කොහොමද ඉතින් හැමෝටම? මේ අරගෙන එන්නේ Netflix එකේ අතිශය සාර්ථකත්වයට පත්වෙච්ච One Piece ලයිව්-ඇක්ෂන් කතා මාලාවේ 8 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි යි. මේක තමයි පළමු කතා සමයේ අවසාන එපිසෝඩ් එක. නම් කරලා තියෙන්නේ “Worst in the East” කියලයි. කතාව නම් සුපිරි බව ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මේ ලිපිය ලියන…

කොහොමද ඉතින් හැමෝටම? මේ අරගෙන එන්නේ Netflix එකේ අතිශය සාර්ථකත්වයට පත්වෙච්ච One Piece ලයිව්-ඇක්ෂන් කතා මාලාවේ 8 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි යි. මේක තමයි පළමු කතා සමයේ අවසාන එපිසෝඩ් එක. නම් කරලා තියෙන්නේ “Worst in the East” කියලයි.
කතාව නම් සුපිරි බව ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට IMDb දර්ශකයේ 8.6 ක අගයක් දිනාගන්න මේක සමත් වෙලා තියෙනවා. ඒවගේම මේ එපිසෝඩ් එකේ IMDb score එක 9.1 ක්. ඔරිජිනල් මන්ගා එකේ රචකයා වන Eiichiro Oda සෙන්සෙයි, showrunnersලත් එක්ක සමීපව වැඩ කරමින් සීරීස් එක නිෂ්පාදනය කරල තියෙනවා කිව්වාම ඒක පුදුමයට කාරණයකුත් නෙමෙයි.
ඉතින් අපි මුල් එපිසෝඩ් එකේ දැක්ක, මුහුදු කොල්ලකාරයින්ගේ රජු වෙන්න හීනයක් තිබුණු, පිදුරු තොප්පියක් දාන් උන්නු තනිකඩ කොල්ලා මේ වෙනකොට විශ්වාසවන්ත නාවිකයෝ කණ්ඩායමක් හොයාගෙන සෑහෙන්න දුරක් ඇවිල්ලා තියෙනවා. ඒවගේම සෝරෝ, නමී, උසොප්, සාන්ජි සහ ලූෆි යන මේ කල්ලිය බගී, කුරෝ, මීහෝක් වැනි මුහුදු කොල්ලකාරයින් එක්කත්, මැරීන්ස්ලා එක්කත් හැප්පෙන හැටි අපි දැක්කනේ. ඉතින් මේ විශ්වාසවන්ත කල්ලිය එච්චරම විශ්වාසවන්ත නොවන බව අපට හිතන්න සලස්වමින් නමී, ආර්ලෝන්ග් වෙනුවෙන් ලූෆිව පාවලා දීලා ග්‍රෑන්ඩ් ලයින් එකේ සිතියම එයා අතට දෙනවත් අපි දැක්කා. පහුගිය එපිසෝඩ් එකේදී එළිවුණා එයා එහෙම කළේ එයාගේ ගමේ ඉන්න හැමෝවම බෙරී මිලියන 100ක් ගෙවලා ආර්ලෝන්ග් ගේ ග්‍රහණයෙන් නිදහස් කරගන්න බව. එපිසෝඩ් එක අවසාන වුණේ ආර්ලෝන්ග්, නමීව පාවලා දුන්නට පස්සේ ලූෆි එයාට උදව් කරන්න එකඟ වෙන තැනිනුයි. ඒ අතරේ ලූෆිව හොයාගෙන එන මැරීන්ලා එයා ඉන්න තැන දැනගන්නවා. ඉතින් මේ ඔක්කොම කූටප්‍රාප්තියට පැමිණෙන්නේ මේ එපිසෝඩ් එකේදියි. එපිය ගැන එකම එක දෙයක් කියන්නම්: එපිසෝඩ් එක ඉවර වෙනකොට, දෙවෙනි කතා සමය එනකල් ඉවසිල්ලක් නැති වෙයි.
වන් පීස් එක මුල් සතිය ඇතුළේ විතරක් නැරඹුම් වාර මිලියන 18.5ක් ලබා ගනිමින් මේ වෙනකොට Stranger Things සහ Wednesday වගේ හිට් සීරීස් පවා පසු කරලයි තියෙන්නේ. ඉතින් මේ සාර්ථකත්වය නිසා වගේම ෆෑන්ස්ලගෙන් සහ critics ලගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාර නිසා දෙවෙනි කතා සමයක් එන එක නම් නිසැකයි. මේ වෙනකොට දෙවෙනි කතා සමයේ scripts පවා ලියලා අවසන් බව executive producer Marty Adelstein කියලා තියෙනවා. ඒවගේම එයා කියලා තියෙනවා WGA සහ Actors ලගේ වැඩ වර්ජනය අවසන් වුණ ගමන් එයාලා production ආරම්භ කරන බව. එයින් මාස 12ක් සහ 18ක් ඇතුළේ දෙවෙනි කතා සමය එළිදකින බව කියලා තියෙනවා. ඒත් ඒක වෙනස් වෙන්න පුළුවන් බව මතක තියාගන්න. දෙවෙනි කතා සමයක් ආවොත්, බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඒකට අනිවාරෙන්ම උපසිරසි වැටෙන බව දන්නව නේ.
එහෙම නම් කට්ටිය එපිය බලන්නකෝ. එහෙනම් සීරීස් එකට උපසිරසි ගෙනාව විමා අයියා, දුලක්ෂණ සම්පත්, හිරාන් එරන්ද, ලහිරු මදුෂාන්, සුචිත්‍ර ප්‍රනාන්දු, සුජිත් ජයරත්න, බුවනෙක යන සහෝදර උපසිරසිකරුවන්ට ස්තුති කරමින් වැඩේ අහවරක් කරනවා. ඊළඟ උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
“I’m Monkey D. Luffy. Remember the name,
‘cause I’m gonna be King of the Pirates.”
පීස් ✌️
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
15,579 downloadsDownload One.Piece_.2023.S01E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #One Piece
- #One Piece S01
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
31 comments
Pasindu
විමා
ෆික්ස්ඩ්!
senaka
i can not see download button.
විමා
ෆික්ස් කළා.
senaka
Thank you
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සනුප මලේ.
ඊළඟ සීසන් එකේදිත් සෙට් වෙමු :)Sanupa Ranmeth
අනිවාරෙන්ම අයියේ. ❤️
Buddhika Lakmal
මුලු සීසන් එක පුරාවටම සබ් ගේන්න තමුන්ගෙ පෞද්ගලිත කාලය කැපකරපු සියලුම දෙනාට බොහෝම ස්තූතියි.... දෙවැනි සීසන් එකත් ආපහම ඒකටත් මේ වගේම සබ් ගේමු....
මසියා
Thanks for sub brother ♥️
lakmal karunathilaka
sub dipu set ektama godak thanka
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Sub deepu seyaluma denata Godakma pin..........
ළහිරු සඳරුවන්
පුලුවන්නම් The Wheel of Time, Invasion, Foundation tv series වල අලුත් seasons වලටත් subtitle දෙන්න.
Ravindra
Sub dipu set ekatama thanks
SHAN
THANK YOU.PULUWAN NAM THE SWARM 2023 SEASIN EKATATH SUB DENNOO
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasiya KG
සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ... කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා...එහෙනම් ඊලඟ සීසන් එකෙන් හමුවෙමු... ජය වේවා...✌️❤️
chinthaka.max4
thanks machan
Sahan Gayantha
thanks a lot sub ekata.. eka digata sub ikmanata dunnata pattama thanks set ekatama.. jaya wewa..
Udara Damith
එල කොර
පසිඳු අමන්ද ගුණතිලක
කතාවෙ මුල ඉදන් අගටම සබ් දුන්න හැමදෙනාටම ස්තූතියි
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌danushka
aadarei manike............................
lakshan
thanks .................
Shirath
Supiriyak tamai ❤️❤️❤️
(Netflix) Yu Yu hakusho anime live action ekath one
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
baiscopelk ishu
Thnq soo much oyalage effort ekata.
Anonymous
thank you
Sumith Kumara
Sub eka dunna Baiscope Mandalayta thank you❤️❤️❤️❤️❤️
Kavee
Thank you Sahoo!
Anonymous
Good job!
Sithara ravishnka
Wheel of time subtitle nane
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![One Piece [S01 : E08] Sinhala Subtitles | වන් පීස් සොයා….. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/One-Piece-S01-2023-a.jpg)



Download not found