Ninja Kamui [S01 : E08] Sinhala Subtitles Ninja Kamui රසිකයින්ට ඔන්න කතාමාලාවේ 8 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසිත් හැකි ඉක්මනින් අරගෙන ආවා. එහෙනම් අපි සුපුරුදු පරිදි කලින් එපිසෝඩ් එක සාරාංශගත කරල ඉඳිමු. පසුගිය කොටසින්… කලින් කොටසේ පටන් ගත්තේ “කාමුයි” සූට් එක ඇඳගත්ත හිගාන් සහ “ලිල්” අතර සටනින්. කාමුය…

Ninja Kamui රසිකයින්ට ඔන්න කතාමාලාවේ 8 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසිත් හැකි ඉක්මනින් අරගෙන ආවා. එහෙනම් අපි සුපුරුදු පරිදි කලින් එපිසෝඩ් එක සාරාංශගත කරල ඉඳිමු.
පසුගිය කොටසින්…
කලින් කොටසේ පටන් ගත්තේ “කාමුයි” සූට් එක ඇඳගත්ත හිගාන් සහ “ලිල්” අතර සටනින්. කාමුයිගේ වැඩකිඩ බලාගන්න ලැබෙන්න ඇති නේ. ඒකේ බලය සහ හිගාන්ගේ ශක්තිය එකතු කරලා ලිල්ව මරලා එයාගේ ඔලුව සංවිධානයට අනතුරු ඇඟවීමක් විදියට යවනවා.
ඒවගේම මේ එපිසෝඩ් එකේ මරී සහ එමා අතර තිබුණු සම්බන්ධයටත් ලොකු අවධානයක් යොමු වෙලා තිබුණා. එමාගේ පොඩි කාලේ කොහොමද, එයා මරීව විශ්වාස කරන්න ගත්තේ කොහොමද, ඒ දෙන්නා අතර තිබුණේ අම්මා සහ දූ අතර තියෙන සම්බන්ධයකට සමාන සම්බන්ධයක් බවත් අපට විස්තරාත්මකව දකින්න ලැබුණා.
ඒවගේම සංවිධානයේ අතීතයත් ටිකක් දකින්න පුළුවන් වුණා. විශේෂයෙන්ම, සංවිධානය ජපානය අතහැරලා යන්න විප්ලවීය තීරණය ගන්න අවස්ථාව. දැන් සංවිධානයේ තියෙන්නේ තනිකරම මාස්ටර් යමාජිගේ ඒකාධිපත්‍යයක් බව පැහැදිලි වෙන්න ඇති නේ. දැන් සංවිධානයේ ඉන්න බහුතරයක් නින්ජාවරු වුණත් යමාජිගේ අණ පිළිපදින්නේ ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැහීම ගැන තියෙන බයට මිසක් යමාජි ගැන තියෙන භක්තිය සහ විශ්වාසය නිසා නොවන බව අපට අනුමාන කරන්න පුළුවන්.
තව සිද්ධවුණ වැදගත් දෙයක් තමයි මාස්ටර් යමාජි, සායිට හිගාන්ව මරන්න අවසරය ලබා දිම. ඉතින් සුපිරිම සටනක් අපට ළඟදිම බලාගන්න පුළුවන් වෙයි. එපිසෝඩ් එක අවසන් වුණේ යමාජිගේ මාස්ටර් ප්ලෑන් එක එමා, හිගාන්ට කියන්න පටන් ගන්න තැනින්.
එහෙනම් අද එපිසෝඩ් එක බලලා ඉන්නකෝ. දැනට නිකුත් වෙලා තියෙන්නේ එපිසෝඩ් 9යි. ඉතින් 9 වෙනි එපිසෝඩ් එකේ සබ් එක අරන් ඉක්මනට එන්නම්. පීස් ✌️.
Ninja Kamui Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,528 downloadsDownload Ninja-Kamui-S01-E08-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ninja Kamui Sinhala Subtitles
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
2 comments
රොයිලි
Akila Dilhara
Thanks for Sub...❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ninja Kamui [S01 : E08] Sinhala Subtitles | ඇත්ත හෙළිවෙයි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/Ninja-Kamui-2.jpg)


බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P