Watch Trailer

Nikita [S03 : E21] | ගිරයට අහුවුනු පුවක් ගෙඩිය.. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාව බොහෝම උද්වේගකාරී කතාවක් කියලා කියන්න පුළුවන්. කලු පෙට්ටිය ගැන කිසිම හෝඩුවාවක් නැතුව හිටපු හැමෝටම සයිරස්ගේ උදව්වෙන් කලු පෙට්ටිය තියෙන තැන ගැන හොයා ගන්න පුළුවන් වුනා. මේ හෝඩුවාව පස්සේ ඇලෙක්ස්, නිකීටා, මයිකල් තුන්දෙනා එකට එකතු වෙලා කලු පෙට්ටිය හොයාගෙන G20 සමුලුවට ගියා. සෑම්ව හොයා ගත්තත් මෙ…

Nikita SE3 -1

පසුගිය කතාව බොහෝම උද්වේගකාරී කතාවක් කියලා කියන්න පුළුවන්. කලු පෙට්ටිය ගැන කිසිම හෝඩුවාවක් නැතුව හිටපු හැමෝටම සයිරස්ගේ උදව්වෙන් කලු පෙට්ටිය තියෙන තැන ගැන හොයා ගන්න පුළුවන් වුනා. මේ හෝඩුවාව පස්සේ ඇලෙක්ස්, නිකීටා, මයිකල් තුන්දෙනා එකට එකතු වෙලා කලු පෙට්ටිය හොයාගෙන G20 සමුලුවට ගියා. සෑම්ව හොයා ගත්තත් මෙයාලට කලු පෙට්ටිය හොයා ගන්න පුළුවන් වුනේ නෑ. අවසානයේදී කලු පෙට්ටිය විකුණුවාට පස්සේ සෑම් සල්ලි අරගෙන පැනලා ගියා. ඒ වගේම ජර්මනියෙන් ලංසුව දිනුවා. ජර්මනියේ ලොක්කා තමුන්ගේම ආරක්ශකයින්ට වෙඩි තියලා කලු පෙට්ටියත් අරගෙන පැනලා ගියා. මේ සිද්ධිය තනිකරම පැටලිලි සහගත සිදුවීමක් නිසා ඇලෙක්ස් නිකීටාට මේ ගැන දැනුම් දෙනවා. මේ අතරේ G20 සමුලුවේ ඉන්න ජනාධීපති ස්පෙන්සර් එවපු මැරීන් හමුදාව ඩිවිශන් ඇතුලේ ඉන්න හැමෝගේම ඔලුවට තුවක්කුව තියාගෙන ඉන්නේ. පොඩි වෙලාවකින් හරි වැඩේ ගැස්සුනොත් හැමෝම සීල් භටයෝ අතින් මැරුම් කනවා. ඒ විදියට නූලෙන් විතර ගේම ගහලා සෑම් නිසා හැමෝම මැරුම් නොකා බේරුණා. ඒ වගේම අවසානයේදී  දැනගන්න ලැබුණා අමන්දා ශොප් එකත් එක්ක එකතු වෙලා වැඩ කරනවා කියලා.

කතාව ආරම්භයේදීම නිකීටා දන්න කියන කෙනෙකුගෙන් උදව් ගන්න යනවා. මේපාර නිකීටා පස්සෙන් යන්නේ අමන්දාව බේරගන්න කහපාට කණ්ඩාඩි දාපු ආපු මිනිහා ගැන විස්තර හොයන්න. මේ අතරේ නිකීටාට පොඩි කරදරයක් වෙනවා. නමුත් කිසිම අනතුරක් නැතුව නිකීටාට පැනගන්න ලැබෙනවා. මේ අනතුර සිදු වෙන්නේ කාර් එකකින්. මේක ශොප් එකේ කාර් එකක්. මේ කාර් එකේ තිබිලා බර්ක්ඕෆ්ට ශොප් එකේ චිප් එකක් හොයාගන්න ලැබෙනවා. මේ චිප් එකෙන් බර්ක්ඕෆ්ට ශොප් එකේ සැටලයිට් වලට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙනවා. මේ හරහා මෙයාලට දුරකථන ඇමතුමකට සවන් දෙන්න අවස්ථාව ලැබෙනවා. මේ හරහා ලැබුණූ තොරතුරු අනුව මෙයාලා ශොප් එකේ එක මධ්‍යස්ථානයක් වටලන්නයි හදන්නේ.

අපි බලමු නේද අද කතාව කොහොමින් කොහොම ඉවරයක් වේවිද කියලා. තෙවන සමයේ අවසාන කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න

8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,187 downloadsDownload Nikita.S03E21-baiscopelk.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,187 downloadsDownload Subtitles47 KB

16 comments

  1. Madusha

    thanx for sub

  2. kasuni

    nikitage 3balak tiyenwa.one aya comments krna

  3. chacha

    thanks bro..Weldon

  4. R.D

    බොහෝම ස්තුතියි සහෝ.........ගින්දර වගේ සබ් කරලා ඉක්මනටම ඉවර කරනවට.ඊළඟ කොටසෙන් හමුවෙමු.ඔබට ජය.........

  5. Sajeevi

    Thanks

  6. nuwan

    4weni කතා සමයත් මේ වගේම කරන්න ශක්තිය ලැබේව කියල පතනවා...

  7. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Rasidu

    Niyamayi.... Thawa epi 7i Nikitath ewarai etakota. Sub ekata thanx. Thawa satiyayi....

  9. maxa

    Niyamai saho. Oya nam pissuma porak thamai. Thknx wewa..

  10. Menik banneheka

    The Moon That Embraces The Sun TV serial ekata sub eka danna puluwanda

  11. ඉසු ඩිපි (Isu DP)

    දැන් දැන් පට්ට නම්නේ කතාවට වැටෙන්නෙ. එල ඈ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  12. lakshan

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. Hirushan

    Thanks

  16. kumara

    Thanks Bro !!!