Watch Trailer

October Faction [S01 : E01] Sinhala Subtitles | නැවතත් උපන් නිවසට [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් තවත් වැඩකට අත ගැහුවා.ජනවාරි මස 23 Netflixලා විකාශය කරපු October Fraction කතා මාලාවට උපසිරැසි ලබා දෙන්නයි මේ සූදානම. මේක භාරගෙන ටිකක් කල් වුනත් නොවැලැක්විය හැකි හේතු කිහිපයක් නිසා වැඩේ පොඩ්ඩක් කල් ගියා. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. උපසිරැසි කරන්න මේක වෙන් කරලා දුන්න හස…

සුභ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් තවත් වැඩකට අත ගැහුවා.ජනවාරි මස 23 Netflixලා විකාශය කරපු October Fraction කතා මාලාවට උපසිරැසි ලබා දෙන්නයි මේ සූදානම. මේක භාරගෙන ටිකක් කල් වුනත් නොවැලැක්විය හැකි හේතු කිහිපයක් නිසා වැඩේ පොඩ්ඩක් කල් ගියා. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. උපසිරැසි කරන්න මේක වෙන් කරලා දුන්න හසන්ත අයියට මුලින්ම ස්තූති කරනවා. Steve Niles හා Damien Worm විසින් රචිත October Fraction කොමික් සීරීස් එක ඇසුරෙන් Damian Kindler නිෂ්පාදනය කරපු මේ කතා මාලාව IMDb 6.2ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. Sci-Fi | Horror | Drama ගණයට අයත් වෙන මේ කතා මාලාවෙ කොටස් 10ක් තියෙනවා.කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම් එහෙනම්..

ගොඩක් අය ආසාවෙන් බලපු සීරීස් එකක්නෙ Supernatural කියන්නේ. ඒකෙ සෑම් සහ ඩීන් කියන්නෙ රාක්ෂයො සහ අනිත් අධිස්වාභාවික ජීවීන් දඩයම් කරන සහෝදරයො දෙන්නෙක්නෙ. ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් කියන්නෙත් මේ වගේ රාක්ෂ දඩයක්කාරයො දෙන්නෙක්. හැබැයි මේ අය වැඩ කරන්නෙ ප්‍රෙසිඩියෝ කියන රහස් සංවිධානයකට. ප්‍රෙසිඩියෝ කියන්නෙ මිනිසුන්ව ගොදුරු කරගන්න වෙයාවුල්ෆ්ලා, වැම්පයර්ලා වගේ රාක්ෂයන්ව අධ්‍යනය කරලා එයාලව දඩයම් කරන එක මූලික අරමුණ කරගත්ත ලොව පුරා නියෝජිතයො ඉන්න අති දියුණු අවි ආයුධ සහ උපකරණ තියෙන ශක්තිමත් සංවිධානයක්.

ඔන්න ඉතින් දවසක් ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් ජපානයේ මෙහෙයුමක යෙදිලා ඉන්නකොට ෆ්‍රෙඩ් ට දැනගන්න ලැබෙනවා තමන්ගෙ තාත්තා හෘදයාබාධයකින් මැරිලා කියලා. තරුණ වයසෙ ඉඳලම තමන්ගෙ තාත්තා එක්ක වැඩි ඇයි හොඳැයියක් නැතත් ෆ්‍රෙඩ් තීරණය කරනවා අවමංගල්‍යයට සහභාගී වෙන්න. තමන්ගෙ දරුවො දෙන්නත් එක්ක බැරින්ටන් ඔන් හඩ්සන් වලට එන මේ අයට මිනිස්සුගෙන් එච්චර හොඳ පිලිගැනීමක් ලැබෙන්නෙ නම් නෑ. අනිත් අයට විහිළුවක් කරන්න කියලා බොරුවට මළවුන් ගෙන්වීමක් කරන විව් නොදැනුවත්වම විලක හිර කරලා තියෙන කාන්තාවක්ව නිදහස් කරනවා. මල ගෙදර අස්සෙත් ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් වැම්පයර්ලා දෙන්නෙක්ව දඩයම් කරනවා. ඔය ඇතිනෙ, විව්ට මොකද වුනේ, නිදහස් වුන කාන්තාව කවුද කියලා දැනගන්න වෙන්නෙ මීලඟ කොටස් වලින් තමයි. මං ලිපි ලිවීමේ දක්ෂයෙක් නම් නෙමෙයි ඒ නිසා කියවද්දි පොඩ්ඩක් කම්මැලිත් ඇති. එහෙනම් මීලඟ කොටසෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,069 downloadsDownload October-Faction-S01-E01.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

2,069 downloadsDownload Subtitles33 KB

15 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. malithmadhushan45

    සුපිරියක් තමා ඉක්ම්නට අනිත් ටික දෙමු සහෝ. ජය වේවා

  3. suranuwan

    thanks bro sub ekata.......

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ... ඉක්මනට ඉතුරු කොටස්වලටත් සබ් දෙන්න..
    ජය වේවා.!

  5. සචින්ත කල්හාර බෙනට්

    බොහෝම ස්තූතියි මේ ටීවි සීරීස් එක සබ් කළාට. ඉතුරු ටිකත් ඉක්මණින්ම දෙමු.
    ෴෴ජය...!෴෴

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. geeganagamage

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන

  9. Ayesh Prashan

    Thank You

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Rumesh Asanka

    thank you

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. Pramukmili

    Thanxxx bro...............

  14. MAALnath

    Thanks .............good luck .................

  15. Ravindra

    Thanks