Watch Trailer

Mr. Robot [S04 : E13] Sinhala Subtitles | අවසානය – දෙවන කොටස [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් කවුද අකමැති තමන් මේ ගෙවන ජිවීතේ වෙනස් කරගන්න? මීට වඩා සැපවත් ජීවීත ගත කරන්න, තමන්ට ඕන කරපු හැමදේම තියෙන ජිවිතයක් වෙන ලෝකෙකින් හරි හොයාගෙන ගත කරන්න ඕනම කෙනෙක් කැමතියි. හැබැයි ඉතිං ඔය මොන සර්ව සම්පුර්ණ ජිවිතේක වුනත් මොකක්ම හරි අඩුවක් තියෙන්න පුලුවන්. ඒ විදිහෙ දෙයක් තමයි එලියට්ට සිද්දවු…

පසුගිය කොටසින්

කවුද අකමැති තමන් මේ ගෙවන ජිවීතේ වෙනස් කරගන්න? මීට වඩා සැපවත් ජීවීත ගත කරන්න, තමන්ට ඕන කරපු හැමදේම තියෙන ජිවිතයක් වෙන ලෝකෙකින් හරි හොයාගෙන ගත කරන්න ඕනම කෙනෙක් කැමතියි. හැබැයි ඉතිං ඔය මොන සර්ව සම්පුර්ණ ජිවිතේක වුනත් මොකක්ම හරි අඩුවක් තියෙන්න පුලුවන්. ඒ විදිහෙ දෙයක් තමයි එලියට්ට සිද්දවුනෙ. පිරියතේදී සිද්දවෙන්න ගිය විනාශයෙන් පස්සෙ එලියට් නැගිට්ටේ ඒ පිරියත තිබුන තැනමයි. හැබැයි කිසිම ගොඩනැගිල්ලක් එතන තිබුනෙ නැහැ. කතාව ගලාගෙන යනකොට එලියට්ට විතරක් නෙවෙයි අපිට වුනත් හිතුනෙ වයිට්රෝස්ගෙ මැෂින් එක ඇත්තක් වගේම ඒක වැඩ කරලා කියලයි.

එයා ගිය ලෝකෙ ඉන්න එලියට් ඇන්ජෙලාව පහුවදා කසාද බදින්න ඉන්නෙ. E Corp වෙනුවට තිබුනෙ F Corp කියලා දෙයක්. එලියට්ගෙ තාත්තා හුගක් හොද කෙනෙක්. ඒ නිසා එලියට් කොයිම විදිහකින්වත් අපචාරයට ලක් වෙලා තිබුනෙ නැහැ. ජනේලෙන් බිමට පැනලා අතපය කඩාගෙන තිබුනෙත් නැහැ. හැමදේම අතින් හුගක් සාර්ථක ජිවිතයක් ගත කරන කෙනෙක් තමයි එහෙ හිටියෙ. හැබැයි එලියට්ගෙ පවුලෙ එකම දරුවා එලියට් විතරයි. ඒ කියන්නෙ එලියට්ට ඩාර්ලීන් කියලා නංගි කෙනෙක් තියා කිසිම සහෝදරයෙක්වත් හිටියෙ නැහැ. දොළොස්වැනි කොටස හුගක්ම වගෙ සම්බන්ධ වුනෙ එකළොස්‌වැනි කොටස එක්කයි. මේ නිසා එතන තේරුම් ගන්න බැරි අපහසු දෙයක් තියෙන්නෙ නැතුව ඇති කියලා හිතනවා.

අද කොටසින්

දොළොස්වැනි කොටස අවසන් වෙච්ච විදිහ නම් හුගක් විකාරයි. එකක් තමයි සාමාන්‍ය ජිවිතයක් ගත කරන එලියට් ඇයි වගේම කොහොමද අනික් එලියට් ගැන කටු සටහන් චිත්‍ර ඇදලා තියාගෙන හිටියෙ? අනික තමයි මෙහෙම දෙයක් වෙන්න නම් වයිට්රෝස්ගෙ මැෂින් එක ඇත්තටම වැඩ කරන්න ඇතිද? නැත්තම් මේ හැමදේම වෙනමම දෙයක්ද? ඔය හැමදේම එකක් නෑර අද අවසන් කොටස හරහා ඔයාලටම දැකගන්න ලැබෙනවා. වෙන්නෙ මොකක්ද කියලා බලලම ඉන්නකො එහෙනම්.

  • ඔයාලා මේ වෙද්දී දන්නවද දන්නෙ නැහැ ලබන වසරේ ජනවාරි හයවැනිදා කැලිෆෝනියාවේදි පැවැත්වීමට නියමිත 77’වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ රුපවාහිනී කතාමාලා අංශයේ විශිෂ්ටතම රංගන ශිල්පියා වෙනුවෙන් මෙතෙක් කල් එලියට් ඕල්ඩ්‍රසන් විදිහට රංගනයෙන් එක් වූ Rami Malek මේ වෙද්දී නිර්දේශ නාම යෝජනා අතරට එකතු වෙලා තියෙනවා. සුදුස්සාට සුදුසු තැන ලැබේවි කියලා හිතමු.  

 

“එහෙනම් ඉතිං ඔන්න සෑහෙන කාලෙකට කලින් පටන් ගත්ත තවත් කතාවක අවසානය තමයි මේ විදිහට සනිටුහන් වෙන්නෙ. Mr. Robot කතාමාලාවේ මුල් කතාසමයෙන් උපසිරැසි ලබාදෙන එක නැවතිලා තියෙන වෙලාවක තමයි මම දෙවැනි කතාසමයෙ ඉදලා මේක කරගෙන ආවේ. තුන්වෙනි කතාසමය අතරමගදී කොටස් තුනක් ගොඩදාගන්න අචින්ත උදයංගෙනුත් උදව් ලැබුනා. මුල් කතාසමයෙ ඉදලා මේ දක්වා කතාවට තිබුණු ඉල්ලුම එන්න එන්නම නැතිවෙලා ගියා මිසක් වැඩිවීමක් නම් වුනෙ නැහැ. මං හිතන්නෙ ඔයාලත් ඒක දකින්න ඇති.  මොකද “මේදාපාර සමගාමී විකාශයත් එක්කම මම සබ් අරගෙන ආවත් සබ් එකෙ තියෙන ලයින් ප්‍රමාණයටවත් අඩුම තරමේ සබ් එක ඩවුන්ලෝඩ් කරලවත් තිබුනෙ නැහැ.” මුල් කාලෙදි රැදී හිටිය බහුතරය කාලෙත් එක්ක හැලිලා ගිහිල්ලා. කොහොමහරි මෙච්චර කාලයක් තිස්සෙ සුපුරුදු කමෙන්ට් පහ දාලා සහයෝගය දීපු හැමෝටමත්, සබ් එක ඩවුන්ලෝඩ් කරපු හැමෝටමත් හුගක් ස්තුතියි. එහෙනම් ඉතිං මම ගිහිල්ලා එන්නම්. ජය!!”

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,066 downloadsDownload Mr.-Robot-S04-E13.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,066 downloadsDownload Subtitles40 KB

28 comments

  1. charuni

    thank you......

  2. sachintha

    තවත් කතාමාලාවක අවසානය..
    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    ජය

  3. Thejan_mac

    elm bro

  4. Sudheera Kasun

    Thanks season 4 ma sub kala hemotama..!

  5. Ravindu Rukshan

    පට්ට කතාව සබ් එකට තැන්ක්ස්

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  7. SupunTharaka

    Thanks

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරිම වැඩක්...
    මග නවත්තන් නැතිව දෙයක් ඉවර කරන ..කෙනෙක්.

  9. sahan malinga

    thanks bokka

  10. arunashakthi

    thanq

  11. Kalpa2002

    Thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. SanjulaJeter

    thanks!

  14. awdino143

    ස්තූතියි උපසිරැසි ලබාදීම ගැන. මුල සිටම මේ කතා මාලාව සමග එකතුවී සිටීමත් අවසානය දක්වා අවුරුදු 5කට ආසන්න කාලයක් එක දිගට රැදී සිටීමත් සුලුවෙන් තැකීම සිදුකල නොහැක. කතාමලාවන් එකිනෙකට වෙනස් ආරයන්ගෙන් තිබුනත් විශිෂ්ඨ නිර්මාණයන් සැම විටම බිහිනොවේ. මෙම කතාමාලව සාම්ප්‍රදායික මට්ටමෙන් ඔබ්බට ගිය නිර්මාණයක්.
    විශිෂ්ඨ නිර්මාණයක් ශ්‍රිලාංකිකයන්ට සමීප කිරීමට බයිස්කොප් දැරූ උත්සහය සාර්ථක වූ බවයි මගේ අදහස නම්.
    ~ Kasun Jayasuriya [KasunSBJ]

  15. namaljayathunga

    Thanks Bro..

  16. Rajitha lakshan

    Hema 1tama comments nam danna beriwuna. meka adagana mechchara durak awata godak thanks. Good luck.

  17. Anonymous

    Maga nawaththan nethiwa season 4tama sub dunnata godak thnx... ...asawen balana godk katha wla sub atharamaga nawaththanawa godk welwta

  18. Dark696869

    Adarei bokka sub dunnata thanks machn sirwatam watinwa bn

  19. Darshana Gunarathna

    Thank you brother... Digatama sub eka laba dunnata. Jayawewa...

  20. Xxxxx

    Thanks brother, downloaded complete season all the subtitles.thanks again.keep it up

  21. Anonymous

    thanks bn

  22. Mahesh ruwan

    bohoma sthuthi series eka iwara wenakanma sub dunnata

  23. vihanga shiranda

    thanks brother sub walata

  24. Chathurindu

    Godak sthuuthi sub walata... keep it up....

  25. Sumith kumara

    siyaluma seasons walata sinhala upasirasa labadun siyalu denata thank you so much.................................................................................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  26. Shehan Kavinda

    Thanx mcn.Hats off for that courage of yours❤️

  27. Chanuka manoj

    බොහොමත් ස්තුතියි.අවසානය දක්වා උපසිරසි ලබාදුන්නාට.

  28. Dineth Kanishka

    මුල ඉදන් උපසිරැසි ලබාදුන්න ඔක්කොටම ගොඩක් ස්තුතියි..