Watch Trailer

Peaky Blinders [S02 : E04] Sinhala Subtitles | ග්‍රේස්ගෙ රහස [සිංහල උපසිරසි] [18+]

මේ දෙවනි සීසන් එකේ හතර වෙනි එපිය. මේ වෙද්දි එපියෙ IMDb අගය 8.6යි. අද එපිය පටන් ගන්නෙ ඩිග්බත් කිඩ්ගෙ මිනිය වළලන තැනට ටොමී යන තැනින්. මතක ඇතිනෙ කළින් පවුල් සාකච්චාවෙදි කොල්ලා වෙනුවෙන් අරමුදලක් තියන්න කැමති වුණා හැමෝම. ඉතින් ටොමී සොහොන ළඟට යන්නෙ පවුලෙ අයට ඒ සල්ලි දෙන්න. ඔන්න ඊට පස්සෙ කැම්බෙල් එක්ක කළි…

මේ දෙවනි සීසන් එකේ හතර වෙනි එපිය. මේ වෙද්දි එපියෙ IMDb අගය 8.6යි.

අද එපිය පටන් ගන්නෙ ඩිග්බත් කිඩ්ගෙ මිනිය වළලන තැනට ටොමී යන තැනින්. මතක ඇතිනෙ කළින් පවුල් සාකච්චාවෙදි කොල්ලා වෙනුවෙන් අරමුදලක් තියන්න කැමති වුණා හැමෝම. ඉතින් ටොමී සොහොන ළඟට යන්නෙ පවුලෙ අයට ඒ සල්ලි දෙන්න. ඔන්න ඊට පස්සෙ කැම්බෙල් එක්ක කළින් කතා කරගත්ත වෙලාවට, කළින් කතා කරගත්ත තැනට අර හමුවීම තියන්න යනවා. හැබැයි එතෙන්ට ගියාම ටොමී දකින්නෙ හීනෙකින්වත් නොහිතපු දෙයක්. එතන යන වචන හුවමාරුවට නම් අවංකවම හිනායනවා. කොහොම හරි අන්තිමට මෙතෙන්දි ටොමී අදාළ වැඩේ කරන්න නම් එක දෙයක් කරන්න කියලා කැම්බෙල්ට කියනවා. කැම්බෙලුත් පස්ස ගහන්නෙ නැතුව වැඩේ කරනවා.

අද කතාවෙ වැදගත් කාරණයක් තමා ඇල්ෆිගෙයි සබීනිගෙයි සාකච්ඡාව. සබීනි දැන් පරාද වීගෙන එන්නෙ කියලා දැනගන්න නිසා ඇල්ෆිව හම්බෙන්න යනවා. ගිහිං සාකච්ඡා කරනවා. පරණ වෙච්ච දේවල් මතක් කරනවා. ඒවට සමාව ඉල්ලනවා. ඇල්ෆි කියන්නෙ එයාගෙ බුකිකාරයො ටික ආයෙත් එප්සම් වලට ගන්න කියලා, දෙගොල්ලො අතර තියෙන සීමාව වෙනස් කරන්න කියල. ඉතින් සාම ගිවිසුමක් හොයන් ආව සබීනි, ඇල්ෆිගෙ මේ ඉල්ලීම් වලට එකඟ වෙයි කියලා හිතනවද? එකඟ වුණොත් දැන් ඇල්ෆිට ඕන දේ වුණ නිසා ඇල්ෆි මොනා කරයිද?

අනිත් දේ තමා තෝමස් එයාලගෙ මුල්ම අපනය බඩු තොගේ දැන් ඇමරිකාවට යවන්න හදන්නෙ. එහෙ ඒ දවස් වල ඇල්කොහොල් වර්ග හදන එකයි, විකුණන එකයි නීතියෙන් තහනම් නිසා මෙයාලා තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්නයි මේ හදන්නෙ. බලමු වැඩේ හරි යයිද කියලා.

අන්තිමට ඉතිං ඔන්න කළින් එපියෙදි හම්බෙච්ච මේ කාල්ටන් එක්ක ටොම් පළහිලව්වක් පටන් ගන්නයි යන්නෙ. මතක ඇතිනෙ මේ අශ්වයො පුරුදු කරන අයව දන්නවා කිවුවා. ටොමී ඒ නිසා මේට වෙළඹව බාරදෙනවා. වෙළඹට නම දාන්නෙ ග්‍රේසස් සීක්‍රට් කියලා. සිංහල තේරුම ග්‍රේස්ගෙ රහස. අනිවාර්යයෙන් ටොම් ඒ නම පාවිච්චි කරන්න ඇත්තෙ ග්‍රේස් කවුද කියන එක අන්තිම වෙනකම්ම ටොම්ට රහසක් වෙලා තිබ්බ නිසා වෙන්න ඇති. කොහොම වුණත් තාමත්, හිත යටින් ටොම්ට ග්‍රේස්ව අමතක කරන්න බෑ කියන එක අද එපියෙන් හොඳටම පැහැදිළියි. වැදගත්ම දේ කියන්නෙ අර සිදුවීමෙන් පස්සෙ නිව් යෝර්ක් වලට ගිය ග්‍රේස් ඔන්න ආයෙම ලන්ඩන් ඇවිල්ලා.

එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු.

 

විකාශය වූ දිනය : 2014 / 10/ 23

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

38,103 downloadsDownload Peaky.Blinders.S02E04.Baiscopelk.com_.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

38,103 downloadsDownload Subtitles28 KB

17 comments

  1. SandaruChamika

    sub ekata thanks mchn!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්……
    සුපිරිම කතාවක්...

  5. Anonymous

    Meke season 6 release wenne kwdda saho

  6. Sakun

    Sub 1 waradi ban......
    Season 2 eka episode 3 weni 1 sub 1 Mai thiyenne

  7. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  8. hasiya

    sub eka dunnata thhanx machan
    habai ubla hena parakkui

  9. Bimbisha

    Thanks

  10. Anonymous

    thank you

  11. Nilush Angana

    Sub ekata thanx

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Anonymous

    Thanks Brother

  14. Mano

    Godak sthuthi.. Jaya wewa!

  15. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  16. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  17. chinthaka.max4

    thankx machan