Watch Trailer

Narcos [S02 : E07] Sinhala Subtitles | ලෙයින් තෙත් වුණු තීරණ..! [සිංහල උපසිරැසි] [18+]

ආයුබෝවන්..! ඉතිං ඔන්න පොරොන්දු වුණු විදියටම මේ අරගෙන එන්නෙ Narcos දෙවනි කතා සමයේ හත්වැනි කතාංගය. ඉතිං මේ කතාංගය එක්ක මම උත්සාහ කරන්නෙ කර්නල් කරිල්ලෝ නැත්තං සර්ච් බ්ලොක් කණ්ඩායමේ ප්‍රධානියා ගැන විස්තරයක් අරගෙන එන්න. ඔහු, පබ්ලෝ එස්කොබාර්ගෙ කතාන්දරය ඇතුළෙ පබ්ලෝගෙ කල්ලිය ගැන හොයපු සර්ච් බ්ලොක් කණ්ඩායමේ…

ආයුබෝවන්..!

ඉතිං ඔන්න පොරොන්දු වුණු විදියටම මේ අරගෙන එන්නෙ Narcos දෙවනි කතා සමයේ හත්වැනි කතාංගය. ඉතිං මේ කතාංගය එක්ක මම උත්සාහ කරන්නෙ කර්නල් කරිල්ලෝ නැත්තං සර්ච් බ්ලොක් කණ්ඩායමේ ප්‍රධානියා ගැන විස්තරයක් අරගෙන එන්න. ඔහු, පබ්ලෝ එස්කොබාර්ගෙ කතාන්දරය ඇතුළෙ පබ්ලෝගෙ කල්ලිය ගැන හොයපු සර්ච් බ්ලොක් කණ්ඩායමේ පළමුවැනි ප්‍රධානියා විදියට ඉඳල තියෙනව. දැන් කියන්නෙ කර්නල් හොරේෂියෝ කරිල්ලෝ ගැන විස්තර ටිකක්.

සැබෑ කර්නල් කරිල්ලෝ සහ කතා මාලාවේ කර්නල් කරිල්ලෝ

වර්ෂ 1989 දී ආරම්භ වෙන සර්ච් බ්ලොක් නම් වුණු විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානත්වය ලැබුණෙ කර්නල් කරිල්ලෝ හට. ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යය වුණේ කොකේන් රජු හෙවත් පබ්ලෝ එස්කොබාර් නීතියේ රැහැනට කොටු කිරීම හෝ මුලිනුපුටා දැමීම. මේ අරමුණ පෙරදැරිව කරිල්ලෝගේ ප්‍රධානත්වයෙන් ඔවුන් විශාල වැටලීම් සංඛ්‍යාවක් සිදු කරනු ලබනවා. මෙවැනි වැටලීම් වලදී ඔවුන්ට බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවන් පිරිසක් මරා දැමීමට හැකියාව ලැබෙනවා. ඒ අතර පැබේලෝගේ සමීපතමයන් වූ රොඩ්‍රිගස් ගැචා සහ ගුස්තාවෝ ගවේරියා අවා අන්තර්ගත වෙනවා. එක් වරෙක මේ ලෙස “කැපකබානා ෆාර්ම්” නම් වූ වැටලීමේදී එස්කොබාර්ගේ ප්‍රාණ ඇපකාරියක් ලෙස රඳවාගෙන සිටි “ඩියෑනා ටර්බේ” නම් තැනැත්තිය කරිල්ලෝ ප්‍රමුඛ කණ්ඩායම අතින් අත්වැරදීමක් නිසා ඝාතනයට ලක් වීමත්, ජනාධිපති සෙසර් ගවේරියා විසින් එස්කොබාර් තමා විසින් තනා ගත් සිර ගෙදරදී යටත් වීමට එකඟ වීමත් නිසා කරිල්ලෝගේ සේවය අත්හිටුවීමට තීරණය කෙරෙනවා. මෙම තීරණය සඳහා කරිල්ලෝගේ රළු ක්‍රියාකලාපය ද බලපෑ බව සඳහන් වෙනවා. මෙසේ සේවය අත්හිටුවන කර්නල් කරිල්ලෝ ස්පාඤ්ඤයේ සේවයට යොදවනු ලබනවා. ඒ අනුව වර්ෂ 1991 දී සර්ච් බ්ලොක් කණ්ඩායම විසිරුවා හැරීම සිදු වෙනව. 1992 වර්ෂයේ දී මෙඩලින්හි පොලිස් ස්ථානයක දී පොලිස් නිළදාරීන් 11ක් බෝම්බ සහ වෙඩි ප්‍රහාර වලින් ඝාතනයට ලක් වීමත් සමඟ එවකට බලයෙහි සිටි කර්නල් පින්සන් ඉවත් කොට නැවත කොලොම්බියාව ගෙන්වා ගන්නා කර්නල් කරිල්ලෝ සේවයේ පිහිටුවනු ලබනවා. ඉතිහාසයේ සඳහන් විදියට පබ්ලෝ එස්කොබාර් බය වුණු එකම පුද්ගලයා ලෙස සඳහන් වෙන්නෙ කර්නල් කරිල්ලෝ පමණයි. කරිල්ලෝගේ පුනරාගමනය එක්ක එස්කොබාර් ඉතා කලබලයට පත් වෙනව. කරිල්ලෝගේ මේ ආගමනය ඔහු නිකම්ම එස්කොබාර් හට දනවන්නෙ නෑ. ඔහු මිනිසුන් සියදෙනෙක් යොදාගනිමින් “බරියෝ එස්කොබාර්” ලෙස නම් කරල තියෙන එස්කොබාර්ගෙ බිතු සිතුවමක් මත මුත්‍රා කරන්න සලස්වල තමයි එස්කොබාර් හට ඔහුගේ නැවත පැමිණීම දැනුම් දෙන්නෙ.

කරිල්ලෝ විසින් මුත්‍රා කිරීමට සැලැස්සූ එස්කොබාර්ගේ බිතු සිතුවම

1992 වර්ෂයේදීම 9 වැනි වීදියේ Apartment 98-3 කියන ස්ථානයේ වැටලීමක් කරන්න කරිල්ලෝ තීරණය කරනව. ඒ මාර්ටිසා රින්කොන් කියන තැනැත්තා විසින් දුන්නු ඔත්තුවක් පදනම් කර ගනිමින්. ඒ අනුව එස්කොබාර් ඔහුගේ ගණකාධිකාරීවරයා හමුවෙන්න පැමිණෙන බවට ඔත්තුවෙන් දැනගන්න ලැබෙනව. මේ වැටලීම සඳහා නියෝජිත පෙන්‍යා සහ මර්ෆි දෙදෙනා හට සහභාගී නොවෙන ලෙස ඔවුන්ගේ ප්‍රධානී ක්ලෝඩියා මෙසීනා නියෝග කරනව. මේ වැටලීමේදී කරිල්ලෝ ඇතුළු පිරිසට දරුණු ප්‍රහාරයක් එල්ල වෙනව. එහිදී කරිල්ලෝ වෙඩි වැදීමෙන් දරුණු ලෙස තුවාල ලබනව. පසුව මෙතනට පැමිණෙන එස්කොබාර් තමන්ගෙ ඥාති සහෝදර ගුස්තාවෝගේ ඝාතනයට පළිගැනීමේ අරමුණෙන් කරිල්ලෝ හට වෙඩි තබා ඝාතනයට ලක් කරනව. මේ ඝාතනය කොලොම්බියානු රජය සැලී යන මට්ටමේ දරුණු පසුබෑමකට ලක් කළ බව සඳහන් වෙනවා. ඉන් පසු කරිල්ලෝගේ තනතුර වෙනුවෙන් නම් කෙරෙන්නේ කර්නල් හියුගෝ මාටිනස්.

කර්නල් හියුගෝ මාටිනස් ගැන තුන්වෙනි කතා සමයේ හත්වැනි කතාංගයේදී විස්තර ටිකක් අරන් එන්නම්. එහෙනම් බලමු අද මොකද වෙන්නෙ කියල. ඉතිං එස්කොබාර් මේ වෙනකොට තමන්ගෙ පවුලේ උදවියගේ ජීවත ගැන ලොකු බයකින් ජීවත් වෙන්නෙ. ඊට හේතුව වෙන්නෙ ලොස් පේපෙස් කල්ලිය මේ පිරිස හොයල මරල දාන්න මාන බලමින් හිඳීම. මේ හේතුව නිසා එස්කොබාර් උත්සාහ කරනව පවුලේ උදවිය රටින් පිටමං කරල ආරක්ෂිත ස්ථානයකට යවන්න. ඒ අනුව ඔහු ක්‍රියාත්මක වෙනව. හැබැයි මේ ගැන ආණ්ඩුව දැනගන්නව. ඒ නිසා ඔවුන් උත්සාහ කරනව මේ පිරිස රටින් එළියට යෑම වලක්වන්න. එස්කොබාර් පවුල රට තුළ අනාරක්ෂිතව ඉන්න තාක්කල් එස්කොබාර්ගෙ හිත නිදහසේ තබා ගැනීමට ඔහුට නොහැකි බව රජය හොඳින්ම දන්නව. ඉතිං එස්කොබාර් ඔහුගේ සැලැස්ම අනුව ක්‍රියාත්මක වෙන අතරෙ, රජය ඔවුන්ගේ වැඩ පිළිවෙල දියත් කරන්නෙ දේශපාලනික බලපුළුවන්කාරකම භාවිතා කරල. ඉතිං මේ තීරණ වල අවසාන ඵලය මොකක් වේවිද? එහෙනම් නැවත හමුවෙමු තුන්වැනි කතා සමයේ හත්වැනි කතාංගයෙන්. ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

12,730 downloadsDownload Narcos-S02-E07.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

12,730 downloadsDownload Subtitles27 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Pramukmili

    Thanxx bro......................

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. Pappa

    Ekmanta anith awath denna. season 3th awillane thiyenne.plz????

  5. Chandima Prasad

    ගොඩක් ස්තූටියි උපසිරැසියට...ජයවේවා..

  6. D.Chamara

    bohoma sthuthi .......

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Tharindu07

    Thanks machoooo........!!!! Jayaweva....!!!!

  9. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  10. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...