Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E03] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද මගේ මායාබන්ධන රසික රසිකාවියන්ට? ගොඩක් දෙනෙක් සුපුරුදු පරිදි සද්ද නැතුවම උපසිරැසිය අරන් ගිහින් තිබුනා. කිහිප දෙනෙක් නම් අදහසක් තියලා යන්න අමතක කරලා තිබුනේ නෑ. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි. උපසිරැසිය කොහොමද? හොයිද? වැරදි අඩුපාඩු නම් තියෙන්න ඇති. ඒවාටත් සමාව ඉල්ලමින් 03 වෙනි කොටසත් දීලා…

Spellbinder-TV

ඉතින් කොහොමද මගේ මායාබන්ධන රසික රසිකාවියන්ට? ගොඩක් දෙනෙක් සුපුරුදු පරිදි සද්ද නැතුවම උපසිරැසිය අරන් ගිහින් තිබුනා. කිහිප දෙනෙක් නම් අදහසක් තියලා යන්න අමතක කරලා තිබුනේ නෑ. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි. උපසිරැසිය කොහොමද? හොයිද? වැරදි අඩුපාඩු නම් තියෙන්න ඇති. ඒවාටත් සමාව ඉල්ලමින් 03 වෙනි කොටසත් දීලා යන්නයි ආවේ.

සුපුරුදු විදිහට පසුගිය කොටස ගැන කීවොත්… කැතී මෙක් දෙන්නා අන්තර්මාන බෝට්ටුවෙන් මායාබන්ධකයන්ගේ ලෝකයට ගියා. මෙයාලා දෙන්නා මායාබන්ධකයන්ගේ මාලිගාවට අරන් යන්න ලෑස්ති වෙද්දී පැනලා යන්න හැදුවත් යාගන්න නම් බැරි වුනා. මායාබන්ධකයා මේ දෙන්නව අරගෙන හිර කඳවුරට ගෙනාවේ මෙයාලා දෙන්නා මාලිගාවට අරන් යන්න අහස් නැවක් එවනතුරු තියාගන්න. සිර කඳවුරේදී තමයි අපේ කතාවේ දුෂ්ඨ චරිතය කතාවට ඇතුල් වෙන්නේ. ඒ කවුද? දන්නවද? ඔව්… ඔව්… අශ්කා තමයි. අශ්කා සහ ග්‍රෙවෝන් කියන දෙන්නා දැන් සිර කඳවුරක තමයි ඉන්නේ. මොකද පසුගිය කතා මාලාවේ පෝල්ගේ ලෝකෙට ඇවිල්ලා තාක්ෂණය අරන් ඇවිත් රාජධ්‍යාධිකාරීන් පරාජය කරලා රාජ්‍ය බලය අල්ලාගන්න හැදුව වරදට.

මේ දෙන්නා දැක්ක අශ්කා දැනගන්නවා මේක තමයි පැනගන්න වෙලාව කියලා. අශ්කා ග්‍රෙවෝන් එක්ක එකතු වෙලා පොඩි ගැටයක් ගහන්නේ ආරක්ෂක නිළධාරියාගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න. මෙක් සහ කැතී ලඟට කිට්ටු වුන අශ්කා සුපුරුදු විදිහටම මහා බොරුවක් ඇදබාන්නේ පෝල් ගැන කියලා. පෝල් මායාබන්ධකයන්ගේ මාලිගාවට අරන් ගියාට පස්සේ එයා අතුරුදන් වුනා කියලා කියනවා. පෝල්ට පැනලා යන්න උදුව කරන්න ගිහින්ලු අශ්කට හිරකාරයෙක් වෙන්න වුනේ. හික්ස්. ඉතින් කිසිම දෙයක් නොදන්න මෙක් සහ කැතී මේක විශ්වාස කරලා බය වෙනවා. අශ්කාවත් අරන් යන්න මේ ලෝකෙන් යන්න පොරොන්දු කරවාගෙන අශ්කා පැනගන්න ගැටයක් ගහනවා. ග්‍රෙවෝන් හැමදාම වගේ ගොනා වෙලා අශ්කට පැනලා යන්න උදවු කරනවා. ඉතින් කොහොම හරි මේ දෙන්නත් එක්ක අශ්කා පැනගන්නවා මකර අධිරාජයාගේ රාජධානියට.

මකර අධිරාජයාගේ රාජධානියේ අමුතු දෙයක් තියෙනවා. ඒක තමයි එයාලගේ ඥානයේ සහ සහ විද්‍යාවේ එකතුවෙන් බිහිවුන නිධානය. ඒක නම් කරලා තියෙන්නේ ඔරකල් කියලා. ඔරකල් කියන්නේ මකර රජදහන සංවිධානය කරන සුපිරි මොළයක්. සුපිරි කෘතීම බුද්ධියක්. ඉතින් අශ්කා මේකට ටිකක් ඇඟිලි ගහලා බලන්න ලෑස්ති වෙනවා. ඔරකල්ට අශ්කාව හඳුනා ගැනීමට නොහැකි වන නිසා අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කරනවා. මෙයින් කලබලයට පත්වුන සියලුම දෙනා මෙතෙන්ට එන අතරම ආයා කුමරියත් එනවා.

මකර අධිරාජයාගේ අණ නිසා කැතීට සහ අශ්කාට මාලිගාවට යන්න සිද්ධ වෙනවා මකර අධිරාජයාව බැහැදකින්න. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ කොටස අරගෙන බලලම ඉන්න. එහෙනම් පුලුවන් ඉක්මනින්ම 04 වෙනි කොටසත් අරගෙනම එන්නම්. එතකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E03.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

784 downloadsDownload Spellbinder.S02E03.zip16 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

784 downloadsDownload Subtitles16 KB

9 comments

  1. Hashan

    Tkz wewa saho sub ekata denakam balan htitye.

  2. Udara Damith B/K

    එළකිරි ...................
    තැන්ක්ස්..................

  3. Ishan Madusha

    ස්තුතියි සබ් එකට

  4. Lahiru Lakmal

    Thanks for sub....

  5. yeshu

    tnx

  6. Jack

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
    ජය…

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Tharindu Athukorala

    බොහොම ස්තූති.ජය වේවා