පහුගිය කොටසෙදි ඩැනීට හැකි වෙනව ඇනී ග්‍රීන්ගේ ෆෝන් එක ට්‍රැක් කරලා ඇනී ග්‍රීන් ඝාතනයට සැක කරන අභිරහස් මනුස්සයාව අත්අඩංගුවට ගන්න. මාකුයි එයාගේ තාත්තා ඇලනුයි පොලිස් ස්ටේෂන් එකට යනවා ෆොටෝ කිහිපයක් බලලා ඇත්තටම මේ ජෙසීද කියලා හොයාගන්න. එයාලා ෆොටෝ දැක්ම ඒ ඉන්නේ ජෙසී නෙමෙයි කියලා කියනවා. කොහොම නමුත් මාක් එ…

පහුගිය කොටසෙදි ඩැනීට හැකි වෙනව ඇනී ග්‍රීන්ගේ ෆෝන් එක ට්‍රැක් කරලා ඇනී ග්‍රීන් ඝාතනයට සැක කරන අභිරහස් මනුස්සයාව අත්අඩංගුවට ගන්න. මාකුයි එයාගේ තාත්තා ඇලනුයි පොලිස් ස්ටේෂන් එකට යනවා ෆොටෝ කිහිපයක් බලලා ඇත්තටම මේ ජෙසීද කියලා හොයාගන්න. එයාලා ෆොටෝ දැක්ම ඒ ඉන්නේ ජෙසී නෙමෙයි කියලා කියනවා. කොහොම නමුත් මාක් එයාගේ ෆෝන් එක අරගෙන හොරාට ඩැනීගේ මේසේ තිබුණු ඇනී ග්‍රීන්ගේ මෝචරි පින්තූරයේ ෆොටෝ එකක් ගහගන්නවා. ඉතින් මාකුයි ස්ලේඩුයි මේ ෆොටෝ එක පාවිච්චි කරලා තොරතුරක් හොයාගන්න උත්සයක යෙදෙනවා අපිට බලාගන්න පුලුවන් වුණා. ස්ලේඩ්ගේ කඳවුරේ ළමයෙක් කියනවා මේ මැරුණ කෙනා ඇත්තටම ඇනී ග්‍රීන් නෙමෙයි, එයාගේ ඇත්ත නම සෙලීනා කැලොවේ කියන තොරතුරු තාක්ෂණ උපදේශිකාව කියලා.
මේ අතරේ ජෝ හෑන්ලි කියන නමින් පෙනී හිටිය අපේ අභිරහස් හාදයාට හැකි වෙනවා ෆෝන් එක හොරකම් කරපු දේට අමතරව ඔහුට විරුද්ධ චෝදනා නැති නිසා ඩැනීගේ අත්අඩංගුවෙන් ගැලවිලා යන්න. අවුරුදු කීපයක් අතුරුදන් වෙලා හිටිය ජෙමා එයාගේ දෙමාපියො ළඟට ආපහු යනවා, ඒ වගේම එයා පෲට විස්තර ටිකක් කියනවා ගෑණු ළමයින්ව හිර කරගෙන හිටපු තැන ගැන. ඩැනී සහ ඇලී ඒ තැන හොයාගෙන යනවා. එයාල යන්නේ සංගීත නිෂ්පාදකයෙක් වෙන ජේ නිව්මන්ගෙ නිවසටයි. ජේ එයාලට ඇතුළට එන්න කියනවා. හැබැයි මේ නිව්මන්කාරයාගේ රෙකෝඩින් ස්ටුඩියො එකේ ශබ්ධය පිටතට ඇහෙන්නෙ නැති කාමරේක කෙල්ලො ටික හිර කරගෙන ඉන්නවා කියලා හොයාගන්න ලැබෙන්නෙ නෑ මේ වෙලාවෙ ඩැනීලට.
හැබැයි ජේ නිව්මන් ගැන ඩැනීට සැක හිතෙනවා. මොකද නිව්මන් රෑට රෑට බල්ලෙක් එක්ක ඇවිදින කතාවක් අසල්වැසි කාන්තාවක් කිව්වත් බල්ලෙකුගෙ කිසිම හඬක්වත්කු ලකුණක්වත් ඒ ගෙදර තිබුණෙ නැති නිසා. ඩැනීට එතකොටම මීටර් වෙනවා ජෙමාගේ බෙල්ලෙ කරපටියක් ගැටගැහුවා කියලා ජෙමා කිව්ව කතාව.
ඉතින් ඔයාලට ගොඩක් ප්‍රශ්ණ ඇති මේ වෙද්දි මේ කතාව ගැන. ඔයාලට මේ කොටස බලලා ඒ සමහර ප්‍රශ්ණවලට උත්තර දැනගන්න! ඊළඟ කොටසත් ඉක්මනින්ම ලැබේවි කියලා පොරොන්දු වෙන ගමන් අදට මම සමුගන්නවා…
තවත් උපසිරසකින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
2,008 downloadsDownload The-Five-2016-E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
6 comments
sachintha
Kushan
Sub akta thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
ane mage deyyo anith kotas 2 katath ikmanata sub eka denawada? Balan inda baaaaaa
Ruwan Mahagama
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Five (2016) [E03] Sinhala Subtitles | තව කවුද ඒ දවස ගැන බොරු කියන්නේ? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/02/The-Five-2016-1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ..
The Boys tv series එකටත් හැකි නම් සබ් දෙන්න...