Solo Leveling Season 02 Sinhala Subtitles සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 11 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. ඒ වගේම අපි Season 2 හි අව…
Solo Leveling Season 02 Sinhala Subtitles
සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 11 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. ඒ වගේම අපි Season 2 හි අවසානයට හුඟක්ම ළඟා වෙලයි ඉන්නෙ. ඒ වගේම මේ කොටස හුඟක් විශේෂයි. ඒ විශේෂත්වය තමයි මේ Season එකේදි දකින්න ලැබෙන දැවැන්තම Boss Fight එක අපිට මේ කොටසෙදි දකින්න ලැබෙන එක. ඒ වගේම මේක Solo Leveling anime fandom එකේ වගේම anime fandom එකේත් most anticipated hype episode එකක් කියල කිව්වට වරදක් නෑ. ඒ නිසාම මේ කොටස Highest Rated Episode එක බවටත් පත් වෙලා ඉවරයි. ඉතින් මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.
ජපානය සහ කොරියාව එක්ව ජේජු දූපතේ කූඹි මැජික් මෘග තර්ජනය මැඩපවත්වාගෙන යද්දී හන්ටර්වරුන් බොහෝ දෙනෙක්ට තමන්ගේ ජීවිතය අහිමි වුනා. ඒ අතරේ කොරියානු S නිලයේ හන්ටර්වරු ප්‍රධානයි. ඒ අතරෙදි කූඹි රැජිණව හොයාගෙන රැජිණව විනාශ කරමින් කූඹියන් අතර තිබුනු සංයෝජනය බිඳින්න ජපාන S නිලයේ හන්ටර්වරු සමත් වෙනවා. කූඹි රැජිණගේ මරණයත් එක්ක එතනට එන්නේ හරිම ආගන්තුක කෙනෙක්. ඉතාමත් දරුණු භයානක බියජනක ප්‍රභාවක් විහිදුවමින් දෙපයින් ඇවිදින කූඹියෙක් ආකාරයේ කෙනෙක්. මේ කෙනා සියලුම S නිලයේ හන්ටර්වරුන් බිය ගන්වන්නට සමත් වුනා විතරක් නෙමෙයි, ඇසපිය හෙලන ක්ෂණයකින් මරණීය තුවාල පවා සිද්ධ කරන්න සමත් වෙනවා. මේ හන්ටර්වරුන්ගේ සෙවනැල්ලේ සැඟවුනු සන්ග් ජින්වූගේ සෙවනැලි සොල්දාදුවන් මඟින් ජින්වූ මේ හැම දෙයක්ම බලාගෙනයි ඉන්නේ. මතකයිනේ, සන්ග් ජින්වූ මේ ජේජු දූපත් වැටලීමට සහභාගී වුනේ නෑ.
ශක්තිමත් හන්ටර්වරුන්ට අභියෝගයක් නොවුනු මේ ආගන්තුකයා අහන්නේ එකම එක දෙයයි, ඒ “උඹලාගේ රජතුමා කවුද?”. දැන් මේ ආගන්තුකයාට අභියෝග කරන්න ඉන්නේ එක්කෙනයි. ඒ සන්ග් ජින්වූ. ඉතින් මෙතනින් වෙන දේ හොයාගන්න මේ කොටස නරඹන එක තමයි එකම විකල්පය වෙන්නේ. මතකයිනේ මේ කොටස අතිශයින් උද්වේගකර ත්‍රාසජනක කොටසක්. මේ Season එකේදි දකින්න ලැබෙන දැවැන්තම Boss Fight එක සිද්ධ වෙන කොටස. නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මුලින් කිව්වත් වගේ Season 2 හි අවසානයට අපි ළං වෙලයි ඉන්නේ. මීළඟට Solo Leveling: Arise from the Shadow හි අවසාන කොටසින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Are You the King of Humans
Released Date : 2025.03.22
IMDB Rating : 9.9

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,112 downloadsDownload Solo-Leveling-A.K.A-Ore-dake-Level-Up-na-Ken-S02E12.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Solo Leveling Season 02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
5 comments
Anonymous
Anonymous
Hammo khm htpu ekaada dn mee
Sanjana Chamod
Manhwa එකේ තරම් quality එක නැති උනත් සුපිරියටම යනෝ වැඩේ.
Arise!
kavee
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ❤️
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මෙක දෙන්නේ කොයි වෙලාවෙද කියලා බල බල හිටියේ. සුපිරියක් තමා