තුන්වන කතාසමය නිමා වුණේ… FBI අත්අඩංගුවට පත් වෙච්ච ඩාර්ලීන්ව සැන්ටියෑගෝ අරන් යද්දී ඩොම්ගෙ අතටම අහුවුනා. ඒ නිසා සැන්ටියෑගෝ එයාටත් පහර දීලා එයාවත් අරන් ගියා. මේ අතරවාරේ තමයි සැන්ටියෑගෝ කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා ඩොම්, ඩාර්ලීන්ටත් දැනගන්න ලැබුනේ. එලියට් එයාගෙ මනෝ තාත්තා, මිස්ටර්. රොබට් එක්ක සැන්ටි…

තුන්වන කතාසමය නිමා වුණේ…
FBI අත්අඩංගුවට පත් වෙච්ච ඩාර්ලීන්ව සැන්ටියෑගෝ අරන් යද්දී ඩොම්ගෙ අතටම අහුවුනා. ඒ නිසා සැන්ටියෑගෝ එයාටත් පහර දීලා එයාවත් අරන් ගියා. මේ අතරවාරේ තමයි සැන්ටියෑගෝ කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා ඩොම්, ඩාර්ලීන්ටත් දැනගන්න ලැබුනේ. එලියට් එයාගෙ මනෝ තාත්තා, මිස්ටර්. රොබට් එක්ක සැන්ටියෑගෝගෙ නවාතැනට රිංගලා හෝඩුවාවල් හොය හොයා ඉද්දි එතනට අ(ර්)වින්ග් ඇවිල්ලා එයාවත් ඩොම්, ඩාර්ලීන්වත් අරන් ගිය පරණ ගබඩාවකට එක්කන් ගියා. මෙතැනදී බහින් බස් වීමක් වෙලා සැන්ටියෑගෝ පොරෝ පාරවල් කිහිපයක් වැදිලා මැරිලා ගියා. සැන්ටියෑගෝ මෙතෙක් කාලයක් FBI එකට වෙලා, ඩාක් ආමි එකට සහයෝගය දෙමින් කරන් ගියපු ජඩ වැඩ හැම එකක්ම අකමැත්තෙන් වුනත් ඩොම්ට කරන් යන්න බාර ගන්න වුණා අ(ර්)වින් එයාගෙ පවුල ගැන කියලා තර්ජනය කරපු හන්දා.
ඩොම්ගෙන් FBI එකට පිවිසෙන්න ලැබුණු අවසරයත් එක්ක එලියට්ට දැනගන්න හැකියාව ලැබෙනවා කේතනය කරපු කී වලට වගකිවයුත්තා රොමේරෝ නෙවෙයි කියලත්. ටික වෙලාවකට පස්සෙ මිස්ටර් රොබට්ගෙන්ම දැනගන්න ලැබෙනවා එයා තමයි මේ අයව බේරගත්තෙ කියලත්. අවසානයේදී එලියට් Five/Nine හැක් කල සිදුවීම අනික් පැත්ත හරවනවා. මේ එක්කම එලියට් මෙතෙක් කාලයක් කියපු කතාවේ ඇත්තටම වෙච්ච දේ ඩාර්ලීන්ගෙන් දැනගන්න ලැබෙනවා. ඒ තමයි එයාගෙ තාත්තා එයාව ජනේලෙන් තල්ලු කලේ නැහැ එයාමයි පැනලා තියෙන්නෙ කියලා. ඒවගේම තමයි කවුදෝ කට්ටියක් ඇන්ජෙලාව පිලිප් ප්‍රයිස්ගෙ ගෙදරට එක්කන් ගියානෙ. එහෙදි ඇන්ජෙලාට ප්‍රයිස්ගෙන් දැනගන්න ලැබෙනවා එයාගෙ ඇත්තම තාත්තා පිලිප් ප්‍රයිස් කියලා වගේම වයිට්රෝස් කියන්නෙ මොන තරම් නපුරු චරිතයක්ද කියලත් ප්‍රයිස් එයාට තේරුම් කරලා දුන්නා.
අවසාන කොටසෙ පසු දර්ශන බැලුවා නම් දකින්න ඇති එලියට් නැවතිලා ඉන්න තැන ඉස්සරහදි ඩාර්ලීන්ට ෆර්නෑන්ඩො වේරාව මුණගැහෙනවා. එයා ආව හේතුව නම් දැනගන්න ලැබුනෙ නැහැ හැබැයි.
සිව්වැනි කතාසමයෙ ආරම්භය..
අද එකතු වෙන්නෙ මිස්ටර්. රොබට් සිව්වැනි කතාසමයෙ එහෙමත් නැත්තම් අවසන් කතාසමයේ ආරම්භයත් එක්කයි. මෙදා සැරේ කතාව පටන් ගද්දිම ප්‍රධාන චරිතයක් මුල් විනාඩි කිහිපය ඇතුලත මැරිලා යනවා. ඒ විතරක් නෙවෙයි එලියට් වයිට්රෝස් එක්කලා පටන් ගත්ත සටන තාමත් කරගෙන යනවා. මේ හින්දම එලියට්ට ලොකු කරදරේක වැටෙන්නත් සිද්දවෙනවා. කලින් කතාසමයෙ අවසානෙදි වෙච්ච දේවල් එක්ක ඩොම් තාමත් සෑහෙන අවුලෙන් ඉන්නෙ. මොකද එයාට වෙලා තියෙන්නෙ එයා මෙතෙක් කරපු හැම හොද දෙයක්ම නවත්තලා ඩාක් ආමි එකට වැඩ කරන්නයි.
මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො එහෙනම්. මං ගිහින් එන්නම්. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,602 downloadsDownload Mr.-Robot-S04-E01.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
17 comments
Thar96
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුGathsara Umesh
Bhooooooooooooooooooooooooooooom
Sthuthi Chamara Ayee.....Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Surangasampath
Tanx Machan.
Thiran Madumal
පලවෙනි සිසන් එක විතරය් බලුවෙ දැන් කතාව මතකත් නැ ආය මුල ඉදල බලන්න ඔනි..සබ් ව්ලට බොහොම ස්තුතීය්...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඔයා දෙනවා කියන්නේ sure කතාව ඉවර වෙනකම් දෙනවා කියලා...Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ඉතුරු episode ටිකටත් ඉක්මනට සබ් එක දෙමු.. මචං පුළුවන් නම් ඔයා සබ් දීපු The Exorcist series එකේ season 02 එකට සබ් දෙන්න පුළුවන්ද :) :)
ජය වේවා.!Tsandesh
Thanks for sinhala sub
Cold lassi aur chicken masala (alt balaji)
Plzzz me Hindi web series ekatat sinhala sub Denna
charuni
thank you
machan gola
hamadama facebook page eka ain karanne ai kyla aduma gane customer feedback ekakwath facebook ekaata dennna..
LimeGreenSoda
Thanks Man.
Ravindu Rukshan
තැන්ක්ස්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
namaljayathunga
Thanks Bro..
Anonymous
Thnx sub ekta...
Advertisement


Thanks bro!!