Watch Trailer

Outlander [S01 : E16] |නැවුම් ආරම්භයක් කරා.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අවුට්ලැන්ඩර් කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කොටසයි. සති දෙකක විතර ප්‍රමාදයකට පස්සේ තමයි මේ විදියට උපිසිරැසි අරගෙන එන්නේ. කරන්න දෙයක් නෑ ඉතින් වෙලාව ලැබුණ විදිය තමයි. කොහොමත් ඉතින් වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් නැති එකේ වෙලාව වෙන් කරගන්නත් කලින් තිබුණ තරම් උනන්දුව ඇත්තටම නැති වුනා කීව…

Outlander (2015)SE2TV1

මේ අරගෙන එන්නේ අවුට්ලැන්ඩර් කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කොටසයි. සති දෙකක විතර ප්‍රමාදයකට පස්සේ තමයි මේ විදියට උපිසිරැසි අරගෙන එන්නේ. කරන්න දෙයක් නෑ ඉතින් වෙලාව ලැබුණ විදිය තමයි. කොහොමත් ඉතින් වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් නැති එකේ වෙලාව වෙන් කරගන්නත් කලින් තිබුණ තරම් උනන්දුව ඇත්තටම නැති වුනා කීවොත් හරි. කොහොම හරි පටන් ගත්ත වැඩේ අද මේ විදියට අවසාන කරන්න ලැබුන එක ගැන සතුටුයි. ඇත්තටම මේ වගේ අගනා, වටිනා කතා මාලාවකට උපසිරැසි ගන්වන්න ලැබුනේ අපේ තරිඳු වික්‍රමසිංහ (විකියා) සහෝගේ ආරාධනය නිසයි. සාමාන්‍ය අපි බලන රූපවාහිනී කතා රැල්ලෙන් එහාට ගියපු වෙනස් විදියේ අත්දැකීමක් වුනා මේ කතා මාලාව. කතා මාලාව එක්ක මුල ඉඳන්ම රැඳිලා ඉඳපු, අදහස් ප්‍රකාශ කරපු සියලුම ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පළ කරන ගමන් කියන්න කැමතියි, මේක බොහෝ විට මම කතා මලාවක් වෙනුවෙන් කරන අවසන් උපසිරැසිය විය හැකි බව. හේතු කාරණා කියන්න යන්නේ නැහැ, ඉදිරියේදී චිත්‍රපට වලින් හමුවෙමු..!

ගියවර කොටස ගැන බොහොම කෙටියෙන් මතක් කළොත්, එල්ලා මරන්න නියමිත වෙලා හිටපු ජෙමීගේ මරණ දඬුවම, රැන්ඩල් ඇවිත් නතර කරනවා. ඒ තමන්ගේ යටි අරමුණ ඉටු කරගන්න හිතාගෙන. ඒ අනුව ජෙමීව සිරගත කෙරෙනවා. ඒ වගේම රැන්ඩල්ට එරෙහිව ගොනු කරලා සැන්ඩ්‍රින්ග්හැම් ආදිපාදවරයා වෙත බාරදුන්න පැමිණිලි පෙත්සම, රැන්ඩල් ජෙමී ඉදිරියේ පුළුස්සලා දාන්නේ, ජෙමීගේ අවසාන බලාපොරොන්තුවත් නැති කරමින්. කොහොම හරි රැන්ඩල් උත්සහ කරන්නේ, ජෙමීව තමන්ගේ අණසකට නතු කරගන්න. නමුත් ජෙමී ඊට අවනත වන්නේ නැහැ. මේ අතර ජෙමීව බේරගන්න වෙන්ට්වර්ත සිරගෙදරට එන ක්ලෙයාර් රැන්ඩල්ගේ බාරයට පත් වෙනවා. ක්ලෙයාර් නිදහස් කළොත් තමන් රැන්ඩල්ට අවනත වෙන බවට ජෙමී සහතික වෙනවා. ඒ අනුව ක්ලෙයාර්ව නිදහස් කෙරෙනවා. ක්ලෙයාර්, මුර්තාග්, ඇන්ගස් සහ රූපට් එකතු වෙලා ජෙමීව බේරගයිද? මේ පිරිස නැවුම් ඇරඹුමක් කරා මොන විදියට ගමන් කරයිද? සියලු කාරණා සැකයකින් තොරවම විසඳෙයි. ඒ දෙවෙනි කතා සමයකට මඟ පාදමින්. ජයෙන් ජයම වේවා..! මම ගියා.. එලස්ස්ස්…

Outlander (2014– ) on IMDb

 

 

384 MB කොපිය මෙතනින් බාගන්න

AE57F8B74C75576436707A12B2BE9545773E9025 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,435 downloadsDownload Outlander_2014_S01E16_baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                          All Episodes                        Next Season >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,435 downloadsDownload Subtitles45 KB

52 comments

  1. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි යශෝධ සහෝ...
    ඒත් අරම නම් කරන්න එපා..
    ගොඩක් අයට වටිනා දේවල් වල අගයක් නැහැ නම් තමයි..
    ඒත් ඒ වටිනා දේවල් බලන පොඩි පිරිසකුත් ඉන්නවා..
    මමත් මෙහෙම ලොකු ටෝක් දුන්නට මම මේ කතාවට සබ් කරා නම් මේ ලැබෙන ප්‍රතිචාර එක්ක මේ වෙද්දී මම මේකට සබ් කරන එක නවත්තලා..
    ඒ අතින් ඔයා නම් කියලම වැඩක් නැහැ..
    දෙවැනි සීසන් එකටත් උපසිරිසි දෙනවනම් ඉතා වටිනවා..
    බල කරන්නේ නම් නැහැ..
    මම බලපු හොදම තුන් වෙනි කතාව මේක වෙලා ඉවරයි...
    එහෙනම් ජය වේවා!!

    1. ඉසු ඩිපි (Isu DP)

      ගිය අවුරුද්දේ පටන් ගත්තු හොදම කතා වලින් එකක් මේක. වැඩිය කට්ටිය නොබැලුවත් ඒ වගේ කතාවකට උපසිරසි ගෙනාවට බොහොම ස්තුතියි. කතාවේ අවසානයත් එක්කම TV Series බලන කට්ටියටනම් සුබ ආරංචියක් නෙමෙයි තියෙන්නෙ. :-(
      කොහොම උනත් ඔය තිරන වලට වැඩියෙන්ම බලපාන්නේ කතා බලන අයගෙම වැඩ තමයි. මම කිව්වේ Comment නොකරන එක.
      හැමදාම Commet කරපු, කරන කෙනෙක් විදිහට ඒ තිරනේ ගැන ආයිත් හිතලා බලන්න කියන ඉල්ලීම කරනවා.
      මොකද හැමෝටම මේ වැඩේ කරන්න බෑ වගේම උපසිරසි කරන හැමෝටමත් සමගාමී TV Series එකකට උපසිරසි කරන්න අමාරුයි. අන්තිමට කියන්නේ ඔයාගේ සබ් එක්ක තවත් කතා මාලාවක් බලන්න පොඩි බලාපොරොත්තුවෙක් තියන් ඉන්නවා.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
      ජය වේවා. ! :-D

  2. Ravindu thenabadu

    එහෙම තමයි අයියෙ.. අපේ කට්ටියට ෆිලුමක් බැලුවත් ටීවී ෂෝ එකක් බැලුවත් ඒකෙ මැරෙන්නෙ නැති, වෙඩි වදින්නෙ නැති, උඩින් වැටුණට මැරෙන්නෙ නැති මිනිස්සු ඉන්න ඕනිනෙ... ඕව ගනංගන්න එපා අයියෙ... අනිත් සීසන් එකටත් දිගටම සබ් දෙන්න... මම මේකෙ එකක්වත් බලල නෑ... වෙලාවක් නැති නිසා තමයි ඒ... නැත්නම් මාත් ට්‍රයි එකක් දෙන විදිහෙ එකක්.. බොහොම ස්තූතියි!

  3. oshan

    me kathawa hamotama balanna kiyala aradana karanawa hamakotasakma man eka husmata baaluuwa e thram patta kathawak meka plz nxt season ekath denna kiyala wada watila illanawa plzzz thanx

  4. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූත්යි සහෝ සබ් එකට..
    ඒ වගේම කියන්න ඕනි..මේක බලන්න කට්ටිය අඩු උනත් අදහස් අඩු උනත්
    කරගෙන අපු වැඩේ ඉවර කරපු එකටත් ස්තූතියි..
    මේකෙන් කතා මලා වලට සබ් දෙන එක නතර කරන්න එපා කියලා ඉල්ලනවා..
    පරක්කු උනත් ඔයා සබ් දෙනකම් බලාගෙන හිටියා සහෝ..
    අපි දන්නවා අනිවා දෙනවා කියලා..

    ජය වේවා !!!

  5. පාලිත නලින් කුමාර

    කියල වැඩක් නැහැ ම්ම් ගොඩක් අසාවෙන් බලපු කතාවක්...... බොහොම ස්තුති.

    1. sampath

      aniwa plz nawathwanna epa api digatama oyath ekka innawa&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;
      2wana season ekenn hamba wemu.......thanks

  6. sampath

    aniwa plz nawathwanna epa api digatama oyath ekka innawa&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;&gt;
    2wana season ekenn hamba wemu.......thanks

  7. DDT

    බොහෝම ස්තූතියි යශෝධ. ඇයි වැඩිය කවුරුත් බලන්නෙ නැති කතාවක් තිව්වෙ, මම හිතන්නෙ හුඟක් අය මේකෙ මුල කතා දෙක බැලුවනම් අතාරින්නෙ නැතුව සීරීස් එකම බලනව, ඒ තරම් කුතුහලයක් තියෙන හොඳ කතාවක්. මම නම් මේ වගේ කතාවලට හුඟක් කැමතියි. උපසිරැසිවලට නැවතත් ස්තූතියි යාළුවා.

  8. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. isuru

    තාම මං මේක බැලුවෙ නෑ සහෝ!ඒ උනාට අනිවා බලනවා.ඕවා ගනන් ගන්න එපා හොද ඒවා බලන කට්ටිය අඩුයිනේ!

  10. නයන

    සීසන් එක ඉවර උනා නේද. ගොඩක් ආසාවෙන් බලපු කතාවක්. කොහොම උනත් කට්ටිය අඩුවෙන් තමයි මේක බලල තියෙන්නෙ. ඇත්තටම එහෙම උනේ ඇයි කියල හිතන්නත් අමාරුයි. මේක වෙනස්ම කතාවක්. කොහොම උනත් මේ කතාව ගොඩක්ම ආසාවෙන් බලපු මම වගේ අය තව ගොඩක් හිටියනෙ සහෝ.. ඉතුරු සීසන් එකටත් සබ් දෙනකම් අපි බලන් ඉන්නවා. සබට බොහොම ස්තූතියි.

    1. seneth

      මේක ආසාවෙන් බලපු කතාවක්. වෙනස්ම ක තාවක්. මම නම් මේ වගේ කතාවලට හුඟක් කැමතියි.,waiting for SE02.
      බොහොම ස්තූතියි.

  11. mune

    ela ela sahooooooooooyalge me keapvima nisa,අපි පිල්ම් ට්වි සීරියස් ගොඩක් ආසාවෙන් බලනවා .. ම්ම් දැක්ක ලසන ට්වි සීරියස් එකක් පුළුවන් නම් සබ දෙන්න ..චිරන් ජයතු..'' කතාවේ නම තමා ****බුරියක් නැති කොලුවා ..********'' //////
    http://www.imdb.com/title/tt0756509/

  12. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට...................තවත් උපසිරසියකින් හමුවෙමු.....................

  13. අබා

    බොහොම ස්තුතියි යශෝද සහෝ මේ කතා මාලාව උපසිරසි එක්ක ගෙන ආවාට..මන් බලපු හොදම සිරිස් එක මේක කියල කිව්වොත් එක හරි...ගොඩාක් මහන්සි වෙලා හදන උපසිරසියට පොඩි කොමෙන්ටුවක් නැත්තන් ඔයාලට කිසිම දිරි ගැන්වීමක් නෑ තමයි...එක ඇත්ත....අපේ උසස් රසවින්දනය වෙනුවෙන් ඔයාලගේ කාලය,දැනුම,කැපකිරීමට අපිට දෙන්න පුළුවන් එක කොමෙන්ටුවක් විතරයි...ඒ ප්‍රතිචාරයත් නැතිවෙනකොට කලකිරීමක් ඇති වෙනවා තමයි...ඒ කොහොම උනත් අපි හැමදාමත් ඔයාලත් එක්ක ඉන්නවා...මේ වහේ හොද කතාවක් අපිත් සමග බෙදා හදා හැත්තට නැවතත් අනේකවාරයක් ස්තුතියි ඔබට.....!!!!!
    ජයෙන් ජය.......!!!!

  14. Nalaka

    sub 1ta thanks

  15. samith

    phata asawen balpu katwak. nawtana nm epa!!. sub ekata thankzzz.

  16. kanishka

    pattama kathawa saho plz elanga season ekatath sub denna...

  17. Nera

    Thnx sahoo!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Lakruwan Shashika

      Ithuru season walatath sub dala dennako

  19. sameera

    ela

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  21. Sahanya

    Thank you very much!!!! :)

  22. Charith

    Thanks for sub PLZ season 2 akatath oyama sub denna............

  23. Andy

    උපසිරැසි නම් සුපර්...
    season 2 අපු ගමන් උපසිරැසි කරමු නේද ..

  24. Janith Akila Priyankara

    බොහොම ස්තුතියි යශෝද සහෝ මේ කතා මාලාව උපසිරසි එක්ක ගෙන ආවාට... season 2 ඇවිත් තියෙන්නෙ ඉක්මනටම sub දෙන්න කියලා ඉල්ලනව ජය වේවා.....

  25. wimukthi

    macho meke seasone 2 ake kotas 6kma danata awith sub demuda?

  26. Dinesh Sapumal Bandara

    නියමයි සහෝ මේ කතාවට උපසිරසි දුන්නට,සීසන් 2ත් ඉවර උනා,
    ඒකටත් සබ දෙන්න.

  27. Dinesh Sapumal Bandara

    ස්තුතියි සහෝ මේ කතාවට උපසිරසි දුන්නට,සීසන් 2ත් ඉවර උනා,
    ඒකටත් සබ දෙන්න.

  28. dileepa

    thanx saho sub walata....meke seson 2 ewarat wela sub danakam apinam balanne ne onna.....

  29. Thushara_Gilchrist

    සීසන් දෙකත් දෙනවනම් වටිනව

  30. thiliaera

    ko ithuru season walata sub denne ndda

  31. dilanka

    thanks bro..S02 sub denna..

  32. Supun

    Machan ithuru season walata sub diyanko pin siddawei ubalata.

  33. Kasun sameera

    අඩේ ඇයි බන් මේක නැවැත්තුවෙ මග

  34. chamika

    saho, upasirasi walata godak thanks, ithuru season wala sub denna balanna, godak sthuthi. great job

  35. Anonymous

    Plz next season eke sub dennako...

  36. samp

    thanx machan sub walata. ikmanata ithurutiketh sub diyan. maga nawaththana eka site ekatath harinane. yashodata barinam wenakenek hari karanna balanna. good luck mcn

  37. upul

    මොන සවුත්තු වැඩක්ද බන් මේ .. එක්දාස් ගානක් බලපු සීරීස් එකක් මග නවත්තල දැම්මෙ. එක්කො නොකරම හිටියනම් අපි බලන්නෙත් නෑනෙ. උබලව සුවර් කරපු අපි අනාතයි

    1. විමා

      කරන්න දෙයක් නැහැ ඉතිං, මේකට සබ් කරපු කෙනා දැන් සබ් කරන්නෙ නැහැ.
      එයාගේ පෞද්ගලික වැඩ රාජකාරී නිසා. ඔන්න එයාගේ පෞද්ගලික වැඩ රාජකාරි ටික කරලා දෙන්න පුළුවන් කමක් තියෙනව නම්, ඔන්න එයා මේකේ ඉතුරු ටික කරාවි.

    2. sapa

      eka aththa eunata wenakenekutahari baradila ithurutikath iwarakaranm neda hoda. godak aya balapu ekakne. thanx ubala okkotama mahansiwela sub hadala mehema deyak karanyanawata. puluwannam mekath iwarakarahan

    3. Chamara

      මේකේ ඉතුරු ටිකට සබ් ඕනි මචන්☹️..සුපිරි කතාවක්...

  38. Chamara

    මේකෙ ඉතුරු ටිකට සබ් දෙන්න බ්‍රෝ ☹️..සුපිරිම කතාවක් මේක

    1. SHAN

      මේකෙ ඉතුරු season ටිකේ සබ් ටිකත් දෙන්න යාලුවා,සුපිරිම කතාවක්

  39. snk

    ithuru tika nedda

  40. Anonymous

    season 2 sub lagadi dan nedda

  41. Anonymous

    මේකේ ඉතුරු Season ටිකටත් sub දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් තව the expanse series එකටත් sub දුන්නොත් ලොකු දෙයක්

  42. Mad max

    ඇයි බන් මේක නවත්තල. ඉතුරුටිකට sub දියන්කො

  43. Anonymous

    ay anith season tika denneththe

  44. tjmax

    anith season wala sub tikath den