Watch Trailer

Ninja Kamui [S01 : E05] Sinhala Subtitles | මරණය අබියස [සිංහල උපසිරසි]

Ninja Kamui [S01 : E05] Sinhala Subtitles එහෙනම් ඔන්න අද දවස ඇතුළතම Ninja Kamui කතා මාලාවේ 5 වෙනි එපිසෝඩ් එකෙත් සිංහල උපසිරසි අරගෙන ආවා. මේ එපිසෝඩ් එකේ නම තමයි “Legend Begin”. එහෙනම් අපි වැඩි කතා නැතුව කලින් එපිසෝඩ් එකේ වුණු දේවල් බලමු. පසුගිය කොටසින්… කලින් එපිසෝඩ් එක පටන් ගත්තේ හිගාන්ට ආව අබිරහස්…

Ninja Kamui Sinhala Subtitles

එහෙනම් ඔන්න අද දවස ඇතුළතම Ninja Kamui කතා මාලාවේ 5 වෙනි එපිසෝඩ් එකෙත් සිංහල උපසිරසි අරගෙන ආවා. මේ එපිසෝඩ් එකේ නම තමයි “Legend Begin”. එහෙනම් අපි වැඩි කතා නැතුව කලින් එපිසෝඩ් එකේ වුණු දේවල් බලමු.

පසුගිය කොටසින්…

කලින් එපිසෝඩ් එක පටන් ගත්තේ හිගාන්ට ආව අබිරහස් කෝල් එකෙන්. මේ අබිරහස් පුද්ගලයා හිගාන්ට කියනවා “අවුසා”වල රහස් හොයාගන්න “අවුසා නගරය” ඇතුළට රිංගන්න ඕනේ නම් එයාට, එයාගේ උදව් ඕන වෙන බව. මොකද අවුසා නාරය 100%ක්ම ආරක්ෂා වෙලයි තියෙන්නේ. මේ කතා කරපු කෙනාත් පිටුවහල් කරපු නින්ජා කෙනෙක් බව ඇරෙන්න අපි වෙන දෙයක් දන්නේ නෑ.

මේ අතරේ එමාට අහුවෙනවා අවුසාවල ක්‍රියාකාරකම් ලැයිස්තුගත කරන, ඩාර්ක් වෙබ් එකේ තියෙන වෙබ්සයිට් එකක්. එකේ ඇඩ්මින් ඉන්න තැන හොයාගන්න එමා සමත් වෙනවා. (අවුසාවලටවත් කරගන්න බැරි වුණු මේ වැඩේ එමා වගේ කෙනෙක් කළේ කොහොමද කියන එක නම් මට ප්‍රශ්නයක්). කොහොමහරි, එමා තමන්ට පැවරුණු FBI වැඩ කරන අතරේ මොරිස් මේ හෝඩුවාව පස්සෙන් යනවා.

ඒවගේම අපට හොයාගන්න ලැබෙනවා මේ “රීපර්” නමින් පිටුවහල් කරපු නින්ජාවරුන්ව දඩයම් කරන්නේ ඉස්සර කාලේ හිගාන් සහ එයාගේ බිරිඳ මොරිස් එක්ක එකට වැඩකරපු, ඕන කටයුත්තකදී එයාලත් එක්කම තමන්ගේ ජීවිතෙත් අනතුරේ දාගන්නවා කියලා පොරොන්දුවක් දුන්නු “සායි” කියලා කෙනෙක් බව. ඉතින් ඒ කියන්නේ කවදහරි දවසක සායිට, තමන්ගේ පරණ යාළුවා වෙච්ච හිගාන්ව මරන්න වෙනවා කියන එකයි.

හිගාන්, “අබිරහස් පුද්ගලයා”ගේ උපදෙස් අනුගමනය කරමින් අවුසා නගරය ඇතුළට රිංගනවා. නගරය වටේම තියෙන බාධකය හරහා රිංගන්න හදනකොටම සායි හෙවත් “රීපර්” එයාට බාධ කරනවා. ඉතින් එපිසෝඩ් එක අවසන් වෙන්නේ දෙන්නට දෙන්නා මූණ බලාගෙනයි.

මෙතනින් එහාට මොනවයින් මොනවා වෙයිද? සායි හිගාන්ව මරාවිද? නැත්නම් පරණ යාළුකම් ආපහු මතුවේවිද? අවුසා නගරය ඇතුළට පැනගන්න හිගාන්ට හැකි වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න මේ එපිය බලන්නකෝ. අපි ආපහු6 වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. පීස් ✌️.

Ninja Kamui Sinhala Subtitles

 

Ninja Kamui

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,476 downloadsDownload Ninja-Kamui-S01-E05-Sinhala-Subtitles.zip12 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Next BT1

 

Ninja Kamui Sinhala Subtitles

Subtitles

1,476 downloadsDownload Subtitles12 KB

2 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Akila Dilhara

    Thanks for Sub...❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.