Watch Trailer

No Way Out: The Roulette [S01: E07] Sinhala Subtitles | ඝාතනය [සිංහල උපසිරැසි]

No Way Out: The Roulette Season 01 Sinhala Subtitles No Way Out සීරීස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකට සබ් අරගෙනයි ආවේ අද මන්. ගිය අවුරුද්දේ Cast Line-up එක රිලීස් කරපු දවසේ ඉදන් එනකම් ඇගිලි ගැන ගැන ඉදපු එකක් මේක. ජූලි 31 වෙනිදා U+ Mobile TV හරහා නිකුත් වුනු මේ සීරීස් එක මීට සමගාමීව Disney+ හරහාත් නිකුත්…

No Way Out: The Roulette Season 01 Sinhala Subtitles

No Way Out සීරීස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකට සබ් අරගෙනයි ආවේ අද මන්. ගිය අවුරුද්දේ Cast Line-up එක රිලීස් කරපු දවසේ ඉදන් එනකම් ඇගිලි ගැන ගැන ඉදපු එකක් මේක. ජූලි 31 වෙනිදා U+ Mobile TV හරහා නිකුත් වුනු මේ සීරීස් එක මීට සමගාමීව Disney+ හරහාත් නිකුත් වෙනවා. එපිසෝඩ් අටකින් සමන්විත මේ කතාමාලාවේ අධ්‍යක්ෂණයෙන් Default, Life is Beautiful වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Choi Kook Hee සහ තිර රචනයෙන් The Devil’s Deal තිරරචක Lee Soo Jin එකතු වෙනවා. Action, Thriller, Mystery, Crime ගනයට අයිති වෙන මේ කතාමාලාව නිශ්පාදනය කරන්නේ Studio X+U සහ Twin Film එකතු වෙලා. කාස්ට් එක පැත්තට ගියොත් Star Studded ආයේ නෙක්ස්ට් ලෙවල් කාස්‍ට් එකක් ඉන්නේ. කොරියන් ඩ්‍රාමා, ෆිල්ම් බලන කෙනෙක් නම් අනිවා දන්න සෙට් එකක් තමා ඉන්නේ. ආ.. එහෙම කිව්වට මෙතන කොරියන් නොවන එක්කෙනෙක් ඉන්නවා. ඒ තමා Greg Hsu. මෙයා තායිවාන් ඇක්ටර් කෙනෙක්. Someday Or One Day බලපු අය නම් මෙයාව හොදට දන්නවා ඇති. Greg Hsu රංගනයෙන් දායක වෙන පළවෙනි කොරියානු කතාමාලාව තමා මේක. කතාව ගැන කිව්වොත් ත්‍රිලර්, ඇක්ෂන් පිස්සොන්ට සුපිරිම භාණ්ඩයක් තමා මේක

《CAST – රංගන දායකත්වය》

• Cho Jin Woong – බෙක් ජුන්ග් ශික්
• Yoo Jae Myung – කිම් ගුක් හෝ
• Kim Mu Yeol – ලී සන්ග් බොන්ග්
• Yum Jung Ah – අන් ම්යුන්ග් ජා
• Sung Yoo Bin – සෝ දොන්ග් හා
• Greg Hsu – මිස්ටර් ස්මයිල්
• Lee Kwang Soo – යුන් චන්ග් ජේ
• Kim Sung Cheol – සන්ග් ජුන් වූ

《Summary – සාරාංශය》

බෙක් ජුන්ග් ශික් කියන්නේ ආයෝජන වංචාවකට අහුවෙලා හැමතැනටම ණය වීගෙන හෙන අමාරුවෙන් ජීවත් වෙන හොසන් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙක්. මෙයා දන්න හැමෝගෙන්මයි, බැංකුවලිනුයි ණය අරගෙන දැන් ණයක් ගන්නවත් විදියක් නැතුව ඉන්නේ. ඔහොම ඉන්න අතරේ පැමිණිල්ලක් එනවා පහරදීමක් ගැන. මේ ගැන බලන්න යන්නේ බෙක් ජුන්ග් ශික්. කන කැපුන සිද්ධියක් ගැන තමා බලන්න යන්නේ මේ. බලන් ගියාම දැනගන්නවා කන කැපිලා නෙවේ, හිතාමතාම කපලා කියලා. ඉතින් බෙක් ජුන්ග් ශික් කන කැපුව කියලා හිතෙන සැකකාරයගේ ගෙදරට ගිහින් බලනවා. එයා යද්දි හැබැයි ගෙදර කවුරුවත් නෑ. ඇතුලට ගිහින් බැලුවම කපපු කන දකිනවා එයා. තව හොයලා බලද්දි බෙක් ජුන්ග් ශික්ට අමුතු සූට්කේස් එකක් හම්බෙනවා. ඇරලා බැලුවම තිබ්බේ හිතාගන්නවත් බැරි ලොකු සල්ලියක්. වොන් බිලියනයක්! ඒ සූට්කේස් එකත් අරන් එයා එහෙන් යනවා. ඒ බිලියනය හම්බෙලා තියෙන්නේ කන කපපු එකට කියලා පස්සේ තමා බෙක් ජුන්ග් ශික්ට තේරුම් යන්නේ. මේ සේරම ගේම ගහන්නේ එක්කෙනෙක්.. ඒ තමා මාස්ක් මෑන්. මාස්ක් මෑන් කියන්නේ ඉස්සෙල්ලම ඉලක්කයක් තෝරගෙන ඊටපස්සේ රූලට් එක කරකවලා ක්‍රියාවයි, දීමනාවයි තෝරන ක්‍රමයට මිනිස්සුන්ට දඩුවම් කරන කෙනෙක් කිව්වොත් හරි. මෙයාගේ ඊළග ඉලක්කය වෙන්නේ කිම් ගුක් හෝ. කිම් ගුක් හෝ කියන්නේ අවුරුදු දහතුනක් හිරේ ඉදලා තව දවස් තුනකින් නිදහස් වෙන අපරාධකාරයෙක්. මේපාර දීමනාවට දෙන්නේ බිලියන 20ක්. ක්‍රියාව තමා මරන එක. ඉතින් කිම් ගුක් හෝව මරලා කවුරුහරි බිලියන 20 අරගනීවිද? මාස්ක් මෑන් ඇත්තටම කවුද? මේකට හේතුව මොකද්ද? මේ සේරටම උත්තර දැනගන්න අනිවාරෙන් මේ සීරීස් එක බලන්න. කලිනුත් කිව්වා වගේම තත්පරයක් නෑර කුතුහලෙන් බලන්න පුළුවන් සුපිරි ත්‍රිලර්, ඇක්ෂන් අත්දැකීමක් තමා මේක එහෙනම් අන්තිම එපිසෝඩ් එකෙන් හමුවෙමු. හැමෝටම සුභ දවසක්!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

910 downloadsDownload No-Way-Out-S01-E07-Sinhala-Subtitles.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous BT1All BT1Next BT1

Subtitles by

නයන බුද්ධික

Subtitles

910 downloadsDownload Subtitles19 KB

4 comments

  1. Geun dae

    Thank you BRO

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සහෝ සබට..
    අන්තිම එපියත් ගේමු.........

  3. Geun dae

    EP 08 Ikmanin oneee ¬_¬ ¬_¬ ¬_¬

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤