මේ අරගෙන එන්නේ, Outlander කතා මාලාවේ, හයවන කොටසයි, සතියක විතර ප්‍රමාදයකින් පස්සේ තමයි මේ කොටස අරගෙන එන්නේ. වැඩි කතා ඕනේ නැහැ, පස් වන කොටසේ සිදු වුණ දේවල් මතක් කරගෙන ඉමු. මතක ඇති ගියවර කොටස ආරම්භ වන්නේ, බදු එකතු කිරීම සඳහා වංශයේ භූමිය පුරා ඩූගල් මැකැන්සීගේ නායකත්වයෙන් යුතුව අරඹන චාරිකාවත් සමඟ. මෙතෙක…
මේ අරගෙන එන්නේ, Outlander කතා මාලාවේ, හයවන කොටසයි, සතියක විතර ප්‍රමාදයකින් පස්සේ තමයි මේ කොටස අරගෙන එන්නේ. වැඩි කතා ඕනේ නැහැ, පස් වන කොටසේ සිදු වුණ දේවල් මතක් කරගෙන ඉමු.
මතක ඇති ගියවර කොටස ආරම්භ වන්නේ, බදු එකතු කිරීම සඳහා වංශයේ භූමිය පුරා ඩූගල් මැකැන්සීගේ නායකත්වයෙන් යුතුව අරඹන චාරිකාවත් සමඟ. මෙතෙක් දවසක් ලියෝහ් මාලිගයේ සිරකාරියක්ව සිටි ක්ලෙයාර් බේචම්ප්, ලැබුණු අවසරයෙන් චාරිකාවට එක් වෙනවා. එසේ එකතු වන්නේ, චාරිකාව අතරතුර ඉන්වර්නර්ස් වලට ගොස් තමා පැමිණි කාලයට ආපසු යා හැකිය කියන බලාපොරොත්තුවෙන්. මේ කඳුකර වැසියන් සමඟ ගමන් කරන ක්ලෙයාර්ට ඔවුන්ගේ හැසිරීම් රටාවන් මනාවට දැක ගත හැකි වෙනවා. ඩූගල් මැකැන්සී විසින් චාටුවෙන් ගම්මුන්ගෙන් බදු අය කරගන්නා විධිය ගැන ඇය කලකිරීමට පත් වෙනවා. ගම්මුන්ගෙන් බදු එකතු කරන අතරේම ඩූගල් තමන්ගේ සාක්කුවත් පුරවාගන්න උත්සාහ දරන බවක් ක්ලෙයාර්ට තේරුම් යනවා. ඒ කස පහර නිසාවෙන් විරූපී වී ඇති ජෙමීගේ පිට ප්‍රදර්ශනය කරමින්. ඒ විරූපී පිට, දැකීමෙන් ඉංග්‍රීසීන් කෙරෙහි ඇතිවන කෝපය හේතු කොටගෙන, ඉංග්‍රීසින්ගෙන් ආරක්ෂා වීම උදෙසා, ඩූගල් මැකැන්සීගේ සහාය ලබා ගැනීම වෙනුවෙන්, ගම් වැසියන් විසින් බදු වලට අමතරව තමන් සතු මුදල් ඩූගල්ගේ පසුම්බියකට දමනවා. මෙය බලා සිටින ක්ලෙයාර් මේ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය ප්‍රකාශ කර සිටියත්, පසුව ඩූගල් මේ කරන්නේ තමන්ගේ සාක්කුව පුරවා ගැනීමක් නොව, ජැකෝබයිට්වරුන්ගේ කැරැල්ලක් වෙනුවෙන් ආධාර එකතු කරගැනීමක් බව අවබෝධ කරගන්නවා.
කෙසේ වෙතත්, ඇන්ගස් ඇතුළු පිරිසගේ අවලාද වලට ක්ලෙයාර් මුහුණ දෙන්නේ, ඇයට අදාළ නැති කාරණා වලට ඇය මැදිහත් වීමට උත්සහ දරන නිසයි. ඒ එක්කම තමන්ගේ කමිසය ඉරා දමමින් තම තුවාල කැලැල් ප්‍රදර්ශනය කිරීම නිසාවෙන් ජෙමීත් ඩූගල් සමඟ යම් තරමක කෝපයකිනුයි සිටින්නේ. නමුත් වෙනත් කළ හැක්කක් නොමැති නිසාවෙන් ඔහු ඒ සියල්ල විඳ දරාගෙන සිටිනවා. ගමින් ගමට යමින් බදු මුදල් එකතු කරන අතරේ තමන්ට අදාළ නැති කාර්යක් වෙනුවෙන් ක්ලෙයාර් මැදිහත් වීමට යාම නිසා, ඇන්ගස් සහ ඩූගල් විසින් ඇයට අවලාද නඟනවා. මෙය අසා සිටින ඉංග්‍රීසි සෙබළෙක් ඒ අවස්ථාවේදී එයට මැදිහත් වෙන්න උත්සහ කළත් ඩූගල්ගේ පිරිස් බලය වැඩි නිසාවෙන් එයට මැදිහත් නොවී එතනින් නික්මෙනවා.
බදු මුදල් එකතු කරමින් යන අතරේ එක් ආපනශාලාවක ඔවුනට නවාතැන් ගන්නට සිදු වෙනවා. ඒ නවැතැන්පොලේ සිටින වෙනත් අයෙක්, ක්ලෙයාර්ට සෙල්ටික් භාෂාවෙන් වෛශ්‍යාවක් කියා අමතනවා. ඒ අසා කුපිත වන ඇන්ගස් ඇතුළු මැකැන්සී පිරිස, ඔවුන් සමඟ ආරවුලක් ඇති කරගන්නවා. තමන් කොතරම් ක්ලෙයාර්ට අවලාද නැඟුවත් තමන්ට හැර වෙනත් කිසිවෙකුට ඇයට, අවලාද නැඟිය නොහැකි බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ. ගිය වර කොටස අවසානයේදී ඩූගල් දැනගන්නවා, තමන් ආධාර එකතු කරන බවක් ක්ලෙයාර් දැනගෙන බව. ඒ පිළිබඳව ඇයගෙන් ප්‍රශ්න කරමින් සිටින අවස්ථාවේදී කලින් ක්ලෙයාර් සම්බන්ධයෙන් මැදිහත් වීමට උත්සහ දැරූ ඉංග්‍රීසි සෙබළා තවත් සෙබළුන් පිරිසක් කැටුව ඒ ස්ථානයට පැමිණෙනවා. ඒ ක්ලෙයාර්ව ආරක්ෂා කරන්නට. ගියවර කොටස අවසාන වෙන්නට කලින්, ඒ සෙබළා ක්ලෙයාර්ගෙන් විමසා සිටිනවා, ඩූගල් ඇතුළු පිරිස ඇයව රඳවා තබාගෙන සිටින්නේ, ඇගේ ස්වකැමැත්තෙන්ද කියා. ඇය ඒ සම්බන්ධයෙන් දෙන පිළිතුර කුමක්ද කියා අද කොටසින් නරඹන්න එහෙනම්. ජයම වේවා…! එලස්ස්ස්………
C0DD148BA368C332111319A65D475F9DB0811C13 D511CA09C85B68C571BB2FB9CB08663530812658 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
936 downloadsDownload Outlander.S01E06.baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
18 comments
sanka
“චූටී මල්ලි”
එල සහෝ එල
පුලුවන්නම් ඔරිජිනල්ස් එකෙ අන්තිම
එපි 2ක 3නට සබ් දෙන්න සහෝ
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Sisira Hegoda
Maga baka bala hitiye. Thanks.
වරුණ රංගජිත් (වරූ)
කෙටියන් පවසමි අද...
එලම තමයි..
ජය..harsha
ස්තූතියි මචං ඔන්න බාගත්තා
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Achintha Sameera
යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් මචෝ සබ එකට,
මමනම් මේක ඉවර වෙනකම් බලනවෝ,පට්ට හොදේ.ඉක්මනට සබ එක දෙන්නකෝ ,
7නි එකත් මම බාගෙන ඉන්නේSisira Hegoda
Maga Bala Bala Hitiye. 8th part ekath bala tiyenne. Ikmanata denna Balanna.
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
හර්ෂණ
කොහෙද බන් උබ අතුරුදහන් වෙලා හිටියේ? අපි මග බලාගෙන හිටියේ.
ඉසු ඩිපි (Isu DP)
නියමයි යශෝධ අයියේ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!චන්දිම අමරසිංහ
නියමයි සහෝ... සුභපැතුම් සුපිරි සිරියස් එකක් ජයවේවා....$%
Yenu
Thank You................
sachira
thanx saho...... :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Outlander [S01 : E06] | බ්ලැක් ජැක් රැන්ඩල්…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Outlander-3.jpg)

danakan hitiye....... thanx machan..... ada plaweniya mn