Never Have I Ever Sinhala Subtitles S01E10 (පළමු කොටසේ දහවන එපිසෝඩය) අම්මා එක්ක රණ්ඩු වෙලා දේවි බෙන්ගේ ගෙදර නැවතුනා. තාත්තගේ උපන්දිනේ දවසේ අම්මා බෙන්ගේ ගෙදර ආවා දේවිට තාත්තගේ අළු මුහුදට දාන්න එන්න කියලා කතා කරන්න. මුලින් දේවි බෑ කිව්වා. පස්සේ බෙන් කියන නිසා එයා යාළුවෝ එක්ක සමාදාන වෙලා අම්මා එක්ක ගි…
Never Have I Ever Sinhala Subtitles
S01E10 (පළමු කොටසේ දහවන එපිසෝඩය)
අම්මා එක්ක රණ්ඩු වෙලා දේවි බෙන්ගේ ගෙදර නැවතුනා. තාත්තගේ උපන්දිනේ දවසේ අම්මා බෙන්ගේ ගෙදර ආවා දේවිට තාත්තගේ අළු මුහුදට දාන්න එන්න කියලා කතා කරන්න. මුලින් දේවි බෑ කිව්වා. පස්සේ බෙන් කියන නිසා එයා යාළුවෝ එක්ක සමාදාන වෙලා අම්මා එක්ක ගියා. වෙරළේදි තාත්තගේ අළු මුහුදට දැම්මා. බෙන් උදව් කරපු නිසා දේවි එයාව කිස් කරා.ඒත් පැක්ස්ටනුත් දේවි එක්ක කතා කරන්න හැදුවා. දේවිට තේරුනේ නෑ මොකද කරන්නේ කියලා.
1 වෙනි සීසන් එක:
දේවිගේ අවුල් ජීවිතේ තමයි මේකෙන් පෙන්නන්නේ. තාත්තා නැති වුණු දුක එක්ක පොර බදද්දි ඉස්කෝලේ ජීවිතේත් ගෙවන්න ඕන – ආදර කතා, යාළුකම්, තමන් කවුද කියන ප්‍රශ්න එක්ක. දේවි හිතනවා තමන්ගේ සමාජ තත්ත්වය උසස් කරගන්න ඕන කියලා. ඒ නිසා ගොඩක් කල් හිතේ තියාගෙන හිටපු පැක්ස්ටන් හෝල්-යොෂිඩා එක්ක යාළු වෙන්න හදනවා. ඒ අතරේ බෙන් ග්‍රොස් එක්ක ඉගෙනීමේ තරඟයකුත් තියෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික ඉන්දියානු අම්මා වන නලිනිගෙයි, නැන්දා වන කමලාගෙයි බලපෑම් වලටත් මුහුණ දෙන්න වෙනවා.
සීසන් එක ඉවර වෙන්නේ දේවි අම්මත් එක්ක සමගි වෙලා තාත්තගේ අළු විසුරුවන එකත් එක්ක. ඒක තමන්ගේ දුක එක්ක මුහුණ දෙන්න පටන් ගත්තා කියන සංකේතයක්. ඒ අතරේ බෙන් දේවිව කිස් කරනවා, පැක්ස්ටන් කෝල් කරලා එයාට දේවි ගැන උනන්දුවක් තියෙනවා කියලා පෙන්නනවා. ඒකෙන් ආදර ත්‍රිකෝණය තව උණුසුම් වෙනවා.
වැදගත් මොහොත් කීපයක් තමයි:
1. තාත්තගේ මරණය පිළිගන්න බැරි වෙලා, ඒ දුක යට ගහගෙන ඉන්න හදන හැටි.
2. යාළුවෝ වෙන එලිනෝර් සහ ෆැබියෝලා එක්ක තියෙන යාළුකම් පැත්තකට දාලා තමන්ගේ ආදර කතා වලට සහ අඩුපාඩු වලට මුල් තැන දෙන එක. 3. දේවි, පැක්ස්ටන් සහ බෙන් අතර ආදර ත්‍රිකෝණය සීසන් එක අවසනයේ හැදෙන හැටි.
පළවෙනි සීසන් එකේ හොඳ දේවල්:
තාත්තා මැරුණට පස්සේ දේවිගේ දුක ගොඩක් ඇත්ත විදියට පෙන්නුවා. දේවි කියන්නේ අඩුපාඩු තියන කෙනෙක්. ඒත් ඒක ගොඩක් යථාර්ථවාදී විදියට පෙන්නුවා. ඉන්දියන් සංස්කෘතියයි ඇමරිකන් ජීවිතයයි දෙකම හොඳට මිශ්‍ර කරා. ෆැබියෝලා සමලිංගික කෙනෙක් කියලා එලියට ඇවිත් කියන හැටියි, එලිනෝර්ගේ අම්මත් එක්ක තියන ප්‍රශ්නයි ගොඩක් හොඳට පෙන්නුවා.
පළවෙනි සීසන් එකේ වැරදුනු දේවල්:
සමහර කොටස් ටිකක් ඉක්මනට ගියා. විශේෂයෙන්ම දේවි යාළුවන්ට කරපු වැරදි වලින් පස්සේ වෙන දේවල්. කමලයි නලිනියි ගැන තිබ්බ කතා ගොඩක් පස්සට ගියා. දේවිගේ ආදර ත්‍රිකෝණය ගැන විතරක් වැඩිපුර බලාගෙන ගියා. මේක මට පෞද්ගලිකවම දැනුන දෙයක්. ඔයාටලත් මෙහෙම දැනුනද ? ඇත්තටම කමලා ගැන තව දේවල් පෙන්නුවා නම් මම කැමතියි 🙂
පළවෙනි සීසන් එකේ අන්තිම කොටස හොඳද නරකද ?
මට නම් අන්තිම කොටස ගොඩක් හොඳයි. දේවි තාත්තගේ අළු විසුරුවන තැන ගොඩක් හොඳට පෙන්නුවා. දේවි අන්තිමට තාත්තා නැති දුක පිළිගන්න පටන් ගත්තා. ඒත් පැක්ස්ටන් දේවිට කතා කරද්දි බෙන් දේවිව සිප ගන්න හදන තැන ටිකක් බලෙන් දාපු වගේ.
මගේ අදහස් ටිකක් කියනවා නම්:
1 වෙනි සීසන් එක ලස්සනට දේවිගේ ලෝකේ, දුක, සහ අවුල් සම්බන්ධතා හඳුන්වලා දෙනවා. විහිළුයි දුකයි දෙකම හරියට මිශ්‍ර කරලා තියෙන නිසා අපිට තේරෙනවා, හිතටත් දැනෙනවා. තාත්තගේ මරණයත් එක්ක පොර බදන ගමන කලබලේට වැරදි තීරණ ගන්න හැටි අපිට විශ්වාස කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට යාළුවන්ට කරන දේවල් නිසා එයාට පක්ෂ වෙන්න අමාරු වෙනවා. පැක්ස්ටන් සහ බෙන් එක්ක තියෙන ආදර ත්‍රිකෝණය උණුසුම් වුණාට සමහර වෙලාවට අනිත් වැදගත් දේවල් යට වෙනවා – යාළුකම් සහ පවුලේ සම්බන්ධතා වගේ. හැබැයි දේවිගේ සංස්කෘතික අනන්‍යතාවය, අම්මත් එක්ක තියෙන සම්බන්ධේ, සහ තාත්තගේ මතකය ගැන කතා කරද්දි නම් කතාව හරිම ලස්සනයි.
S02E01 (දෙවන කොටසේ පළමු එපිසෝඩය)දේවිගේ ආදර ජීවිතේ එක පාරටම අවුල් වෙනවා. කොල්ලෝ දෙන්නෙක් එක්ක එකට යාළු වෙලා ඉන්න ගමන් තමන්ගේ අනන්‍යතාවයි, පවුලේ බලාපොරොත්තුයි කියන දෙකත් බලා ගන්න වෙනවා. මුලින් නම් හීනයක් වගේ. හැබැයි ඉක්මනටම ඒක අවුලක් වෙනවා. මේ කොටස විහිළුවෙන්, නට්‍යමය වශයෙන් පිරිලා තියෙන්නේ. සමහර වෙලාවට දේවි ගන්න තීරණ ගැන හිතද්දි පුදුම හිතෙනවා. මේ සීසන් එක කොහොම වෙයිද කියලා බලන් ඉන්න හිතෙන විදියට තමයි පටන් ගන්නේ.
Never Have I Ever Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
548 downloadsDownload Never-Have-I-Ever-S02E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Never Have I Ever Sinhala Subtitles
Subtitles by
UD Shehan
Subtitles
1 comment
Keshan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




keep it up Bro