Watch Trailer

Narcos: Mexico [S01 : E01] Sinhala Subtitles | මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය යුද්ධය [සිංහල උපසිරැසි සමඟ] [18+]

නාකොස් කතා මාලාවේ වෙනස් පියවරකට තමයි අපි මේ අද ආරම්භයක් ගන්නේ. කලින් අපි කතා සම තුනක් වෙනස් වෙනස් විදිහකට රස වින්දා කොලොම්බියාව මූලික කරගෙන. හැමෝටම මතක ඇතිනේ පැබ්ලෝ එස්කොබාර් සහ ඔහු ගොඩ නගපු මත්ද්‍රව්‍ය රාජධානිය කොයි වගේ එකක්ද කියලා? පළමු සහ දෙවන කතා මාලා දෙක හරහා අපි දැකගත්තා පැබ්ලෝගේ ආරම්භය සහ අව…

නාකොස් කතා මාලාවේ වෙනස් පියවරකට තමයි අපි මේ අද ආරම්භයක් ගන්නේ. කලින් අපි කතා සම තුනක් වෙනස් වෙනස් විදිහකට රස වින්දා කොලොම්බියාව මූලික කරගෙන. හැමෝටම මතක ඇතිනේ පැබ්ලෝ එස්කොබාර් සහ ඔහු ගොඩ නගපු මත්ද්‍රව්‍ය රාජධානිය කොයි වගේ එකක්ද කියලා? පළමු සහ දෙවන කතා මාලා දෙක හරහා අපි දැකගත්තා පැබ්ලෝගේ ආරම්භය සහ අවසානය වෙනතෙක්ම. ඒ ගැන මම පලවෙනි ලිපිය මගින් පැහැදිලි කලා පැබ්ලෝ කියන්නේ කොයි වගේ කෙනෙක්ද මොනවගේ දේවල් ඔහු විසින් සිද්ධ කලාද කියන කරුණු කාරනා ගැන. පැබ්ලෝගේ කල්ලියේ අවසානයත් එක්කම කොලොම්බියාවේ හිටපු පැබ්ලෝ විරෝධී අනෙක් කල්ලිය උන කාලි කාටෙල් එක නැවත හිස එසෙව්වා. තුන්වන කතා මාලාව තුලින් අපි දැක්කා කාලි කාටෙල් එකේ අවසානය සිද්ධ උන හැටිත්. කොලොම්බියාව තුල මේවගේ ලොකු ලොකු දේවල් සිද්ධ වෙනකොට අහලපහල රටක් වන මෙක්සිකෝව තුලත් මත්ද්‍රව්‍ය හිස ඔසවමින් තිබුනා. ඒ කියන්නේ පැබ්ලෝ කොලොම්බියාව තුල ජයටම ජාවාරම් කරන කාලය තුල දිමයි. එත් මෙක්සිකෝව තුල මේ වගේ සංවිධානාත්මක අපරාධ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් කරගෙන යන පිරිසක් හිටියේ නැහැ. තැනින්  තැන ගංජා වවලා ඒවා විකුනලා ආදායම් හොයපු පිරිස් තමයි හිටියේ. ඉතින් අද මේ පටන් ගන්නේ එහෙම මෙක්සිකෝව තුල විසිරිලා හිටපු ජාවාරම් කරුවන් එක සංවිධානයක් විදිහට එකමුතු කරලා සංවිධානාත්මකව මේ ව්‍යාපාර කරගෙන යන්න මූලික උන පුද්ගලයා ගැනයි.

ඔහු නමින් “මිගෙල් ආන්කෙල් ෆෙලික්ස් ගල්යාඩෝ”  හෙවත් මිගෙල් ආන්කෙල්. මිගෙල් ගැන කියනවා නම් 80 දශකයේ මෙක්සිකෝව තුල සිද්ධ උන මත්ද්‍රව්‍ය යුද්ධයේ මහමොලකරු කිව්වොත් වඩාත් නිවැරදියි. මිගෙල් සහ පැබ්ලෝ දෙන්නගේ වෙනස්කම වෙන්නේ පැබ්ලෝ ආණ්ඩුවට එරෙහි උනා එත් මිගෙල් කලේ ආණ්ඩුව සහ රජයේ පැත්තෙන් එන ප්‍රතිරෝධ සියල්ලක්ම ඔහුගේ පාලනයට අරගගෙන තම ව්‍යාපාර ජයටම කරගෙන යාමයි. මේ එක්කම ඇමෙරිකානු  DEA පැත්තෙනුත් කොලොම්බියාවේ වගේම මෙහෙයුම් මෙක්සිකෝව තුලත් සිද්ධ උනා. මෙක්සිකෝව තුල වගේම ලොව DEA මෙහෙයුම් සිද්ධ වෙන සෑම රටකම DEA නිලධාරීන්ට අත තියන්න දෙවරක් හිතන මට්ටමේ යම් සිදුවීමක් මෙක්සිකෝව තුල සිද්ධ උනා. ඒ ගැන ඔයාල නාකොස් පළමු කතා සමයේ දෙවන හෝ තෙනවා කොටසේදී තරමක් දුරට අහන්න දකින්න ඇති. ඒ පුද්ගලයා තමයි කිකී කැමරිනා. කිකී මෙක්සිකානු සම්භවයක් සහිත ඇමෙරිකානු DEA නිලධරයෙක්. ඔහුට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ගැන සහ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් වල අලගිය මුලගිය තැන් ගැන මේ කතා සමය තුලින් ඔයාලට දැකබලා ගන්න පුළුවන්. 

Miguel Ángel Félix Gallardo

 

මිගෙල් ආන්කෙල් ඉපදුනේ 1946 ජනවාරි 08 වෙනිදා මෙක්සිකෝවේ සිනලොවා ප්‍රාන්තය තුලයි. උසස් අධ්‍යාපනයෙන් පසු ෆෙඩරල් අධිකරණ පොලිස් නිලධාරියෙක් වශයෙන් සේවය කරපු මිගෙල් සිනලොවා ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික ආරක්ෂකයෙක් වශයෙන් සේවය කරුවා. ආණ්ඩුකාරවරයාගේ බලපුළුවන්කාරකම් වල උදාවෙන් මුලින් සිනලොවා වල ජාවාරම් කටයුතු කල පෙඩ්රෝ අවිලෙස් පාරෙස් මෙහෙයවූ අපරාධ කල්ලිය සමඟ අපරාධ ජීවිතය ආරම්භ කරන ලදී. සින්ලොවා ප්‍රාන්තය වගේම වෙනත් ප්‍රාන්ත වලත් තැනින් තැන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි විසින් ගංජා ජාවාරම කරගෙන ගියා. 1970 දශකය ආරම්භයේදී ගුවාඩලහරා ප්‍රාන්තයේ වෙනමම කල්ලියක් ආරම්භ කරගෙන මෙක්සිකෝව පුරා විසිරි හිටපු සෑම කල්ලියක්ම ඒකරාශී කොට මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක්  පිහිටුවන්න මිගෙල් ආන්කෙල්ට පුළුවන් උනා. ඔහුගේ සංවිධානාත්මක ශක්තිය නිසා එකිනෙකා කොටාගත්ත මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම එක තැනකට එකතු උනා. ඒ වගේම 80 දශකය අග බාගයේදී මිගෙල් අත් අඩංගුවට පත්වෙන්නේ DEA නියෝජිත කිකී කැමරිනා කෘර ලෙසින් මරා දැමීම හේතුවෙන්. වසර 40 ක සිර දඬුවමක් නියමවූ මිගෙල් නැවත 2014 වසරේදී දුර්වල සෞඛ්‍ය තත්වය හේතුවෙන් නිදහස් කරනු ලැබුවා.

Kiki Camarena

එන්රික් කිකී කැමරිනා සලසාර් 1947  ජුලි 26 මෙක්සිකෝවේදී  උපත ලබා පසුකාලීනව සිය පවුල සමඟින් ඇමෙරිකාව බලා සංක්‍රමණය වී තිබෙනවා.  විශිෂ්ඨ ඇමෙරිකානු  බුද්ධි අංශ නිලධාරියෙක් වූ කිකී කැමරිනා මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් හසු කරගැනීමේ මෙහෙයුම් වල ඉදිරියෙන්ම කටයුතු කල නිලධාරියෙක් වන අතර  1985 පෙබරවාරි 9 වන දින මිගෙල් ආන්කෙල් ප්‍රමුඛ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි අතින් සහාසික ලෙස මරණයට පත් උනා. 

මේ කතා මාලාව තුල නැවතත් පැබ්ලෝ එස්කොබාර් චරිතය ඔබට දැකගන්න ලැබේවි. ඉහත සඳහන් කල ප්‍රධාන චරිත වන මිගෙල් ආන්කෙල් සඳහා Diego Luna රංගනයෙන් දායක වන අතර කිකී කැමරීනා සඳහා Michael Peña රංගනයෙන් දායක වෙනවා. අදින් ආරම්භවන මෙක්සිකානු මත්ද්‍රව්‍ය යුද්ධයේ දෙවන කතා මාලාව දක්වා මේ වනවිටත් අවසන් කර ඇති බැවින් එක දිගට ඔබට නාකොස් මෙක්සිකෝ කතා මාලාව මෙහි තුන්වන සහ අවසාන කතා මාලාව නොවැම්බර් මස ආරම්භ වීමට ප්‍රථමයෙන් ලබා දීමට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ අපි සූදානම්. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

6,862 downloadsDownload Narcos-Mexico-S01-E01.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

6,862 downloadsDownload Subtitles33 KB

17 comments

  1. PCVENOM

    loku deyak mekata sub daana ekea

  2. Amila Kaushalya

    පට්ට සහෝ මන් ආසම සීරියස් එක තමා නාකොස් මගදී නවත්වන්න එපා සබ් ටික ඉවර වෙනකන්ම ඕනේ ස්තූතී

  3. Anuja Lakshitha

    thanks saho sub ekata

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි හසන්ත අයියේ

  6. ranjan

    බොහොම ස්තූතියි. ගොඩක් කාලෙක ඉඳන් බලාගෙන හිටපු කතාමාලාවක්.

  7. rihan

    Thanx biscope brothers❤️

  8. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...පටන් ගැම්මෙන්ම ගැම්මක් අරගෙන ගැම්මට ඉවර කරමු...

  9. Shan

    Thank you digatama iwara wenakan demu ayye

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. Nilush Angana

    Sub ekata thanx

  12. kavi

    thnq brother...
    balagena hitapu ekak.

  13. නිරෝෂ්

    ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා !

  14. Pramukmili

    Thanks bro...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  17. Sandaru Nimsara

    Thanks