Ninja Kamui [S01 : E07] Sinhala Subtitles ඔන්න එහෙනම් Ninja Kamui කතා මාලාවේ හත්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. මේකෙදී අපට මරී සහ එමා අතර තිබුණ සම්බන්ධය සහ නින්ජා සංවිධානයේ අතීතය මොනවගේද කියන එක බලාගන්න පුළුවන්. පසුගිය කොටසින්… 6 වෙනි එපිසෝඩ් එකෙන් අපට හොයාගන්න පුළුවන් වුණා ඇත්තටම එමා කිය…

ඔන්න එහෙනම් Ninja Kamui කතා මාලාවේ හත්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි අරගෙන ආවා. මේකෙදී අපට මරී සහ එමා අතර තිබුණ සම්බන්ධය සහ නින්ජා සංවිධානයේ අතීතය මොනවගේද කියන එක බලාගන්න පුළුවන්.
පසුගිය කොටසින්…
6 වෙනි එපිසෝඩ් එකෙන් අපට හොයාගන්න පුළුවන් වුණා ඇත්තටම එමා කියන්නෙත් සංවිධානයේ නින්ජා කෙනෙක් කියලා. ඒත් එයා සංවිධානය ඇතුළේ ඉඳන් සංවිධානයට එරෙහිව වැඩ කරන නින්ජා කෙනෙක්. 5 වෙනි එපිසෝඩ් එක අවසානයේදී හිගාන්ව මරණින් බේරගත්ත නින්ජාවරිය තමයි මෙයා. ඒවගේම හිගාන්ට අවුසා නගරය ඇතුළට එන්න පාර කිව්ව “අබිරහස් පුද්ගලයා”ත් මෙයා තමයි. ඒ මදිවට පළවෙනි එපිසෝඩ් එකේදී හිගාන්ට උදව් කරපු නින්ජාත් මෙයා තමයි.
ඒත් ඇයි? ඇයි එමා මෙච්චර හිගාන්ට උදව් කරන්නේ? ඒකට හේතුව තමයි එමා සහ මරී අතර යාළුකමක් තිබිල තියෙනවා. එමා කියන විදියට මරී තමයි එයාගේ ගැළවුම්කාරිය. ඉතින් මරී වෙනුවෙන් හිගාන්ව ආරක්ෂා කරන එක සහ එයාට උදව් කරන එක එමා දැන් තමන් පිටට පටවගෙනයි තියෙන්නේ.
එපිසෝඩ් එකේදී අපට අලුතින්ම හඳුන්වා දුන්න සූට් එක මතක ඇති නේ. මේකේ නම තමයි “කාමුයි”. ඒක, user ගේ මොළයට සම්බන්ධ වෙලා එයාගේ සිතුවිලිවලට අනුකූලව වැඩ කරන, අතිනවීන සන්නාහයක්. හිගාන්ගේ මොළයට මේක සම්බන්ධ වෙන අතරෙදී එමා, “ලිල්” එක්ක දිවි පරදුරට තියලා සටන් කරමින් එයාව ආරක්ෂා කරන හැටි අපි දැක්කා. අන්තිමේදී, ලිල් එක්ක සටනින් පරාද වුණු එමා මිය යනවා කියලා තමයි අපට පෙන්නන්නේ. ඒත් එක්කම, “කාමුයි” අවදි වෙනවා.
එහෙනම් මේ එපියේ කාමුයිගේ වැඩකිඩ බලාගන්න පුළුවන් වෙයි. ඒවගේම කලින් කිව්ව වගේ එමා සහ මරී අතර තිබුණ සම්බන්ධයත් බලාගන්න හැකි වෙයි. එහෙනම්, අපි 8 වෙනි කතාංගයෙන් ආයෙ හමුවෙමු. පීස් ✌️.
Ninja Kamui Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,781 downloadsDownload Ninja-Kamui-S01-E07-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ninja Kamui Sinhala Subtitles
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
3 comments
Nadun
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
Thanks for Sub...❤
Advertisement
![Ninja Kamui [S01 : E07] Sinhala Subtitles | මරී සහ එමා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/Ninja-Kamui-2.jpg)


Thanks