හැමෝටම සුභ නත්තලක් වේවා! 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ලෝක ප්‍රසිද්ධ, පහුගිය කාලේ ෆේස්බුක් එකේ සෑහෙන්න වයිරල් වෙච්ච, පීකී F*#$ බ්ලයින්ඩර්ස් කතා මාලාවයි. දැන් තියෙන BR කොපිවලටත් ගැලපෙන, හොඳ සබ් එකක් දෙන්න කියල බොහෝ දෙනෙකුගෙන් මට පෞද්ගලිකවත්, පොදුවේ අපේ ඊ-මේල් එකටත් ලැබුණු ඉල්ලී…

හැමෝටම සුභ නත්තලක් වේවා!
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ලෝක ප්‍රසිද්ධ, පහුගිය කාලේ ෆේස්බුක් එකේ සෑහෙන්න වයිරල් වෙච්ච, පීකී F*#$ බ්ලයින්ඩර්ස් කතා මාලාවයි. දැන් තියෙන BR කොපිවලටත් ගැලපෙන, හොඳ සබ් එකක් දෙන්න කියල බොහෝ දෙනෙකුගෙන් මට පෞද්ගලිකවත්, පොදුවේ අපේ ඊ-මේල් එකටත් ලැබුණු ඉල්ලීම් රැසක් මත තමයි මේ වැඩේට අතගැහුවේ. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන ජාතියේ, සත්‍යය සිදුවීම් ඇසුරින් ගෙතෙන ප්‍රබන්ධාත්මක කතාවක් තමයි මේක. එහෙම නම් මේකේ පසුබිම් විස්තරයට එබිකම් කරලා වැඩේ පට්ටාන් ගමු අපි. 🙂
” පීකි බ්ලයින්ඩර්ස්” කියන්නේ 1890 දශකයේ එංගලන්තයේ බර්මින්හැම් නගරය කේන්ද්‍ර කරගෙන ගොඩ නැගුන මැර කල්ලියක්. මෙයාල තමන්ගේ හිස් වැස්මේ මුවහත් තලයක් සවි කරගෙන හිටිය. සතුරෙක් සමග සටනෙදි තමන්ගේ තොප්පිය ගලවල අරගෙන, අර මුවහත් තලවලින් සතුරාගේ ඇස් කැපිලා යන විදියට පහර එල්ලකිරීම තමයි මෙයාලගේ සම්ප්‍රධාය වුණේ. ඒකෙන් මොවුන් තමන්ගේ සතුරන්ව භීතියට පත් කරවන්න සමත් වුණා. කතා රචක Steven Knight සම්මුඛ සාකච්චාවකදී පැවසුවා පිකි බ්ලයින්ඩර්ස් කල්ලිය ගැන කියල තියෙන්නෙ එයාගේ තාත්ත විසින් බව. ඔහුගේ පියාට වයස අවුරුදු 9ක් 10ක් වෙන අවධියේ ඔහුගේ සීය විසින් ඔහුගේ පියාට කොළ කැබැල්ලක් දීල පැවසුවළු “මෙන්න මේක ගිහින් ඔයාගේ මාමට දෙන්න” කියල, එයාගේ මාම ෂෙල්ඩන්ස් කියන කල්ලියේ බුකිකරුවෙක් විදියට වැඩ කරපු කෙනෙක්, මෙන්න මේ ෂෙල්ඩන්ස් නාමය තමයි ස්ටීවන් නයිට් විසින් තමන්ගේ නිර්මානාත්මක අවශ්‍යතාවය මත” ෂෙල්බි” විදියට වෙනස් කරගන්නේ.

සැබෑ පීකි බ්ලයින්ඩර් කල්ලියෙ ප්ධාරන සාමාජිකයින් (WEST MIDLANDS POLICE MUSEUM)
තවදුරටත් ඔහුගේ පියා ඔහුට පැවසු සිදුවීම සහ ඔහු එම සිදුවීම් ඇසුරින් කතාව ගොඩ නැගූ ආකාරය විස්තර කරනවා මෙන්න මෙහෙම. මගේ පියා මට මෙහෙම පැවසුවා
“මම අදාළ පණිවුඩය රැගත් කඩදාසි කැබැල්ල රැගෙන පාවහන් රහිතව විදි දිගේ දිව ගියා, දිවගොස් අදාළ දොරට තට්ටුකල පසුව දොර විවර වූවා. එතුල මේසයක් වටා වාඩිවී මිනිසුන් අටදෙනෙක් හුන්නා. කදිම, පිරිසිදු ඇඳුම් ආයිත්තම් පැළද හිස් වැසුම් දරා සිටි ඔවුන්ගේ සාක්කු තුල පිස්තෝල තිබු අතර කිසිවෙකුට හෝ එක පැන්සයක් දැකගැන්මට නොහැකි එම කාලයේදී ඔවුන්ගේ මේසය මත මුදල් ගොඩ ගසා තිබෙනු දක්නට ලැබුණු අතර ඔවුන් බීර පානය කරමින් සිටිනු දක්නට ලැබුනා.”
නිකමට සිතන්න, ජනතාව දිළිඳුකමින් පිඩිතව සිටින කලෙකදී බර්මින්හැම් ‘හි මුඩුක්කු අතර නිවසෙක සිටින හොඳින් හැඳ පැළඳ, බියර් බොමින් මුදල් ගොඩක් වටකරගෙන ඉන්න මිනිසුන් පිරිසක් පිලිබඳව. මම එම කල්පනා මාත්‍රයෙන් මාගේ කතාව ගොඩ නැගීමේ කාර්‍ය ඇරඹුවා. ඔවුන් මගේ පියාගේ මවගේ සොහොයුරන්. වසර ගණනාවක් තිස්සේ මගේ ඔලුවේ මේ අය සම්බන්ධ කතාවන් පැවතුනා. මම පිකි බ්ලයින්ඩර්ස් නිර්මාණය කරන්න තීරණය කරද්දී මං මොවුන් සම්බන්ධ සැබෑ ලිඛිත ඉතිහාසය පිලිබඳව සොයා බැලුවා. එහිදී මට වැටහුනේ සැබෑ සිදුවීම් කතාවක ආකාරයෙන් ගොඩ නැගීමට නම් යම් යම් වෙනස්කම් කිරීමට සිදුවෙන බවයි. ඒ අනුව කතාවේ ගලායාම උදෙසා මවිසින් යම් කරුණු නිර්මාණාත්මකව කතාව තුලට ඇතුලත් කළා. මට ඉඩ ලැබුනොත්, පළමු ලෝක යුද්ධය සමග ඇරඹි මෙම කතා මාලාව 1940 දශකයේ දෙවැනි ලෝක යුද්ධය දක්වාම රැගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. යැයි ස්ටීවන් නයිට්, හිස්ට්‍රි එක්ස්ට්‍රා මැගසින් එක සමග පැවති සම්මුඛ සාකච්චාවකදී පවසා තිබෙනව.
හැබැයි අපේ කතාවේ කාල රාමු නම් පොඩ්ඩක් එහෙට මෙහෙට පැනල තියෙන්නෙ. අපේ කතාව පටන් ගන්නේ 1920 දශකයෙන්. ප්‍රධාන චරිතය වෙන්නෙ තෝමස් ෂෙල්බි, එහෙම නැත්නම් ටොමී ෂෙල්බි (Cillian Murphy). මොහු සහ මොහුගේ සහෝදරයින් පළමු ලෝක යුද්ධයෙදී එංගලන්තය වෙනුවෙන් සටන් වැදුණු, ඒ වෙනුවෙන් ගෞරව සම්මාන ලැබුණු උදවිය. ෂෙල්බි පවුලේ වැඩිමලා ආතර් ෂෙල්බි(Paul Anderson), දෙවනියා තෝමස් ෂෙල්බි. මොවුන් දෙදෙනාම පළමු ලෝක යුද්ධයේ බිහිසුනුම සටන් ද්විත්වයක් ඇතිවූ සෝම් ‘හි සහ වර්ඩන් ‘හි ඇතිවූ සටන් ද්විත්වයට සක්‍රියව සමබන්ධව යුධ වැදුණු දෙදෙනෙක්. ඉතිං පළමු ලෝක සංග්‍රාමය අවසානය කියන්නේ එංගලන්තය ඇතුළු මිත්‍ර පාර්ශවයන්ට ජයග්‍රහණය ගෙනදුන් සටනක් වුනත් ආර්ථිකමය අතින් දැඩිව හානි කරපු යුද්ධයක් වුණා. ඉතිං කලින් විස්තර කරපු ආකාරයට ඒ කාලයේ සමාජයේ ජනතාව අන්ත දිළිඳු තත්වයේ හිටියෙ. ඒ අතරවාරයේ තමයි මේ පිකි බලයින්ඩර්ස් මැර කල්ලිය හිස ඔසවන්නේ. පොලිසියට පගාව දෙමින් ඔවුන් නීති විරෝධී රේස් බුකි පවත්වාගෙන ගියා, මිනි මැරුවා, සොරකම් කිරීම් සිදුකලා, විවිධ ජාවාරම් කටයුතු සිදුකලා. ඉතිං මොවුන්ගේ ප්‍රභලයා වෙන්නෙ තෝමස් ෂෙල්බි. ඩෙවිල් ඔෆ් ද පීකි බ්ලයින්ඩර්ස් එහෙම නැත්නම් පීකි බ්ලයින්ඩර්ස්ලාගේ යක්ෂයා විධියට තමයි ඔහුව හදුන්වන්නෙ.
ඉතිං ඔයාල දැනටමත් දන්න විදියට කතාවේ රචකයා වෙන්නෙ ස්ටීවන් නයිට්. සීසන් 5ක් සහ එක සීසන් එකක පැයකට ආසන්න ධාවන කාලයක් තියෙන එපිසෝඩ් 6ක් අඩංගු වෙන මෙම කතා මාලාවට මේ වෙනකොට imdb 8.8ක අගයක් හිමිවෙනවා. කතාවේ චරිත සඳහා, තෝමස් ෂෙල්බි ලෙසින් Cillian Murphy, ආතර් ෂෙල්බි ලෙසින් Paul Anderson, පෝලී නැන්දා ලෙසින් Helen McCrory, ඒඩා ෂෙල්බි ලෙසින් Sophie Rundle, චාලි ස්ට්‍රෝන් ලෙසින් Ned Dennehy, පොලිස් පරීක්ෂක චෙස්ටර් කැම්බෙල් ලෙසින් Sam Neill, ඇල්ෆි සොලමන්ස් ලෙසින් Tom Hardy වැනි රංගන ශිල්පින් රැසක් මේ සඳහා එකතු වෙනව. එහෙම නම් අද ඉඳල ගොඩ නැගෙන පීකි බ්ලයින්ඩර්ස් කල්ලියේ කතාව ඔබට බාරයි. හෙට මේ වෙලාවට දෙවැනි කතාංගයෙන් මුණගැහෙමු. 🙂 😀
Director: Otto Bathurst
Writers: Steven Knight.
IMDB Ratings : 8.2
Air Date: 30 September 2014
“වේගවත් ගැහැණු සහ මන්දගාමී අශ්වයින්,
පිරිමින්ගේ ජිවිත විනාශ කරනු ලබයි.”
~ පීකී බ්ලයින්ඩර්ස් ~
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
65,596 downloadsDownload Peaky.Blinders.S01E01-1.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
42 comments
shan
Anonymous
Supiri wadak
sandun
අම්මො කොච්චර කාලයක් බලන් ඉඩියද දැන් හොදම කොලිටි එකකින් බැලුවැහැකි ගොඩක් පින් සහෝදරයා.... warrior season 02 eka kisi kenek karan nadda
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි විම්...
උඹ මේක දෙනවයි කිව්ව නිසාම
බලාගෙන හිටියෙ සබ් එනකම් බලන්න.sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Supiri wedak...
Thnx sub ekta...Shehan Madushanka
නොබල ඉන්න හැදුවෙ.බෑනෙ...මෙච්චර හොඳ විස්තරයක් කියෙව්වම බලන්න වෙනෝනෙ.
Gamage
Thank you very much for the Sub
Aurora
මම නම් කලින් බලලා තියනවා මේක , අති සුපිරියක් කියලා කියන්න පුලුවන් ජය වේවා !!
Anuja
ane please blacklist season 7 eke sub tikath dennako please
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
mcstang94
Ikmanata anith tika ona. thanks bro
tharidu16
season bara ganak thiyenawa neda. anthima season ekata kalin ekata sub dena kale wenakota balanna gannm. nattham waitin inn ba. thanks
Uvindu Induwara
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි
Kasun Lakshan
ෂා , නියම කතාවකට අත ගහලා තියෙන්නෙ !!!!
දිගටම සබ් ලබා දෙන්න..
ලබා දුන් උපසිරසට ගොඩාක් ස්තුතියිතෙපුල් ලයන්ත
ammmoooo athi yanthan... sehena kalayak bala bala hitiya ai meke sub karanne neththe kiyala. thanks hode
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu Madumal
යෝ යෝ නත්තලට තෑගි ගෙනැල්ලා..!
සිහිය නෑ...බලන් හිටිය එකක් ❤️
සබට තුති වේවා විමා අයියේ..!Lakshan
Thanks Bro.
එල්.සී. දමැල්
Thank you
Sahan Prabhasara
Thankz brother.
මිලින්ද ප්‍රියලාල්
⬛සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි⬛
Blinder
Thank you
Www.baiscopedownloads.co♥️Blinder
Thank you
♥️Blinder
Good luck ♥️www.baiscopedownloads.co❤️
Anonymous
thank
machan habai ubla hena parakkui(oka kalin seasone05ma sub wena ekAKA deela thibba)
dexter ekata sub eka genenkoooooooooAnonymous
supiri kathawa, thanks !!
Anonymous
Wena site ekaka okkma dala thibba..Ehma kohewth dala nathi hoda series wlta puluwnnan sub denna..
විමා
ලිපියෙ මුල් ජෙදය කියවන්නකො.
වෙන කොහෙ දීල තිබ්බත් දැනටමත් 2000කට ළගයිනෙ ඩව්ලෝඩ්ස. ඕකේ. ඒ ඇති. සීසන් 6දි හම්බෙමු.
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි අයියේ.♨
Nilush Angana
Sub ekata thanx
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා...!!
tharidu16
thanks
Manohari
Thank you soo much.. Jaya wewa!
Anonymous
Sons of anarchy 2008 tv series eke sinhala sub eka dennko
Vishwa sasanka
Thank you
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
lakshan
thanks ...............
geesara gimhana
Thanks for sub
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
chinthaka.max4
thanks machan
Advertisement
![Peaky Blinders [S01 : E01] Sinhala Subtitles | අමන පීකි බ්ලයින්ඩ්ර්ස් කල්ලිය….. [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/peaky-blinders-season-1.1.jpg)


here we go. thanks