මතක තියාගන්න✌️
Werewolf by Night ඊස්ටර් එග් එක
කලින් එපිසෝඩ් එකෙ එක තැනක ඔයාලට QR කෝඩ් එකක් බලාගන්න ලැබෙනවා. මේ QR කෝඩ් එක ස්කෑන් කරලා, ඒ හරහා ගිහින් ඔයාලට කොමික් එකක් කියවන්න පුලුවන්. ඒ කොමික් එක තමයි Werewolf by Night #32. මේ කොමික් ඉශූ එකෙන් තමා මූන් නයිට්ව මුලින්ම හඳුන්වා දෙන්නේ. ඉතිං කොමික් කියවන්න කැමති කෙනෙක් ඉන්නව නම් මේ කෝඩ් එක ස්කෑන් කරලා කියවල බලන්න. මාවල් ෆෑන්ස්ලට මේක හොඳ අමතර දැනුමක් වේවි ✌️❤️

එහෙනම් අද කොටසත් ඔයාලට භාර කරලා මම සමුගන්නම්. තුන්වෙනි කොටසින් හමුවෙමු…!
Season 01 Episode 02: Summon the Suit
Director: Justin Benson, Aaron Moorhead
Run time: 50 minutes
Air Date: April 6, 2022
IMDB rating: 8.4
Age rating: TV-14
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
33,402 downloadsDownload Moon-Knight-S01-E02.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
33 comments
යුරාන් ධනුක (දනුවා)
Nishan S Ariyarathna
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
Dilipa
Thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි... ජය
Anonymous
thanks bro
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Madhawa nuwan
Patta ekak wage.Mul kotasinma digatama balanwa kiyala hituwa. danakam balan hitiye.
broDasun
Niyama wedak digatama karagena yan bro
Anonymous
Thanks jayawewa....!
unknown
GAMMAC
ravidu ishan
සබ්එකට Tnx Mchn ✌️✌️ ජය!!
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතියි...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Anonymous
Last kingdom final session koo bn sub
Anonymous
Last kingdom ikmnata oneeeee
superman
thnq saho
chinthaka.max4
thankx machan
ක්‍රිශාන්ත
ස්තුතියි සබ් එකට
Udara Damith
rk;l
Anuja Lakshitha
thanks sub ekt
Tharindu Dilshan
Episode 03 th subtitle eka dannako
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Anonymous
Thank you sagooo sub ekata
viraj
thanks...
lakshan
thanks ............................
sahangayantha
thanks a lot saho sub ekata
Induwara
supiri..thams for sub and file
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
GG bro ❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravindra
thanks
Advertisement



උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලී
ලිපියත් සුපිරියටම තියෙනවා