Ninja Kamui [S01 : E02] Sinhala Subtitles සුබ දවසක් වේවා හැමෝටම. මේ අරගෙන ආවේ Ninja Kamui ඇනිමේ කතාමාලාවේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. හුඟක් අය මේ ඇනිමේ එක විස්තර කරන්නේ “ඇනිමේ ජෝන් වික්” කියලයි. ඔව්, ඇත්තටම මේකේ ජෝන් වික් වයිබ් එකක් තියෙනවා තමයි. සටන් ජවනිකා නම් ආයේ ටොප් නොච්. පසුගිය කතාංගයෙන…

සුබ දවසක් වේවා හැමෝටම. මේ අරගෙන ආවේ Ninja Kamui ඇනිමේ කතාමාලාවේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. හුඟක් අය මේ ඇනිමේ එක විස්තර කරන්නේ “ඇනිමේ ජෝන් වික්” කියලයි. ඔව්, ඇත්තටම මේකේ ජෝන් වික් වයිබ් එකක් තියෙනවා තමයි. සටන් ජවනිකා නම් ආයේ ටොප් නොච්.
පසුගිය කතාංගයෙන්…
පළවෙනි එපිසෝඩ් එක පටන් ගත්තේම නින්ජාවරු විසින් සිදු කරන දාම ඝාතනයකින්. ඒ සටනින්ම තේරෙන්න ඇතිනේ මේක කොහොමටවත් ළමයින්ට හොඳ කතාවක් නොවෙන බව. ඉතින් ඊටපස්සේ අපට හඳුන්වලා දෙනවා අපේ කතාවේ ප්‍රධාන චරිතය වන ලෝගන්ව. ලෝගන් කිව්වට එයාගේ ඇත්ත නම ලෝගන් නෙමෙයි. ලෝගන් කියන්නේ එයා හදාගත්ත බොරු අනන්‍යතාවයක්.
ලෝගන් එයාගේ නෝනා සහ පුතා එක්ක පිටිසර පැත්තක, කාත් එක්කවත් ඇයි හොඳැයියක් නැතුව සාමකාමීව ජීවත් වෙනවා. මෙයා මෙහෙම ජීවත් වෙන්නේ මෙයාගේ අතීතයේ කාගෙන්හරි බේරෙන්න බව අපට තේරෙනවා. නින්ජාවරු විසින් සිදු කරන මේ දාම ඝාතනයන් නිසා ලෝගන් සහ එයාගේ බිරිඳ හෙවත් මාරි දෙන්නම කම්පනයට පත් වෙනවා. ඊළඟට මෙයාලගේ ගොදුරු වෙන්නේ එයාලද කියන දෙගිඩියාව එයාලගෙ හිතේ හොල්මන් කරනවා.
එක දවසක් රෑ හදිසියේම ලෝගන් සහ එයාලගේ පවුලට නින්ජාවරු පහරදෙනවා. එයාල ලෝගන්ව, මාරිව සහ එයාලගේ පුතාව මරාදාලා යන්න යනවා. මෝචරියේ හිටපු ලෝගන් ආපහු ජීවතුන් අතරට පැමිණෙනවා. ඒත් එයාගේ නෝනායි පුතායි එච්චර වාසනාවන්ත වෙන්නේ නෑ. ලෝගන්ව මරන්න ආපහු නින්ජාවරු ආවට එයා ඒ හැම කෙනෙක්ම මරා දානවා. එපිසෝඩ් එක ඉවර වෙන්නේ එයා තමන්ගේ ගෙදරට ගිනිතියලා, පවුල් ජීවිතයට සමුදීලා, ආපහු පරණ ජීවිතයට වැටෙන තැනෙනුයි.
ඉතින් ඊටපස්සේ එයා කරන දේවල් බලාගන්න මේ එපිය බලන්නකෝ. තුන්වෙනි එපිසෝඩ් එකේ ඉඳන් ඉදිරියට අපේ හිරාන් අයියා ඔයාලට අරගෙන ඒවි. එහෙනම් අලුත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
Ninja Kamui Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,060 downloadsDownload Ninja-Kamui-S01-E02-Sinhala-Subtitles.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ninja Kamui Sinhala Subtitles
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
7 comments
Dasun
zoro
thanks. vinland saga anime ekatath seb denna
nl
Thanks. Code Geass anime ekatath sub denna
Naara
මේකේ ඉතුරු ටිකට sub දෙන්නෙ නැද්ද?
Hardy
ඉක්මනට ඉතුරු එපි ටිකෙත් සබ් දුන්නනම් සෑහෙන්න වටිනව බොසා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
Thanks for Sub...❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ninja Kamui [S01 : E02] Sinhala Subtitles | ජෝ හිගාන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/Ninja-Kamui-2.jpg)



සුපිරි brother