Watch Trailer

Peaky Blinders [S01 : E02] Sinhala Subtitles | යක්ෂ තෝමස් ෂෙල්බි. [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ දෙවැනි කතාංගය. කට්ටියට කතාව අනිවාර්යෙන්ම හිතට අල්ලන්න ඇති නේද? 😀 මේකේ කතා තේමාව, කතාව, සංගීතය, සිනමාකරණය, තිර රචනය, අධ්‍යක්ෂණය, චරිතවලට පණ පොවන නළු නිළියන්ගේ තාත්වික රංගනය, පළමු ලෝක යුද්ධයෙන් පසුව එංගලන්ත සමාජයෙ ස්භාවය නිර්මාණය කර ඇති…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ දෙවැනි කතාංගය. කට්ටියට කතාව අනිවාර්යෙන්ම හිතට අල්ලන්න ඇති නේද? 😀 

මේකේ කතා තේමාව, කතාව, සංගීතය, සිනමාකරණය, තිර රචනය, අධ්‍යක්ෂණය, චරිතවලට පණ පොවන නළු නිළියන්ගේ තාත්වික රංගනය, පළමු ලෝක යුද්ධයෙන් පසුව එංගලන්ත සමාජයෙ ස්භාවය නිර්මාණය කර ඇති ආකාරය, පසුතල, විශේෂයෙන්ම ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ආදී එකී මෙකි නොකී කාරණා ගණනාවක් නිසාම තමයි මටත් මේක හිතට අල්ලලා ගියෙ. ඒ නිසාම තමයි හැකි උපරිම නිවැරදිභාවයෙන් යුතුව නිවරැදී රසයකින් යුතුව සිංහල උපසිරසියක් ඔබට අරගෙන එන්න ඕන කියල තීරණය කලෙත්. එහෙම නම් එක දිගට එක පෙලට ඔබට මෙහි දැනට විකාශය වි ඇති අවසාන කතාංගය දක්වාම උපසිරැසි රැගෙන එන බවට වෙන පොරොන්දුවත් එක්කම පහුගිය කතාංගයේ මොනවද උනේ කියල මතක් කරගෙන ඉමු.

පසුගිය කතාංගයෙන්,
පළවෙනි කතාංගයෙන් බලාගන්න ලැබුන පිකි බ්ලයින්ඩර්ස් කල්ලියේ ව්යාපාරවද ගැනත්, කල්ලියේ සාමාජිකයන් කවුද කියලත්. ඒ වගේම හීන් නුලෙන් වැඩ කටයුතු කරගෙන යන තෝමස් ශෙල්බි, එහෙම නැත්නම් ටොමි ගැන බලාගන්න ලැබුණ. ඒ විතරක් නෙමෙයි කතාවේ යුක්තිය පසඳලින පාර්ශවයේ මුලික චරිතය, පොලිස් පරීක්ෂක කැම්බල් කතාවට ගොඩ වැදුනා. නිකම් නෙමෙයි මිනිහගේ චරිත ස්භාවය නියමෙටම පැහැදිලි වෙන විධියේ තදබල කතාවකුත් කළා, ඒ විතරක් නෙමෙයි ඔහු බෙල්ෆාස්ට්වල අයර්ලන්ත කැරලිකරුවන්ව කෘර ලෙස මර්ධනය කරපු නිලධාරියෙක් බවත් සඳහන් වුණා.

ඔහු ඒ වෙනකොට සේවයේ සිටි, පීකි බ්ලයින්ඩර්ස් කල්ලියෙන් පගාව ගන්න, පොලිසියේ සිටි සියලුම දුෂිත පොලිස් නිලධාරින්ව සේවයෙන් පසෙකට කරලා, ධාර්මික රෙපරමාදු අයර්ලන්ත නිලධාරින් පිරිසක් සේවයේ පිහිටෙව්වා. ඔහුගේ එවකට රාජ්‍ය කටයුතු ලේඛම් විධියට සේවය කරපු වින්ස්ටන් චර්චිල් විසින් විශේෂයෙන්ම පොලිස් පරීක්ෂක කැම්බෙල්ව එවපු අරමුණ වුනේ, මේ වෙනකොට නැතිවෙලා තියෙන ආයුධ තොගයක් සොයාගන්න. පොලිස් පරීක්ෂක කැම්බෙල්ගේ සැකකාර ලයිස්තුවේ ඉන්නෙ, කොමියුනිස්ට්කාරයෝ, IRS කාරයෝ සහ පීකි බ්ලයින්ඩර්ස් කල්ලිය. ඉතිං නගරෙට ආව ගමන් පීකි බ්ලයින්ඩර්ස්ලට තමන් කවුද කියල හඳුන්වාදෙන්න ආතර් ශෙල්බිව අල්ල්ලගෙන ගිහින් පහරදෙනවා. මිනිහ හිතන් ඉන්නෙ පීකි කල්ලියේ ලොක්කා ආතර් කියල. වැඩිමලා ආතර් වුණාට මොළකාරයා, එහෙම නැත්නම් ලොක්කා වෙන්නේ තෝමස් ශෙල්බි කියල මිනිහ තවම දන්නේ නැහැ. ඒ වගේම පොලිස් පරීක්ෂක කැම්බෙල් හොයාගෙන ආව ආයුධ තොගය තියෙන්නෙ කවුරු ලඟද කියල කතාව බලන අපි නම් පලවෙනි කතාංගයෙන්ම දන්නව.

අද කතාංගයෙන්,
අද අරගෙන එන දෙවැනි කතාංගයෙන් තෝමස් ශෙල්බිගෙ සහ පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ නම ගැන හොඳහැටි පහදල දෙනව. ඒ වගේම තෝමස් ශෙල්බි කියන්නෙ මොන විධියේ නූල සූස්තර කාරයෙක්ද කියලත් අද අපිට බලාගන්න පුළුවන්. මොකද මතක ඇතිනේ පහුගිය කතාංගයෙන් දකින්න ලැබුනා මොනාගන් බෝයි කියන අශ්වයව දම්මලා තුරඟ තරඟ ඔට්ටු දාන ඒවා වංචා කරන හැටි. තුරඟ තරඟ සම්බන්ධයෙන් වැඩ කරන්නෙ බිලි කිම්බර් කියල තදයෙක්. ඉතිං තෝමස් හැරෙන්න අනිත් හැමෝම වගේ මේ අවධානම් වැඩේට භයයි. අද බලාගන්න පුළුවන් තෝමස් ශෙල්බීගේ අවධානම් සෙල්ලමේ යටි අරමුණ මොකක්ද කියල. ඒ වගේම යක්ෂ ශෙල්බි පවුලේ සුරදුතිකාව, ඒඩා ශෙල්බි සහ ෆ්‍රෙඩි කියන කොමියුනිස්ට්වාදී නායකයා, තෝමස් ශෙල්බිගේ හොඳම යාලුවා, අතර සම්බන්ධය ගැනත් මතක ඇතිනේ. අද ඒ සම්බන්ධයෙ හැරවුම් ලක්ෂයක් සනිටුහන් වෙනවා. ඒ විතරක් නම් මදැයි, පොලිස් පරීක්ෂක කැම්බෙල් අද තමයි දැනගන්නේ මොන ජාතියේ තදයෙක් එක්කද මිනිහට හැප්පෙන්න වෙන්නේ කියලා.

එහෙනම් හෙට පළවෙනි සීසන් එකේ තුන්වෙනි කතාංගයත් එක්ක, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. 🙂 🙂

Director: Otto Bathurst

Writers: Steven Knight.

IMDB Ratings : 8.4

Air Date: 30 September 2014

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

50,586 downloadsDownload Peaky.Blinders.S01E02-2.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

50,586 downloadsDownload Subtitles27 KB

23 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. Sameeraudias

    Deadwood ekata sub denna berida

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Salman Fairooz

      Thanks for sub ♥️

  5. Pasindu Madumal

    නියමයි නියම ඔහොම යමු ❤️
    පීකි F*#% බ්ලයින්ඩර්ස්!!!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Samith

    Okkoma eka sare denna barida bro
    Supiri kathawak ekai

    1. Nilupul

      mama aran baluwa serama patta kathawa.

  8. Dilshan Dulmina

    supiriyak saho best of luck :)

  9. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  10. Lakshan

    Thanks Bro.

  11. Blinder

    Thank you

  12. Blinder

    ❤️www.baiscopedownloads.co♥️

  13. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි අයියේ....

  14. Nilush Angana

    Sub ekata thanx

  15. Manohari

    Godak sthuthi..Jaya wewa!

  16. chamidu

    thanks bn.elama

  17. Ediya

    thank මචං sub එක ගින්දර ❤️

  18. Vishwa sasanka

    Thank you

  19. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  20. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  21. chinthaka.max4

    thanks machan