One Punch Man [ S02: E03 &E04 ] Sinhala Subtitles ඉතින් One Punch Man Season 2, 3 සහ 4 කොටස්වල සිංහල උපසිරසි තමා මේ විදිහට අරගෙන එන්නෙ. කලින් කොටස් දෙක කට්ටියම බලන්න ඇතිනෙ? ගොඩක් විශේෂ සිදුවීම් ටිකක් අපි දැක්කා. එහෙනම් පොඩි මතක් කිරීමක් කරගෙන අද ගෙනාපු කොටස්දෙක බලලා දාමු… පසුගිය මතකයන් – Season 1 බ…

ඉතින් One Punch Man Season 2, 3 සහ 4 කොටස්වල සිංහල උපසිරසි තමා මේ විදිහට අරගෙන එන්නෙ. කලින් කොටස් දෙක කට්ටියම බලන්න ඇතිනෙ? ගොඩක් විශේෂ සිදුවීම් ටිකක් අපි දැක්කා. එහෙනම් පොඩි මතක් කිරීමක් කරගෙන අද ගෙනාපු කොටස්දෙක බලලා දාමු…
පසුගිය මතකයන් –
Season 1 බලපු ඔයාලට මතක ඇති සයිතමා සහ ජෙනොස් හීරෝ කෙනෙක් වීමේ අරමුණ ඇතිව හීරෝ ඇසෝසියේෂන් එකෙන් තිබ්බ පරීක්ෂණයට මුහුණ දුන්නා. මේකෙදි Class C,B,A තුළ පිළිවෙලින් රෑන්ක්-අප් වෙන්නෙ නැතුව ජෙනොස් එකවරම Class S එකට ඇතුලත් වෙනවා. ඒ විදිහට මීට කළින් Class S එකට එකවරම ඇතුලත් වෙලා තියෙන්නෙ “කින්ග්” කියන හීරෝ විතරයි. කලින් කොටස් බලපු අපිට ඇත්තටම දැනගන්න ලැබුණා මේ කින්ග් කියන එකාගෙ නාඩගම මොකක්ද කියල. ඇත්තටම සයිතමාගෙ පිහිටෙන් ගොඩගියපු තවත් ගෝත පැටියෙක්… දුක කියන්නෙ මිනිස්සු වෙනුවෙන් මැරීගෙන කට්ට කන සයිතමා දොස් අහනකොට, මොකවත් නොකර ගේම් ගගහා ඉන්න මේ ගෝතයට මිනිස්සු හුරේ දාන එකනෙ… නිකමට හිතලා බලන්න. හරිනම් සයිතමා ඉන්න ඕනෙ මේ කින්ග් කියන එකා ඉන්න තැන නෙමේද? හැබැයි දැන් නම් මේ ඩබල හොඳ යාළුවො වෙලා. ඒකත් එක අතකට හොඳා ඉතින්. මොකද සයිතමාගෙ හැකියාවන් ගැන දන්න තවත් එකෙක් දැන් ඉන්නවනෙ.
ඒ වගේම Class S Rank 2 වල ඉන්න ටෙරිබල් ටොනාඩො නැත්නම් තත්සුමාකිගෙ නංගි, ෆුබුකිත් ආවා සයිතමාට පොඩි සද්දයක් දාලා යන්න. ඇයට ඕනෙවෙලා තිබුණෙ සයිතමාව තමන්ගෙ ඉත්තෙක් කරගෙන ජාමෙ බේරගන්න. හැබැයි ඉතින් සයිතමා ඇවිල්ලා ඔහොම කල්ලි ගැහෙන ජාතියෙ ඩයල් එකක් නෙමෙනේ. අන්තිමේදී සයිතමා කියන්නෙ කොයිවගේ පොරක්ද කියල ෆුබුකිත් දැනගන්නවා. ආ… අර සොනික්කාරයා එතකොට. ඌ නම් හැමදාම එනවා… කනවා… යනවා… පව් ඉතින්.
වැදගත්ම දේ තමා ඔන්න “ගාරෝ” කරළියට ආවා. මිනිහා හීරෝ ඇසෝසියේෂන් එකේ රැස්වීමකට පැනලා එතන ඉන්න හීරෝලටයි පාතාලෙ උන්ටයි ඔක්කොටම කුණුවෙන්නම නෙළනවා. එහෙම නෙළලා තව මාස 6කින් ශක්තිමත් වෙලා එන්නම් කියල මූ ආපහු යනවා. ඉන්න… මාස 6කින්!? මදමේ ශිභාබවා අනතුරු අඟවලා තියෙන මහා ව්‍යසනය ඇවිල්ලා මේ ගාරෝවත්ද? කොහොමද එහෙම වෙන්නෙ? ඒක දැනගන්න එහෙනම් One Punch Man ඉදිරියට බලාගෙන යමු. හමුවෙමු 5 සහ 6 කොටස් තුළින්෴
“I became a hero for fun.”

One Punch Man,One Punch Man [ S 02: E 03 & E04] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,597 downloadsDownload One-Punch-Man-S02-E03-E04.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
3 comments
Akila Dilhara
dilsara
thanks sub ekata ,,ayye vinland saga anime ekatath sinhala sub genna puluwanda
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![One Punch Man AKA Wanpanman [S02: E03 & E04] Sinhala Subtitles | ඇරඹෙන දඩයම! [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/One-Punch-Man-S01.jpg)



Thanks for Sub...