මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ පළමු කතා සමයේ 11 වන කතාංගයයි. සතියක කාලයක් ප්‍රමාද වුනු නිසාවෙන් පසුගිය කොටස කෙටියෙන් මතක් කරන්නම්. ආපසු ලියෝ මාළිගය වෙත ආව ක්ලෙයාර් සහ ජෙමී යුවල තම පවුල් ජීවිතය ආරම්භ කරද්දී, ජෙමී ගැන බලාපොරොත්තු තියාගෙන හිටි ලැහෙයිරී ඔවුන් දෙදෙනා පිළිබඳ සතුටට පත් වෙන්නේ නම්…

මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ පළමු කතා සමයේ 11 වන කතාංගයයි. සතියක කාලයක් ප්‍රමාද වුනු නිසාවෙන් පසුගිය කොටස කෙටියෙන් මතක් කරන්නම්. ආපසු ලියෝ මාළිගය වෙත ආව ක්ලෙයාර් සහ ජෙමී යුවල තම පවුල් ජීවිතය ආරම්භ කරද්දී, ජෙමී ගැන බලාපොරොත්තු තියාගෙන හිටි ලැහෙයිරී ඔවුන් දෙදෙනා පිළිබඳ සතුටට පත් වෙන්නේ නම් නැහැ. ඒ වෙනුවට ජෙමී සමඟ එකතු වෙන්න ඇය උත්සහ කළත් ජෙමී ඇයව ප්‍රතික්ෂේප කර කියා සිටින්නේ, තමන් කිසි දිනෙක ඇයට ආදරේ නොකළ බවයි. මෙය දරා ගැනීමට නොහැකි වන ඇය ජෙමී, ක්ලෙයාර් දෙපළගේ ඇඳ යටට හූනියමක් ගෙනත් දාන්නේ, ඔවුන් දෙදෙනා වෙන් කිරීමේ අරමුණින්. මේ පිළිබඳව ඇයගෙන් විමසන ක්ලෙයාර්, ඇයට පහරක් ගසන්නේ, තමන් සහ ජෙමී අතරට එන්න එපා යැයි අවධාරණය කරමින්. ඒ වගේම ලැහෙයිරීගෙන් ඇයට දැනගන්න ලැබෙනවා, හූනියම ඇයට විකුණුවේ ගේලීස් ඩන්කන් බවත්.
ගේලීස් හමුවට ඇයගේ නිවෙස වෙත යන ක්ලෙයාර්ට ඇය හමුවන්නේ නැහැ, ගෙදර සේවිකාව වන ජීනිගෙන් දැනගන්නා පරිදි, ක්ලෙයාර්, ගේලීස්ව හොයාගෙන කැළේට යනවා. එහිදී නිරුවතින් ගිනි පෙනෙල්ලක් රැගෙන යාතිකා කරමින් සිටි ගේලීස්ව ඇයට දැකගන්නට හැකි වෙනවා. දෙදෙනා අතර ඇතිවන කතා බහෙන් ක්ලෙයාර් දැනගන්නවා, ගේලීස්ට දරුවෙක් ලැබෙන්නට සිටින බවත්, ඒ දරුවා ඩූගල් මැකැන්සීගේ බවත්. ඒ වගේම හූනියම ගැන විමසන විට ගේලීස් පවසන්නේ, එය ගෙනියන්නේ ක්ලෙයාර්ට එරෙහිව පාවිච්චි කරන්නට කියා තමන් දැන සිටියේ නම් කීයටවත් එය විකුණන්නේ නැති බවක්.
නැවත මාළිගයට පැමිණෙන ක්ලෙයාර්ට දැකගන්න ලැබෙන්නේ, තම බිරිඳගේ වියෝවෙන් සිහි විකල්ව සිටින ඩූගල් මැකැන්සීව. කොලම්ගේ අණ පරිදි ඇයට සිදු වෙනවා ඔහුව සිහිසන් කර සන්සුන් කරන්නට. කොහොම වුනත් ඒ ආරංචියෙන් ගේලීස් සතුටට පත් වූ බවක් පේන්න තිබුණා. ඒ එක්කම සැන්ඩ්‍රින්ග්හැම් ආදිපාදතුමන්ගේ පැමිණීමෙන් ප්‍රයෝජන ගන්න හිතන ජෙමීට ඒ සඳහා ඉක්මන් වෙන්න එපා කියලා ක්ලෙයාර් අනතුරු අඟවන්නේ, ආදිපාදතුමන් සහ රැන්ඩල් අතර ඇති සම්බන්ධය ගැන ඇය දන්නා නිසාවෙන්. ඒ නිසා ඇය ජෙමීට හොරෙන් ආදිපාදතුමන් හමුවන්නට යනවා. එහිදී ඇය ජෙමීට සමාව ලබා දීම සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කරනවා. ඒ කාර්ය සාර්ථක වන බවක් පෙනෙන්නට තිබුණත්, ඒ වෙනුවෙන් ජෙමීට සිදු වෙනවා ද්වන්ධ සටනකට මුහුණ දෙන්නට.
ලියෝක්හ් මාළිගයේ සතුටු සාදයේදී ගේලීන් ඩන්කන්ගේ සැමියා වන ආතර් ඩන්කන් මිය යනවා. ඒ විෂක් කැවීමෙන් බව ක්ලෙයාර් දැනගත්තත් එය කාටවත් පවසන්නේ නැහැ. ඒ අවස්ථාවේ ගේලීස් සහ ඩූගල් සතුටු වූ බවක් ඇයට දැකගන්නට ලැබෙනවා. ගියවර කතාංගය අවසානයේදී ලැහෙයිරී විසින් අටවන උගුලකට ක්ලෙයාර් සහ ගේලීස් හසුවන්නේ, ගේලීස් හමුවන්නට ක්ලෙයාර් යන නිසාවෙන්. එහිදී මායාකාරියන් ලෙස ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත් වෙනවා. ඩූගල් විසින් තමන්ට දාව ගේලීස්ට දරුවෙක් ලැබෙන්නට සිටින බව කොලම්ට හෙළි කිරීමත් සමඟම කොලම් විසින් ඔහුව ඔහුගේ බිරිඳගේ අවමඟුල පැවැත්වෙන ගම්මානය වෙත පිටුවහල් කෙරෙනවා. ඒ නැවත දැනුම් දෙන තුරු එහෙ සිටින්නට නියෝග කරමින්. ඔහු සමඟ ඒ ගමනට ජෙමීටත් සහභාගී වන්නට සිදු වෙනවා. මේ නිසාවෙන් අත්අඩංගුවට පත්වෙන ක්ලෙයාර් සහ ගේලීස් වෙනුවෙන් කවුරු පෙනී සිටින්නද?.. ඔය ප්‍රශ්නයට පිළිතුරු අද කතාවෙන් දැකගන්න පුළුවන්. මායාකාරියන් ලෙස චෝදනා ලැබූ ඔවුන් දෙපළට පණපිටින් පිළිස්සෙන්නේ නැතිව දිවි ගලවාගන්න පුළුවන්ද.. ඒ වගේම අද කතාවෙන් තවත් අපි කුතුහලයෙන් බලන් සිටි කාරණයක් හෙළි වීමට පොට පෑදෙනවා. ඒ ගේලීස් ඩන්කන් සැබෑවටම මොන වගේ කෙනෙක්ද යන්නයි. නරඹන්න එහෙනම්. මං ගියා.. අදහස් බලාපොරොත්තු වෙනවා වෙනදා වගේම. ජයම වේවා..!
4DD408051DC0DB76505DBE18181601EAF5F65AD1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,095 downloadsDownload Outlander.2014.S01E11.baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
18 comments
Sisira Hegoda
harsha
ස්තූතියි ඔන්න එහෙනම් බානවා ජයවේවා
අබා
බොහෝම ස්තුතියි යශෝද සහෝ......ජයෙන් ජය....!!!!!!
Sampath
Thanks...........
chinthaka
thanx for sub
සුපුන් බුදිධික
ටිකක් පරක්කු උනට කමක් නෑ සහෝ..
දිගටම කරගෙන යන එකයි වටින්නේ..
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..ජය වේවා !!!
නලින්
ස්තුතියි යසෝ!
ජය වේවා!
Bhathiya
Thanks..... sub ekata.. jaya wewa........!
Chaminda
Thanks ...... Jaya wewa.........
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........අබා
නියමට ලිපිය ලයලා තියනවා...ජයෙන් ජය...ආසාවෙන් බලනවා අපි හැමෝම....!
Achintha Sameera
යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් මචෝ..
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru
thanks bro!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයAnonymous
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks.