Watch Trailer

Most Dangerous Game [S01] Complete Season Sinhala Subtitles | ලෝකයේ භයානකම සෙල්ලමට සාදරයෙන් පිළිගන්නවා [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ඔන්න එහෙනම් Lucifer කතා මාලාවට පස්සේ තවත් සුපිරිම රූපවාහීනි කතාවක් අරන් ආවා. අහම්බෙන් තමයි මටත් මේක බලන්න ලැබුනේ. මේකට සිංහල උපසිරැසි නැති එක ලොකු අඩුපාඩුවක් කියලා හිතුන නිසා උපසිරැසි ගන්වන්න අපේ චාමර සම්පත් සහෝගෙන් අවසර ඉල්ලගත්තා. 2020 අප්‍රේල් මාසයේ තමයි මේ කතාමාල…

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ඔන්න එහෙනම් Lucifer කතා මාලාවට පස්සේ තවත් සුපිරිම රූපවාහීනි කතාවක් අරන් ආවා. අහම්බෙන් තමයි මටත් මේක බලන්න ලැබුනේ. මේකට සිංහල උපසිරැසි නැති එක ලොකු අඩුපාඩුවක් කියලා හිතුන නිසා උපසිරැසි ගන්වන්න අපේ චාමර සම්පත් සහෝගෙන් අවසර ඉල්ලගත්තා. 2020 අප්‍රේල් මාසයේ තමයි මේ කතාමාලාව නිකුත් උනේ. ඇත්තටම මේක Mini TV series එකක් විදියට තමයි සලකන්න පුළුවන් මොකද එක කොටසක් මිනිත්තු 10කටත් අඩුවෙන් සීමා වෙලා තියෙන්නේ. ඒ වගේ කොටස් 15කින් කතාමාලාව සමන්විත වෙනවා. දැනට පලමු කතා සමය විතරයි නිකුත් වෙලා තියෙන්නේ මේ කතාසමයෙන්ම කතාව අවසන් වෙන නිසා රසවින්දනයට බාධාවක් නෑ. අපි එහෙනම් මේ ගැන පොඩි විස්තරයක් දැනගමු.

2020 අප්‍රේල් මාසයේ 06 වෙනිදා තමයි මේ කතාමාලාවේ පලමු කොටස් 03 QUIBI ඔස්සේ නිකුත් වෙන්නේ. එතැන් පටන් අප්‍රේල් 22 දක්වා මෙය විකාශය වෙනවා. මනාප 2,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 7.2ට කරකවන්නත්, සම්මාන 02කට නිර්දේශ වෙන්නත් Most Dangerous Game කතා මාලාව සමත් වෙලා තියෙනවා. 1924දී රිචඩ් කොනෙල් විසින් මෙනමින්ම රචනා කරන ලද කෙටිකතාවක් තමයි මෙයට පාදක වෙලා තියෙන්නේ. Short/Action/Thriller යන කාණ්ඩ වලට වර්ගීකරණය උන මෙහි කතා රචනය Nick Santora විසිනුත්, අධ්‍යක්ෂනය Phil Abraham විසිනුත් සිදු කරලා තිබෙනවා. ප්‍රධාන චරිත කීපය සඳහා සුපිරි රංගන ශිල්පීන් තිදෙනෙක් දායක වෙනවා ඊට අමතර එතරම් වැඩි නළු නිළියන් පිරිසක් මෙයට දායක වෙන්නේ නෑ. ප්‍රධාන නළු භූමීකාව හොබවන්නේ හොලිවුඩයේ සුපිරි නළුවෙක් වෙන Liam Hemsworth විසිනුයි. ඔහු මාවල් සිනමා විශ්වයේ “තෝර්” ලෙස සැවොම හඳුනන Chris Hemsworth ගේ සහෝදරයෙක් වෙනවා. ඊට අමතරව ඔහු The Last Song (2010), Killerman (2019), Cut Bank (2014), Empire State (2013) වැනි නිර්මාණවලටත් The Hunger Games චිත්‍රපට මාලාවටත් දායක වෙලා තියෙනවා. උප ප්‍රධාන චරිත ලෙස Django Unchained (2012), Inglourious Basterds (2009), The Legend of Tarzan (2016) වැනි චිත්‍රපටවලට දායක වූ ඔස්කාර් සම්මානලාභී සුප්‍රකට නළු Christoph Waltz විසිනුත්, Dracula Untold (2014), Enemy (2013), The Amazing Spider-Man (2012), The Amazing Spider-Man 2 (2014) වැනි චිත්‍රපටවල රඟ පෑ Sarah Gadon විසිනුත් රඟ දක්වනවා.

ඩොජ් ටයින්ස්, පාසල් සමයේ අතිදක්ෂ ධාවක ශූරයෙක් වගේම මළල ක්‍රීඩකයෙක්. වර්තමානයේ ඔහු දේපල වෙළඳාම් අලෙවිකරුවෙක් ලෙස තම ගැබ්බර බිරිඳත් සමඟ ඩිට්‍රොයිට් නගරයේ ජීවත් වෙනවා. අවාසනාවකට ඩොජ්ගේ ව්‍යාපෘති කිසිදු සමාගමකින් පිළිනොගැනීම නිසා ඔහුගේ බලාපොරොත්තු බිඳ වැටී ඔවුන්ට අයහපත් කාලයක් උදාවෙමින් පවතිනවා. දිනක් හිසරදයක් නිසා මහමඟ ඇද වැටෙන ඩොජ්, රෝහල්ගත උනාට පස්සේ ඔහුට අහන්න ලැබෙන්නේ හීනෙන්වත් නොසීතු භයානක ප්‍රවෘතතියක් එනම් ඔහුට මාරාන්තික මොළයේ පිළිකාවක් හටගෙන ඇති බවයි. නිවාස උකස්, අනෙකුත් බිල්, තම ගර්භනී බිරිඳ, නූපන් ළදරුවා යන අතිශය සංවේදී කරුණු නිසා කළකිරුනු ඩොජ්ට “ටීරෝ අරමුදල” කියලා රෝගීන්ට උපකාර කරන සේවාවක් ගැන දැනගන්න ලැබෙනවා. එහි නියෝජිතයෙකු වෙන මයිල්ස් සෙලර්ස් හමුවීමට යන ඩොජ්ට, මයිල්ස් විසින් පුදුමාකාර යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි තම සමාගමේ මූල්‍යම සහය ඩොජ්ට ලැබෙන්නනම් ඔහු පැය 24ක කාලයක් ලෝකයේ පැරණිතම සහ දරුණුම ක්‍රීඩාවක් වෙන “දඩයම් කිරීමේ” ක්‍රීඩාවට සහභාගී වෙන්න ඕන කියලයි. හැබැයි ඒ දඩයක්කාරයෙකු විදියටනම් නෙමෙයි, ක්‍රීඩාවේ “ගොදුර” බවට පත් වෙලයි.

එහෙනම් අති භයානක දඩයක්කරුවන්ගෙන් පණ බේරගෙන ඩොජ් ටයින්ස් එක්ක එක් දිනක් ඇතුලත ඩිට්‍රොයිට් නගරය පුරා දුවන්න එන්න ඔබටත් ආරාධනා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

5,427 downloadsDownload Most-Dangerous-Game-S01-Complete-Season.zip75 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

5,427 downloadsDownload Subtitles75 KB

27 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Neo

    Thanks brother
    Keep it up

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Suranjan

    Thanks jayawewa.....!

  5. Anonymous

    sub ekata thanks

  6. Anuja Lakshitha

    BLACKLIST season 7 ekata sub dennako please

  7. Ayan

    chilling adventure of sabrina finale season ekta sub denwada

  8. Kanishka

    Sub ekata thanks
    Pluwannam Macgyver 2016 tv series ekath sub denna

  9. Shaggy

    Thank you very much

  10. tharidu16

    thanks machi

  11. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    තව සුපිරි කතාමාලා ටිකක් දෙමු

  12. Anonymous

    Thanks bokka❤️

  13. indika75

    thanks..

  14. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  15. Naveen

    උපසිරසියට තුති

  16. Anonymous

    තෑන්ක්ස් බන්

  17. Achi

    හොද වැඩක් එක පාරම සීසන් එකටම සබ් දීපු එක...
    ආදරෙයි...

  18. Anton priyahantha

    Great!... Thank you! :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-)

  19. Chandima Prasad

    සුපිරි සීරීස් එකක් මේක නම්...එකදිගට කිසිම කම්මැලිකමක් නැතුව බලන් යන්න පුළුවන්..සබ් එකත් සුපිරියටම 100% කොලිටියට තිබ්බා....යුරාන් ධනුක ගොඩක් ස්තූතියි මචං සබ් එකට.....ජයවේවා..

  20. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  21. Sohan Jayasooriya

    වෙනස්ම සීන් එකක් වගේ.. විනාඩි 10 කොටස් 15ක්නේ.. ලැප් එක හැදුවම බලන්න කියලා බාගත්තා.. සබ්වලට ගොඩක් ස්තූතියි අයියේ

  22. naughty

    ado pattama series ekak... thawa wela tibba nm kiyala hithuna... sub walata thanks........

  23. Sahan Prabhasara

    Added to the watchlist ;)

  24. Dean

    සුපිරි සීසන් එකක් එක හුස්මට බැලුවා .ජය වේවා

  25. Dean

    සුපිරි සීසන් එකක් එක හුස්මට බැලුවා .ජය වේවා

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Asanga kb

    thank you wewa..