කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ තුන්වැනි කතාංගය. පසුගිය කතාංගයෙන්, දෙවැනි කතාංගයෙන් තෝමස් ශෙල්බිගෙ සහ පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ නම ගැන හොඳහැටි පහදල දුන්නා. ඒ වගේම තෝමස් ශෙල්බි කියන්නෙ මොන විධියේ නූල සූස්තර කාරයෙක්ද කියලත් අපිට බලාගන්න පුළුවන් වුණා. මොකද මතක ඇතිනේ පහු…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් පළමු කතා මාලාවේ තුන්වැනි කතාංගය.
පසුගිය කතාංගයෙන්,
දෙවැනි කතාංගයෙන් තෝමස් ශෙල්බිගෙ සහ පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ නම ගැන හොඳහැටි පහදල දුන්නා. ඒ වගේම තෝමස් ශෙල්බි කියන්නෙ මොන විධියේ නූල සූස්තර කාරයෙක්ද කියලත් අපිට බලාගන්න පුළුවන් වුණා. මොකද මතක ඇතිනේ පහුගිය කතාංග දෙක තුලින් දකින්න ලැබුනා මොනාගන් බෝයි කියන අශ්වයව දම්මලා තුරඟ තරඟ ඔට්ටු වංචා කරන හැටි. තුරඟ තරඟ සම්බන්ධයෙන් වැඩ කරන්නෙ බිලි කිම්බර් කියල තදයෙක් බව මුල ඉඳලම අපිට කිව්වනේ ඉතිං පහුගිය එපින් ඒ කවුද මොන වගේ පොරක්ද කියලත් අපිට දකින්න ලැබුනා. ඉතිං තෝමස් හැරෙන්න අනිත් හැමෝම වගේ මේ අවධානම් වැඩේට භයයි.
ඒ වගේම පහුගිය කතාංගයෙන් අපිට දකින්න ලැබුනා තෝමස් ශෙල්බී ඒ වෙනකම් කරපු හැම දේකටම හේතුව මිනිහා කරන්න යන අවධානම් සහගත ලොකු සෙල්ලමක් බව. ඒ වගේම යක්ෂ ශෙල්බි පවුලේ සුරදුතිකාව, ඒඩා ශෙල්බි සහ ෆ්‍රෙඩි කියන කොමියුනිස්ට්වාදී නායකයා, තෝමස් ශෙල්බිගේ හොඳම යාලුවා, අතර සම්බන්ධය ගැනත් මතක ඇතිනේ. ශෙල්බි සහ පොලිස් පරීක්ෂක කැම්බල් අතර යම්කිසි එකඟතාවයකට ආව මතක ඇතිනේ. ඒත් ෆ්‍රෙඩි තෝර්න්ගේ තීරණය නිසා ඒ එකඟතාවයටත් කෙල වෙලා යාවි වගේ. ඒ වගේම ග්‍රේස් තමන්ට පැවරිලා තියෙන වැඩේ ගානට නුලට කරගෙන යන පාටක් අපිට දකින්න ලැබුනා.
අද කතාංගයෙන්,
අද තමයි ශෙල්බි-කිම්බර් හවුල ක්‍රියාත්මක වෙන දවස. ඒ වගේම ටොමී ග්‍රේස් එක්ක තුරඟ තරඟවලට යන දවසත් අද. ඒ වගේම අද ඔයාලට බලාගන්න පුළුවන් ටොමීගේ සැලැස්ම කොයි තරම් දුරකට වැඩ කරනවද කියල. මොකද අද කෙරෙන වැඩේ සාර්ථකත්වයත් එක්ක තමයි පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේම අනාගතය තීරණය වෙන්නේ. ඒ විතරක් නම් මදැයි. නිකම් ඉවෙන් ඉවෙන් වගේ දැනෙනවා පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ යක්‍ෂයා විදියට ටොමිව හැඳින්නුවත් පහුගිය එපියේ ෆ්‍රෙඩි තොර්න් කිව්වා වගේ මිනිහගේ මුළු හදවතම තවම මැරිලා නැහැ භාගයක් හරි ඉතුරුයි කියලත්. ග්‍රේස් විසින් ටොමීගේ හදවත සොරා ගෙනවත්ද?
එහෙම නම් හෙට පළවෙනි සීසන් එකේ හතරවෙනි කතාංගයෙන්, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. 🙂 😀
Director: Otto Bathurst
Writers: Steven Knight.
IMDB Ratings : 8.3
Air Date: 30 September 2014
“අපි හැමෝම ගණිකාවෝ,
අපි අපේ වෙනස් කොටස් මුදලට විකුණන්නේ.”
~ තෝමස් ශෙල්බි ~
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
48,725 downloadsDownload Peaky.Blinders.S01E03-2.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
16 comments
thilina
chanu mikhail
thank u
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Achi
බොහොම ස්තුතියි ආ
Ishan Madusha
බොහොම ස්තූතියි
Lakshan
Thanks Bro.
T
Tanx bro
Blinder
Thank you
♥️www.baiscopedownloads.coසංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි අයියේ...
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manohari
Bohoma sthuthi..Jaya wewa!
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Peaky Blinders [S01 : E03] Sinhala Subtitles | බිලී කිම්බර් – ෂෙල්බි හවුල. [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/peaky-blinders-season-1.1.jpg)


thq macahan .kauru hari admin kenk dakkoth pulvnm sub denna .the terror tv series ekata season 2 ekta saub denna plz puluvnm loku udavvak eka maru series ekak plz