Watch Trailer

Ninja Kamui [S01 : E03] Sinhala Subtitles | “අවුසා” සමාගමේ රහස [සිංහල උපසිරසි]

Ninja Kamui [S01 : E03] Sinhala Subtitles මේ එපිය ගේන්න ටිකක් නෙමෙයි හොඳටම පරක්කු වුණා. ඒකට සමාවෙන්න. ඒත් මොනවා කරන්නද? හිරාන් අයියට රැකියාව නිසා සහ මට අධ්‍යාපන කටයුතු නිසා වැඩ වැඩිවෙනකොට උපසිරසි දාන්න වෙලාවක් හොයාගන්න අමාරුයි. ඒත් මේකට උපසිරසි ගේන එක නම් නතර කරන්නේ නෑ. හිරාන් අයියට අමාරු නම් සහ මම…

Ninja Kamui Sinhala Subtitles

මේ එපිය ගේන්න ටිකක් නෙමෙයි හොඳටම පරක්කු වුණා. ඒකට සමාවෙන්න. ඒත් මොනවා කරන්නද? හිරාන් අයියට රැකියාව නිසා සහ මට අධ්‍යාපන කටයුතු නිසා වැඩ වැඩිවෙනකොට උපසිරසි දාන්න වෙලාවක් හොයාගන්න අමාරුයි. ඒත් මේකට උපසිරසි ගේන එක නම් නතර කරන්නේ නෑ. හිරාන් අයියට අමාරු නම් සහ මම ෆ්‍රී නම්, මං ඒකට උපසිරසි ගේනවා. හිරාන් අයියා ෆ්‍රී නම් එයා ගෙනේවි, මොකද මේක එයාගේ සීරිස් එක. එහෙනම්, දැන් පරක්කු වෙලා තියෙන එකේ, අපි වැඩි කතා නැතුව කලින් එපියේ වෙච්ච දේ මතක් කරගෙන ඉඳිමුකෝ.

පසුගිය කොටසින්…

කලින් කොටස ආරම්භ වුණේ, රෝහලේ සටනින් පස්සේ හොඳටම දුර්වල වෙලා ඉන්න හිගාන්ව, එයාගේ පරණ මිත්‍රයෙක් ඇවිත් හොඳ කරන තැනින් නේ. එයා අපට එළි කරනවා ඒ රෝහලේ සටනේදී හිගාන්, “ස්ටාක් අවෙයානස්” නම් රහස් නින්ජා සටන් ක්‍රමයක් පාවිච්චි කරපු බවත්, එයා ආපහු ඒක පාවිච්චි කළොත් එයා මැරෙන බවත්. මෙයාට පිංසිද්ධ වෙන්න හිගාන්ට ඇවිදගන්න පුළුවන් වුණාට පස්සේ, එයා සංවිධානයේ සියලුම නින්ජලාව මරලා තමන්ගේ පළිය ගැනීමේ ක්‍රියාන්විතයට බහිනවා.

ඒකට අවශ්‍ය තොරතුරු හොයාගන්න එයා මයික් මොරිස් එක්ක හම්බවෙන්න වෙලාවක් දාගන්නවා. මයික් මොරිස් එතනට ඇවිත් හිගාන්ව අත්අඩංගුවට ගන්න හැදුවත්, ඒක කරගන්න ලැබෙන්නේ නෑ, මොකද හිගාන්ව මරන්න ආව තව නින්ජා කෙනෙක් ඒකට බාධා කරන නිසා. එතනත් අපට නින්ජාවරු දෙන්නෙක් අතර සුපිරි සටන් ජවනිකාවක් බලාගන්න ලැබෙනවා. පේන විදියට මේ නින්ජාවරුන්ට superhuman හැකියාවන් තියෙනවා වගේ.

හිගාන්ව මරන්න ආව නින්ජා ළඟ තිබිලා මොරිස්ට හම්බවෙනවා ආයුධයක්. ඉතාම දියුණු තාක්ෂණයකින් නිෂ්පාදනය කරලා තියෙන ඒ වගේ බලවත් ආයුධයක් හදන්න පුළුවන් එකම කට්ටිය තමයි “අවුසා” කියන මේ සමාගම. ඉතින් අවුසා මේ නින්ජාවරුන්ට සම්බන්ධ ද? ජෝ හිගාන් සහ මයික් මොරිස් ඊළඟට මොකක් කරයිද? මේ නින්ජා සංවිධානය මොන වගේ දෙයක්ද? මේ ප්‍රශ්නවලට උත්තර අද එපියෙන් හොයාගන්න පුළුවන්.

හතරවෙනි එපිසෝඩ් එක හිරාන් අයියා ඔයාලට අරගෙන ඒවි. දැනට එහෙනම් මම සමුගන්නම්. ඉදිරියේදී මේ සීරිස් එකේ එපියකින් අපි හමුවෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. කොහොමහරි, ආයෙ අලුත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.

Ninja Kamui Sinhala Subtitles

 

Ninja Kamui

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,426 downloadsDownload Ninja-Kamui-S01-E03-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Next BT1

 

Ninja Kamui Sinhala Subtitles

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

2,426 downloadsDownload Subtitles16 KB

6 comments

  1. Anonymous

    Video eka thama ne

    1. Nethuka

      X man 97 ekatath denna

  2. dinni

    malle invincible eke sub dennako.. :)

    1. Anonymous

      ඊලග එපියෙත් සබ් දෙන්න cuddh

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Akila Dilhara

    Thanks for Sub...❤