Watch Trailer

Game of Thrones [S5E10 – Mother’s Mercy] (18+) | එක කොටසයි, මරණ ගොඩායි. [සිංහල උපසිරැසි සමඟ]

නොදැනිම මෙන්න එහෙනම් අපි කතාවෙ පස්වෙනි අදියරේ අවසානයටම ආවා. පහුගිය සතියෙ උද්වේගය මුසුවුණු, සතුට හා තරහව පිරුණු එකක් වුණා කට්ටියට මතක ඇති. අපි ටිකක් මුලින්ම ඒ කොටස මතක් කරගෙන ඉම්මු. මුලින්ම වෙස්ටරොස් වල වෙච්ච දේවල් බලමු. ප්‍රාකාරය අසල. හාඩොන් වල ඉඳන් එන ජෝන් හා ටෝමුන්ඩ් ඇතුළු පිරිස ආපහු ප්‍රාකාරය අස…

GoT5New2

නොදැනිම මෙන්න එහෙනම් අපි කතාවෙ පස්වෙනි අදියරේ අවසානයටම ආවා. පහුගිය සතියෙ උද්වේගය මුසුවුණු, සතුට හා තරහව පිරුණු එකක් වුණා කට්ටියට මතක ඇති. අපි ටිකක් මුලින්ම ඒ කොටස මතක් කරගෙන ඉම්මු.

මුලින්ම වෙස්ටරොස් වල වෙච්ච දේවල් බලමු.

ප්‍රාකාරය අසල.

හාඩොන් වල ඉඳන් එන ජෝන් හා ටෝමුන්ඩ් ඇතුළු පිරිස ආපහු ප්‍රාකාරය අසලට එනවා. එයාලට ඇතුළට එන්න දුන්නට ජෝන් හොඳටම දන්නවා එයාගේ අය කොහොමත් වනචාරින්ව ගෙනාව එක ගැන කැමතිම නෑ කියලා. හැමෝම හිතන්නෙ තමුන් වනචාරීන්ගෙන් මැරුම්කයි කියලා.

උතුරේ…

ස්ටැනිස්ගේ කඳවුරට රැම්සි එල්ල කරන ප්‍රහාරයෙන් බරපතල හානි සිදුවෙනවා. ඉස්සරහටවත් පස්සටවත් යන්න බැරුව හිරවෙන ස්ටැනිස් කරන්නෙ මැලිසැන්ඩ්‍රේ කියපු විදියට තමුන්ගේ එකම දරුවාව බිලි දෙනවා. ඒකට ඩාවොස් අනිවාර්යෙන්ම විරුද්ධ වෙන බව දන්න හින්දා ඔහුව කාසල් බ්ලැක් යවනවා අවශ්‍ය කරන සැපයුම් ආපහු ගේන්න. ඊට පස්සෙ ඔහු අහිංසක ශිරීන්ව බිලි දෙනවා තම ජයග්‍රහණය වෙනුවෙන්.

ඩෝන් වල…

ඩෝන් පාලක ඩොරාන් මාටෙල් ඉඩ දෙනවා ජේමිට, මාර්සෙලාව රැගෙන යන්න. හැබැයි ඒ එක්ක ඇය විවාහ ගිවිසගත්ත ට්‍රිස්ටීනුත් කිංග්ස් ලෑන්ඩින් වලට ගිහින් ඕබ්‍රන් කුමාරයා විසින් දැරුව කුඩා කවුන්සිලා අසුන ට්‍රිස්ටීන්ට දිය යුතුයි. එයට ජේමි එකඟ වෙනවා. පස්සෙ ඩෝරාන් එලාරියාට තමුන්ට අවනත වෙන්න දෙන අවසාන අවස්ථාවත් දෙනවා. ඇය එයට හිස නමනවා.

වෙස්ටරොස් වල ඔය සිදුවීම් වලින් පස්සෙ අපි බලමු පටු මුහුදෙන් එහා වෙච්ච දේවල් ගැන.

බ්‍රාවෝස් වල.

ජැකෙන් ගේ කීම පරිදි ආර්යා පහුවදාත් වරායට යනවා හීනි මනුස්සයව මරන්න. හැබැයි එතනදි ආර්යා දකිනවා වෙස්ටරොස් වල ඉඳන් ආව ටයිරෙල් හා ඔහුගේ ආරක්ෂාවට පැමිණි මෙරින් ට්‍රාන්ට්ව. මේ මෙරීන් ට්‍රාන්ට් ආර්යාගේ පළිගැනීමේ ලයිස්තුවෙ ඉන්න කෙනෙක්. මොකද ඔහු විසින් තමා ආර්යාට කඩු සටන් ඉගැන්නුව කෙනාව මරන්නේ. ඉතින් අය හීනි මනුස්සයට වස දෙනවා වෙනුවට ට්‍රාන්ට් පස්සෙ ඔත්තු බලන්න යනවා. පස්සෙන් පහු ජැකෙන්ට ඇය බොරු කියනවා හීනි මනුස්සයා කාවාටීන් ඉල්ලුවෙ නෑ කියලා. ආයෙමත් පහුවදාට යන්න අහනවා. ජැකෙන් බොරු කරපු බව දැනගෙන හෝ නොගෙන ඇයට එයට අවසර දෙනවා.

මෙරීන් වල…

හොඳම දේ සිදුවුණේ මෙරින් වලදියි. සටන් තරඟාවලිය බලමින් ඉද්දි හාපිගේ පුත්‍රයන් විසින් ප්‍රහාරයක් එල්ල කරනවා. හාම්පුතාලාගෙන් ඇතෙමෙක් ඔවුන්ට හවුල් වෙද්දි සමහරක් අය ඔවුන් අතින් මැරුම් කනවා. ඩැනේරිස්ලා හිර වෙලා ඉද්දි එක පාරටම අර පැනල ගිය මකරා එනවා. ඌ හාපිගේ පුතුනුවන්ට පහර දෙන ගමන්ම, ඩැනේරිස්ගේ අණ පරිදි ඇයවත් රැගෙන ඉගිලෙනවා.

එතනින් එහාට වෙච්ච දේවල් අද බලමු එහෙනම්

හොඳයි මුලින්ම මම ස්තූති කරනවා මා එක්ක මේ කතා සමය පුරාවටම ළඟින් උන්න ඔබ සියලු දෙනාටම. ලිපි මාලාව ගැන කමෙන්ට් වලින් වගේම ට්විටර් හා ෆේස්බුක් එකේ ස්තූති කරපු හැමදෙනාටමත් බොහොම ස්තූතියි. බොහොම හිත්ගත් ඒ වගේ ප්‍රශංසා දෙකක් මේ ලින්ක් එකෙන් හා මේ ලින්ක් එකෙන් ගියොත් බලාගන්න පුළුවන්. ලිපි ලියන්න සෑහෙන වෙලාවක් ගියත් ඒ උත්සාහයේ ප්‍රතිඵල තියෙන බව අනිවා පැහැදිලියි. ඔන්න ඔච්චරයි මට අන්තිමේ තෘප්තිමත් වෙන්න ඉතුරු වෙන්නේ. කොහොමහරි ඒ ලිපි ටික ආපහු කියවලා ආපහු මුල ඉඳන් බැලුවොත්, අද වෙනකම් ආව ගේම් ඔෆ් ත්‍රෝන් කොටස් 50 ම සෑහෙන වෙනස් විදියකට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වේවී.

තව දෙයකට කියන්න කියල තියෙන්නෙ මේ වතාවෙ නම් සිංහල උපසිරැසිය දෙන්න හැමදාම වගේ සෑහෙන්න පරක්කු වෙච්ච එක ගැන නම් සෑහෙන්න හිතට දුකයි. දන්න කියන ටික දෙනෙක්ම උපසිරැසිය දෙන්න කලින් කතාව බලපු බවත් මට කිව්වා. ඒ ගැනත් වචනයක් කියනවනම්, හැම සඳුදාම ඉංග්‍රීසි උපසිරැසිය නිකුත් වෙද්දි ලංකාවෙ වෙලාවෙන් 9.30-10 විතර වෙනවා. ඒ කියන්නෙ මම ඉන්න රටේ වෙලාවෙන් උදේ 6-6.30 වගේ. ඉතින් මම උදේට 7 ඉඳන් 8.30 විතර වෙනකම් කොටසකට උපසිරැසි දාල වැඩට ගියාට පස්සෙ ආපහු ගෙදර එන්නේ රෑ 7 විතර. ආපහු 8 විතර පටන් අරගෙන 9 – 9.30 වෙන්න කලින් ඉවරයක් කරලා සයිට් එකට දානවා. ඒ කියන්නෙ ලංකාවෙ වෙලාවෙන් නම් අඟහරුවාද පාන්දර 1230-01 අතර වගේ. ඉතින් උපසිරැය දාන්න මට පැය දෙකහමාරක් වගෙත්, අඩුපාඩු බලලා සයිට් එකට අප් කරලා දෙන්නත් අඩුම පැය 3 ක් වගේ තමා යන්නේ. ඉතින් එක දිගටම දාගන්න තිබ්බ නම් අඩුම සඳුදා දවල් 1 වෙන්න කලින් දෙන්න තිබ්බා.

මොනා කරන්නද ඉතින් වැඩට යන්නත් එපැයි. ඉතින් මම හිතුවා ලබන අවුරුද්දෙදි මේ කතා මාලාව බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් දෙනවානම්, (කවුද දන්නෙ තව අවුරුද්දකින් අපේ ජීවිතවල, සයිට් එකේ මොන මොන වෙනස් කම් වෙයිද කියලා. 😉 ) මට ඉක්මනට දෙන්න හැකියාවක් නැත්තම් වෙන අයෙක්ට මේ වගකීම පවරන්න. බලමුකො ඉතින් ඒ කාලෙ වෙද්දි.

එක කොටසයි මරණ ගොඩයි කිව්වට බය වෙන්න එපා හොදේ. ආදාහනය වෙනකම් කිසි දෙයක් හරියටම තහවුරු කරගන්න බෑ. 😉

(අහ් ඒ වගේම සතියකට සැරයක් දෙන පරක්කුවට එක එක නම් වලින් ඇවිල්ලා ලිපි වලට, කිසිම හේතුවක් නැතුව බැනල කමෙන්ට් දාපු, නමක් දාගන්න කොන්දක් නැති කෙනාටත් ස්තූතියෙන් කොටසක් යන්න ඕනා. කලින් අවුරුද්දෙ නම් දිග කමෙන්ට් දාපු අයගෙ කෙමෙන්ට් වලින් විනොදයක් ලැබුවත් මෙදා පාර විනෝදෙකට කියල තිබ්බෙ දීර්ඝ ලිපි ගැන ඒ කෙනාට තිබ්බ ඊර්ෂ්‍යාව ගැන දැකල හිනාවෙන්න ලැබීමයි. පෞද්ගලික තරහකට කමෙන්ට් දැම්මා වගේ පෙනුණට කෝ හේතුව ඇහුවට කිව්වෙත් නෑනේ. ඒ ගැන අඩුම ඊළඟට මම දෙන උපසිරැසියෙදි කෙළින් කියන්න ශක්තිය ලැබේවා කියල පතනවා. ඔන්න අනිවා කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා මගේ උපසිරැසි වලට. 😛 😛 )

පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික. 386

Game of Thrones (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

71,179 downloadsDownload GOT.S05.E10.Sinhala.zip117 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Season >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

71,179 downloadsDownload Subtitles117 KB

178 comments

  1. Lahiru

    Thanks...

    1. හර්ෂණ

      පට්ට සහෝ... ලබන අවුරුද්ද වෙනකන් නොමලොත් අනිවාර්යෙන් උබම සබ් එක දියන්. මැරෙන්න වගේ ගියොත් කියහන් මන් ඉංග්‍රීසි පන්ති යන්නම් :)

      ආදාහනය වෙනකන් කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ කියන එක මට දැන් තේරෙනවා. නැත්නම් මමත් අම්බානෙක අවුල් වෙලා හිටියේ.

    2. dinooka

      subs dena wade hodai... but site name 1 &amp; editor ge name godk wela thiyenna danna epa... eka kathwa blnna badawk... "http://www.tvsubtitles.net/" wage podi welwk site name &amp; editorge name 1 danna... font 1 thwa tikak podi una nm hodai(mage adahask) ... good luck !!!

    3. ලලිත් පෙරේරා

      මගෙ පළමු කොමෙන්ටුව, මම අලුත් මේකට. ඇත්තටම ලංකාවෙ අංක එකේ වැඩිම පිරිසක් එන යන වෙබ් සයිට් එකක් කියල හිතනව බයිස්කෝප් වෙබ්පිටුව ලංකාවෙ අපිට මෙවැනි දෙයක් තරුණයෙක් විසින් ආරම්භකරල තවත් තරුණ පිරිසකට මේකට සම්බන්ධවෙලා කටයුතු කරන්න ඉඩ කඩ සැලැස්වීම පිළිබද ස්තුති වන්ත වෙනව! ඔනැම රටක හොද දෙයක් කරද්දි බාගෙට පරිනාමය වුන අය පස්සෙන් අදිනව ඒක මිනිස් ස්හාවය, තවත් මෙවැනි අලුත් දේවල් කිරීමට දීර්ඝායුශ පතනව!

    4. ඉසු ඩිපි (Isu DP)

      එහෙන්ම හිතන්නත් කලින්ම සිසන් 5ත් ඉවරයි. අවුරුද්දක් බලන ඉන්න උනත් සිසන් 6ත් එන නිසා අවුලක නෑ.
      මෙච්චරවැඩ අස්සේ එපිය ආපු දවසේම සබ් එක දෙනවා කියන්නෙත් ලොකු දෙයක්, නිකන් නෙමෙයි පට්ට ඉතිහාස කතාවකුත් එක්ක.
      මට හිතෙන විදිහට මේ කතාව ඔයාට හැර මේ විදිහට කාටවත් කරන්න අමාරු වෙයි. ඒ නිසා කතාව ඉවර එනකම්ම සබ් එක ඔයාගෙන්ම ඔනේ. අර උනහපුලුවට දාපු කින්ඩියනම් මරු ඈ. :-P
      එහෙනම් ලබන අවුරුද්දේ හරි විදිහට නිකුත් උන S06E00 හරි E01 එක්ක හරි හමු වෙමු.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
      ජය වේවා. ! :-D

    5. Anonymous

      ටෑන්ස් ඩලා

  2. Sherlock

    thanks ayya

  3. mahima

    ස්තුති සහෝ :) :)
    මෙ දක්වා කතා මලාවටම සබ් එක දිපු එක
    තව අවුරුද්දක් ඉවසන්නේ කොහොමද දෙයියනේ :( :(

  4. Malinda

    thanks brother... appreciated

  5. Dimal

    එළකිරි රොයිලි සහො.. ස්තුති ….!!~

  6. John Snow

    thanx royly ayye,oya marama udawwak me sub dena waden karanne...gd luck...

  7. Ruchira

    sub 1ට ගොඩක් ස්තුතියි.....

  8. ගයාන් රූකාන්ත

    උපසිරසියට බොහොම තුති රොයිලි අයියේ,තාම 5 වෙනි
    සීසන් එක බලන්න ලැබුනේ නැ,දැන් ඔක්කොම සම්පුර්ණ එකේ
    මුල ඉඳන් එක දිගටම බලන්න හැකියි,නැවතත් බොහොමත්ම ස්තුතියි
    උපසිරසියට ජය!!

  9. චාමික දිල්හාර (දිලා)

    නියමයි රොයිලි අයියා............
    පරක්කු වුනාට මොකද කොහොම හරි දුන්නනේ.....
    එල එල එල එල.......................................................

  10. Shine

    niyamai saho....ena auruddeth oyama sub denna,,paya ganak parakku wunata...oya thama welawatama sub dunne,,,dawasakwath parakku nokara :)

  11. channa

    ගොඩක් ස්තුතියි උපසිරසියට
    ජය!!

  12. sameera

    ela ela

  13. Nilanka

    උපසිරසියට බොහොම තුති රොයිලි සහෝ...........

  14. akalanka

    අරු මරුනා අප්පා.යුද්ද්යකට හිටපු හොද්ම එක.ටගේරියන් කෙල්ලත්
    දෙන් කොටු උනා උරු රැලකට මගෙ හොද්ම කපල් එක... සැක් සැක් මට එකෙන් එප උනා ගෙම් ඔෆ් ත්‍රොන්... අය්යො සැක් සැක්..
    එල ඇ සබ් එකට.ගොඩක් ස්තුති..(.එත් බ්‍රො ඔය මරෙනවා කිව කතාව නම් තේරුන්නෙ නෑ)
    එලග සිස්න් එක එන්නෙ එලග අහුරුද්දෙද අෆ්ෆා... ජය වෙවා ඇඇ

  15. Hasitha

    Thanks sahoo sub 1ta....
    parakku unata aulak na supiriyata sub eka hadala denawa ne (Y) :D :D

  16. kavinda

    බොහොම ස්තූතියි රොයිලි සහෝ
    ජය !!!!!

  17. sajeevi

    thanks a lot.

  18. THARINDU

    SUB AKTA GODAK THANKS.

  19. Gamage

    thanks aayye . . .eelaga eka enakam labana awrudda wenakam inna epaya. eka thama duka hithena wade. kohoma unath api wenuwen mey ganipu mahansiyata api oyata godak thanks karanawa hadawathinma. mey katha malawa wena katawath denna epa. oyama sub karanna. eka apita loku sathutak...... ehenam godak pin ayye

  20. Anymouse

    Thanks Bro...

  21. Sampath

    Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks.........Thanks...............

  22. iroshan

    thank u for your best service brother.. :)

  23. thilina

    Thanks Bro..well done

  24. Keshan Wasala

    අපොයි !! මේ කතාවේ නම් හොද චරිත කවදාවත් ජිවත් වෙන්න නෑ වැඩිය &gt;:( කිව්වත් වගේ මට නම් තාම ඔය මරුන එවුන් හරියටම මැරුණද කියලා විශ්වාස නෑ :D මළමිනීය දකින කම් ;) දැන් ඉතින් මාස 10 ක් විතර උඩ බලන් හූල්ලන්න තමා තියෙන්නේ 6 වැනි සීසන් එකත් අයියගේන්මයි ඕනේ.. සබ පරක්කු උනාට කාරී නෑ අයියගේ වැඩ ටිකත් කරගෙන එපැයි මේවා කරන්න. එහෙනම් බොහොම පිං මේ සීසන් එක පුරාවටම සබ් වලින් වගේම ලිපි වලින් අපිට සංග්‍රහා කරාට :)
    කරන කියන වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා.. ජය වේවා !!

  25. Champath Dissanayake

    ඇත්තටම මම හැම සීසන් එකක්ම බාලා ඔයාගේ උපසිරසි එක්ක තමයි බැලුවේ .ඒත් කමෙන්ට් කලේ හරි අඩුවෙන්.ඒක උනේ මගේ කම්මැලි කමට ඇත්තටම.වෙලාවක් තිබුනේ නැහැ කියලා මම බේරෙන එක ඔයාගේ මේ නොමිලේ කරන උතුම් වැඩේට කරන හරිම අසාධරනයක්.ඔයාල වගේ අනුන්ගේ රසවින්දනය වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය වැය කරන අය හරිම අඩුයි.මාව කමෙන්ට් කරන්න පෙලඹුවේ අර කලින් ඔයාගේ දීර්ග ලිපි වල අගුණ කිව්ව මෝඩයෝ දෙන්නෙක්(නුවන්,රංග)මම හිතන්නේ උන් මේක බලන්නෙ මේකේ තියෙන වල් කෑලි බලන්න විතරයි.කතාවේ තියන නියම රසය ගන්න අතීත කථාව අනිවාර්යයි.එච්චර දීරඝ ලිපියක් ලියන්න ඔයාගේ කොපමණ කාලයක් වැය කරන්න ඇතිද?අර වගේ දෙන්නෙක් අගුණ කියද්දි අපි හැමදාම ඹබ සමගයි.ස්තූතියි රොයිලි සහෝ

    1. Ravindu thenabadu

      මම හිතන්නේ උන් මේක බලන්නෙ
      මේකේ තියෙන වල් කෑලි බලන්න විතරයි

      පට්ට කතාව මචං... :-P

    2. Chameera Weerasinghe

      //මාව කමෙන්ට් කරන්න පෙලඹුවේ අර කලින් ඔයාගේ දීර්ග ලිපි වල අගුණ කිව්ව මෝඩයෝ දෙන්නෙක්(නුවන්,රංග)
      ඇත්තටම මමත් කමෙන්ට් කරන්නෙ නෑ. සබ බාගෙන යනවා විතරයි. මට පේන්නේ අපි වගේ කම්මැලි හොරුංගේ කමෙන්ට් ගන්න මේ සයිට් එකේම ඇඩ්මින් කෙනෙක් මවපු චරිත දෙකක් වෙන්නැති මේ නුවන් රංග.

      මෙහෙම කිව්වා කියලා මාවත් උං කියලා හංවඩු ගහන්න එපා හොදේ. මට හිතිච්ච දේ කිව්වේ.

  26. kasuni

    Thnx

  27. Ravindu thenabadu

    මම හිතන්නේ උන් මේක බලන්නෙ
    මේකේ තියෙන වල් කෑලි බලන්න විතරයි

    පට්ට කතාව මචං... :-P

  28. dulaj

    thax bro...

  29. Sam

    thnkss sahooo...elzzzz...

  30. Mahesh

    sub ekata thanx aaaaaaaaa

  31. Rushan

    Thanx Macho...

  32. R.D

    බොහෝම ස්තුතියි රොයිලි සහෝ........ඊළඟ සීසන් එකත් ඔයාම දෙනවට තමා මමනම් කැමති.ඔය දුන්න ඉක්මන හොදටම ඇති.ඊළඟ සීසන් එක එනකල් අවුරුද්දක් බලන් ඉන්න තමා බැරි අප්පා........මන් හිතන්නේ ඊළඟ සීසන් එක ගොඩක්ම බ්‍රැන් කොලුවා ගැන තියෙයි වගේ.බලමුකෝ එහෙනම්............

  33. Dus

    Thank machoo.

  34. Kanapita Music

    Thanks bro....

  35. avishka

    Thnx aiye......well done

  36. devinda

    thankz bro.gdk pin.

  37. Gamith Indrika

    Another reason fans have faith Jon isn’t really dead comes from the author of the series’ himself. In 2011, just after "Dance" was released, George R.R. Martin was interviewed by Entertainment Weekly. The first question was, “So why did you kill Jon Snow?”

    Martin simply replied, “Oh, you think he’s dead, do you?”

    Read more: http://www.businessinsider.com/game-of-thrones-is-jon-snow-…

  38. channa

    ගොඩක් ස්තුතියි උපසිරසියට
    ජය!!
    අපි ආසම චරිත මියයන්නේ ඇයි ????????

  39. පාලිත නලින් කුමාර

    නියම කතාව අදින් අවසන් හිතට දුකයි උපසිරිස වලට ගොඩක් ස්තුති ජය වේ

  40. indeesha

    Patta machan.. Thanks For Sub.. Hadissiyata sub nathuwa baluwa... Dan Sinhala sub ekka aayeth balanawa

  41. udara

    what ever ....Weldon

  42. රත්ගමයා

    හම්මේ ඉතින් ඈ.....මෙච්චර කල් හැම කොටසක්ම බාගෙන කොමෙන්ට් නොදා හිටියට අද කොමෙන්ට් එකක් දාන්න එපැ‍යි...බයිස්කෝප් එකේ කොමෙන්ට් නොකරට ෆේස්බුක් එකේ, ටුවිටර් එකේ රොයිලි අයියට ඉතින් හෙනට මෙව්වා කරලා තියෙනවා...

    මම මේක බලන්න පටන් ගත්තේ සීසන් වන් එකේ ඉදලමයි..කඩ්ඩ සබ් එක බාගෙන අමාරුවෙන් අමාරුවෙන් කඩ්ඩ වචන ගැට ගහගෙන එපිසෝඩ් එක ගානේ බැලුවට කිසිම තේරුමක් තිබුනේ නෑ...
    ඊටත් ටික කාලෙකට පස්සේ ආයේ බයිස්කෝප් එකේ සිංහල උපසිරුසි දුන්න නිසා , ඔන්න දෙයියනේ කියලා තේරෙන්න ගත්තා කතාව...

    වැඩ ඔක්කොම නවත්තලා ආයේ මුල ඉදලා බලන්න ගත්තේ සිංහල උපසිරුසි ආවට පස්සේ...ඕම ඕම බලාගෙන ගියාට , ඒ අවස්තාවේ කතාව තේරුනා හැබැයි ඉස්සර මොනාද උනේ... එක එක චරිතේ නම් වගේ ඒවා මතක නෑ..

    ආයේ ටික දවසකින් තමා රොයිලි අයියා මේ ලිපිමාලාව පටන් ගත්තෙ...
    අම්මටහුඩු....එතකොටනේ යකෝ තේරෙන්න ගත්තේ..වයිට් වෝකර්ස්ලා , අර කැරැලි , මේ කැරලි , ටාගේරියන්ලා ,සිතියම් , පිස්සු රජාලා , උන්දගේ දූලා පුතාලා ,
    හම්මේ ඉතින්....ඒක අස්සේ තා කතාවක්,
    හිටපන් කියලා ආයේ බලන්න ගත්තා....
    දැන් මේ වෙනකල් තුන් පාරක් බලල තියෙනවා...
    බයිස්කෝප්පුව නැතිනම් මේ ටීවී සීරීස් එක තවත් එක තේරෙන්නේ නැති මෙලෝ රහක් නැති ටීවී සීරීස් එකක් වෙන්න තිබුනා , ඒත් දැන් නම් ඉවසන්න බෑ මේ මෙව්වා එක..
    ඉතින් මේ කරන පුණ්‍යකර්මය හේතුවෙන් රොයිලි මාමට වැඩි වැඩියෙන් කඩ්ඩ පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනෝ....

    ප්.ලි - වෙන උන් සදුදා උදේ මේක බැලුවට , මම බලන්නේ අගහරුවාදා උදේ....සිංහල සබ් එක්ක.... :)

    1. හර්ෂණ

      මන් මේක දෙපාරක් බලනව. පලවෙනි පාර විනාඩි 10න් වගේ ඉවර කරනවා. (සදුදට ) දෙවෙනි පාර තත්පරයක් වත් මිස් කරන්නේ නැතුව බලනව. (අගහරුවාදට) =D

  43. pushpika

    Jhon snowi maruna.kathawe hitapu hodama eka
    ;-(
    ;-(

  44. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  45. Ujitha

    Thank u Ayya...

  46. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    සීසන් 5ත් ඉවරයි නේ.
    චරිත ටිකකුත් කතාවෙන් තුරන් උනා.

    අදත් කතාව බලලා ඉවර වෙලා තමා මේ පැත්තට කමෙන්ටුවක් දාන්න ගොඩ උනේ.
    අන්තිම එපිය බර දේවල් ඉතා සුළුවට තියාගෙන කරලා දැම්මා.
    සර්සි ට නම් කොච්චර වද දුන්නත්, දඩුවම් දුන්නත් හැදෙන පාටක් නෑ.
    ඒ වෙනුවට එයාගේ දුවට විදින්න වෙනවා වගේ.
    පොතේ හැටියට ඩැනේරිස් අක්කා ඩොත්‍රාකී වරුන් ගාවට මකරා ගිහින් දානවා.
    ස්ටැනිස් කාරයාගේ පවුලම විනාශ වෙනවා.
    ඒකා මැරුනාද කියලා ෂුවර් නෑ.
    ටිරියන් කාරයා සුපිරි පාලනයක් කිරීමට ලෑස්ති වෙනවා.
    සන්සා තියෝන් එක්ක වින්ටර්ෆෙල් වලින් පැනලා යනවා. බලමු පැනලා යන එක හරියටම සාර්ථක වෙයිද කියලා.
    හම්මේ!! වැදගත්ම දේ, ජෝන් ස්නෝව් ට උන දේ.
    එපියේ හැටියට මැරුණා කියලා පෙන්වමින් සීසන් එක අහවර කලා.
    නමුත් ඇත්තටම මැරුනාද?
    එයාව කතාවට වැදගත් නිසා, ඊලග සීසන් එකේ දකින්න ලැබෙයි කියලා ගොඩ දෙනෙක් විස්වාස කරනවා.
    එයාගේ ජීවිතය බේරෙන්න හැකි විදි:-
    # මෙලිසැන්ඩ්‍රා විසින් ඔහුව ආලෝකයේ දෙවියන්ට කියලා බේරා ගනී.
    හේතුව, ඇය ජොන් ව දිගු රාත්‍රිය අවසන් කිරීමට හැකි Azor Ahai ගේ නැවත උත්පත්තිය කියලා විශ්වාස කිරීම. නැත්නම් ඇය ජෝන් කෙරෙහි ඇති පෞද්ගලික කැමැත්ත.

    #නයිට් කිං විසින් බේරා ගැනීම
    ජෝන් වැදගත් වීමට හේතුවක් තමා, ත්‍රී ඩ්‍රැගන් රයිඩර්ස්ලා තමා නියම පාලනයක් හා වයිට් වෝකර්ස්ලාව විනාශ කරන්නේ යන වග ඉතිහාසයේ ලියවී තියෙනවා කියලා තියෙනවාලූ.
    එහෙම උනොත් ඒ තුන්දෙනා බවට වඩාත් සුදුසු වන්නේ "ඩැනේරිස්, ටිරියන්, ජෝන්" යන අයය.
    එහෙම උනොත් අනිවා ජෝන් සීසන් 6 එකේදී දකින්න ලැබේවී.

    මේ තාක් දුරට කතාව අපිට සමීප කරන්න උදව් උනු ඔයාගේ සිංහල උපසිරැසි වලට හා ඉතිහාස පාඩම් ලිපි වලට අනේක වාරයක්, ගොඩ ගොඩාක් ස්තූතිය හදවතින්ම පුද කරනවා.
    ඔයා සබ් එක චුට්ටක් හරි පරක්කු වෙලා හරි, හැමදාම එකම වෙලාවට ගෙනාවා. අනිවා පාන්දර 12.30 සිට 1.00 අතර කාලය තුල ලබා දුන්නා නේ. ඒකටත් ස්තූතියි!!
    ඉතින් තවත් වසරක් බලා සිටිමි.
    ඔයාගේ සබ් එකත් එක්ක තමා රොයිලි අයියේ.

    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!
    (තරිදු අයියාගේ වීඩියෝ පැහැදිලි කිරීම් වලටත් ගොඩාක් ස්තූතියි!!!)

    1. suji

      ජෝන ස්නොව් සීසන් හතේලු අාපහු එන්නෙ. එතකං උෟ නැහැලු.

  47. Chamara Sampath

    බොහොම ස්තුතියි රොයිලි සහො සබ් එකට.ඔයා දීපු සබ් වගේම ඔයාගෙ ලිපු බොහොම වටිනවා.අර ශක්තිය ලැබෙන්න ඕනේ කියලා කියපු එක නම් පට්ටම කින්ඩිය අහ්හ්....
    ඔය එක එක එවුන් ඉරිසියාවට බලන් ඉන්න බැරුව කියන දේවල් ගනන් ගන්න එපා. අනික අවන්කෙන්ම කරන දේ අගයන්න ඔනේ දේ අගයන සුළු පිරිසක් උනත් අපිට ගොඩක් වටිනවා......
    ඊලග සීසන් එකත් අනිවා කරන්න පුලුවන් වෙන්න ශක්තිය ලබේවා.. ජය...!!!!!!!

  48. සඳුන් ආර් විමලවීර

    ░░░░░░░░░░░░▄▄
    ░░░░░░░░░░░█░░█
    ░░░░░░░░░░░█░░█
    ░░░░░░░░░░█░░░█
    ░░░░░░░░░█░░░░█
    ███████▄▄█░░░░░██████▄
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█████░░░░░░░░░█
    ██████▀░░░░▀▀██████▀

    ඔබේ ඉතා වටිනා කාලය අප වෙනුවෙන් කැප කලාට බෙහෙවින් තුති..
    හිතපු විදිහටම කතාව ඉවර උනා..
    Selyse Baratheon,myranda,meryn trant නම් හරියටම මැරුණා..
    අනිත් අය නම් මැරිච්ච හැටි ෂුවර් නෑ....
    බලමුකෝ තව අවුරුද්දකින් නේ..
    එතකන් මග බලන් ඉන්නවා..
    If you think this has a happy ending, you haven't been paying attention.

    1. සඳුන් ආර් විමලවීර

      ආආආ එකක් කියන්න අමතක උනා සහෝ
      true detective season 2 ලබන සතියේ ඉදන් HBO එකේ යනවා..අන්න සබ දානවනම් සුපිරි කතාව.

  49. SHEHAN

    thanks broo... sinhala upasirasa danna kalin math baluva akee hodakuth thiyenava mokada sinhala upasirasath akka baladdi vadiyen avadanayak denne upasirasata... athakota vvideo ake kotas maga harenava akanisa deparak balana aka hodaii nee.... iilaga season akatath aniva aiyama sub denna onee hodeee///////////

  50. thusitha

    maruna un guess karanna tawa awruddakma tiye. sub ekata thanks.

Load more comments