හරි. මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ පළමු කතා සමයේ 14 වන කතාංගයයි. පොරොන්දු වුන දිනේටම 14 හා 15 කොටස් අරගෙන එන්න හැකි වුණේ නැති එක කණගාටුයි. කොහොම වුනත් 16 වන, එහෙම නැත්නම් කතා සමයේ අවසාන කොටස විකාශය වෙන්නේ මේ මස 30 වෙනිදා. (ලබන සතියේ) ඒ නිසා ඊට කලින් 15 කතාංගයට උපසිරැසි අරගෙන එන්න පුළුවන් […]

හරි. මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ පළමු කතා සමයේ 14 වන කතාංගයයි. පොරොන්දු වුන දිනේටම 14 හා 15 කොටස් අරගෙන එන්න හැකි වුණේ නැති එක කණගාටුයි. කොහොම වුනත් 16 වන, එහෙම නැත්නම් කතා සමයේ අවසාන කොටස විකාශය වෙන්නේ මේ මස 30 වෙනිදා. (ලබන සතියේ) ඒ නිසා ඊට කලින් 15 කතාංගයට උපසිරැසි අරගෙන එන්න පුළුවන් වෙයි. ඒ අනුව 16 වන කතාංගය සඳහා සමගාමීව උපසිරැසි ලබා දෙන්න අවස්ථාව ලැබෙයි කියලා හිතනවා. අද දිග ලිපියක් ලියන්න හිතන්නේ නැහැ.
ගියවර කොටසෙන් අපිට දකින්න ලැබුණා, ලැලීබ්රෝක්හ් වෙත රැකවලුන් පැමිණි බව. ඒ වගේම ජෙනී සහ ඉයන් ඔවුන්ව සාදරයෙන් පිළිගනිමින් නවාතැන් දුන්නු බව. නමුත් මේ වැඩ පිළිවෙලට ජෙමී කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් කළ හැකි දෙයක් නොවන නිසා ඔහු කට පියාගෙන ඉන්නවා. නමුත් රැකවලුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මැකෝරී ජෙමී පිළිබඳ හාරවුස්සන්නට පෙළඹෙනවා. නමුත් ඔහුට වැඩි යමක් දැනගන්නට ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් කතාව ගමන් මාර්ගය වෙනස් වෙන්නේ, හොරොක්ස්ගේ පැමිණීමත් එක්ක. හොරොක්ස් කියන්නේ, ජෙමීට පැටවිලා තියෙන මරණ දඬුවමෙන් බේරෙන්න ඔහුට උදව් කරන්න හැකියාව ඇතැයි කියලා ජෙමී සිතූ කෙනෙක්. නමුත් පළා යන ඉංග්‍රීසි භටයෙක් නිසාවෙන් ජෙමී ඔහු පිළිබඳ විශ්වාසයක් තබන්නේ නැහැ. ඒ වගේම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා හොරොක්ස්, ජෙමීට තර්ජනය කරමින් ඔහුගෙන් මුදල් ලබාගන්න උත්සහ කරනවා. නමුත් එය අවසන් වන්නේ, හොරොක්ස් ඉයන් අතින් ඝාතනය වීමත් සමඟින්. මැකෝරීගේ කණ්ඩායමේ සාමාජිකයෙක් වුනු හොරොක්ස් තමන් අතින් ඝාතනය වූ බව ජෙමී පිළිගන්නවා. නමුත් ඒ පිළිබඳ මැකෝරී තරහක් ඇති කරගන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ජෙමීට ඔහු සමඟ මංකොල්ලයක් වෙනුවෙන් පැමිණෙන්න බලකර සිටිනවා. ඒ වෙනුවෙන් පිටත්වන ජෙමී ඇතුලු පිරිස අවසානයේදී ඉංග්‍රීසි හමුදාව විසින් සැඟව සිට එල්ල කළ ප්‍රහාරයකට ගොදුරු වෙනවා. අපිට දැකගන්න ලැබුණ හැටියට ගියවර කොටස අවසානයේ එයින් බේරී නැවත පැමිණියේ ඉයන් සහ තවත් එක් රැකවලෙක් පමණයි. එහෙනම් අද කතාව නරඹන්න . අදහස් පළ කරන්න කතාව ගැන. එලස්ස්ස්.. ජයම වේවා..!
034529501DEFF8BB4FDC23CE613CE5F163900962 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
925 downloadsDownload Outlander_2014_S01E14_baiscopelk.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
15 comments
Yenu
Bhathiya
බොහොම ස්තුතියි.... මචෝ sub එකට.. ඉතුරැ දෙකත් ඉක්මනින් දෙන්න.
ජය වේවා......!Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ මගේ දෙයියෝ...
නැද්ද පොඩි සයිස් මේකේ මීට වඩා...
කොහොම උනත් කතාව නම් ගන්නවා සයිස් මොක උනත්..
කමක් නැහැ කමක් නැහැ..
කොහොමහරි කතාව ගේනවා නේ...
අපි බනින්නේ නැහැ ඉහින් මූනට..
හිතෙන නම් පලු යන්නම බනිනවා...
අනිකත් කොටහත් ගෙන්නකෝ ඉක්මනට..
ජය වේවා!!යශෝධ
මං දන්නවා මං දන්නවා. පොඩි සයිස් ටොරන්ට් නම් නැත.
oshan
Ane yashodha aiye elaga kotasa ikmanata dennako bala idala athi wela inne budu aiye.
tharu
seson 1e1 downlord kranna puluwan link 1k ewannko
Achintha Sameera
යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් මචෝ සබ් එකට
අනිත් එකත් පුලුවන් නික්මනට දෙන්න බලන්නIshan gihantha
Thanks Machan
කසුවා
නියම සබ. ජය වේවා !!
නයන
THANKS BRO...
ඉසු ඩිපි (Isu DP)
ඉතුරු දෙකත් දෙමු. සිසන් 2ත් Conform නේ?
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අබා
ස්තුතියි යශෝද සහෝ....ජයෙන් ජය...!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි උපසිරසියට…………