Watch Trailer

Nikita [S03 : E12] | ගින්දර සමග සෙල්ලම් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා මතක ඇති. නයෝමි විසින් අධ්‍යක්ශක කෙන්ඩ්‍රික්ට බාරදීලා තියෙන්නේ සෙනෙටර් මැඩලින් පියර්ස්ව දේශ ද්‍රෝහී කෙනෙක් කියලා හණ ගහන්න පුළුවන් විදියේ තොරතුරු. ඒ වගේම මේ ඩ්‍රයිව් එක CIA ප්‍රධානී කෙන්ඩ්‍රික් විසින් ඩිවිශන් වලට බාර දෙන්න තමයි සූදානම් වුනේ. නමුත් කාර් බෝම්…

Nikita SE3 -1

පසුගිය කතාවේදී ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා මතක ඇති. නයෝමි විසින් අධ්‍යක්ශක කෙන්ඩ්‍රික්ට බාරදීලා තියෙන්නේ සෙනෙටර් මැඩලින් පියර්ස්ව දේශ ද්‍රෝහී කෙනෙක් කියලා හණ ගහන්න පුළුවන් විදියේ තොරතුරු. ඒ වගේම මේ ඩ්‍රයිව් එක CIA ප්‍රධානී කෙන්ඩ්‍රික් විසින් ඩිවිශන් වලට බාර දෙන්න තමයි සූදානම් වුනේ. නමුත් කාර් බෝම්බයක් නිසා අධ්‍යක්ශක කෙන්ඩ්‍රික් එතැනදී මරණයට පත් වෙනවා. CIA ප්‍රධානියා ඝාතනය වුනා කියන්නේ එසේ මරණයක් නෙමෙයි කියලා ඔයාලා දන්නවා ඇති. ඒ වගේම මේක කලේ අමන්දා බවත් හොඳටම විශ්වාසයි. ඒ වගේම තමයි එතන කැමරාවක ශෝන් පියර්ස් විසින් කාර් බෝම්බය සිදුවුනු වෙලාවට සමගාමීව දුරකථන ඇමතුමක් ගත්තු බවත් පේන්න තියෙනවා. මේ නිසා රට පුරාම නීති ආරක්ශක සමාගම් වලින් CIA අධ්‍යක්ශක මැරීම සම්බන්ධයෙන් ශෝන් පියර්ස්ව හෙව්වා. මේ හේතුවෙන් රයන්ගේ සැලැස්මක් අනුව ශෝන්ට FBI වලට බාර වෙන්න කියනවා. මේ විදියට FBI වලට බාරවුනු ශෝන්ව බොරුවට මරලා ඩිවිශන් ඇතුලට ගේන්න තමයි මෙයාලා සූදානම් වුනේ. අතරමගදී CIA වල විශේලේශිකාවක් ඇවිල්ලා ශෝන්ව ඇත්තටම මරන්න ආවට පස්සේ තමයි මෙයා ඇත්තටම CIA වෙනුවෙන් වැඩ කරන කෙනෙක් නෙමෙයි කියලා දැනගන්න ලැබෙන්නේ. මෙයා ආරි වෙනුවෙන් ඉස්සර ගෝගල් වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. කොහොමහරි අවසානයේදී ශෝන්ව මරලා නව ආධුනිකයෙක් විදියට ඩිවිශන් වෙනුවෙන් වැඩට අරගෙන එනවා.

ඔය විදියට ඉවර වුනු 11 වෙනි කතාවෙන් පස්සේ අද සූදානම 12 වෙනි කතාව නරඹන්නයි. අද කතාව පසුගිය කතාංගයේ අවසානයත් සමග සම්බන්ධයි. පසුගිය කතාවේදී නයෝමිව මරලා FBI වල මෝචරියේ එයාගේ මිනිය දාලා ආවා කියලා මතක ඇති. අන්තිමේදී FBI වලට එයාගේ මිනිය අහුවෙන්නත් එපැයි. එයාගේ ඇඳුම් සාක්කුවක ගෝගල් සමග සම්බන්ධ වෙන විදියේ ෆෝන් එකක් අහුවෙනවා. මේ ෆෝන් එකේ විස්තර අනුව ආරි ටසරොව් තමයි අවසානයේ මේ සිද්ධියට කොටු වෙන්නේ. කතාව ආරම්භයේදීම ආරි බාර් එකක් ඇතුලට ගොඩවෙනවා. ගොඩවෙලා බොන්න පටන් ගන්නවා. මේ අතරේ බාර් එකේ අයිතිකාරයා FBI වලට ඇමතුමක් දෙනවා ආරි ටසරොව් බාර් එකේ ඉන්නවා කියලා. කලින් කිව්ව විදියට නයෝමි ලඟ තිබිලා අහුවුනු ෆෝන් එක නිසා FBI වලින් වගේම අනිත් හැම ඒජන්සියකින්ම ආරිව ලෝකේ පුරාම හොයනවා. කොහොමහරි මේ FBI වලට දුන්නු ඇමතුම බර්ක්ඕෆ්ගේ ශැඩෝ නෙට් එකටත් අහු වෙනවා. මේ අනුව ඩිවිශන් වලින් යනවා FBI වලට කලින් ආරිව අල්ල ගන්න.

ඉතුරු ටිකේ මොනවා වේවි ද? කතාව බලලාම ඒ ගැන දැනගන්න වේවි. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නවා.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න

8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,319 downloadsDownload Nikita-S03E12-baiscopelk.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,319 downloadsDownload Subtitles51 KB

19 comments

  1. R.D

    Thanks bro.............

  2. Asel

    Elaz

  3. Kulanjana Maduranga

    patta...ikmanata genawa ne..elazzzzzz.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. dila

    mchan puiuwannam kiyanawada chicago pd season 2 ithuru tikata sub denawada kiyala
    dn sahena kalayak wenawa sub dena eka nawathila

  5. chacha

    good job...bro

  6. lakshitha

    thnx saho sub 1te :D

  7. Thilina

    නියමයි,
    ඔයාල දවස් ගණන් මේවයේ sub දානවා අපි විනාඩි 40න් බලලා ඉවර කරනවා.
    බොහොම ස්තුතියි
    ජයවේවා

  8. Lahiru

    ela machan digatama karagena yanna

  9. nuwan

    බොහොම පින් ඔබට....තෙරුවන් සරණයි/....

  10. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රනීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. sajeevi

    thanks

  12. Chalana Rukshan

    machan me series eke me wenakan tika download karagaththa ekek nadda mata ganna loku udauwak

  13. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  15. Hirun Anuhas

    Meka iwr wela Vampire Diaries dennko mcho..

  16. Dinush

    thanx bn!!! ithuru tikath dapan ah

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. kumara

    Thanks Bro !!!

  19. suranuwan

    thank you...