නන්දිනීට කොයම්බතූර්වලදි හැදුනෙ නැති වලිප්පුව ගමට ආවට පස්සෙ ආයෙමත් හැදුනා. නන්දිනී ඒ සඳහා මානසික වෛද්‍යවරයෙක් යටතේ ප්‍රතිකාර ලබමින් ඉන්නෙ. යාන්තම් අවුරුදු 15ක් වූ නිලාව බොහෝ කලක සිට අපයෝජනයට ලක් කර තිබෙනවා. නිලාගේ ගැබේ සිටි දරුවා අදිසයම්ගේ නොවන බවටද වාර්තාවේ සටහන් වුණා. මේ වෙද්දි සක්කරෛගේ සැකය ත්‍රි…

නන්දිනීට කොයම්බතූර්වලදි හැදුනෙ නැති වලිප්පුව ගමට ආවට පස්සෙ ආයෙමත් හැදුනා. නන්දිනී ඒ සඳහා මානසික වෛද්‍යවරයෙක් යටතේ ප්‍රතිකාර ලබමින් ඉන්නෙ. යාන්තම් අවුරුදු 15ක් වූ නිලාව බොහෝ කලක සිට අපයෝජනයට ලක් කර තිබෙනවා. නිලාගේ ගැබේ සිටි දරුවා අදිසයම්ගේ නොවන බවටද වාර්තාවේ සටහන් වුණා. මේ වෙද්දි සක්කරෛගේ සැකය ත්‍රිලොක් වෙත එල්ල වෙලා තිබුණ. ත්‍රිලොක්ව ගැන සෝදිසි කරමින් යන අතරේ ත්‍රිලොක් “Doctar Devil” නමින් ගිණුමක් සාදාගෙන නිලාගේ රහසිගත වට්ස්’අප් සමූහයේ, ගමේ මිත්‍යා මතවාද පිළිබඳව විස්තර ලබා දුන් බව සොයාගත්තා. ත්‍රිලොක් කෝ-කෝ ක්‍රීඩා කණ්ඩායමේ හිමිකරු වූ අතර බාලිකා විද්‍යාලයේ සිසුවියන් සමඟ ඕනෑවටත් වඩා සමීප ලෙසින් ආශ්‍රය කලා. සිසුවියන් ත්‍රිලොක් ගැන කිසිම සැකයකින් තොරව ඉතාමත් ආදරණීය චරිතයක් විදිහටයි ඔහුව සැළකුවේ.
ත්‍රිලොක්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීමෙන් දරුවන් දෙදෙනාට සිදුවූ අසාධාරණය දරා ගත නොහැකි සක්කරෛ රෙජීනාට හා ශන්මුගම්ට ත්‍රිලොක් පිළිබඳව දන්වනවා. රෙජීනා හා ශන්මුගම් මඟ රැක බලා සිට ත්‍රිලොක්ට පහර දෙනවා. මාරාන්තික ලෙස පහර දී ඔහුව මරා දමන්නට ඔවුන් සූදානම් වුණා. පසුව සක්කරෛ විසින් ත්‍රිලොක් නිවරදි කරුවෙක් බව සොයාගැනීමෙන් ත්‍රිලොක්ව ඝාතනය කිරීමේ වෑයමින් වලක්වා ගනු ලබනවා. මරණාසන්නව තුවාල ලැබූ ත්‍රිලෝක් ජීවිතය වෙනුවෙන් සටන් කරමින්ද, මුකේෂ් වඩ්ඩේ ෆැක්ටරියේ වන්ධිය කිසිම අවහිරයකින් තොරව ලැබෙන තුරුත්, රෙජීනා හා ශන්මුගම් තමන්ගේ දරුවන්ගේ සැබෑම මිනීමරුවා කවුදැයි හොයමින්, සක්කරෛ අවුල් ජාලාවක් වූ මේ මිනීමැරුම්වල කෙළවරක් දකිනා තුරුද බලා සිටියි. අද මයාන කොල්ලයි 9 වැනි දවස හෙවත් අවසාන දවස…
මෙම කතා මාලාවේ රචකයන් සහ නිර්මාපකයන් වන පුෂ්කර් සහ ගයත්‍රි යුගලය.
සිනමා විචාරකයින්, ප්‍රේක්ෂකයින්, නළු නිළියන්, අධ්‍යක්ෂකවරුන්ගෙන් මේ කතා මාලාවට යහපත් ප්‍රතිචාර ලැබුණා වගේම ඒ ආකාරයට වෙබ් සීරීස් එකකට විශාල වශයෙන් ප්‍රතිචාර ලැබෙන්නෙ කලාතුරකින්. අප හොඳින් දන්නා රාජමෞලි, දනුෂ්, අනිරුද්, ලෝකේෂ් කනගරාජ්, මාදවන්(මැඩී) ආදී සිනමාවේ ප්‍රබලයන් විසින්ද මේ මාලා නාටකයට ප්‍රසංසා එක් කර තිබුණා. ඉන් ප්‍රතිචාර කිහිපයක් පහතින් දක්වනවා.
ඒ වගේම විවිධ විචාරක පුවත්පත් ආදීන්ගෙන් මේ වෙබ් සීරීස් එකට මේ විදිහට ප්‍රතිචාර ලැබී තිබුණා.

ජනප්‍රියත්වයත් එක්කම මෙහි නළු නිළියන් වන කදිර් සහ ශ්‍රියා රෙඩ්ඩි ට්විට්ටර් ගිණුම්වල නම් සක්කරෛ සහ රෙජිනා තෝමස් ලෙස කතාවේ චරිත වල නම් වලට මාරු කරගෙන තිබුණා. බොහෝ අය හැඳින්වූයේ මෙය සක්කරෛ සහ ඉන්ස්පැක්ටර් රෙජීනාගේ ක්‍රියාදාමයක් ලෙසටයි. මේ කොටසින් නිමා වන මේ කතාවේ තවත් සීසන් එකක් ඒවිද කියලා දන්නෙ නැති වුණත් කතාව නිමා වෙන්න කලින් වගේම මීට කලින් කොටස් වලදී ඉඟි කිහිපයක් ලබා දෙනවා.
මනඃකල්පිත ගමක් වූ සාම්බලූර් නම් පුංචි ගමක් වටා සිදුවන සිදුවීම් මාලාවක් රැගත් කොටස් 8කින් යුත් මේ කතා මාලාවට ඔෂධ අයියා, දහරා අක්කා සහ මම බයිස්කෝප් කණ්ඩායම් උපසිරැසි ගැන්වීමක් විදියට උපසිරැසි ගෙන ආවා. තවත් මෙවැනි ඉදිරියේදී පැමිණෙන වෙබ් සීරීස් නිර්මාණ වලටත් මඟ නොහැර ඔබට සිංහල උපසිරැසි ලබා දෙනවා. ඉතින් ඔබේ වටිනා අදහස කමෙන්ට් එකකින් ලබා දෙන්න කියලත් කාරුණිකව ඉල්ලා සිටිනවා.
බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,557 downloadsDownload SuzhalS01E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
42 comments
Aloka
Shan
වැඩකට තියේද නැත්ද කියන එක බලලා තීරණය කරපන්,උබ අකමැති ඒව දෙනකොට ඔහොම ගොන් කමෙන්ට් නොකර..
Doctor strange අලුත් එකනම් තාම බැලුවේ නෑ හැබැයි ඊට කලින් ආපු ඔයාගේ මාවල් යුනිවර්ස් එකේ Shang-chi එකනම් වැඩකට නැති මගුලක්ම තමයි,හරියට නිකන් ලංකාවේ ගහපු කාටුන් එකක් වගේAnonymous
පිස්සෙක් වගේ කමෙන්ට් කරන්නෙපා බන්. කතාව බලපම්, උඹට උඹේ කමෙන්ට් එක ගැනම ලැජ්ජ හිතෙයි. අනිවා උඹ නම් පිය හමට රැවටෙන ඇට නම ලක්සෙම එකෙක් ෂුවර්.
Sachindu
Nikan boruwata ka gahannepa bn. Tikak series 1 balapan. Uba nm pena විදියට English osthar wennathi . English witharak newei oi film series thiyenne.
Naveen Mbr
ලොක්කා ඔයා ඉංග්‍රීසි සීරීස් වල රසිකයෙක්. මේ සයිට් එකට එන හැමෝම ඔයා වගේ නෙවෙයි. සමහරු වෙනසක් නැතිව ක්‍රයිම් ත්‍රිලර් වෙබ් සීරීස් කැමැත්තෙන් බලනවා. තවත් අය ඉන්දියන් ෆිල්ම්, වෙබ් සීරීස් එහෙම බලන්න කැමතියි. මේක ලෙහෙසි පහසු සීරීස් එකක් නෙවෙයි කියලා ඔයා ලිපි කියෙව්වා නම් දකීවී. අනික ඉංග්‍රීසි චිත්‍රපටි වලට සබ් කරන අය මේ සීරීස් එකට සබ් කරලා නැහැ. බහුතරයක් විදිහට ඉන්දියන් නිර්මාණ වලට උපසිරැසි කරන අය තමයි මේ සීරීස් එකට සබ් කරලා තියෙන්නෙ. ඔයාට ඒ කිව්ව ෆිල්ම් එකට සබ් එක දෙන්න පරක්කු වුණ එක ගැන මෙතන කියන්න පුළුවන්. ඒත් ඒවට සබ් දුන්නෙ නැහැ කියලා අපි වැඩකට නැති මගුල් වලට සබ් කරනවාය කියලා අපිට චෝදනා කරන්න බැහැ. ස්තූතියි! :-)
Tharindu
දැන්වත් සම්පූර්ණ සීරීස් එකම තියෙන කොපියට ගැලපෙන සබ් එකක් දෙනවද??
ඒ කොපිය ඩවුන්ලෝඩ් කරන්න දීලා සබ් ඔහොම දුන්නම හරිද??
කීදෙනක් ඒ කොපිය ඩවුන්ලෝඩ් කරන්න ඇත්ද??Anonymous
පිස්සෙක් වගේ හැම එපියෙම නටන්නෙ නැතුව ටැමිල් එම් වී වගේ සයිට් වල තියෙන කොපියක් බාලා බලපන් බන් බොරුවට ඇඩ් එකක් නොවී. ඩවුන්ලෝඩ්ස් සයිට් එකේම ඩිරෙක්‍ට් ලින්ක් තියෙනවා. ඒවා ගත්තද? එක්කො උඹට අවධානයද ඕන කියපන්. දීලා දාන්නම් හිඟන්නට.
Sachindu
නිකන් hama episode ekema ekama wikare kiyan walalenna epa bn. Anika waradda ubeneth.
Tharindu
උන් වැරදි ලින්ක් දීලා වැරදි කොපි ඩවුන්ලෝඩ් කරන්න දුන්නම වැරද්ද මගේද?
අනේ පලයන් ගොනෝ යන්න
අනික මගේ කමෙන්ට් එකට වැලලෙන්නේ නැතුව සීරීස් එක බැලුවනම් අඩුතරමේ සබ් දීපු අයට තෑන්ක්ස් කියලවත් පලයන් සක්කිලි වගේ හොරාට සබ් උස්සන් යන්නේ නැතුව..
මට තියෙන්නේ හොද සීරීස් එකක් බලන්න බැරිවෙච්ච එක ගැන කනගාටුවක් ඒකයි කිව්වේ දැන්වත් සම්පූර්ණ කොපියම තියෙන එකකට සබ් අප්ඩේට් කරන්න කියලා මොකද 2.5 GB කියන්නේ උබලට ගානක් නැතිවුනාට මට නම් එහෙම නෑ
අදාල නැති වට පරයන් ට්‍රිගර් වුනාට මට කරන්න දෙයක් නෑNaveen Mbr
මේක ටිකක් සැර වෙයි සමාවෙන්න. සහෝදරයා ඔයා දන්නවා නේද සාමාන්‍යයෙන් වෙබ් සීරීස් එකක එපියක් පැයකට අඩුයි කියලා.
Naveen Mbr
ඒකේ එපි 8ක් නැහැ නේද? එක ෆයිල් එකයි නේද තියෙන්නෙ? තනි පිටපත් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න Baiscopedownloads වල ඔප්ෂන් කීපයක්ම තියෙනවා ඔයා දකින්න ඇති.
Naveen Mbr
එයාලා දැම්ම ටොරෙන්ට් එකේ මේ අවුල තියෙන්නෙ ඇති. 1tamilmv, tamilblasters වල තියෙන ටොරෙන්ට් ෆයිල් වලට මේ උපසිරැසි හැදුවේ. ඒ වගේම ඒ ටොරෙන්ට් වල එපි අටක් විදිහට වෙනම තියෙන්නෙ.
Naveen Mbr
අපි උපසිරැසි නිකුත් කරන්නේ ටොරෙන්ට් හරි ලින්ක් එක හරි වැඩ කරන පිටපත් වලට විතරයි. Baiscopedownloads එක මේ උපසිරැසියට අදාල වීඩියෝ අප්ලෝඩ් කරලා ලින්ක් දෙන්න බැඳිලා නැහැ. Baiscopedownloads අය කරන්නේ ඔයාලා වෙන සයිට් වලට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න ගිහින් වෙන එකට පිළියමක්. අපි උපසිරැසි ගහන කොපියට ආදාල ටොරෙන්ට්, ලින්ක් වලට ගැලපෙන ෆයිල් තමයි එයාලා දාන්නෙ. ඔයාගේ නොසැලකිල්ල තමයි ඔයාගේ ඩේටා නාස්තියට හේතුව.ස්තූතියි! :-)
Naveen Mbr
පැයකට අඩු වෙබ් සීරීස් එකක එක එපියක් 2.4ක් වෙන්නෙ නැහැ නේද?
Tharindu
කොහොමද බන් උබ සබ් කරන්නේ සිංහලෙන් කියන එක තේරුම්ගන්න බැරුව?
බොරු කියන්න එපා මෙතන උබලා මුල් එපිසෝඩ් 4ම ඩවුන්ලෝඩ් ලින්ක් වල උඩින්ම තිබුනේ මං ඩවුන්ලෝඩ් කරපු 1337x එකේ ලින්ක් එක,2.4 GB කොපියක් තමයි දීලා තිබුනේ එක එපියක් නෙවෙයි ගොනෝ එපි 8ම එකට තියෙන සම්පූර්ණ කොපියක් ඒක....
දැන් උබලා ඒ ලින්ක් එකත් අයින් කරලා...වැරද්ද කරා නම් බාරගනින් බොරු කියන්නේ නැතුව...තාමත් තෙරුනේ නැත්නම් ආපහු අහගනින් "උබලයි ඩවුන්ලෝඩ් සයිට් එකේ මේ සීරිස් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් කිහිපයක් දීලා තිබුනා එතනින් උඩින්ම තිබුනේ සම්පූර්ණ කොපියම ඩවුන්ලෝඩ් කරගන්න දීපු ලින්ක් එක අනිත් ඒවා තිබුනේ වෙන වෙනම එපි ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් මම ඩවුන්ලෝඩ් කරේ උඩින්ම දීපු ලින්ක් එක එකේ තිබුනේ මන් කලිනුත් කියපු 1337x එකේ ලින්ක් එක,ඒ කොපිය තමයි වැරදි කොපිය"Naveen Mbr
ඔයා කොච්චර කෑ ගැහුවත් සබ් හදන අපේයි වීඩියෝ ලින්ක් දාන එයාලගෙයි කිසි සම්බන්ධයක් නැහැ. අක්ෂි විශේෂඥයෙක් හම්බවෙලා ඇස් බලව ගත්තා නම් හොඳයි. අපි නම් සාමාන්‍යයෙන් ටොරෙන්ට් එකේ කන්ටෙන්ට් එක බලනවා ඩවුන්ලෝඩ් කරද්දි. පලවෙනි එපියෙ සබ් එක චෙක් කලත් Duration එක පැයක් වගේ තියෙන්නෙ කියලා පේනවා නේද? ඔයාට සිද්ද වුණ දේ ගැන කණගාටුයි. ඒත් උපසිරැසි හදන අපි ඔයාගේ ගැටලුවට කිසිම සම්බන්ධයක් නැහැ. ස්තූතියි! :-)
Tharindu
හරි බන් දැන් ඇති මේ ගැන කතාකරා හැබැයි මචන් උබලගෙයි ලින්ක් දෙන අයගෙයි සම්බන්දයක් නැතෙයි කියලා ගැලවෙන එකනම් සයිට් එකටත් එක්ක කරන අවමානයක් මොකද බයිස්කෝප් කියන්නේ තවමත් අංක එකේ උපසිරසි දෙන සයිට් එක නිසා,ඒනිසා මීටපස්සෙවත් මන් වගේ අනිත් අයත් අමාරුවේ නොවැටෙන්න ඒ ලබදෙන ඩවුන්ලෝඩ් ලින්ක් ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා ඇඩ්මින්වරුන්ගෙන් ඉල්ලනවා
Naveen Mbr
ගැලවෙන්න දෙයක් නැහැ සහෝ මෙතන. එයාලා ටොරෙන්ට් එක දැම්මා.ඔයාට මොකද වුණේ? 2.4GB ඩවුන්ලෝඩ් වෙනකල්ම දන්නෙ නැද්ද? ඔයා අවදානය දිනාගන්න කමෙන්ට් දානවා වගෙයි පේන්නෙ. මේ සීරීස් එකේ එපි 6-7 කටම වගේ ඔයා ඕක කියලා මැසේජ් දාලා තිබුණා. වීඩියෝ එක නාස්තියක් නොවෙන්න ට්‍රිම් කරගෙන වත් බලන්න. ඔයා ඔයාගේ වැරැද්ද පිළිගන්න ඕනේ.
Sachindu
Kauda sakkili. Mama ගත්තු hama subtitle 1tama mma tthanking comment 1k දීලා yanne. Sakkili කියන්නේ 2.5GB කට මැරෙන්න හදන uba wage unta. . Anika gaththu anik දේවල් walata hari salakala kata wahan idahan
Shan
සබ් දීපු ඔක්කොටම තෑන්ක්ස්
ඉදිරියටත් මෙවැනිම සීරීස් ලබාදෙන්න හැකියාව , කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාSachindu
Ane series eke sub 8tama godaak ස්තුතියි set ekatama. Good luck ❤️❤️❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Naveen Mbr
අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි!
nimesh
episode 9 th ikmnata onee
No name
Umbrella academy season 3 ekatath sub dennako
Tharindu
Naveen Mbr ඇයි බන් ආපහු මේක දික්ගස්සන්නේ මන් මේක දැන් ඉවරකරානෙ උබ නිකන් චීත්තයක් වගේනේ
මෙතන අවදානෙ අරගත්තම මට මොකද්ද ලැබෙන්නේ කියපන් , නිකන් මෝඩ කතා කියලා සයිට් එකත් එක්ක හෑල්ලු කරන්න එපා උබ උපසිරසිකරුවෙක්නේ..
අනික උබ කියන්නෙත් හෙන බොරුමයි එපි 6-7 කට කමෙන්ට් දැම්මේ නෑ බන් එපි 4කටයි දැම්මේ මොකද වෙනස් අය සබ් කරපු නිසා එක්කෙනෙක් හරි සාදාරන රිප්ලයි එකක් දායි කියලා ..
උබල නොසැලකිල්ලෙන් දීපු වැරදි ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන අමාරුවේ වැටුනු මමම දැන් වැරද්දත් පිලිගන්න ඕනලු,යකාගේ කතාවක්නේ ඒක..
ටොරෙන්ට් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මම උබ හිතුවද ඒක ඩවුන්ලෝඩ් වෙනකන්ම ටොරෙන්ට් එක දිහා බලන් ඉන්න්වයි කියලා,අනික උබලා වගේ ඔය ලින්ක් වල ඔක්කොම සීන් අපි දන්නේ නෑ උබල දෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන් බලන එක අපි කරන්නේ මොකද බයිස්කෝප් එකට තියෙන විස්වාසය නිසා...
මන් මුල් එපි 4ත් කමෙන්ට් දාලා බලාපොරොත්තු වුනේ මන් ඩවුන්ලෝඩ් කරපු සම්පූර්ණ කොපියටත් ගැලපෙන සබ් එකක් අප්ඩේට් කරන්න කියන එක නැතුව වෙන ඉටිමගුලක් නෙවෙයි...
දැන්නම් ඇති හොදටම මේ කතාව උබ ඕනනම් තව කමෙන්ට් කරකර මට බැනපන් අවුලක් නෑ මන් නම් කමෙන්ට් කරන්නේ නෑ ආපහු...
පුලුවන්නම් මනුස්සකමක් තියේනම් අර උබ කියපු ට්‍රිම් කරගෙන බලන්න කියපු විදිය පොඩ්ඩක් කියපන් මන් දන්නේ නෑ එහෙම එකක්(මන් ඩවුන්ලෝඩ් කරපු කොපියෙන් බලන්න පුලුවන් පලවෙනි එපිය විතරයි ඒක ඉවරවෙලා දෙවෙනි එපියට දෙවෙනි සබ් එක දැම්මත් ඒක වැටෙන්නෙත් පලමු එපියේ වීඩියෝ එකටමයි)Naveen Mbr
ඔයාගේ ගැටලුවට උඋපසිරැසිකරුවන් විදිහට අපේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒකට ඔයාම පිළියමක් හොයාගන්න. වෙන කියන්න දෙයක් නැහැ. ස්තූතියි!
nimesh
episode 9 th ikmnata onee
Naveen Mbr
කොටස් 9ක් නැහැ සහෝ.
Sachindu
Bro
අද ආපු "Anya's tutorial" series එකටත් sub ටික හෙමින් සැරේ දෙන්න බලන්න හොදේ ❤️❤️Good luck
Kushan
Sub akta thanks
BeMax
Blindspot s5 denna berida bro
Sachindu
අද ආපු "Anya's tutorial" series එකටත් sub ටික හෙමින් සැරේ දෙන්න බලන්න හොදේ ❤️❤️
Good luck ❤️
Nisa
Sub akata thkzz
Hasitha
සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!
Naveen
උපසිරසිවලට තුති
Anonymous
Thank u very much
අද episode 8 ම බැලුව
සුපිරිය්ක්
Thanks again for the subtitlesSanjeewa2010
Pattaaaaaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindra
Thanks sub ekata
Heshan
Season 2 eketh sub ek dennako bro. plzz
Roshan
ස්තුති සබ් එකට
Advertisement



මෙ වගෙ වැඩකට නැති මගුල් වලට සබ් නොකර වැඩකට ඇති දෙකට සබ් කරපල්ලකො. බයිස්කෝප් සයිට් එකේ ඒ කාලෙ තිබ්බ ගැම්ම දැන් නෑ. මාවල් යුනිවර්ස් එකෙ ලොකුම ෆිල්ම් එකක් රිලිස් වෙලා ගොඩක් කල් වෙන සයිට් වල සබ් යනව මේකෙ නෑ. ඒ වෙනුවට මේ වගෙ කාටවත් ගානක් නැති ඒවට සබ් කරනවා. මෙහෙම කියන්නෙ උබල එක්ක තරහකට නෙවෙයි. දුකයි මේ සයිට් එකට මෙහෙම වෙන එකට.