Watch Trailer

Ms. Marvel [S01 : E03] Sinhala Subtitles | ප්‍රශ්න නරක අතට… [සිංහල උපසිරසි]

දෙවෙනි එපිසෝඩ් එක බැලුවා නම් මේක බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නවා ඇත්තේ, නේද? එහෙනම් ඔන්න මේ උණු උණුවේ අරගෙන එන්නේ Ms. Marvel තුන්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. පසුගිය කොටසින් ඉතින් කලින් කොටසෙදි Marvel එක අපට tease කරානේ මේ බෑන්ගල් එක පිටිපස්සේ අඳුරු අබිරහසක් තියෙනවා කියලා. ඒවගේම ඒ එපිසෝඩ් එකේ අපි දැක්කනේ…

දෙවෙනි එපිසෝඩ් එක බැලුවා නම් මේක බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නවා ඇත්තේ, නේද? එහෙනම් ඔන්න මේ උණු උණුවේ අරගෙන එන්නේ Ms. Marvel තුන්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි.

පසුගිය කොටසින්

ඉතින් කලින් කොටසෙදි Marvel එක අපට tease කරානේ මේ බෑන්ගල් එක පිටිපස්සේ අඳුරු අබිරහසක් තියෙනවා කියලා. ඒවගේම ඒ එපිසෝඩ් එකේ අපි දැක්කනේ කමාලාට අලුත් යාළුවෙක් හම්බුණා කම්රාන් කියලා. කමාලා එයාට කැමති වුණාට ඉතින් බෲනෝ නම් එයාට එච්චර කැමති පාටක් නෑ. කමාලාගේ පුදුමයට වගේම සතුටට, කම්රානුත් කැමති කමාලා කැමති දේවල්වලටමයි. හරියට නිකන් බොලිවුඩයට සහ ෂාරුක් ඛාන්ට වගේ. මේ කම්රාන් කියන හාදයා කමාලාගේ පවුල ගැන දන්නේ කොහොමද කියන එකත් අබිරහසක්. අන්තිම කෑල්ල බැලුවා නම් දන්නවා ඇතිනේ බෲනෝ එයා ගැන හිතන විදිය එක විදියකට හරියි කියල. 😏 ඒවගේම අපි ඒකෙදි දැක්කනේ DODC එක (ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුව) කමාලාව අල්ලගන්න කරන දේවල්. ඉතින් අවසානයේදී අපි දැක්කා කමාලා පොඩි ළමයෙක්ව බේරගන්න ගිහිලා අසාර්ථක වෙන විදියත්, එයාගේ බෑන්ගල් එකෙන් ගෑනු කෙනෙක් ගැන අමුතු දර්ශන පේන විදියත්, ඒවගේම අන්තිමට අපි දැක්කනේ DODC එක එයාව හඹාගෙන එන විදියත්, එයාට පැනගන්න බැරි වෙන විදියත්, කම්රාන් ඇවිල්ලා බේරගන්න විදියත්. එතනදී තමයි එපිසෝඩ් එකේ හොඳම කොටස එන්නේ. වාහනේ පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි, අබිරහස් ගෑනු කෙනෙක්. එයාව තමයි බෑන්ගල් එකෙන් කලින් පෙන්නුවේ. කම්රාන් හෙළිකරනවා ඒ එයාගේ අම්මා කියලා. 🤯 අන්න ඒ විදියට එපිසෝඩ් එක cliffhanger එකක් එක්ක ඉවර වෙනවා. ඉතින් මේ අබිරහස් ගෑනු කෙනා කවුද? එයා කමාලාට සම්බන්ධයක් තියෙනවද? ඇයි එයාව බෑන්ගල් එකේ පෙන්නන්නේ? සහ වඩාත්ම වැදගත් ප්‍රශ්නය: එයා මිතුරෙක්ද? නැත්නම් සතුරෙක්ද? මේවට උත්තර හොයාගන්න නම් ඉතින් අද එපිසෝඩ් එක බලන්නම වෙනවා.

ඊට කලින් මට කලින් ලිපි දෙකේදීම කියන්න බැරි වුණු දෙයක් කියන්න කැමතියි. අපි දැක්කනේ Moon Knight එකේ Marvel එක විවිධ QR code හංගලා තිබුණු විදිය. ඒවා scan කරාම අපිව යොමු වුණානේ Marvelලගේ නිල වෙබ් අඩවියේ තියෙන Moon Knight ගේ විවිධ කොමික් issues වලට. හොඳයි, මාවල් එක මේක සම්ප්‍රදායක් විදියට කරගෙන යන්න හදන බවක් තමයි පේන්නේ. මොකද මේකෙත් එහෙම තියෙනවා.

Episode One: “Generation Why”

ඉතින් පළවෙනි එපිසෝඩ් එකේ QR කොඩ් එක අපට හම්බවෙන්නේ කමාලා බෲනෝගේ කඩේදී එයත් එක්ක ඇවෙන්ජර්කොන් එකට යන්න එයාගේ ඇඳුම ගැන කතා කර කර ඉන්න වෙලාවෙදී.

ඉතින් මේ QR කෝඩ් එක ස්කෑන් කරාම යන්නේ 2014 දී කමාලට ලැබුණු Ms. Marvel සෝලෝ කොමික් run එකේ පළවෙනි issue එකට. මේකෙදී තමයි අපට එයාගේ ඔරිජින් එක බලාගන්න පුළුවන් වෙන්නේ. එයාගේ ඔරිජින් එපිසෝඩ් එකට එයාගේ ඔරිජින් කොමික් එක ඇර වෙන මොකක් දාන්නද?

මෙන්න මේක තමයි කොමික් එක. ඉතින් ඔයාලට කැමති නම් මේ code එක ස්කෑන් කරලා ගිහිල්ලා ඒක කියවලා බලන්න.

Episode Two: “Crushed”

දෙවෙනි එපිසෝඩ් එකේ QR කෝඩ් එක හම්බවෙන්නේ එපිසෝඩ් එක මුලදීම වගේ. මේක නම් හොයාගන්න ටිකක් අමාරු වෙයි, මොකද කිව්වොත් මේක තියෙන්නේ එපිසෝඩ් එකේ එච්චර මතක හිටින සීන් එකක නෙමෙයි. ඒක තියෙන්නේ බෲනෝ සහ කමාලා ඉස්කෝලෙට ඇතුළු වෙන තැන.

ඉතින් මේ QR කෝඩ් එක ස්කෑන් කළාම යන්නේ 2014 Ms. Marvel run එකේ (මේ run එක තමයි මිස් මාවල්ගේ පළවෙනි කොමික් run එක) 15 වෙනි issue එකට. මේකෙදී තමයි කමාලාට පළවෙනියටම බෲනෝව හමුවෙන්නේ. එපිසෝඩ් එකේ වගේම මේ issue එකෙත් කමාලාට කම්රාන්ට කැමැත්තක් ඇති වෙනවා. කොමික්වලදී නම් කම්රාන් කියන්නෙත් කමාලා වගේම inhuman ජාන තියෙන Inhumans ලගෙන් පැවත එන කෙනෙක්. ඉතින් ඔයාලට කැමති නම් මේකත් කියවලා බලන්න පුළුවන්.

එහෙනම් අදට කියන්න තියෙන්නේ මෙච්චරයි. අද එපිසෝඩ් එක ගැන මොනවත්ම කියන්න යන්නේ නෑ මොකද අද එපිසෝඩ් එක නම් බලන්නම වටින එපිසෝඩ් එකක්. එහෙනම් අපි ආපහු මුණ ගැහෙන්නේ හතරවෙනි එපිසෝඩ් එකෙන්. පීස් ✌️

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

7,311 downloadsDownload Ms.-Marvel-S01-E03.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

7,311 downloadsDownload Subtitles25 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. sahangayantha

    thanks a lot saho sub ekata

  3. kavinda gamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට

  4. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  5. Anonymous

    Thanks sub ekata

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. Sameera

    Thank you Brother

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  10. Mohomed Ismath

    මචං සබ් එකේ Mosque කියන එකට මක්කම කියලා දාලා තියෙන්නෙ.ඒකට පල්ලිය කියන එකයි එන්න ඕන.මක්කම කියලා පාවිච්චි කරන්නෙ සවුදියේ තියන ප්‍රධාන දේවස්ථානයට විතරයි.

    1. Sanupa Ranmeth

      සමාවෙන්න සහෝ වැරැද්දට. ඉදිරි එපිසෝඩ්වලදී ඒ වැරැද්ද වෙන එකක් නෑ. ඒවගේම ස්තුතියි වැරැද්ද පෙන්නලා දුන්නට.

    2. Nirmal

      bn season 4 subtitle dapnko eka awillane ay subtitle parakku

  11. lakshan

    thanks ..................

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. Dewadithya

    Thanks for sub!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. THISANGA

    Ptta. digatama krgena ynna
    ජය වේවා!
    ස්තූතියි

  16. Ravindra

    Thanks