Watch Trailer

October Faction [S01 : E10] Sinhala Subtitles | මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් October Faction පලමු කතා මාලාවේ අවසාන කොටසටත් ආවා.කතා මාලාවෙ මෙතෙක් කොටස් වල පොඩි සාරාංශයක් කරන්නම්කො එහෙනම්. ෆ්‍රෙඩ් ජපානෙ ඉඳලා තමන්ගෙ තාත්තගෙ අවමංගල්‍යයට සහභාගි වෙන්න ඩෙලෝරිස් සහ තමන්ගෙ දරුවො දෙන්නා වෙන ජෙෆ් සහ විව් එක්ක බැරින්ග්ටන් ඔන් හඩ්සන් වලට එනවා.මේ වෙලාවෙ විව් බොරු මළවුන් කැඳවී…

ඔන්න එහෙනම් October Faction පලමු කතා මාලාවේ අවසාන කොටසටත් ආවා.කතා මාලාවෙ මෙතෙක් කොටස් වල පොඩි සාරාංශයක් කරන්නම්කො එහෙනම්.

ෆ්‍රෙඩ් ජපානෙ ඉඳලා තමන්ගෙ තාත්තගෙ අවමංගල්‍යයට සහභාගි වෙන්න ඩෙලෝරිස් සහ තමන්ගෙ දරුවො දෙන්නා වෙන ජෙෆ් සහ විව් එක්ක බැරින්ග්ටන් ඔන් හඩ්සන් වලට එනවා.මේ වෙලාවෙ විව් බොරු මළවුන් කැඳවීමක් කරනවා. මේ කැඳවීමෙදි විව් නොදැනුවත්ව සිරකරලා තිබුන කාන්තාවක්ව නිදහස් කරනවා. බැරින්ටන් වල පදිංචි වෙන විව් සහ ජෙෆ්ට අසාමාන්‍ය සිදුවීම් වගයක් සිද්ධ වෙනවා. පෙර නිමිති දැකීම, අනිත් අයගේ හිත් කියවීම, මැරුන අයව පෙනීම වගේ දේවල්.මේ අතරතුරේදි විව් නිදහස් කරපු කාන්තාව ගෙදරට ඇවිත් මැරුන ඉන්ද්‍රජාලිකයන්ගෙ අළු තිබුන බඳුනක් අරගෙන යනවා. මේ වෙලාවෙදි අනතුරු ඇඟවීමෙ සංඥාවක් නාද වෙනවා.ඒ වෙලාවෙදි සන්නද්ධ වෙන ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් දකින තමන්ගෙ දරුවො දෙන්නා දැනගන්නවා ඒ අය රාක්ෂ දඩයක්කරුවො දෙන්නෙක් කියලා.

අළු බඳුන අරගෙන යන කාන්තාව තමන්ගෙ බලයන් ආයෙත් ඇවිත් විව් සහ ජෙෆ්ව පැහැරගෙන යනවා.මේ අයව අරගෙන යන කාන්තාව ඒ අය ඉන්ද්‍රජාලිකයො කියලා කියනවා. එතනින් පැනලා යන ජෙෆ් සහ විව් ප්‍රෙසිඩියෝ නියෝජිතයන්ට අහුවෙනවා.මෙයාලව බේරගන්න ඇලිස් එයාලට අළු වල බලය දෙනවා. මේ අතරතුරේදි තමන්ගෙ දරුවන්ව හොයාගෙන එන ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස්ට මේ අයව මුන ගැහෙනවා. විව් සහ ජෙෆ් දැනගන්නවා ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් කියන්නෙ තමන්ගෙ ඇත්තම දෙමව්පියෝ නොවන බවත් ඇලිස් කියන්නෙ තමන්ගෙ ඇත්තම අම්මා කියලත්.

අවසාන කොටස ගැනත් පොඩි විස්තරයක් කරන්නම්. කලින් කොටසෙදි ඇලිස් ගේට් නයිට් එක තියෙන භූමියේ සංකේතයක් සලකුණු කරනවනේ. මේ සංකේතය භාවිතා කරලා ඇලිස් හාර්ලෝ හවුස් වල මැරුණ අයගෙ ආත්ම ගේට් නයිට් එකට ආව අයගෙ ශරීර වලට ඇතුල් කරනවා. මේ ක්‍රියාවලිය අතරතුරේදි නිදහස් වෙන ශක්තිය හොයාගන්න ප්‍රෙසිඩියෝ එක ගේට්නයිට් එකට කඩා වදිනවා. මෝෂේගෙ උදව්වෙන් නිදහස් වෙන ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් මේ වෙලාවෙ එතනට එනවා. මීට වඩා කියන්නෙ නෑ එහෙනම්.

කමෙන්ට් කරපු අයටත් කතා මාලාව වෙන් කරලා දුන්න හසන්ත අයියටත් ස්තූති කරන ගමන් උපසිරසි වල වැරදි අඩුපාඩු ඇත්නම් ඒවටත් සමාව ඉල්ලනවා. තවත් කතා මාලාවකට උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,460 downloadsDownload October-Faction-S01-E10.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

LaHIRU

Subtitles

2,460 downloadsDownload Subtitles30 KB

15 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rumesh Asanka

    thank you

  3. madusanka

    Thanks Bro දිගටම කරගෙන යන්න ජයෙන් ජය..*!!

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් දුන්නට මේ කතාවට :) :) ...
    ජය වේවා.!

  5. Anonymous

    supiri.thawa thawath me wage series karana shakthiya dairya labewa

  6. Nuwan Kanchana Ganegoda

    බොහෝම ස්තුතියි . !

  7. #Sandman

    thanks bro,sub eka supiri.

  8. Anonymous

    Thank You

  9. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    පට්ට කතාවක්...
    Cancel කරේ නම් අපරාදේ...
    තවත් මේ වගේ කතා මාලාවක් අරගෙන එමු....

  10. suranuwan

    thanks...

  11. Anonymous

    eka digt blnn puluwn kthwak tq godak oyt

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Pramukmili

    Thanx bro...................

  14. Visal Wijesinghe

    Thanks mchn okkoma subs bagatta...
    Thank you very much ❤

  15. Ravindra

    Thanks