Watch Trailer

Normal People (2020) [S01 : E11] Sinhala Subtitles | අවසානයක් දකින්නේ කවදාද [සිංහල උපසිරැසි] [18+]

මේ ඔයාලා එකතුවෙන්නේ Normal People කතාමාලාවේ එකොළොස්වෙනි කොටසත් සමගයි. තව එක කොටසයි තියෙන්නේ කතාමාලාව අවසන් වෙන්න, එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. පාසලේ මිත්‍රයෙක් සියදිවි හානිකරගත්ත හේතුව මත කොනල් සෑහෙන ලෙස මානසිකව වැටෙනවා. කොටින්ම ඔහුට වෛද්‍යවරියකගේ සහාය පතා යන්නත් සිදුවෙන…

මේ ඔයාලා එකතුවෙන්නේ Normal People කතාමාලාවේ එකොළොස්වෙනි කොටසත් සමගයි. තව එක කොටසයි තියෙන්නේ කතාමාලාව අවසන් වෙන්න, එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්.

පාසලේ මිත්‍රයෙක් සියදිවි හානිකරගත්ත හේතුව මත කොනල් සෑහෙන ලෙස මානසිකව වැටෙනවා. කොටින්ම ඔහුට වෛද්‍යවරියකගේ සහාය පතා යන්නත් සිදුවෙනවා. මේ දේවල් සිදුවෙන්නේ අලුත් අවුරුදු උදාවත් සමාගමයි. ඉතින් කොහොමහරි කොනල් සහ හෙලන් අවමගුල් උත්සවය සඳහා සහභාගී වීමට පල්ලියට ගියාම කොනල් දකිනවා මැරියන් ඇවිත් ඉන්න බව. කාලෙකින් හමුවීම නිසා දෙදෙනාම නැවත හමුවුන නිසා ගොඩක් සතුටුවෙනවා. නමුත් හෙලන් ඉන්නේ හරිම අසතුටින්, මොකද ඇයව කාටවත් අඳුන්වා නොදුන්නු නිසා. ඒ කතාව අවසාන වෙන්නේ දෙන්නා වෙන්වීමෙන්. ඒ වෙන්වීම නිසාම ආයෙත් කොනල් සහ මැරියන් තමන්ගේ සම්බන්ධයට අලුත් අඩිතාලමක් දමාගෙන යනවා.

අද කොටස ගැන කෙටියෙන් මෙහෙම කියන්නම්. ස්වීඩන් වල ඉඳන් ආපු වෙලාවේ සිට මැරියන් ඉන්නේ හිතේ කනස්සල්ලෙන්. ඒ මොකද කියල ඔයාලා දන්නවනේ, ඒවගේම ඇලන්ගේ මානසික වධ වලිනුත් මැරියන්ට තවම ගැලවිල්ලක් නෑ. නමුත් කොනල් ඉන්න නිසා මැරියන් නැවතත් ඔහුත් සමග ඔවුන්ගේ අතීතය ගැන කතාකරනවා. කතාකරන දේවල් වල අවසානය දකින්නේ නැවතත් ලිංගිකත්වය කියන දේ ඉදිරියට ඒමෙන්. ඒවගේම මෙතැනදී ටිකක් විශේෂ දෙයක් වෙනවා. ඒ මොකක්ද කියල ඔයාල බලලම කියන්න. පුලුවන්නම් කමෙන්ට් එකක්ම දාන්න.

එහෙනම් අවසන් කොටසින් ඉක්මනට හමුවෙමු.
බයිසොක්ප් අඩවියට ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,280 downloadsDownload Normal-People-2029-S01-E11.zip12 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

3,280 downloadsDownload Subtitles12 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Thanks.....jayawewa....!

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Nilush Angana

    Sub ekata thanx

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P