Parasyte: The Grey Sinhala Subtitles Train to Busan, Psychokinesis, Peninsula, Jung_E වගේ චිත්‍රපට මෙන්ම D-Day, Hellbound, The Cursed, Monstrous, The Bequeathed වගේ ජනප්‍රිය කතා මාලා වල අධ්‍යක්ෂකවරයෙක් ලේඛකයෙක් වගේම නිෂ්පාදකයෙක් විදිහට වැඩ කරපු Yeon Sang-ho මේ වසරේ The Bequeathed කතා මාලාවට පස්සෙ අ…
Parasyte: The Grey Sinhala Subtitles
Train to Busan, Psychokinesis, Peninsula, Jung_E වගේ චිත්‍රපට මෙන්ම D-Day, Hellbound, The Cursed, Monstrous, The Bequeathed වගේ ජනප්‍රිය කතා මාලා වල අධ්‍යක්ෂකවරයෙක් ලේඛකයෙක් වගේම නිෂ්පාදකයෙක් විදිහට වැඩ කරපු Yeon Sang-ho මේ වසරේ The Bequeathed කතා මාලාවට පස්සෙ අධ්‍යක්ෂණය වගේම සම-රචනය කරපු අපූරු කතා මාලාවක් තමයි අපි මේ බලන්න පටන් ගන්න හදන්නෙ. දකුණු කොරියානු විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් වෙන මේ කතා මාලාව ජපන් චිත්‍ර ශිල්පියෙක් වෙන Hitoshi Iwaaki ඇඳපු Parasyte නම් Manga මාලාවේ සජීවී-ක්‍රියාදාම භ්‍රමණයක් වෙනවා. Jeon So-nee, Koo Kyo-hwan සහ Lee Jung-hyun රංගනයෙන් දායක වෙන මේ කතා මාලාවේ කියවෙන්නෙ හදිස්සියෙම අභිරහස් විදිහට පොළවට එන හඳුනා නොගත් පරපෝෂිත ජීවීන් කොටසක් සහ මිනිස්සු අතර ඇතිවෙන ගැටුමක් ගැනයි. Climax Studio සහ Wow Point නිෂ්පාදනය කළමනාකරණය කරපු මේ නිර්මාණය 2024 අප්‍රේල් 5 වෙනිදා Netflix හරහා ලෝකයට නිකුත් වුනාට පස්සෙ හොඳ ධනාත්මක සමාලෝචන ලබාගන්න සමත් වුනා.
Parasyte: The Grey Sinhala Subtitlesඅපි කතාවටත් කියනවනෙ මූ මගේ මොළේ කනව කියලා. මේ ග්‍රේ කියන්නෙත් අන්න ඒ වගේ මිනිස්සුන්ගෙ ශරීරයට ඇතුල් වෙලා එයාලගෙ මොළේ කාලා ඒ ශරීර තමන්ගෙ පාලනයට ගන්න පිටසක්වල ජීවී කොටසක්. ජන්ග් සු-ඉන් බොහොම නරක ළමා කාලයක් ගත කරපු තරුණියක්. දැන් එයා සුපිරි වෙළඳසැලක රැකියාව කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගතකරගෙන ඉන්නවා. මේ තරුණිය තමයි ග්‍රේ ගෙ බිල්ලක් වෙන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි. දවසක් රැකියා ස්ථානයෙදි සු-ඉන් කරදරකාර පාරිභෝගිකයෙක් එක්ක ගැටළුවක් ඇති කරගන්නවා. මිනිස්සු ඉස්සරහ ලැජ්ජාවට පත්වෙන පාරිභෝගිකයා තරහින් පිට වෙලා ගිහින් සු-ඉන් එලියට එනකල් බලන් ඉන්නවා. රැකියාව ඉවර වෙලා යන සු-ඉන් පස්සෙන් යන මේ මනුස්සයා සු-ඉන් අල්ලගෙන එයාට පිහියකින් ඇනගෙන ඇනගෙන යනවා. ඒත් එතනට ආපු පොලීසියට දකින්න ලැබෙන්නෙ ඇස් වලින්ම දැක්කත් විස්වාස කරන්න බැරි දෙයක්..ඒ මොකක්ද කියල දැනගන්න 1 වෙනි කොටස බලන්න වෙයි……..
එහෙනම් අපි දැන් කතාව බලන්න පටන් ගමු.
ඔන්න කලින්ම අනතුරු අඟවනවා ඔයාලත් ඔයාලගෙ පරිස්සම් කරගන්න.
Parasyte: The Grey Sinhala Subtitles


Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,784 downloadsDownload Parasyte.The_.Grey_.S01E01.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Jeon So-nee
- #Koo Kyo-hwan
- #Kwon Hae-hyo
- #Lee Jung-hyun
- #Offbeat
- #Parasyte: The Grey S01 Sinhala Sub
- #Parasyte: The Grey Season 1 Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sofia Rueda
- #Sub
- #TV
- #Wayne LeGette
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika Lakmal
Buddhika Lakmal
මේක ඩවුන් කරාම වෙන සබ් එකක් ඩවුන්ලොඩේ වෙන්නේ....
සිනේත්
සුපිරි සුපිරි 2014 2015 මේකේ මුවීස් දෙකක් ආවා එකේම කොටසක් විදිහට තමා මං හිතන්නේ මෙක යන්නේ
Udara Damith
එල
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Parasyte: The Grey [S01 : E01] Sinhala Subtitles | සු-ඉන් ගේ අරගලය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/Parasyte-The-Grey-1.jpg)


අලුත්ම පට්ට සීරිස් එහෙකට සබ් දීලා තියෙන්නේ....
බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට..........