ඉතින් විදුලි අර්බුදය මැද්දේ ටිකක් අමාරුවෙන් හරි මේ අරගෙන එන්නේ Ms. Marvel එකේ පස්වෙනි එපිසෝඩ් එක. ඉතින් මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Time and Again” කියලා. පසුගිය කොටසින් කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ කමාලාට කාරාචිවලදී වෙන දේවල්. අපි දැක්කනේ මිස් මාවල් කොමික්වල ඉන්න තවත් චරිතයක් වුණු රෙඩ් ඩැග…

ඉතින් විදුලි අර්බුදය මැද්දේ ටිකක් අමාරුවෙන් හරි මේ අරගෙන එන්නේ Ms. Marvel එකේ පස්වෙනි එපිසෝඩ් එක. ඉතින් මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Time and Again” කියලා.
පසුගිය කොටසින්
කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කනේ කමාලාට කාරාචිවලදී වෙන දේවල්. අපි දැක්කනේ මිස් මාවල් කොමික්වල ඉන්න තවත් චරිතයක් වුණු රෙඩ් ඩැගර්ස්ලට අපිව හඳුන්වලා දෙනවා. ඒවගේම ඒක අපට හඳුන්වලා දුන්නා ක්ලැන්ඩෙස්ටයින්ස්ලාගේ නිවහන අපේ මානය සමඟම පවතින විදියත්, ඒ දෙක වෙන් කරන ‘තිරය’ට හානි වුණොත් වෙන්න පුළුවන් භයානක අතුරුප්‍රතිඵලත්. ඒවගේම අපි දැක්කා නජ්මා ඇතුළු ක්ලැන්ඩෙස්ටයින්ස්ලා DODC එකෙන් බේරිලා කමාලා හොයාගෙන එන විදියත්, කමාලාව ආරක්ෂා කරපු වලීඩ් ව මරන විදියත්. එපිසෝඩ් එක අවසන් වුණේ සටන අතරතුරේදී නජ්මා අතින් බෑන්ගල් එකට පිහියෙන් ඇනලා කමාලාව 1942 ‘බෙදීම’ට ගෙනිහිල්ලා cliffhanger එකකින් නේ. ඉතින් මේ එපිසෝඩ් එකේ අපට බලාගන්න පුළුවන් ‘බෙදීම’ සහ මේ කතා මාලාව අතර ඇති සම්බන්ධය.
රෙඩ් ඩැගර් (Red Dagger)
කරීම් හෙවත් Red Dagger කියන්නේ කොමික්වලදී නම් කමාලාගේ තවත් සුපිරිවීර යහළුවෙක්. වෙනසකට තියෙන්නේ මෙයා mutant කෙනෙක්වත්, සුපිරි බලයන් ලැබුනු කෙනෙක්වත් නොවුණු එකයි. එයා නිකම් රතු පාට රෙද්දකින් මූණ ආවරණය කරගෙන පිහි වීසි කරන හාදයෙක්. කොමික්වලදී නම් කමාලා සහ රෙඩ් ඩැගර් අතර ආදර සම්බන්ධයකුත් තියෙනවා. කොහොම වුණත් Ms. Marvel එක ඒක අතහැරලා යන බව තමා පේන්න තියෙන්නේ.
මෙයාගේ කොමික් ඉතිහාසය ගැන කියනවා නම් මෙයාව මුලින්ම අපට හඳුන්වා දුන්නේ 2015 Ms. Marvel #12 කොමික් එකේදී. ඒ කොමික් එකේදී කමාලා කරාචිවලට ගියාම තමයි මෙයාව හම්බවෙන්නේ. කරාචිවල මිනිස්සු මෙයාව සලකන්නේ එයාලගේ වීරයා විදියටයි.

මේ තියෙන්නේ එයා මුලින්ම කොමික්වල හඳුන්වාදෙන අවස්ථාව. ඔයාලට කැමති නම් හතරවෙනි එපිසෝඩ් එකේ තිබුණු QR කෝඩ් එක scan කරලා නොමිලේම මේ කොමික් එක කියවන්න අවස්ථාව තියෙනවා. ඒ QR code එක මතු වෙන්නේ කමාලා කරාචිවල සංචාරය කරමින් ඉන්න වෙලාවෙදී.

මේ QR code එක scan කරාම අපිව අරගෙන යනවා Red Dagger පළමු වරට හඳුන්වා දුන්නු කොමික් එකට. ඉතින් ඔයාලට කැමති නම් මේක කියවලා බලන්න පුළුවන්.

එහෙනම් අපි ඊළඟ සතියේ හමුවෙන්නේ මේ සීරීස් එකේ පළමු කතා සමයේ අවසාන එපිසෝඩ් එකෙන්. ඒක නම් පුළුවන් ඉක්මනින්ම, ඒ කියන්නේ බදාදාම අරගෙන එන්න මට පුළුවන් උපරිම වශයෙන් උත්සහ කරනවා කියලා පොරොන්දු වෙනවා. එහෙනම් අද එපිසෝඩ් එක බලන්න. පීස් ✌️.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
6,454 downloadsDownload Ms.-Marvel-S01-E05.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2022
- #Alysia Reiner
- #Anjali Bhimani
- #Iman Vellani
- #Laurel Marsden
- #Marvel
- #Marvel Cinematic Universe
- #Matt Lintz
- #MCU
- #Rish Shah
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Yasmeen Fletcher
- #Zenobia Shroff
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
16 comments
Gimhan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ravindra
Sub ekata thanks
sahangayantha
thanks a lot saho sub ekata
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Thnx sub ekta.. ️
Shevon
සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!lakshan
thanks ....................
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
THISANGA
me epiynn ptt
sub supiriyt thibb
ThanksMathew sheron
Thanks
Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ms. Marvel [S01 : E05] Sinhala Subtitles | ඉතිහාස කතාව… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/06/Ms.Marvel-2022.jpg)



Sub ekata තැන්ක්ස් sago