හන්ටින් එහෙමත් නැත්තම් දඩයම් කිරීම කියන්නේ මනුෂ්‍යයන් විසින් අනුගමනය කල ලොව පැරණිතම ක්‍රියාවක්. ආදී මුතුන්මිත්තන් කුසගින්නට සතුන් දඩයම් කලත් රාජාණ්ඩු සමයෙදි රජවරු විසින් විනෝදය පිණිස සතුන් දඩයම් කරපු බවට ඓතිහාසික සාක්ෂි තිබෙනවා. සාමාන්‍යයෙන් සාවුන්, මුවන් වැනි සතුන් දඩයමට ලක් උනත් ත්‍රාසය උදෙසා ඇතැ…

හන්ටින් එහෙමත් නැත්තම් දඩයම් කිරීම කියන්නේ මනුෂ්‍යයන් විසින් අනුගමනය කල ලොව පැරණිතම ක්‍රියාවක්. ආදී මුතුන්මිත්තන් කුසගින්නට සතුන් දඩයම් කලත් රාජාණ්ඩු සමයෙදි රජවරු විසින් විනෝදය පිණිස සතුන් දඩයම් කරපු බවට ඓතිහාසික සාක්ෂි තිබෙනවා. සාමාන්‍යයෙන් සාවුන්, මුවන් වැනි සතුන් දඩයමට ලක් උනත් ත්‍රාසය උදෙසා ඇතැම් රජවරු සිංහයන්, කොටියන් සහ වලසුන් වැනි දරුණු විලෝපික සතුන්ව පවා දඩයම් කරලා තිබෙනවා. අපේ රටේ තහනම් උනත් සමහර රටවල දඩයම් කිරීමට වෙනමම කාල සමයන් පවා තිබෙන බව ප්‍රසිද්ධ කරුණක්. ඉතිං අතීතයේ හෝ වර්තමානයේ වේවා දඩයම් කිරීමෙන් මිනිසාට ලැබුන ත්‍රාසය, උද්වේගකර බවට අදටත් ලොල් වූ මිනිසුන්ගේ කතාව හෙවත් Most Dangerous Game හි දෙවන කතා සමයයි මේ.
දක්ෂ ධාවන ශූරයෙක් උන “ඩොජ් ටයින්ස්” තමාගේ මූල්‍යමය කඩාවැටීම නිසා වැටුන අකරතැබ්බය අපි පලවෙනි සීසන් එකෙන් දැක්කනේ. Mini TV series එකක් විදියට 2020 වසරේ නිකුත් උන පලවෙනි කතා සමය මනාප 2,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 7.2ට කරකවන්නත්, සම්මාන 02කට නිර්දේශ වෙන්නත් සමත් සුපිරි කතාමාලවක් උනා. දෙවෙනි කතාසමය මේ මාසේ 10 වෙනිදා තමයි නිකුත් උනේ ඒ නිසා තාම හරියට රේටින්ග්ස් ගැන වාර්තා වෙලා නෑ. නමුත් මේකත් පළවෙනි එකට නොදෙවෙනි කතාමාලවක් කියලා සලකන්න පුළුවන්. ඒ නිසා මේක බලනවනම් පෙර කතාමාලාව අනිවාර්යෙන්ම බලලා ඉන්න කියලත් කියන්න ඕන. කලින් වගේම මේකත් මිනි සීරීස් එකක් විදියට සීමා වෙලා තියෙන්නේ. දෙවෙනි සීසන් එකෙත් සියළුම කොටස් වලට එකපාර උපසිරසි දීලා තියෙන නිසා කතා මාලාවන් දෙකම නරඹන්න ඔයාලට පැයක වගේ කාලයක් තමයි වැයවෙන්නේ. ගියවර කතාමාලාව කොටස් 15කින් සමන්විත උනත් මේපාර කොටස් 12යි අන්තර්ගත වෙන්නේ කොටස් ප්‍රමාණය අඩු උනත් සුපුරුදු ත්‍රාසජනක බවනම් අඩුවෙලා නැති බව ඔයාලට සහතික වෙනවා. පලවෙනි කතාමාලාව අරන් එද්දි මට මේ සෙල්ලම ගැන හරි විස්තරයක් කියන්න බැරි උනා. ඒ නිසා අළුතින් මේක බලන්න හදන අයටත් එක්ක මම කිසිම ස්පොයිල් කිරීමක් නැතුව සංක්ෂිප්තව පැහැදිලි කරන්නම්.
ටීරෝ අරමුදල කියන්නේ මූල්‍යමය අපහසුතාවයන්ට ලක්වුන අයට පහසුකම් සලසන සමාගමක් ඒ කියන්නේ මිනිස්සුන්ට ණය දෙන තැනක්. නමුත් එහෙම ණය දෙන්නේ පොලියක් බලාගෙනනම් නෙමෙයි ඊටත් වඩා දරුණු, අඳුරු පැත්තක් මේ සමාගමේ තියෙනවා. ඒ තමයි ලොව පුරා වෙසෙන අතිශය ධනවත් පුද්ගලයන්ට විනෝදය සඳහා දඩයම් කිරීමේ තරග සංවිධානය කිරීම. මොවුන් එහෙම දඩයම් කරන්නේ සත්තු එහෙම නෙමෙයි තමන්ගෙම වර්ගයාගේ කෙනෙක්වයි. මේ ධනවතුන් එහෙම ඕනවට එපාවට දඩයම් කරන්නෙත් නෑ. ඔවුන්ට තමන්ගේ දඩයමට අවශ්‍ය නිරෝගී, ක්‍රියාශීලී අභියෝගයක් ලැබෙන ගොදුරක්වයි. ඒ වගේම ඔවුන්ට මේ දඩයමට ආවේණික නීතීමාලාවක් අනුගමනය කරන්නත් වෙනවා. සමහරු තමන්ගේ මුදල් බලය පෙන්නන්න මේ තරගයට එකතු වෙද්දි තවත් සමහරු තමන්ගේ සුඛෝපභෝගි ජීවිතයෙන් මිදිලා උද්වේගකර සෙල්ලමක් කරන්න අවශ්‍ය නිසා මේ සෙල්ලමට එකතු වෙනවා. සමහර ධනවතුන් ඔවුන්ව නියෝජනය කරන්න කුලී ඝාතකයන් පවා එවනවා. ඒ නිසා ඒකට ඕනෑම මුදලක් වියදම් කරන්නත් ඔවුන් කිසිවිටෙක පසුබට වෙන්නේ නෑ. එමෙන්ම මේ ධනවතුන් මේකට සහභාගි වෙන්නේ තමන්ගේ සැබෑ අනන්‍යතාව හංගගෙන වගේම ඔවුන් තමන්ගේ අන්වර්ථ නාම විදියට යොදාගන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ නාමයනුයි. මයිල්ස් සෙලර්ස්” කියන්නේ මෙවැනි තරග සංවිධානය කරන පළපුරුදු අති දක්ෂයෙක්. තමන්ගේ ගනුදෙනුකරුවන්ට උවමනා කරන තාලේ ගොදුරු සොයාගන්නත් ඔවුන්ව මූල්‍යමය වශයෙන් බංකොලොත් කරවලා මේ වැඩේට නම්මගන්නත් සෙලර්ස්ට පුදුමාකාර හැකියාවක් තියෙනවා. ඉතිං මේ පුදුමාකාර, බිහිසුණු සෙල්ලමේ නීතී ටිකත් මම පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්.
තරගයේ නීතී
• එක් තරගයට දඩයම්කරුවන් පස් දෙනෙකු සහ එක් ගොදුරක් (ධාවකයෙක්) සහභාගි වේ.
• ධාවකයාට කිසිදු ඉලෙක්ට්‍රොනික් උපකරණයක් භාවිතා කල නොහැක. ටීරෝ සමාගමෙන් දෙන දුරකතනය පමණක් සෑම විටකම ළඟ තබාගත යුතුය.
• තරගය පවත්වන්නේ උදෑසන සිට ඊළඟ දින උදෑසන දක්වා පැය 24ක කාලයක පමණයි.
• දිවි ගලවාගන්නා සෑම පැයකදීම ඩොලර් 50,000 බැගින් ධාවකයාගේ ගිණුමට බැර වේ.
• විසි වෙනි පැයෙන් පසු පැයකට ඩොලර් මිලියනට බැගින් හිමිවේ.
• දඩයම්කරුවන්ට තුවක්කු භාවිතා කල නොහැක.
• තරගය පැවත්වෙන නගර සීමාවෙන් පිට විය නොහැක.
• පොලීසියට දැන්වීම හෝ අත්අඩංගුවට පත් වීමට නොහැක.
• සෑම පැයක් ආරම්භයේම ධාවකයා සිටින ස්ථානය තප්පර 15කට දඩයම්කරුවන්ට පෙන්වයි.
• අදාල කාලය නිමවීමෙන් පසු ධාවකයා දිවි ගලවා ගතහොත් ඔහුට ඩොලර් මිලියන 24.5ක් හිමිවේ.
• ධාවකයා යම් නීතීයක් කඩ කලහොත් තරගය කිසිදා නිම නොවෙන අතර ඔහුව ජීවිත කාලය පුරාම දඩයමට ලක්වේ.
ඉතිං ඔයාලට දළ අදහසක් ගන්න වැදගත්ම නීතී ටික විතරයි කිව්වේ. මේක බලාගෙන යද්දි අනිත් නීතිත් ඔයාලට පැහැදිලි වෙයි. Short/Action/Thriller යන කාණ්ඩ වලට වර්ගීකරණය උන මෙහි කතා රචනය Nick Santora විසින් සිදු කරලා තිබෙනවා. සුපුරුදු විදියටම ඔස්කාර් සම්මානලාභී සුප්‍රකට නළු Christoph Waltz මයිල්ස් සෙලර් ලෙස දකින්න ලැබෙනවා. David Castaneda වික්ටර් සුඒරෝ ලෙසත්, Ciara Bravo ජොසපින් සුඒරෝ ලෙසත් රංගනයෙන් දායක වෙනවා. Breaking Bad කතා මාලාවේ ස්කයිලර් වයිට් ලෙසින් ලොවම හඳුනන Anne Gunn වත් උප ප්‍රධාන චරිතයකින් ඔයාලට දැකගන්න පුළුවන්. කතාව ගැන මම මුකුත්ම කියන්න යන්නේ නෑ මෙවර මයිල්ස්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ වික්ටර් සුඒරෝ කියන හිටපු මිශ්‍ර සටන් ක්‍රීඩකයෙක් වෙතටයි. ඒ වගේම අපිට තුන් වෙනි කතා සමයක් බලාගන්න පුළුවන් වෙයි කියලා ඉඟියකුත් ලැබෙනවා. මට මේ කතාමාලාව උපසිරසි ගන්වන්න අවසර දුන්න විමා සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් මම ගිහින් එන්නම්. උපසිරසිය අරගෙන අදහසක් දක්වලා යන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලනවා.
එහෙනම් මෙවර අති භයානක දඩයක්කරුවන්ගෙන් දිවි රැකගෙන වික්ටර් සුඒරෝ සමඟ එක් දිනක් ඇතුලත නිව් යෝර්ක් නගරය පුරා දුවන්න එන්න ඔබටත් ආරාධනා

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,676 downloadsDownload Most.Dangerous.Game_.S02-Complete.zip76 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
18 comments
Anonymous
Naveen Mbr
බොහෝම ස්තූතියි සහෝදරයා!
Anonymous
යුරාන් දුන්නොත් පහරක් තමයි
ජය වේවා සහෝKantha_DLA
ගොඩක්ම ස්තූතියි ධනුක සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Ravindra
Thanks Lockwood & co series ekatath sub dennako puluwannam
Bimsara Yashan(ඔලිව)
බොහොම ස්තූතියි සහෝ කතා මාලාවටම උපසිරැසි ගෙනාවාට. ජයවේවා!
Laka
ස්තුතියි සහෝ
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Ruwan
Shadow and bond season 2 ekatath sub dennako
පොෂාන්
මේ වගේ සීරීස් දිගටම දෙන්න
Asanga kb
bohoma sthuthi..
Anonymous
සුපිරි වැඩක්
Thimira
සුපිරි වැඩක් මචන්, ඒත් සීසන් 2ක් ආවට පස්සෙත් තවත් මිනි සීරිස් එකක් කියල කියන්න බෑ නේද. මිනි සීරිස් වල සීසන් 2,3,4 එන්නෑ
Udara Damith
elaaaaaaaaaaaaaaa
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
me pic eke thiyenne wuttho wena ekakne. oka film ekak bhallo. adala pic eka dapan. comfuse wenawa basikayo....
madushan
Thank Sub akta
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Most Dangerous Game [S02] Complete Season Sinhala Subtitles | ලෝකයේ භයානකම සෙල්ලම නැවතත් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Most-Dangerous-Game-S02-A.jpg)

සුපිරි මචන්