පෞරෂ්පුරය දහසය වන සියවසේ පැවති රාජ්‍යයක් පිරිමියාට යටහත්ව සිටිනා ලෙසින් ගැහැණියට තද නීතින් පැනවුණු රාජ්‍යයක් තම සැමියා මිය ගිය කළ, ස්ත්‍රියක් සතිපූජාව එවෙලෙහිම පැවැත්විය යුතුයි සැමියා නිවසේ නැතිවිට, ඇය අගුල් බන්ධනයක් පැළඳිය යුතුයි නමුත් දිනක් එක් ගැහැනියක් මේ රාජ්‍යයේ හැම නියමයම බිඳ දැමුවා ඇය කළ වර…

පෞරෂ්පුරය
දහසය වන සියවසේ පැවති රාජ්‍යයක්
පිරිමියාට යටහත්ව සිටිනා ලෙසින් ගැහැණියට තද නීතින් පැනවුණු රාජ්‍යයක්
තම සැමියා මිය ගිය කළ, ස්ත්‍රියක් සතිපූජාව එවෙලෙහිම පැවැත්විය යුතුයි
සැමියා නිවසේ නැතිවිට, ඇය අගුල් බන්ධනයක් පැළඳිය යුතුයි
නමුත් දිනක් එක් ගැහැනියක් මේ රාජ්‍යයේ හැම නියමයම බිඳ දැමුවා
ඇය කළ වරද වුයේ තම සැමියා මියගිය පසුත්
සති පූජා නොපවත්වා ජීවත් වීමට ඉටා ගැනීමයි
එසේම වෙනත් පුරුෂයෙක් සමඟ සම්බන්ධ වීමයි
නමුත් ඇයට අමතක වුණා
පෞරෂ්පුරයේ
ස්ත්‍රියකගේ ගතට මෙන්ම සිතටත් විලංගු ලා ඇති බව
එය බිඳ දමන්නාට ලැබෙන දඬුවම
මරණය පමණක්මයි..!!
හැමෝටම සුබ නව වසරක් පතනවා. පසුගිය දෙසැම්බර් මාසයේ 29වෙනිදා Alt Balaji සහ ZEE5 සමගාමීව නිකුත් කරන ලද අලුත්ම වෙබ් කතාමාලාව තමා මේ අරගෙන එන්නේ. Historical, Drama ගණයට අයත් වෙන මේ කතාමාලාව විනාඩි 20 ආසන්න ධාවන කාලයක් සහිත වුණු කොටස් 7කින් සමන්විත වෙනවා. අන්නු කපූර්, මිලින්ද් සෝමාන්, ශිල්පා ශින්දේ වගේ අය ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දෙනවා. IMDb 7.3ක අගයක් අරගෙන තියෙනවා, ෆේක් රිවීව්ස් වලට පින් සිද්ධ වෙන්නත් එක්ක. නැත්තම් ඔයිට වඩා අඩුවෙනවා. ඒ වගේම මේක 18+ කතාමාලාවක් කියලා මතක් කරනවා. අමුතුවෙන් මතක් කරන්න දේකුත් නෑ Alt Balaji කට්ටිය මොකෝ වෙන මොකවත් හදනවයැ.
ඉතින් බහුතර Alt Balaji කතා වගේම තමා. ලොකු හරයක් නම් නැහැ. කාලය ගෙවාගන්න විතරක් මොකක්හරි බලන්න හොයනව නම් අරන් බලන්න. ලොකු ලොකු දේවල් නම් බලාපොරොත්තු වෙන්න එපා. පොඩි කොලිටියක් නැත්තෙමත් නෑ. ඒත් ඉතින් එහෙම බලාපොරොත්තු තියාගන්න හදනකොටම ඒක කඩන් වැටෙනවා. ඉතින් මොන වුණත් බලන්න හිතාගෙන උන්නු අය ඇතිනේ. ඒ අය වෙනුවෙන් තමා ඉතින් උපසිරැසිය අරන් ආවේ.
එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජයවේවා.!
Review of Filmi Indian
පෞරෂ්පූර් වල තියෙන්නේ දුර්ලබ කතා සංකල්පයක්. පුරුෂ මූලික සමාජයක්, උමතු රජ පරම්පරාවක්, අබිරහස් වීරවරයෙක්. ඒත් දුකට කාරණාව මේවා සමහර කොටසකට පමණක් සීමා වීමයි. ඒත් හැම කොටසකම එක්තා කපූර්ට විතරක් විශේෂ වෙච්ච, පාට පාට ඇඳුම් අඳින දර්ශනයි ඒවා ගලවන දර්ශනයි මදි නොකියන්න නම් තියෙනවා. අපිට හිතෙනවා මේක හදපු කෙනාට මගක් යද්දි කතාව අමතක වෙලා කාමසූත්‍රය ප්‍රචාරණය කරන්න හදනවා වත්දෝ කියලා. පසුතලයන් ගැන සෑහීමකට පත් වුණහැකි. ඒ වගේම සමහර චරිතයන් ගැන අනාවැකි කියන්න බැරි ගතියත් හොඳ ලකුණක්. අන්නු කපූර්ගේ රංගනය ප්‍රශංසනීයයි. ඒත් ශිල්පාගේ සහ මිලින්ද්ගේ චරිත හරියට පාවිච්චි කරන්න නිර්මාණකරුවන්ට බැරි වෙලා තියෙනවා. සමහර දෙබස් පවා ඉතිහාස කතාවකට වඩා දිනපතා විකාශය වෙන නැන්දම්මා ලේලි කතාවකට වැඩියෙන් ගැලපෙන බවක් තමයි පේන්නේ. කාරණේ මේකයි, ඇහැට පොඩි සුවයක් දෙන්න ඕන නම් පෞරෂ්පුරයට සාදරයෙන් පිලිගන්නවා, ඒත් මනසට බලපෑම් කරන්න තරම් ප්‍රබල කිසිම දෙයක් මේකෙන් බලාගන්න වෙන්නේ නැහැ.
(Rating : 1.5/5)
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,370 downloadsDownload Paura-S01-Complete-Season.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
16 comments
බට්ටිච්චි
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්……
Mawan Geethanjana
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ !
Suranjan
Thanks jayawewa......!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Dewadithya
Thanks for sub!
Blacksheep
machang me vage gon sub denne nathuwa Vikings aluth season ekata sub eka dunna nam vatinava. Thanks (y)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
සාරංග ජේ. ලියනගම
Thanks
Anonymous
OCN , NETFLIX ලගේ අලුතින් ආපු series බර ගානක් තියනෝ සබ් නොදීපු
ඒවට සබ් දීපන්කෝtharidu
yes. plzz
tharidu
okkoma ekapara dila thanks machi. niyamayi
Dr
Nawazuddin ගේ Serious Men එකේ සබ් දෙන්නේ නැද්ද? රිලීස් වෙලත් දැන් මාස ගාණක්..
Udara Damith Dissanayaka
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement

ඇහැට සුවයක් දැනුනම මදැයි
තුතී...
මේ ඒක නෙවේ....
92 දෙන්නකෝ අනේ