No Way Out: The Roulette Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් No Way Out සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එකට සබ් අරගෙනයි ආවේ අද මන්. ගිය අවුරුද්දේ Cast Line-up එක රිලීස් කරපු දවසේ ඉදන් එනකම් ඇගිලි ගැන ගැන ඉදපු එකක් මේක. ජූලි 31 වෙනිදා U+ Mobile TV හරහා නිකුත් වුනු මේ සීරීස් එක මීට සමගාමීව Disney+ […]

ඔන්න එහෙනම් No Way Out සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එකට සබ් අරගෙනයි ආවේ අද මන්. ගිය අවුරුද්දේ Cast Line-up එක රිලීස් කරපු දවසේ ඉදන් එනකම් ඇගිලි ගැන ගැන ඉදපු එකක් මේක. ජූලි 31 වෙනිදා U+ Mobile TV හරහා නිකුත් වුනු මේ සීරීස් එක මීට සමගාමීව Disney+ හරහාත් නිකුත් වෙනවා. එපිසෝඩ් අටකින් සමන්විත මේ කතාමාලාවේ අධ්‍යක්ෂණයෙන් Default, Life is Beautiful වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Choi Kook Hee සහ තිර රචනයෙන් The Devil’s Deal තිරරචක Lee Soo Jin එකතු වෙනවා. Action, Thriller, Mystery, Crime ගනයට අයිති වෙන මේ කතාමාලාව නිශ්පාදනය කරන්නේ Studio X+U සහ Twin Film එකතු වෙලා. කාස්ට් එක පැත්තට ගියොත් Star Studded ආයේ නෙක්ස්ට් ලෙවල් කාස්‍ට් එකක් ඉන්නේ. කොරියන් ඩ්‍රාමා, ෆිල්ම් බලන කෙනෙක් නම් අනිවා දන්න සෙට් එකක් තමා ඉන්නේ. ආ.. එහෙම කිව්වට මෙතන කොරියන් නොවන එක්කෙනෙක් ඉන්නවා. ඒ තමා Greg Hsu. මෙයා තායිවාන් ඇක්ටර් කෙනෙක්. Someday Or One Day බලපු අය නම් මෙයාව හොදට දන්නවා ඇති. Greg Hsu රංගනයෙන් දායක වෙන පළවෙනි කොරියානු කතාමාලාව තමා මේක. කතාව ගැන කිව්වොත් ත්‍රිලර්, ඇක්ෂන් පිස්සොන්ට සුපිරිම භාණ්ඩයක් තමා මේක

《CAST – රංගන දායකත්වය》
• Cho Jin Woong – බෙක් ජුන්ග් ශික්
• Yoo Jae Myung – කිම් ගුක් හෝ
• Kim Mu Yeol – ලී සන්ග් බොන්ග්
• Yum Jung Ah – අන් ම්යුන්ග් ජා
• Sung Yoo Bin – සෝ දොන්ග් හා
• Greg Hsu – මිස්ටර් ස්මයිල්
• Lee Kwang Soo – යුන් චන්ග් ජේ
• Kim Sung Cheol – සන්ග් ජුන් වූ

《Summary – සාරාංශය》

බෙක් ජුන්ග් ශික් කියන්නේ ආයෝජන වංචාවකට අහුවෙලා හැමතැනටම ණය වීගෙන හෙන අමාරුවෙන් ජීවත් වෙන හොසන් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙක්. මෙයා දන්න හැමෝගෙන්මයි, බැංකුවලිනුයි ණය අරගෙන දැන් ණයක් ගන්නවත් විදියක් නැතුව ඉන්නේ. ඔහොම ඉන්න අතරේ පැමිණිල්ලක් එනවා පහරදීමක් ගැන. මේ ගැන බලන්න යන්නේ බෙක් ජුන්ග් ශික්. කන කැපුන සිද්ධියක් ගැන තමා බලන්න යන්නේ මේ. බලන් ගියාම දැනගන්නවා කන කැපිලා නෙවේ, හිතාමතාම කපලා කියලා. ඉතින් බෙක් ජුන්ග් ශික් කන කැපුව කියලා හිතෙන සැකකාරයගේ ගෙදරට ගිහින් බලනවා. එයා යද්දි හැබැයි ගෙදර කවුරුවත් නෑ. ඇතුලට ගිහින් බැලුවම කපපු කන දකිනවා එයා. තව හොයලා බලද්දි බෙක් ජුන්ග් ශික්ට අමුතු සූට්කේස් එකක් හම්බෙනවා. ඇරලා බැලුවම තිබ්බේ හිතාගන්නවත් බැරි ලොකු සල්ලියක්. වොන් බිලියනයක්! ඒ සූට්කේස් එකත් අරන් එයා එහෙන් යනවා. ඒ බිලියනය හම්බෙලා තියෙන්නේ කන කපපු එකට කියලා පස්සේ තමා බෙක් ජුන්ග් ශික්ට තේරුම් යන්නේ. මේ සේරම ගේම ගහන්නේ එක්කෙනෙක්.. ඒ තමා මාස්ක් මෑන්. මාස්ක් මෑන් කියන්නේ ඉස්සෙල්ලම ඉලක්කයක් තෝරගෙන ඊටපස්සේ රූලට් එක කරකවලා ක්‍රියාවයි, දීමනාවයි තෝරන ක්‍රමයට මිනිස්සුන්ට දඩුවම් කරන කෙනෙක් කිව්වොත් හරි. මෙයාගේ ඊළග ඉලක්කය වෙන්නේ කිම් ගුක් හෝ. කිම් ගුක් හෝ කියන්නේ අවුරුදු දහතුනක් හිරේ ඉදලා තව දවස් තුනකින් නිදහස් වෙන අපරාධකාරයෙක්. මේපාර දීමනාවට දෙන්නේ බිලියන 20ක්. ක්‍රියාව තමා මරන එක. ඉතින් කිම් ගුක් හෝව මරලා කවුරුහරි බිලියන 20 අරගනීවිද? මාස්ක් මෑන් ඇත්තටම කවුද? මේකට හේතුව මොකද්ද? මේ සේරටම උත්තර දැනගන්න අනිවාරෙන් මේ සීරීස් එක බලන්න. කලිනුත් කිව්වා වගේම තත්පරයක් නෑර කුතුහලෙන් බලන්න පුළුවන් සුපිරි ත්‍රිලර්, ඇක්ෂන් අත්දැකීමක් තමා මේක එහෙනම් අදට මන් ගියා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
814 downloadsDownload No-Way-Out-The-Roulette-S01E08.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
- #2024
- #Cho Jin-woong
- #Kim Mu-yeol
- #Kook-Hee Choi
- #MaxxA
- #No Way Out
- #No Way Out Season 01 Sinhala Subtitles
- #No Way Out: The Roulette
- #No Way Out: The Roulette Season 01 Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #Yoo Jae-myung
- #Yum Jung-ah
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Geun dae
Thank you for your hard work and dedication in bringing this series to us. ^_- ^o^. >"<
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට බොහෝම ස්තූතියි නයන බුද්ධික සහෝ.........