Watch Trailer

NOS4A2 [S02 : E10] Sinhala Subtitles | සතුටුදායක අවසානයක්(ද) [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම.. ඔන්න NOS4A2 දෙවන කතා සමයේ අවසාන කොටසට උපසිරැසි ගෙනාවා. නමවෙනි කොටසෙදි වික් මැගී එක්ක එකතුවෙලා කෙටි මාර්ග පාලමෙන් වේන්ව බේරගන්න නත්තල්ලන්තයට යනවා.නත්තල්ලන්තයේ තැනින් තැන බෝම්බ අටවලා විවිධ තැන් විනාශ කරද්දි මැන්ක්ස් ගේ ශක්තිය දුර්වල වෙලා නත්තල්ලන්තය පුරාම නොසන්සුන්තාවක් ඇති වෙනවා.…

සුභ දවසක් හැමෝටම..

ඔන්න NOS4A2 දෙවන කතා සමයේ අවසාන කොටසට උපසිරැසි ගෙනාවා. නමවෙනි කොටසෙදි වික් මැගී එක්ක එකතුවෙලා කෙටි මාර්ග පාලමෙන් වේන්ව බේරගන්න නත්තල්ලන්තයට යනවා.නත්තල්ලන්තයේ තැනින් තැන බෝම්බ අටවලා විවිධ තැන් විනාශ කරද්දි මැන්ක්ස් ගේ ශක්තිය දුර්වල වෙලා නත්තල්ලන්තය පුරාම නොසන්සුන්තාවක් ඇති වෙනවා. මැන්ක්ස් එක්ක රණ්ඩු වෙන මිලී ඇත්ත ලෝකයට එනවා. තමන්ව විනාශ වෙන්න ගියත් ඇගේ සැරසිල්ල අතට ගත්තම මිලීට ඇත්ත ලෝකයේ ඉන්න පුළුවන් වෙනවා. අවසානයේදි වික් වේන්ව හොයා ගන්නවා.

අවසාන කොටස ගැනත් පොඩ්ඩක් කියන්නම්. වික් වේන්ව ඇත්ත ලෝකෙට අරගෙන ආවත් එයාගෙ අමනුශ්‍ය ස්වභාවය නැති වෙන්නෙ නෑ. ඒත් වේන් නත්තල්ලන්තයට යන්න කලින් එල්ලපු සැරසිල්ල විනාශ කලාට පස්සෙ එයාව ටිකෙන් ටික සාමාන්‍ය ස්වභාවයට පත් වෙනවා. කෙටි මාර්ග පාලම දිගේ වික්ගෙ පස්සෙන් එන මැන්ක්ස්ව වික් පාලම විනාශ කරලා අතුරුදහන් කරනවා. මැන්ක්ස්ට මොකද වුනේ කියලා අන්තිමට බලාගන්න පුළුවන්. මීට වඩා කියන්නෙ නෑ..තුන්වන කතා සමයක ඉඟියක් දෙමිනුයි අද කතාව ඉවර වෙන්නේ.

එහෙනම් මං යනවා. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,070 downloadsDownload NOS4A2-S02-E10.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

LaHIRU

Subtitles

1,070 downloadsDownload Subtitles20 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Malaka prasad

    thnq saho sub ekata. jaya wewa baiscope..... season 03 enne na neda cancel wela neda

  5. MAALNATH

    Thanks..........good luck................