Watch Trailer

Ninja Kamui [S01 : E04] Sinhala Subtitles | “අවුසා නගරය” තුළට [සිංහල උපසිරසි]

Ninja Kamui [S01 : E04] Sinhala Subtitles සෑහෙන කාලෙකට පස්සේ Adult Swim ආයතනය විසින් නිකුත් කරන Ninja Kamui කතා මාලාවේ 4 වෙනි කතාංගයේ උපසිරසි අරගෙන ආවා. මේක ගේන්න සෑහෙන කාලයක් ගිය එකට සමාව ඉල්ලන්න ඕනේ. ඉතුරු එපිසෝඩ් ටිකේ උපසිරසි ගේන්න මෙච්චර ප්‍රමාදයක් සිදුවෙන එකක් නෑ කියලා මං පොරොන්දු වෙනවා. දැනටත…

Ninja Kamui Sinhala Subtitles

සෑහෙන කාලෙකට පස්සේ Adult Swim ආයතනය විසින් නිකුත් කරන Ninja Kamui කතා මාලාවේ 4 වෙනි කතාංගයේ උපසිරසි අරගෙන ආවා. මේක ගේන්න සෑහෙන කාලයක් ගිය එකට සමාව ඉල්ලන්න ඕනේ. ඉතුරු එපිසෝඩ් ටිකේ උපසිරසි ගේන්න මෙච්චර ප්‍රමාදයක් සිදුවෙන එකක් නෑ කියලා මං පොරොන්දු වෙනවා.

දැනටත් සෑහෙන්න පරක්කු වෙලා තියෙන නිසා ලිපිය දිගට ලියන්න බලාපොරොත්තුවක් නෑ. කෙටියෙන් කලින් එපිසෝඩ් එකේ වෙච්ච් දේවල් මතක් කරල ඉන්නම්.

පසුගිය කොටසින්…

කලින් එපිසෝඩ් එක පටන් ගත්තේ මාස්ටර් යමාජි සහ “ලිල්” නම් කුරුමිටි නින්ජා අතර ඇතිවුණු කතාබහකින්. මාස්ටර් යමාජි කියන්නේ හිගාන්ගේ පරණ ක්ලෑන් එකේ නායකයා. ඒවගේම එයා තමයි මේ එක එක නින්ජාවරු හිගාන්ගේ පස්සෙන් එවන්නේ. මේ කතාබහ ඔස්සේ අපට හොයාගන්න ලැබුණා හිගාන් කියන්නේ කොච්චර දක්ෂ නින්ජා කෙනෙක්ද කියලා. ඒවගේම අපි දැනගත්තා එයා පුරාණ, රහස් නින්ජා ශිල්පයක් දන්නවා කියලත්. ඉතින් මෙයාලට ඕනේ හිගාන්ව මරන්න කලින් ඒ ශිල්පය එළි කරගන්නයි.

තව අපට “රීපර්” කියන චරිතයත් හඳුන්වා දුන්නා. මෙයා සංවිධානය වෙනුවෙන්, පිටුවහල් කරපු නින්ජලා දඩයම් කරන, දක්ෂ නින්ජා කෙනෙක්. එයා ගැන විස්තර තව අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්.

ඒවගේම අපි දැක්කා “අවුසා” සමාගම සහ නින්ජා ක්ලෑන් එක අතර තියෙන සම්බන්ධය. අවුසා සමාගමය බාධාවක් වෙන හැමෝවම නින්ජලා විසින් මරා දමනු ලබනවා. මේ අවුසා සමාගමේ රහස් එළිකරගන්න හිගාන්, මයික් මොරිස් සහ එමා එකතුවෙලා රහස් පරීක්ෂණයක් පටන් ගන්නවා. එපිසෝඩ් එකේ අන්තිමට එයාලත් ප්‍රහාරයක් එල්ල වෙන බව දැක්කනේ.

ඒ සටනින් පස්සේ හිගාන්ට එනවා කෝල් එකක්. ඒ කෝල් එක ගන්නේ හිගාන්ව දන්න කෙනෙක් බවයි පේන්නේ. එතනින් එපිසෝඩ් එක අවසන් වෙනවා.

එතනින් එහාට වෙන ටික අද එපිසෝඩ් එකෙන් බලාගන්නකෝ එහෙනම්. මේ එපිසෝඩ් එකේ ඉඳන් කතාමාලාව අවසන් වෙනකන් දිගටම උපසිරසි ගේන වගකීම ඔන්න නිල වශයෙන්ම මට පැවරුණා. ඉතුරු උපසිරසි ටික වැඩි ප්‍රමාදයක් නැතුව ලැබේවි.

එහෙම නම්, පස්වෙනි එපිසෝඩ් එකෙන් ඉක්මනින්ම හමුවෙමු. පීස් ✌️.

Ninja Kamui Sinhala Subtitles

 

Ninja Kamui

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,611 downloadsDownload Ninja-Kamui-S01-E04-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Next BT1

 

Ninja Kamui Sinhala Subtitles

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

1,611 downloadsDownload Subtitles16 KB

5 comments

  1. podda

    elama elama. sub ehenm ikmanta habu wei wage

  2. Tharusha Rawimal

    Thanks mchn sub ekt

  3. Das

    Thank you brother.ikmanin denna.asawen balannee..

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Akila Dilhara

    Thanks for Sub...❤