Watch Trailer

One Strange Rock [ S01 : 10 – Home ] Sinhala Subtitles | ගෙදර වගේ තැනක් වෙන කොහේවත් නෑ..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… ආයුබෝවන් යාළුවනේ..! “අජටාකාශගාමීන් අට දෙනෙක්, දවස 1000කට අධික කාලයක් අභ්‍යාවකාශයේ රැඳෙමින්, පහළින් වෙන දේවල් ගැන, ඔවුන් අවබෝධ කරගත්ත විදිය ගැන, අපිට පැහැදිලි කරල දෙනව.” විල් ස්මිත්ගෙ හඬින් මුලින්ම මේ වචන ටික පිටවෙනකොට මම නම් ඇබ්බැහි වෙලා ඉවර වුණා. බැලුවනම් ගොඩක් අය…

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…

ආයුබෝවන් යාළුවනේ..!
“අජටාකාශගාමීන් අට දෙනෙක්, දවස 1000කට අධික කාලයක් අභ්‍යාවකාශයේ රැඳෙමින්, පහළින් වෙන දේවල් ගැන, ඔවුන් අවබෝධ කරගත්ත විදිය ගැන, අපිට පැහැදිලි කරල දෙනව.” විල් ස්මිත්ගෙ හඬින් මුලින්ම මේ වචන ටික පිටවෙනකොට මම නම් ඇබ්බැහි වෙලා ඉවර වුණා. බැලුවනම් ගොඩක් අයට එහෙම වෙන්න ඇති. හරි, එහෙනම් මම ප්‍රශ්නයක් අහල ඉන්නම්. කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් ගෙදර කොහෙද, කියල මොකද්ද දෙන උත්තරය? නොයෙක් අය නොයෙක් තැන් ගැන කියයි. හැබැයි අපි ගෙදර කියල නොකියන තැනක් තමන්ගෙ ගෙදර කියල හඳුන්වාගන්න පිරිසකුත් ඉන්නව. ඒකට හේතුව එයාල අපිට වඩා මයිල 250ක් උඩ හිටපු කට්ටියක් වීම. අපි මෙතෙක් කතා කළේ ඔවුන්ගේ අත්දැකීම් එක්ක. මේ වෙනතෙක් අපි අජටාකාශගාමීන් 7 දෙනෙක් එක්ක දීර්ඝ කතාබහක් සිද්ධ කළා.
Chris Hadfield,
Nicole Stott,
Jeffrey A. Hoffman,
Mae Jemison,
Leland Melvin,
Mike Massimino,
Jerry Linenger.

අද එන්නෙ විශේෂ කෙනෙක්. නමින් ඇය Peggy Whitson. ඉතිං ඇයි ඇය මෙ තරම් විශේෂ? ඔන්න ගවේෂකයන්ට ඉඩ තියල ඇගේ විශේෂත්වය ගැන කිසිම දෙයක් මම හෙළි කරන්නෙ නෑ. නමුත් මම ඇය ගැන වෙන විදියකට කියන්නම්. සමනලයෙක් හැදෙන්නෙ කොහොමද? අපෝ උත්තරය හරි සරළයි නේ? සමනලයෙක් හැදෙන්නෙ දළඹුවෙක්ගෙන්. දළඹුවා, සුහුඹුලා බවට පත් වෙලා පස්සෙ සමනලයෙක් වෙනව. මේ සමනලුන් අතර ලෝකයේ ඉතාම විශේෂ සමනල විශේෂයක් ඉන්නව. මොනාක් සමනලුන්. ඒකට හේතුව ලෝකයේ විවිධ ප්‍රදේශය වල ජීවය ආරම්භ කරන මොවුන් ශීත කාලය ගත කරන්න මයිල දෙතුන් සීය ගෙවාගෙන යන්නෙ මෙක්සිකෝවට. හිතන්න සමනලයෙකුට ඒ තරම් දුරක් යන්න පුළුවන් ද? ඇරත් යන්න හරියට පාරක් දන්නෙත් නැතුව. ඒක තමයි ස්වභාවධර්මයේ තියෙන රහස. ඉතිං මොනාක් සමනලුන් එක්ක Peggy Whitsonට තියෙන සම්බන්ධය මොකද්ද? උත්තරය තියෙන්නෙ අද කොටස තුළින් දැන්ගන්න පුළුවන්.

ඉතිං අපි මෙතෙක් ආපු ගමනේ ලෝකය නිර්මාණය වුණු විදිය, ලෝකයට ජීවය ලැබුණු විදිය, ජලය හටගත් විදිය, ජීවින් හටගත් විදිය, ඒ වගේම සූර්‍යයාගේ ශාපය සහ ආශිර්වාදය, චන්ද්‍රයාගේ බිහි වීම, ජාන හටගත් හැටි, ප්‍රභාසංස්ලේෂණය, මරණය, සොබාදහමේ ආශිර්වාදය, සම්පත් කොල්ල කෑමෙ ප්‍රතිවිපාක, පෘථිවිතලයෙන් බැහැරව වෙනත් ග්‍රහලෝක වල ජනාවාස තැනීම, මෙකී නොකී දාහක් දේවල් ගැන දැනගත්ත. අද කියන්නෙ අපේ ගෙදර ගැන. ඒකත් ඔයයි මමයි හිතාගෙන ඉන්න, දන්න ගෙදර නෙවෙයි. අපේ ඇත්තම ගෙදර ගැන.

දැන් මම මේ කියන කතාවට ලොකුවට අදාල නම් නැහැ. නමුත් දැනුවත් වීම උදෙසා කියන්නෙ. ශ්‍රී ලංකා ධරණීතලයට විශාල ගෞරවයක් එක්කළ විශිෂ්ට විද්‍යාඥ ආතර් සී ක්ලාක්, මෙතුමා ගැන නොදන්න කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. ඉතිං ඔබත් දැනුම ගවේෂණයට ලැදියාවක් දක්වන කෙනෙක් නම්, එතුමා රචනා කරන ලද, “ලෝක විනාශය, රාමා, මිහිකතේ ගීතය, 2010, 2061, 3001 ” පොත් පෙළ රස විඳින්න කියලත් ආරාධනා කරනව.

“ජීවය පිළිබඳ වියහැකියාවන් දෙකක් පවති: එක්කෝ අපි විශ්වයේ තනිවී සිටී හෝ තනිවී නැත. කෙසේ වෙතත් කාරණා දෙකම එකම ආකාරයෙන් තැතිගන්වනසුළුය..”
– ආතර් සී ක්ලාක් –

ඒ වගේම “ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ස්ටීවන් හොකින්ස්” නම කිව්වම කවුද නොදන්නෙ. ඉතිං පහුගිය දවසක විද්‍යාව මගින් එතුමා ඉදිරිපත් කළ සංකල්පයක් යථාර්ථයක් බව ඔප්පු කළා. ඒ තමයි “කළු කුහර.” මේ වෙනතෙක් හුදෙක් මතයක්ව පැවතුණු සංකල්පයක් ඒ අනුව යතාර්ථදර්ශි බවට පත් වුණා.

“බුද්ධිය යනු වෙනස්වීම් වලට හුරුවීමට ඇති හැකියාවයි..”
– ස්ටීවන් හෝකින්ස් –

ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ නැෂනල් ජියොග්‍රොෆි ආයතනය විසින් තීරණය කරල තියෙනව මෙම කතා මාලාවේ දෙවැනි කතා මාලාවක් ලබා දෙන්න. IMDb දර්ශකයේ 8.9ක දැවැන්ත අගයක් පළමු කතා සමයට ලැබීමෙන් තේරුම් ගන්න පුළුවන් දෙවැනි කතා සමයක පදනම සැකසෙන බව. ඒ වගේම ඒ කතා සමය මේ වසරේ අග නිකුත් කිරීමට නියමිත බව තමයි සඳහන් වුණේ. ඒ වගේම මතක් කරන්න ඕනෙ මේ කතා සමය ඔබ වෙත ගෙන ආවෙ ශාන් විමුක්ති එක්ක එකතුවෙලා. ඔහුට වගේම අදහස් දැක්වූ හැම කෙනෙකුටම මේ අවස්ථාවෙ ශීර්ෂ ප්‍රණාමය පුද කර සිටිනවා. තෙරුවන් සරණයි..!

“යමෙක් ගස් සෙවනක හිඳ සෙවන ලබා, එම ගසෙහි එක් පත්‍රයක් හෝ සිඳලන්නේහිද, හේ තෙම මිත්‍රද්‍රෝහී ක්‍රියා කළා වන්නේය…!”
– ගෞතම බුදුරජාණන් වහන්සේ –

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

2,322 downloadsDownload One.Strange.Rock_.S01E10.Home_.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

2,322 downloadsDownload Subtitles27 KB

25 comments

  1. Lasa_Sadaru

    Thanks brother

  2. dx12

    Thanks bro

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    Season 2 එකටත් සබ් අරන් එමු ආවහම...
    ආතර් C. ක්ලාර්ක්ගේ පොත් ටිකනම් සුපිරි....

  5. Waruna Kamalawansha

    අනිත් එකත් මේ වගේම ගේන්න ආපු කාලෙක... මේකට නම් ඇබ්බැහි උනා තමයි... බොහෝම ස්තූතියි උපසිරැසියට

  6. Chameeramadusanka

    Thenks bro sub

  7. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  8. Chanu mikhail

    Thanks bro

  9. suranuwan

    thanks bro.......

  10. sahanga

    බොහොම ස්තූතියි සහෝ උපසිරසියට
    අනිත් එකත් ආව ගමන් කරන්න
    GOOD LUCK
    ඒ වගේම ශාන් අයියටත් thanks

  11. rkasun

    thanx

  12. Ayesh95

    Tnx

  13. Milinda Sadaruwan

    thank you bro

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Nirosha Nirosha

    thanks

  16. Mahesh ruwan

    bohoma sthuthi sub 10tama

  17. sehanvihanga

    The Goebbels Experiment
    2005 ekata sub dennako.

    1. Milinda Perera

      යාලුවා බොහොම ස්තූතියි ලොකු කැපවීමකින් මේ වගේ වටිනා කමෙන් අග්‍රගණ්‍ය උන වාර්තාමය කතාමාලාවකට සබ් දුන්න එකට.ගොඩක් ආසාවෙන් බැලුව කතා මාලාවක්.දෙවනි එකත් අනිවා කරමු හොදේ.මේ ගැන දැන් තියෙන්නෙ පිපාසාවක්.ඒ තරම් වටිනවා.ඔබට ජය!!

  18. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) මේකෙ season 02 ආවම ඒකටත් සබ් දෙන්න අනිවාරෙන්.. මේක නම් සුපිරිම..
    ජය වේවා.!

  19. Amila Mudalige

    Sub ekata Thanks

  20. Waruna Wijerathna

    Thanks

  21. Anonymous

    Thanks bro

  22. Dineth Kanishka

    සබ් දුන්න ඔක්කොටම ස්තුතියි.

  23. Manu

    Godak Sthuthi..Jaya wewa!!

  24. Manu

    Godak sthuthi..jaya wewa!