අද එපියෙ IMDb අගය මේ වෙද්දි 8.9යි. එහෙනම් කතාවට බහිමුකො. පටන් ගද්දිම ඔන්න ඇල්ෆි ආතර් එහෙම එක්ක එකතු වෙලා පොඩි භෝජන සංග්‍රහයක් තියන්න යන්නෙ. ආතර් ඉතින් බිලී කොල්ලත් එක්ක වැඩේට එනවා. හැබැයි මේ කවුරුවත් දන්නෙ නෑ සොලමන්ස් කාරයා සබීනි එක්ක සාම ගිවිසුමක් ගැහුවා කියලා. මට හැබැයි කළින් එපියෙදි ඒ වෙලාවෙ හිත…

අද එපියෙ IMDb අගය මේ වෙද්දි 8.9යි. එහෙනම් කතාවට බහිමුකො.
පටන් ගද්දිම ඔන්න ඇල්ෆි ආතර් එහෙම එක්ක එකතු වෙලා පොඩි භෝජන සංග්‍රහයක් තියන්න යන්නෙ. ආතර් ඉතින් බිලී කොල්ලත් එක්ක වැඩේට එනවා. හැබැයි මේ කවුරුවත් දන්නෙ නෑ සොලමන්ස් කාරයා සබීනි එක්ක සාම ගිවිසුමක් ගැහුවා කියලා. මට හැබැයි කළින් එපියෙදි ඒ වෙලාවෙ හිතුනෙ ඇල්ෆි කාරයා මේ දෙපැත්තටම කෙලින්න හදනවද දන්නෙ නෑ කියලා. හැබැයි ඒකෙ ඇත්ත නැත්ත අද එපිය බැලුවාම දැනගත්තා. මං කිය කිය හිටියෙ ඇල්ෆි තියන භෝජන සංග්‍රහය ගැනනෙ. ඉතින් සංග්‍රහය පටන් ගන්න කළින් ඇල්ෆි යුධෙව්වො ගැන හෙන ඉතිහාස කතාවක් කියලා චාරිත්‍රයක් වශයෙන් බිලි පූජාවක් කරන්නයි යන්නෙ. දැන් ඉතින් මොකක් වෙයිද? මේක සුහද භෝජන සංග්‍රහයක්ද නැත්නම් අවසන් භෝජන සංග්‍රහයක් වෙයිද?
ඔය සිද්ධියත් එක්ක කැම්බෙල් අද ශෙල්බිලට ඇප නැති වෙන්න වැඩක් කරනවා. කොටින්ම ටොමී අනාතයි අසරණයි. ඉතින් දැන් ටොමී කොහොමද මේකෙන් ගොඩ එන්නෙ?
මතක ඇතිනෙ කළින් එපියෙදි ග්‍රේස් ආයෙම ලන්ඩන් වලට ඇවිල්ලා කියලා පෙන්නුවා. එයා දැන් සල්ලිකාරයෙක්වත් බැඳලා ඉන්නෙ කියලා අපි දන්නවනෙ. ඒ කොහොම වුණත් ඉතින් අද ග්‍රේස් යනවා ටොමීව හම්බෙන්න. මේ දෙපිට කාට්ටු කෙල්ලො නම්…
ටොමීට ග්‍රේස්ව අමතක කරන්න බැරි වුණාට දැන් මේ කාල්ටනුත් ටොමීට සෙට් වෙලානෙ ඉන්නෙ. මොනා වුණත් ටොමී කාල්ටන්ට ඇත්ත කතාව කියනවා, එයා ග්‍රේස්ට තමා ආදරේ කියලා. ග්‍රේස් වගේ දෙපැත්ත වැනි වැනී ඉන්නෙ නෑ. මේට මේකට අවුල් ඉතින්.
කොහොම හරි ඔන්න ටොමී දැන් කැම්බෙල් එයාට ගහපු දරුණු පහරෙ වේදනාව දරාගෙන ටිකෙන් ටික ආයෙ තමන්ගෙ අතට බලය අරගන්න උත්සාහා කරනවා. ඒකෙ එක පියවරක් විදිහට කැම්බෙල්ගෙ ඝාතන වැඩේ ටොමී අවුල් කරවලා දානවා. ටොමී දැනගන්නවා අන්තිමට කොහොමත් එයාව මරන්න හිටියෙ කියලා. ඒ නිසා ඝාතන වැඩේ අළුතෙන් සැළසුම් කරලා ඒ වැඩේ සම්පූර්ණ බලය ටොමී එයා අතට ගන්නවා. කැම්බෙල්ට ආයෙම තේරෙන්න ගන්නවා කෙළ වේගෙනයි එන්නෙ කියලා.
එහෙනම් මේ සීසන් එකේ අන්තිම එපියෙන් ඊළඟට හම්බෙමු.
විකාශය වූ දිනය : 2014 / 10/ 30

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
37,341 downloadsDownload Peaky.Blinders.S02E05.Baiscopelk.com_.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
15 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Sakun
Sub 1 waradi season 1 sub 1 thiyenne
Sub 1 episode 1 galapenne naaIshan Madusha
බොහොම ස්තූතියි
Blinder
Thank you♥️
Anonymous
thank you for sub
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks Bro
Mano
Godak sthuthi.. Jaya wewa!
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Anonymous
Thankyou ❤
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
chinthaka.max4
thankx machan
Advertisement


Sub Ekata Thanks Bro..