ඔන්න නැවතත් මේ හමුවන්නේ නාකෝස් දෙවන සමයේ අටවෙනි කතාංගයත් සමගින්. පසුගිය කතාංගය අවසන් වුනේ එස්කොබාර් ලා කැටඩ්‍රෙල් කියලා හඳුන්වනු ලබපු තමුන් විසින්ම නිර්මාණය කරගන්නා ලද අති සුඛෝපභෝගී සිර කඳවුරෙන් පැන යාමත් සමගයි. කඳවුරෙන් පැනයාමට හේතු වුනේ සිරගෙදර සිදුවුනු මිනීමැරුම නිසාවෙන් ජනපතිගේ අණ පරීදි කොලොම්බ…

ඔන්න නැවතත් මේ හමුවන්නේ නාකෝස් දෙවන සමයේ අටවෙනි කතාංගයත් සමගින්. පසුගිය කතාංගය අවසන් වුනේ එස්කොබාර් ලා කැටඩ්‍රෙල් කියලා හඳුන්වනු ලබපු තමුන් විසින්ම නිර්මාණය කරගන්නා ලද අති සුඛෝපභෝගී සිර කඳවුරෙන් පැන යාමත් සමගයි. කඳවුරෙන් පැනයාමට හේතු වුනේ සිරගෙදර සිදුවුනු මිනීමැරුම නිසාවෙන් ජනපතිගේ අණ පරීදි කොලොම්බියානු හමුදාව ලා කැටඩ්‍රෙල් වෙතට පැමිණීමත් සමගයි. කිලෝමීටර් හතරක දුර ප්‍රමාණයක් සිර කඳවුරෙන් ඈතට වී සිටීම මෙම මිනීමැරුම නිසා නිශේධනය වූවා සේම කොලොම්බියානු රජය සමග තිබූ එකඟතාවයේ උල්ලංඝණය වීමක් ලෙස සලකා ජනපති ගැවේරියා මේ තීරණය ගෙන තිබුනා. ඒ වැටලීමත් සමග පාබ්ලෝ එස්කොබාර් රජයේ යටතට ගැනීමයි අදහස වී තිබුනේ. කෙසේ නමුත් නැවත පාබ්ලෝ එස්කොබාර්’ගේ පැනයාමත් සමග දෙවන සමය ආරම්භයට පත්වුනා.
මෙතෙක් සිදුවූ සිදුවීම් සමග පෙන්‍යා සහ මර්ෆි නැවතත් බලාපොරොත්තු සුන්වූ තත්වයට පත්වන්නේ පාබ්ලෝ එස්කොබාර් අල්ලා ගැනීම DEA අනුයුත්ක තමුන්ගේ රැකියාවට වඩා පෞද්ගලික කැපවීමක් වුනු නිසාවෙන්. පාබ්ලෝ විසින් නැවතත් පොලිසියට එරෙහිව සටන් මෙහෙයවනු ලබනවා. එමෙන්ම තමුන්ගේ ව්‍යාපාර එලෙසින්ම කරගෙන යනු ලබනවා. තමුන්ගේ කුඩු නිශ්පාදනාගාරයන් මෙන්ම ජාවාරම් වලට අදාල සෑම මධ්‍යස්ථානයකම ස්ථානයන් වෙනස් කරනු ලබනවා. තමුන් සිර කඳවුරෙහි සිටි කාලය ඇතුලත මෙඩීන් කාටෙලය තුල තිබූ කුඩා කණ්ඩායම් තමුන්ගේ පැති මාරු කරන්නට යෙදුනේ පාබ්ලෝ එස්කොබාර් නැවතත් කරලිය නොපැමිණේවි යන අදහසිනුයි. මේ හේතුව නිසාවෙන්ම මෙඩීන් කාටෙලයට අදාල කොකේන් නිශ්ඵාදනාගාරයන් පවා වෙනත් කාටෙලයන් සමග සම්බන්ධව කටයුතු කරන්න යෙදෙනවා. මේ කාලය ඇතුලත පාබ්ලෝ එස්කොබාර් යනු මුලු කොලොම්බියාව විසින්ම සොයනු ලබන දරුණු අපරාධකාරයක් නිසා තැනකින් තැනකට රහසේ ගමන් කිරීම ඔහුට දැඩි අභියෝගයක් බවට පත්වෙනවා. නමුත් එස්කොබාර්ට තදින්ම අවශ්‍යතාවයක් ඇතිවන්නේ තමුන් මොන ප්‍රශ්ණය ආවත් මීයක් වගේ හැංගී නොසිටින බව අනෙක් සියලු දෙනාටම දැනුම් දීමයි. එම නිසා හිරෙන් පැන ගිය විගසම ඔහු නැවතත් තමුන්ගේ බලය මුදල් සියල්ලටම උල්පත වුනු කුඩු ජාවාරම් ජාලය නැවතත් තමුන්ගේ පාලනය යටතට ගැනීම සිදු කරනවා.
මේ අතරේ පාබ්ලෝ සිය සිර කඳවුර තුලම මරන්නට යෙදුනු කීකෝ මොන්කාඩා’ගේ බිරිඳ වුනු ජූඩි මොන්කාඩා පාබ්ලෝ’ගේ නැවත නැගී සිටීමට දැඩි බාධකයක් බවට පත්වෙනවා. ජූඩි මොන්කාඩා විසින් පාබ්ලෝ විසින් ආරම්භ කරන්නට යෙදුනු කුඩු නිශ්පාදනාගාර සැලකිය යුතු ප්‍රමාණයක් තමුන්ගේම කාටෙලයක් විදියට පාලනයට කිරීමට ආරම්භ කරනු ලැබුවේ තම සැමියාගේ ඝාතනයට පලිගැනීමක් ලෙසයි. මෙම නිසා පසුව තනිව පාබ්ලෝව බිඳ දැමීමට නොහැකි හේතුව නිසාවෙන්ම ඇය විසින් DEA වලට පාබ්ලෝ නැති කාලය තුල තමුන් අත්පත් කරගත් කුඩු නිශ්පාදනාගාරයන් ඔත්තු වශයෙන් දී විනාශ කරන්නේ කාලී කාටෙලයත් එක්ක එකතුව පාබ්ලෝව බංකොලොත් කිරීමේ සැලැස්මේ මුල් පියවරවල් වශයෙනුයි.
කාලී කාටෙලයටය, ජූඩි මොන්කාඩා, කස්තාන්‍යෝ සහෝදරයින් යන පාර්ශව තුනම නීති විරෝධී වූවත් කොලොම්බියානු රජයත් සමග සමගාමී වූ එක් මතයක් දැරීමට සමත්වනවා. ඒ පාබ්ලෝ එස්කොබාර්’ගේ මරණය ඉක්මනින්ම දැකබලා ගැනීමයි. කොලොම්බියානු රජයට මෙය ජනතාවගේ සිත් සතන් සනසන ත්‍රස්තවාදියෙකුගේ මරණයක් පමණක් වූවත් ජූඩි මොන්කාඩාට සහ කාලි කාටෙලයට මෙය හුදෙක්ම තමුන්ගේ ප්‍රතිවාදී කුඩු ජාවාරම් කාරයෙකුගේ මරණයක් නිසා තමුන්ගේ ව්‍යාපාරය පුලුල් කරගැනීමට ඇති අවස්ථාවක් බවට පත් වනවා. කොමියුනිස්ට් වාදීන්ගේ උදව් පැතීමෙන් රජයේ නීති ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ල කිරීමත් සමග කොමියුනිස්ට් වාදීන් සමග බද්ධ වෛරයකින් සිටි කස්තාන්‍යෝ සහෝදරයින් දෙදෙනාත් ඒ සිදුවීම සමගම පබ්ලෝ එස්කොබාර් පිලිබඳ තරහකින් පසුවූවන් බවට දකින්නට ලැබෙන්න ඇති. මෙතැනදී CIA වල අත පෙවීමත් සමග ඔවුන් කාලී කාටෙලය සහ ජූඩි මොන්කාඩා සමග එකතුවී සැලකිය යුතු මට්ටමින් එස්කොබාර්’ගේ බලඇණියට මරු ප්‍රහාරයන් දියත් කරන්නට කටයුතු කරනවා.
කස්තාන්‍යෝ සහෝදරයින්’ගේ මේ මරණීය කණ්ඩායම ලොස් පෙපේස් යන නමින් ඒ කාලයේ පටන් මේ දක්වාම ඉතිහාසයට එකතුවී තිබෙනවා. මෙතැනදී DEA සහ කොලොම්බියානු පොලිසියට ඔවුන්ගේ වැඩ රාජකාරී පහසු වූවත් නෛතික පසුබිම තුල ඔවුනට ලොස් පෙපේස් තරම් කාර්යක්ශම තරමින් ප්‍රහාරයන් එල්ල කිරීමට හැකියාවක් ලැබුනේ නෑ. මෙහිදී පෙන්‍යා වූවත් පෞද්ගලිකවම ලොස් පෙපේස් වලට ඔත්තු සැපයීමට කටයුතු කරන්නේ ලැබෙන එක හෝඩුවාවක් තහවුරු කර ගැනීමට දින ගණනක් ගතවෙන නෛතික පද්ධතියක් තුල ලැබෙන තොරතුරු කල් ඉකුත්වී යාම නිසායි. නමුත් ලොස් පෙපේස් විසින් එල්ල කරන ප්‍රහාරයන් එතරම් රහසිගතව සිදු වූයේ නෑ. එයට හේතු වූයේ මරණ ලද එස්කොබාර්’ගේ හෙංචයියන් පාර තොටේ මලමිනී වල දැන්වීම් පුවරු සමග මහජනතාවට ප්‍රසිද්ධියේ ප්‍රදර්ශණය කටයුතු කිරීම නිසාවෙන්.
මෙවැනි පසුබිමක් තුන රෑපවාහිනියේ තමුන්ගේ සමීපතම සහ විශ්වාසතමයින් ලොස් පෙපේස් අතින් ඝාතනය වීමත් සමග එස්කොබාර් හට තමුන්ගේ බිරිඳ මව සහ දරු දෙදෙනා ගැන සිතේ විශාල බියක් ඇතිවන්නට පටන් ගන්නවා. ඒ බියත් සමග පාබ්ලෝ විසින් තමුන්ගේ පවුලේ සාමාජිකයින් බේරාගැනීමට පිටමං කර යැවීමත් සමග ඇතිවන මානසික ආතතියත්, ප්‍රහාර වලින් තමුන්ට සිටින විශ්වාසතමයින් නැතිවීමත් නිසා සැලසුම් සියල්ල අවුල් ජාලාවක් බවට පත්ව යනවා. මේ සමගින් පාබ්ලෝ එස්කොබාර්’ගේ අවසාන කාලයට පාර කැපීම ආරම්භ වනවා.
ඉතිං කතාවේ මාතෘකාවත් සමග මේ කතාංගයේ දී පාබ්ලෝ’ගේ බිඳවැටීමේ විශාලතම කඩයිමක් විදියට දකින්නට පුළුවන්. කතාවේ සිද්ධිය මොකද වෙන්නේ කියලා කතාව බලලාම දැනගන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
13,535 downloadsDownload Narcos-S02-E08.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
11 comments
sachintha
Pramukmili
Thanxx bro...............
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Chandima Prasad
සබ් එකට ගොඩක් ස්තූතියි....
Kavinu
සබට තුති වේවා
❤️D.Chamara
bohoma sthuthi ........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu07
Thanks machoooo........!!!! Jayaweva....!!!!
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Narcos [S02 : E08] Sinhala Subtitles | ටියර් වන් සිකාරියෝස් [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Narcos-S01-S03.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි