මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ පස්වෙනි කොටස. පොරොන්දු වුන විදියටම ලැබුන වෙලාවෙන් මේ කොටස සඳහා උපසිරැසිය සම්පූර්ණ කරන්න හැකියාව ලැබුනා. ගියවර කොටසට ලැබුන අදහස් වලට ස්තූති කරන ගමන් මතක් කරන්නම් ගියවර කොටසෙදී සිදු වුනේ මොනවද කියලා. ගමේ පොඩි එවුන් සමඟ අල්ලන් සෙල්ලම් කරන ක්ලෙයාර්, උත්සහ කරනවා ලියෝහ…
මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ පස්වෙනි කොටස. පොරොන්දු වුන විදියටම ලැබුන වෙලාවෙන් මේ කොටස සඳහා උපසිරැසිය සම්පූර්ණ කරන්න හැකියාව ලැබුනා. ගියවර කොටසට ලැබුන අදහස් වලට ස්තූති කරන ගමන් මතක් කරන්නම් ගියවර කොටසෙදී සිදු වුනේ මොනවද කියලා.
ගමේ පොඩි එවුන් සමඟ අල්ලන් සෙල්ලම් කරන ක්ලෙයාර්, උත්සහ කරනවා ලියෝහ් මාළිගයේ මුර කපොලු වලින් බේරී පළා යා හැකි මාර්ගයක්. ඇයට එවැනි මාර්ගයන් දෙකක් සොයාගන්නට හැකි වෙනවා. කාටවත් නොතේරෙන ලෙස රහසේ, ඒ මාර්ගයන් සලකුණු කරගන්නටත් ඇය සමත් වෙනවා. සමෝධානය පැවැත්වෙන නිසාවෙන් මැකැන්සී වංශයේ බොහෝ පිරිසක් මාළිගයට රැස් වෙලයි ඉන්නේ. රාත්‍රියේ ප්‍රධාන ශාලාවේ සාදය පැවැත්වෙන අතරේ මාළිගයෙන් පැන යාමටයි ඇය උත්සහ කළේ. කරදර රැසකට මුහුණ දෙමින් පැන යන මාර්ගය අසලටම පැමිණියත් ඇයට තමන්ගේ අරමුණ ඉටු කරගන්නට හැකි වෙන්නේ නැහැ.
මේ පැවැත්වෙන සමෝධානයේ අරමුණ වුනේ මැකැන්සී වංශයේ අයවලුන්ගෙන් සහාය කොලම් මැකැන්සීට ලැබෙන බවට දිවුරුම් ලබා ගැනීමයි. ඩූගල්ගෙන් පටන් මැකැන්සීවරුන් දිවුරුම් ලබා දෙද්දී ජෙමී අස්ස ගාලට වෙලා සැඟවිලා හිටියා. ඒ ඇයි කියන කාරණය පැහැදිලි කළොත්, ජෙමී පූර්ණ වශයෙන් මැකැන්සී පරපුරේ කෙනෙක් නොවුනත්, ඔහුගේ ඇඟෙත් මැකැන්සී රුධිරය දුවන බව සියල්ලන්ම දන්නවා. වංශයේ සිරිතට අනුව, කොලම්ගෙන් පසු වංශයේ ප්‍රධාන පාලකයා වන්නේ, ඩූගල්. නමුත් ජෙමීත් කොලම්ට දිවුරුම් දුන්නොත් ඒ තනතුරු සඳහා ඔහුටත් හිමිකම් කිව හැකි වෙනවා. ජෙමීට ඒ තනතුර ලැබෙනවාට කැමති පිරිසකුත් ඉන්න නිසාවෙන්, දිවුරුම් දීම ප්‍රතික්ෂේප කරන්නට ඔහුට හැකියාවක් නැහැ. නමුත් දිවුරුම් දුන්නොත් ඩූගල් අතින් ඔහුට මැරුම් කන්නට සිදු වෙනවා. ඔහුගේ හිසට මිලක් නියම වෙලා තියෙන නිසා ලියෝහ් මාළිගයෙන් බැහැර වෙන්නටත් ඔහුට හැකියාවක් නැහැ. හැම අතින්ම අවාසිදායක තත්වයක් ඇතිව තිබෙන නිසායි ඔහු අස්ස ගාලේ සැඟවිලා සිටියේ. නමුත් ක්ලෙයාර් නිසාවෙන් අස්ස ගාලෙන් පිටතට පැමිණෙන්න සිදු වෙන නිසා. ඔහුට දිවුරුම් දෙන්නට සිදු වෙනවා. නමුත් ඒ අවස්ථාවේ, ඔහු තම උරුමය වෙනුවෙන් කොලම්ට දිවුරුම් දෙන්නේ නැහැ, තමන්ට මැකැන්සීන්ගේ ආරක්ෂාව සැලසෙන තාක්කල් ඔවුන්ට සේවය කරන බවටයි දිවුරුම් දෙන්නේ. ඒ නිසාවෙන් ඔහුගේ ජීවිතය ගැලවෙනවා.
ප්‍රධාන ශාලාවේ උත්සවයෙන් අනතුරුව පසුදා පැවැත්වුනේ, වල් ඌරු දඩයමයි. එහිදී හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා, ක්ලෙයාර්ට ද දඩයම සඳහා ඇරයුම් ලැබෙනවා. දඩයම අතරතුර ජෝඩී නම් පුද්ගලයා වල් ඌරෙකුගේ දළ ප්‍රහාරයක් නිසාවෙන් මිය යනවා. මිය යන මොහොතේ ඔහු අසල සිටින්නේ ඩූගල් සහ ක්ලෙයාර්. මිය යන පුද්ගලයාගේ සිත සැනසීම උදෙසා ක්ලෙයාර් ක්‍රියා කළ ආකාරය ගැන ඩූගල් පැහැදෙනවා. ඒ නිසාවෙන් ඇය සිටින සිර කුටියක් වන් ශල්‍ය වෛද්‍ය ශාලාවෙන් ඇයට පිටතට එන්නට ඔහු ඉඩ ප්‍රස්ථාව සලසනවා. ඒ මැකැන්සී වංශයට අයිති ඉඩම් වල ජීවත් වන අයවලුන්ගෙන් බදු එකතු කරගැනීමට යන ගමනට ඇයව සහභාගී කරගන්නා බව පවසමින්. ඒ විදියට තමයි ගියවර කොටස අහවර වුනේ. අද එතැන් සිට…..
F5358FEEB18CAD22AEEFE21ECDE47090B762E5E9 11DD071EA1D6D3E81AC3274E20365BD11429B189 a055f84f3c2e20e12a13edfa4c049fc1aab46541 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,017 downloadsDownload Outlander-S01E05.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
16 comments
Kavinda
චන්දිම අමරසිංහ
නියමයි සහෝ ඔන්න ගත්තා.. සුභපැතුම් දිගටම දෙමු. ඔබට තුති..!
ඉදිරියටම යමු ජයවේවා...!Sisira Hegoda
Niyami ithuru tikath ikmanatama denna. Thanks.
sonic boy
thanks macho eeye 4 weni eka baluwa ada 5weni eka dwld karanna danma
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි යශොධ අයියේ. :-P
ඔයාට සමගාමි විකාශය අල්ලතැහැකි.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!harsha
ස්තූතියි සහෝ මෙන්න සබ් එක බා ගත්තා
Binara Kavishka
thanks macho ..digatama sub demu.jaya wewa…… puluwannam DEXTER TV SERIES ekata sub danawada?
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Pabodha
outlander english sub ගත්තේ කොහෙන්ද ??මම ගත්තුවගේ ටිමින්ග් වැරදි? sub ගත්තු ලින්ක් එක දෙන්න පුලුවන්ද...ලොකු හෙල්ප් එකක් :D
සිංහල sub වලට thankz සහෝ
මට english sub ගත්තු link එක දෙනවදඉසු ඩිපි (Isu DP)
නියමයි yashoDHa..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය………………..Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Outlander [S01 : E05] | චාරිකාවේ…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Outlander-3.jpg)

Thnkx saho..
mama eththtma kamthi ma wage time trvel katha walta mama hithnawa u th a gana interest kiyla ma wagee thawa TV serouse thiynwa nam kiynna ...