Watch Trailer

Oh My Ghostess (2015 – ) [E01] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! මගේ පළවෙනි උපසිරැසියෙන්ම මම අරගෙන ආවේ අලුත්ම අලුත්, ලස්සනම කොරියන් කතාවක්. ඇත්තටම කිව්වොත් කොමඩි, හොල්මන් කතාවක් කිව්වොත් හරි. හැමෝම පරණ කතා අරගෙන එන අතරේ මම හිතුවා අලුත්ම කතාවක් ගෙනත් බලන්න. මේ කතාව දකුණු කොරියාවේ tvN නාලිකාවේ, ගියවසරේ 2015 ජුලි 3 තමයි මුලින්ම විකාශණය ආරම්භ උනේ. එ…

ආයුබෝවන් හැමෝටම! මගේ පළවෙනි උපසිරැසියෙන්ම මම අරගෙන ආවේ අලුත්ම අලුත්, ලස්සනම කොරියන් කතාවක්. ඇත්තටම කිව්වොත් කොමඩි, හොල්මන් කතාවක් කිව්වොත් හරි. හැමෝම පරණ කතා අරගෙන එන අතරේ මම හිතුවා අලුත්ම කතාවක් ගෙනත් බලන්න. මේ කතාව දකුණු කොරියාවේ tvN නාලිකාවේ, ගියවසරේ 2015 ජුලි 3 තමයි මුලින්ම විකාශණය ආරම්භ උනේ. එතැන් පටන් මුළු දකුණු කොරියාවක්ම හොල්මන් කළ මේ කතාව 2015 අගෝස්තු 22 දක්වා විකාශණය වෙනවා. මමත් දැනට දකුණු කොරියාවේ ජීවත් වෙන නිසා හොදින්ම දන්නවා. තවමත් කොරියානුවන් කතාකරන, ලොකු පොඩි කා අතරත් මුවග මුමුණන මේ කතාවේ සමහර සිදුවීම් කවදාවත් මතකයෙන් අමතක කරන්න බැරි වේවි. ඒකට හේතුවකුත් තියනවා. මේකේ කතාවේ නායිකාව වෙන්නේ නා බොං සොන්. නා බොං සොන්ට රංගනයෙන් දායක වෙන්නේ සම්මාන ගණනාවකින් පිදුම් ලබපු ජනප්‍රිය නිලි Park Bo-young. දකුණු කොරියාවටම ඉන්න හුරතල්ම කෙල්ල කිව්වොත් හරියටම හරි, ඒක කොච්චර දුරට ඇත්තද කියලා ඔයාලම බලන්න. රංගනය ඒ තරම් සුවිශිෂ්ඨයි.

දැන් කතාව පැත්තට හැරුනොත්,
නා බොං සොන් කියන්නේ කිසිම ආත්ම විශ්වාසයක් නැති, දුර්වල, ජීවිතේ එපා උන කෙල්ලෙක්. එයාට එහෙම වෙලා තියෙන්නේ හොල්මන් නිසා. ඔව්, එයාට ඇත්තටම හොල්මන් පේනවා. නා බොං සොන් වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකක. ඒකේ අයිතිකාරයා තමයි කං සොන් වූ චෙෆ්. රංගනයෙන් දායක වෙන්නේ Jo Jung-suk. මේ කං සොන් වූ කියන්නේ තමා ගැන වර්ණනා කරගන්න හරිම ආඩම්බර චරිතයක්. කොහොම උනත් නා බොං සොන්ගේ හිතේ ඉන්නෙත් මේ කං සොන් වූ ම තමයි. මේ අතරේ ඉන්නවා කන්‍යාවක් වෙලා මැරුණ නිසා දිව්‍යලෝකෙට යන්න බැරුව සැරිසරන ආත්මයක්. ඒ තමයි ශින් සුන් හේ. මේ හොල්මනට රංගනයයෙන් දායක වෙන්නේ Kim Seul-gie. ඉතින් ශින් සුන් හේ ට මේ හොල්මනෙන් ගැලවෙන්න නම් පිරිමියෙක් එක්ක ඉන්නම වෙනවා. හැබැයි සමාන්‍ය පිරිමියෙක් මෙයාව සිපගත්ත තමන්ම ඇග සීතල වෙලා ගිහින් හුස්ම ගන්න බැරිවෙනවා. ඉතින් කොහේ කරන්නද?.. ඒ නිසා මෙයාට හොයාගන්න වෙනවා ඒවට ඔරොත්තු දෙන ජෛව බල පිරිමියෙක්. ඒත් එහෙම අය ඉන්නේ මිලියනයකට එකයි. . ඒ නිසා මෙයා ලස්සන ගැහැණුන්ගේ ඇගවල් වලට රිංගලා ජෛව බල පිරිමියෙක් හොය හොය යනවා. මෙයාට එහෙම කෙනෙක් හොයාගන්න පුළුවන් වේවිද? ඒ කවුරු වේවිද?.

දවසක් අහම්බෙන් මේ හොල්මන නා බොං සොන්ගේ ඇගට ඇතුළු වෙනවා. එතන ඉදන් තමයි මේ හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නේ. කොහොම හරි ආඩම්බරකාර කං සොන් වූ චෙෆ්, නා බොං සොන්ට ආදරය කරන්නත් පටන්ගන්නවා. ඒත් ප්‍රශ්ණයක්?? චෙෆ් ආදරය කරන්නේ ඇත්තටම නා බොං සොන් ටද, නැත්තම් ඇගට ආවේශවෙලා ඉන්න හොල්මනටද? මේ ශින් සුන් හේ කියන හොල්මන මැරුණෙ කොහොමද? අභිරහසක්ද? ඒකට චෙෆ් එක්ක තියන සම්බන්ධය මොකද්ද? කතාව බලන්නම වෙනවා නේද? ඇත්තටම, ඉවරඋනොත් අපරාදේ කියලා හිතෙන එක හුස්මට බලන්න හිතෙන ආදරය, භීතිය, දුක, සතුට එකට කැටි උන ලස්සන කොමඩි ලව්ස්ටෝරියක්. imdb අගය 8.4ක් උන මේ කතාවේ එක කොටසක් ඔයා බැලුවොත් ඔයාටම තේරෙයි.

ආ, විශේෂයෙන් කියන්න දෙයක් තියනවා. මම මේකෙ උපසිරසි කරන්න පටන්ගන්නකොට හරියට ටොරන්ට් එකක්වත් තිබුනෙ නෑ. ඔක්කොගෙම අඩුපාඩු. මේ ටොරන්ට් එක පස්සේ ළගදි දාපු එකක් නිසා යාළුවෝ බාගෙන ඉවර උනාම අනිත් අයටත් බලන්න සීඩ් වෙන්න ඉඩදෙන්න කියලා ඉල්ලනවා. මගේ පළවෙනි උපසිරසිය නිසා අඩුපාඩු ඇති. ප්‍රස්ථා පිරුළු කෑම වර්ග වගේ සමහර දේවල් ඒවිදියටම සිංහලට පරිවර්තනය කරන්න බැරි අවස්ථා ගොඩක් තියනවා. කොරියන් දන්නඅය ඉන්නවා නම් අඩුපාඩුත් කියලා දෙන්න. බලන අය හැමෝම හොදද නරකද කියලාවත් යන්න. ස්තූතියි. ජයෙන් ජය.

Oh My Ghost! (2015 -) on IMDb

 

 

6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,037 downloadsDownload Oh.My_.Ghost_.E01.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                               All Episodes                                Next Episode>>

Subtitles by

චලිත ජයමාල්

Subtitles

3,037 downloadsDownload Subtitles315 B

76 comments

  1. sudda

    meke direct link ekk dipn bro

    1. Chalitha Jayamal

      kickasstorrents සයිට් එකේ තියනවා මචං..

    2. Chalitha Jayamal

      startorrents.com/torrent/6896464/oh-my-ghost-2015-540p-complete.html

  2. ගාලු කොල්ලා

    patta machan ikmanata anith ewatyh dapan

    1. Chalitha Jayamal

      ස්තූතියි. රැදීඉන්න.

  3. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    1. Chalitha Jayamal

      ස්තූතියි.

  4. pavara

    godak kal idan balan hitapu ekak thanx bro

    1. Chalitha Jayamal

      ස්තූතියි. ලස්සන කතාවක් නේද?

  5. නවින් නිසල්

    නියම වැඩක්. ඉක්මනට අනිත් එපිසෝඩ් ටිකටත් සිංහල සබ් දෙන්න... කාලෙකට පස්සේ ඔන්න අද කොරෝයන් ටීවී සිරිස් එකක් බලන්න පටන් ගන්නවා

    1. Chalitha Jayamal

      ස්තූතියි.. දිගටම බලන්න. ලස්සනම කතාවක් ඉවරඋනොත් අපරාදේ කියලා හිතෙයි.

  6. udara

    patta patta mchn hoda wedak patan argena tyenna dgtma puluwn widiyta sub denna sahoo

    1. Chalitha Jayamal

      ස්තූතියි. බලමු සුපිරි පතාවක් හම්බඋනොත් ආයේ..

  7. Kavindu Theekshana Wand

    THE MAGICIANS wlt th sub ek dnko bro
    Supiri ma series ek. Imdb 7.6 tynw aniw hit wei.
    Season 2 th ghn plan krlalu.

    1. Chalitha Jayamal

      සොරි යාළු.. කොරියන් දන්න නිසා මං මේක කරේ.. බලමු ස්තූතියි..

    2. Kavindu Theekshana Wand

      Ok anytime bro (y)

  8. ප්‍රණීත් චින්තක

    නියමයි සහෝ.
    පලමු උපසිරැසියට බොහෝම සුබපැතුම්.
    තවත් උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි..

  9. “චූටී මල්ලි”

    mcn oya dila tiyena sub eka menna mei 720p torrnt ekata galapeyi neda mcn
    poddak balalaa kiyanna
    hash 6BD4B96F7A5807C0A79768A66B6D3E39C53BD6EF

    tnxxxxx

    1. Chalitha Jayamal

      නෑ යාළු.. 540 p 6.08Gb එකට විශේෂයෙන් හැදුවේ.. ඒක ගන්න. ස්තූතියි.

    2. “චූටී මල්ලි”

      ok mcn tnx

  10. Chami.S

    Thanks for the sub..
    Anik episodes tikath ikmanatama denna balanna.
    Good Luck..!!!

    1. Chalitha Jayamal

      අනිවාර්යෙන්.. දිගටම බලන්න. ස්තූතියි.

  11. Chalitha Jayamal

    ඩිරෙක්ට් ලින්ක් එක startorrents.com/torrent/6896464/oh-my-ghost-2015-540p-complete.html

  12. Kulanjana Maduranga

    patta mcn...korean drama 1k ne...aniwa balanawa...1st 1kenma supiri drama 1k genath.G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHALITHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි. දිගටම බලන්න.

  13. kasun

    ammo pissu hadei athi yantham korean ekak denawa.hoda korean ekak denakam goda kalayak balan ediya korean kiyanne ethin supirima thamai.digatama korean ewama denna balanna mokada api asa ewata

    1. Chalitha Jayamal

      නියමයි. ස්තූතියි.

  14. Uditha

    Ela ela mcn....me dan banna danma...... kotas tika ikmanata danawa ne...balagena innawa

    1. Chalitha Jayamal

      අනිවාර්යෙන්. දිගටම ඉන්න. ස්තූතියි.

  15. kavinda

    මං අහලා තියෙනවා මේ ගොඩක් ලස්සන කතාවක් කියලා.
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...

    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු.

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

    මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.

    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි අදහස් වලට.. දිගටම අපිත් එක්ක ඉන්න.

  16. kasun

    youtube eke kathawa thiyenawa ekata sub eka galapenawa.

    1. Chalitha Jayamal

      එහෙමද?.. මේ ටොරන්ට් එකට විශේෂයෙන් හැදුවේ.. ස්තූතියි.

  17. රොයිලි

    බොහොම ස්තූතියි ජයමාල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි රොයිලි අයියා.. ඔයාලාට තමයි හැම ස්තූතියක්ම.

  18. buddhika

    ade patta bn..palaweni episode eka beluwa..ilaga eka balanakam iwasillak ne..ikmanata diyan macho..pattama kathawak...pattama patta...puluwannam adama sub eka diyan macho....

    1. Chalitha Jayamal

      ගොඩක් සතුටුයි.. ඔයාලගේ අදහස් තමයි වටින්නේ..
      දිගටම ඉන්න. ඉස්සරට කතාව තවත් සුපිරියි..

  19. silent$

    Pattaaaaa Brooooo !!!!!!!!!

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි..

  20. Suu

    thank u yalu

    1. Chalitha Jayamal

      ස්තූතියි. දිගටම බලන්න.

  21. daham

    Niyamaaaai chaliya wasi wasi

  22. daham

    Patttta pattta chaliyaa niyemai wasi wasi meka

    1. Chalitha Jayamal

      ස්තූතියි.. ඉදිරි කොටස් ටිකත් බලන්න

    2. daham

      Aa ban 1weni kotase witranee sub eka deneee

  23. chamini

    wow balanna ekak nathuwa hitiye thanks bro

    1. Chalitha Jayamal

      ඇත්තටම ලස්සන කතාවක්. දිගටම බලන්න.

  24. tharusi

    අනේ මම බලාගෙන හිටිය එකක්.ලස්සන කතාවක්.මම ඉංග්‍රීසී උපසිරස එක්ක බැලුවා.දැන් ඉතින් අයේ සැරයක් බලනවා.ස්තුති අයියේ..............................................

    1. Chalitha Jayamal

      කොච්චර බැලුවත් එපාවෙන්නෙ නම් නෑ.. ස්තූතියි අදහස්වලට.

  25. charindu

    ස්තූතියි. ලස්සන කතාවක්

  26. charindu

    ස්තූතියි. ලස්සන කතාවක්...!

    1. Chalitha Jayamal

      ඔව්..දිගටම බලන්න.

  27. anu

    thanks sub ekata kathawa lassanai.puluwannam ekmanin sub dennna ekadigata baluwama kathawe rasaya wadi.

    1. Chalitha Jayamal

      ඔක්කොම හදලා තියෙන්නේ.. දිගටම ඉන්න. ස්තූතියි.

  28. Awantha Shashith

    ලොවෙත් නෑ මචං එල..... මම මේක කලින් බලල තියෙනවා බං.මමත් කොරියන් ඉගෙන ගන්නවා සුපිරි language එක බන්..

    1. Chalitha Jayamal

      ස්තූතියි. දන්න අය දන්නවා මචං.. හොදට ඉගෙන ගන්න.

  29. maligaspe

    සුපිරියි හාෙදේ ඉදිරියටත් මෙිවැනිදේ කිරිමට ඔබට ජය........고맙습니다

    1. Chalitha Jayamal

      네.. 감사합니다.

  30. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරැසියට චලිත සහෝ දිගටම සබ් දෙමු....!!!

    1. chalitha Jayamal

      ස්තූතියි..

  31. Nish

    Thanks bro... ikmanata iwara karanna karala denna ehenam. good luck!!

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  32. tharu

    please oyata puluwanda surplus princess (The Idle Mermaid ) Korean tv serie ekath denna...mama huga kaleka indan hoyanne please...puluwannam dennako sub ekath ekka...........and mma oh my ghstess okkoma tika baluwa some episodes without ur sub...however thank you for sub and tv serie puluwannam mama kiwwa kathawath denwada....please..............

    1. Chalitha Jayamal

      ම්ම්ම්.. වෙලාවනම් ගොඩක් අඩුයි.. ඒත් බලන්නම්. ස්තූතියි.

    2. tharu

      thanks yo.....bro........

  33. Swarnarekha sewwandi

    බොහොම ස්තුතියි මේකට සබ් දුන්නට
    හරිම ලස්සන කතාවක් ! දිගටම Korean drama වලට sub දෙන්න

  34. Sanduni Koshila Wimalasiri

    Ane healer korean drama eke sub ekath dennako.......

  35. amila guruge

    Me sub ekt godakm thanks.oy kiww wge me kthawa mrau.eth park bo-young south korea wala huruthalm kella kiww ek piliganna amarui.
    Example ekkt kim so hyun blnnko
    Kohom hri thanks bro sub ekt adupaduwk tibbath nathath ub witrne sub ekk dala tiyenne

  36. manori

    Thanks sub ekata lsaana kathawak....oyata pin

  37. මයිකි

    තැන්ක්ස් කතාවට තව අලුත් කොරියානු කතාවකටත් සබ් එක දෙන්න

  38. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    1. roshanthi

      sub ekata galapen link nhane hoya ganna. balapu kauru hari help karannako

    2. Roshanthi

      Meka balanna asai.eth link Hoya ganna nahane sub ekata galapena.

  39. Roshanthi

    Thiyena sub ekata link wada nahane.balapu kenek sub ekata galapena link ekak kiyannako.pls