Watch Trailer

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 01] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක්.මේ පාර මම අතගැහුවේ කොරියන් කතාවකට.. ගොඩක් කල් ඉඳලා මේ වගේ කතාවකට සබ් කරන්න ආසාවක් තිබ්බා..අහල බැලුවම අසංක සහෝ කිව්වා මේක කරලා එවන්න කියලා..මේ කතාව ගැනනම් ඉතිං ලොකුවටම කියන්න ඕනෙත් නෑ.. මොකද මේක හඬ කවලා ටීවී ඒකෙත් ගියානේ.. ඒනිසා ගොඩක් අය මේක බලලත් ඇති.. හැබැයි ටීවී එකේ මේ කතාවේ සම්ප…

හැමෝටම සුභ දවසක්.මේ පාර මම අතගැහුවේ කොරියන් කතාවකට.. ගොඩක් කල් ඉඳලා මේ වගේ කතාවකට සබ් කරන්න ආසාවක් තිබ්බා..අහල බැලුවම අසංක සහෝ කිව්වා මේක කරලා එවන්න කියලා..මේ කතාව ගැනනම් ඉතිං ලොකුවටම කියන්න ඕනෙත් නෑ.. මොකද මේක හඬ කවලා ටීවී ඒකෙත් ගියානේ.. ඒනිසා ගොඩක් අය මේක බලලත් ඇති.. හැබැයි ටීවී එකේ මේ කතාවේ සම්පුර්ණ කොටස් පෙන්නුවේ නෑ…කොටසක් අවසානයේ යන පොඩි පොඩි වැදගත් කෑලි කපලා දාලා..ඉතිං මේ කතාව කලින් බලලා තියෙන අයටයි බලල නැති අයටයි දෙගොල්ලොන්ටම මම මේ කතාව බලන්න ආරාධනා කරනවා.

කතාවේ නම තමයි My Love From The Star. මේකට You Who Came from the Stars කියලත් කියනවා. මේක විකාශය වුනේ 2014 වර්ෂයේ. 10/9.6 වගේ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර අගයක් ලබාගන්න පුළුවන් වුන මේ කතාවට, සම්මාන ගණනාවක්ම වගේම, ටෙලි නාට්‍යකට ලබාගන්න පුළුවන් ඉහලම සම්මානය වන Baeksang Arts සම්මානයද ලබාගන්න පුළුවන් වෙනවා. ජෝසන් රජ කාලේ මේ ලෝකෙට එන පිටසක්වල ජීවියෙක්,ආපහු එයාගේ ලෝකෙට යන්න බැරුව මේ ලෝකේ අතරමංවෙනවා.අවුරුදු 400ක කාලයක් මෙයා නම් වෙනස් කර කර තමයි ජිවත් වෙන්නේ,වර්තමානයේදී දෝ මින් ජුන් කියලා විශ්වවිද්‍යාලයක මහාචාර්ය වරයෙක් විදිහට වැඩකරන මෙයාට දවසක් විදුලි සෝපානයේදී චෝන් සෝන්ග් යි කියන ජනප්‍රිය වගේම මුරණ්ඩු නිළිය මුණගැහෙනවා.චෝන් සෝන්ග් යි එයාගේ අලුත් ගෙදර පදිංචියට යන ගමන් තමයි මේ දෙන්නා මුණගැහෙන්නේ.

පළමු හමුවේදීම දෝ මින් ජුන්ට චෝන් සෝන්ග් යිව එපා වෙනවා,මොකද චෝන් සෝන්ග් යිගේ හැසිරීම නිසා, එයා හිතන්නේ දෝ මින් ජුන් එයාගේ පස්සෙන් එනවා කියලා.එහෙම හිතලා මෙයා දෝ මින් ජුන්ට අපහාස කරනවා.පස්සේ තමයි මෙයා දැනගන්නේ දෝ මින් ජුන් කියන්නේ එයාගේ අල්ලපු ගෙදර ඉන්න කෙනා කියලා.දෝ මින් ජුන් ජිවත් වෙන්නේ කිසිම පුද්ගලයෙක් සමඟ සම්භන්ධයක් තියා ගන්නේ නැති නිශ්ශබ්ධ ජිවිතයක්.හැබැයි චෝන් සෝන්ග් යිගේ ආගමනයත් එක්ක,මෙයාගේ නිස්කලංක ජිවතයට ආයුබෝවන් කියන්න සිද්ධ වෙනවා.දෝ මින් ජුන් පිටසක්වල ජීවියෙක් නිසා,එයාට මිනිස්සුන්ට නැති ගොඩාක් හැකියාවන් තියෙනවා.ඒවා මොනවද කියලා ඔයාලට කතාව බලද්දී දැනගන්න පුළුවන් වෙයි.මේ සමහර හැකියාවන් නිසා දෝ මින් ජුන් ගොඩාක් අපහසුතාවයකින් තමයි ඉන්නේ. හිතනවා කතාව කිව්වා ඇති කියලා.. පතරංග ජාතකේ වගේ දිග ලිපි ලියන්න මගේ කොහෙත්ම කැමැත්තක් නෑ. කතාව බලලා හොඳ නරක පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ආයෙත් මුණගැහෙනකම්,

හැමෝටම ජය…

You Who Came from the Stars on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

8,558 downloadsDownload You-Who-Came-From-the-Stars-E01.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අවන්ත ශශිත්

Subtitles

8,558 downloadsDownload Subtitles29 KB

20 comments

  1. පැතුම් ඉෂාර

    භ්ම්ම්! බලපු කතාවක් නම් තමයි කොභොම උනත් මේකනොබලපු අයට ඔයාගේ සබ් එක ලොකු සප් එකක් වේව්!...
    ෴ඡය!෴

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Chamu

    Godak lassana kathawak.thxxx sub ekata kalin balala thiyenawa a unata dan ethin aith balanwa.digatama sub denna

  4. Malinda

    MEKA LASSANA KATHAWAK. GODAK STHUTHIYI SUB EKATA. DIGATAMA KARAGENA YAMU.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Milshan

      Subtitles wada na poddak balann

  6. ඉසුරු

    thanks bro

  7. Madushani

    niyamai sub ekata thanks.. a wagema 'W'
    korean drama eke sub denna balannako

  8. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි.දැනට බලපු හොදම කොරියන් කතා වලින් එකක්.
    නොබලපු අයටයි බලපු අයටයි බලන්න උපසිරැසි කල එක වටිනවා.
    ජය වේවා!

    1. madushanrox

      Download karaganna link ekak kiyannako

  9. Sanindu Lakkitha

    ::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  10. Destiny

    e athmayedi api wen unath, pasupasama awa obe ruwa soya

  11. Kasun Lakshan

    Saho puluwan nam W (Two Worlds) 2016 sub dennako...ekata honda sub ekak enakan inne

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. Soori

    මම නම් මේ කතාව බලලා නැහැ. ටීවී ඒකෙන් කොරියානු කතා බැලෙන්නෙත් නැහැ. සිංහල උපසිරැසි ඔක්කොම බාගත්තා. බොහෝම ස්තුතියි අවන්ත ශශිත් සහෝ...!!!

    1. Thisara

      උපසිරසියට thanks ඈ

  14. Anonymous

    ( You.Who.Came.From.The.Stars.E01.720p.BluRay.x264-Pahe.in ) wada naaa

  15. Ashmitha

    Thank you so much for Sub

  16. Seya

    sub wada krnne nane
    poddk blnnko

  17. Anonymous

    Mekata galapena video copy ek gnne kohomada kiynnko plz